09 දිගහැරුම
අරුණළු දසත පැතිරීමට පෙර ඔහු ඇහරී සැරසුණේ කාර්යාලයට යාමටයි.
අළු පැහැති දිගු කලිසමට සුදු පැහැති අත් දිග ෂර්ට් එක ඇඳ ගත් ඔහු ඈ තිළිණ කළ සුවඳ විලවුන් ආලේප කර ගත්තේ එහි සුවඳ සිය හදවතින්ම විඳිමිනි.
ඉන් අනතුරුව ඔහුගේ කුටියේ අල්මාරියේ ප්‍රතිබිම්බය සමීපයට ගොස් හිසකෙස් වැක්ස් කරේ සීරුවටය.
කොණ්ඩය මඳක් ඉස්සෙන පරිද්දෙන් සැකසූ ඔහු ප්‍රතිබිම්බයෙන් දිස්වෙන සිය රුව දෙස බැලුවේ ආඩම්බරයෙනි .
ඔහු සාලය දෙසට යද්දී ඈ උන්නේ පවුලේ අය සමඟ උදෑසන ආහාරය ගනිමිනි.
ඔහු දුටු මතින් සැමගේ ඇස් විසල් වූ බව ඇය දුටුවත් සෙහන්සා ඔහු දෙස නො බලා සිටීමට වග බලා ගත්තේ තමා ඔහු දෙස බලන බැල්මක වෙනසක් සිය මවගේ හා නැගණියගේ උකුසඇස්වලට හසු වේ යැයි සිතමිනි
” දිසෙන්ව එකපාර අඳුර ගන්න බැරි වුණා.අද හරිම හැන්ඩ්සම් නේ වාඩිවෙන්න “
රෙජිනෝල් ඔහු වෙත අසුනක් පාද්දී දිසෙන් එහි හිඳ ගත්තේ මද සිනහවක් ඔහුගේ මුවට ගෙන නිහඬව ම ය .
මෙතෙක් වෙලා කෑම ගනිමින් හුන් ජයන්ති කෑම පිගාන පසෙක තබා අත් සෝදාගෙන කඩදාසි අත්පිස්නාවකින් මුහුණ පිසගත්තාය..
ඉන් අනතුරුව ඈ අසුනින් නැගිට්ටාය.
“මට පරක්කු වෙනවා රෙජී යන්න ඕනේ “.
ජයන්ති මේ ආකාරයෙන් පෙරදිනයේත් සිදු කළ බව සිහිපත් වූ රෙජිනෝල්ට සිතුනේ ඇය නිහඬව ඔහුව වර්ජනය කරන බවයි.
මේ ගැන ඇය හා කතා කිරිය යුතු බව සිතුණු රෙජිනෝල් ද අසුනෙන් නැගිට ඇය පසුපස ගියේ ඔවුන් දෙදෙනාගේ නිදන කුටියට ය ….
එදින උදෑසන කෑමට තිබුනේ නූඩ්ල්ස් හා චිකන් පමණකි .
ඔහු සිය පිඟානට නූඩ්ල්ස් දමාගෙන අතින්ම කන්නට වූයේ සෙහන්සාත් දුලන්සාත් හැන්දෙන් හා ගෑරප්පුවෙන් කමින් සිටියදීය.
ඔහු අතින් කන්නේ හැන්ඳෙන් හා ගෑරැප්පුවෙන් කෑමට නොදන්නා නිසා බව වැටහුණු දුලන්සා ඔහු දෙස බලා බලා හිනහුනේ සමච්චලයටය.
“අක්කේ මම ලෑස්ති වෙන්න යනවා.මම එනකන් ඉන්නවා දාලා යන්න එපා “
දුලංසා තමා දෙස සමච්චලයට බලන අන්දම දිසෙන් දුටුවද ඔහු නිහඬව කන්නට වූයේ තමා මෙම පරිසරයට කිසිසේත්ම නොගැලපෙන බව සිතමිනි
සෙහන්සාට ඇගේ මව හා නැගණිගැන ඇතිවූයේ තරහවකි.
මව ඔහු කෑම මේසෙට පැමිණෙන සෑම විටම එයින් නැගිටින අන්දමත් තම නැගණිය ඔහු දෙස සමච්චලයට බලන අන්දමත් ඇය සිත රිදවන්නට විය .
ඇයගේ රුහිරු රත්වෙන්නට ගියේ මද වේලාවකි.
මේ ආකාරයෙන් ඔහුව කිසිවෙකුවත් විහිළුවට ගන්නා අන්දම බලා බලා සිටීමට නොහැක්කේ තමා දිසෙන්ට සැබැවින්ම ආදරේ කරන නිසා බව ඇයට වැටහුණි .
“හැන්දෙන් ගෑරප්පුවෙන් කන්න දන්නෙ නෑ නේද?ඉන්න මම කියලා දෙන්නම්”
සෙහන්සා ඔහුට හැන්ද වමතට ගෙන ගෑරුප්පුව දකුණ අතට ගෙන කන අන්දම පෙන්වද්දී ඔහු සිය දෑත් සෝදා ගෙන හැන්ද හා ගෑරැප්පුව ගෙන ඈ කියා දෙන අන්දමට කන්නට වූයේ ය.
ඇය එහි අඩුපාඩු එකිනෙක කියා දෙන්නට වූයේ දරුවකුට මවක් කියාදෙන අයුරින් යැයි ඔහුට සිතුණි .
“දිසෙන් මෙහෙමයි ගෑරැප්පුවෙන් චිකන් කෑලි කඩලා කන්නේ”.
ඇය හැන්දෙන් එය අල්ලාගෙන ගෑරප්පුවෙන් කුඩා කෑලිවලට කඩා කන අයුරු පවා ඔහුට කියා දුන්නාය.කෑම කා අවසානයේ දී හැන්ද හා ගෑරැප්පුව තිබිය යුතු අන්දම පවා ඔහුට කියා දුන්නේ ඉවසීමෙන්.
කෑම මේසේදි හැසිරිය යුතු අන්දම ,සිරිත් විරිත් එකින් එකට ඔහුට කියා දෙන්නටත් අමතක නොකළාය.
තමා කියාදුන් අන්දමට ඔහු කන අයුරු සෙහන්සා බලා සිටියේ සතුටින්.ඇගේ සිතේ ඇතිවූයේ ඔහු ඉක්මනින්ම සෑම දෙයක් අල්ලා ගන්නවා යැයි සතුටක්.
“අක්කේ අපි යමු “
දුලාන්සා විශ්ව විද්‍යාලයට යාමට සූදානම් වී සාලෙට එද්දී සෙහන්සා සිටියේ සෝපාවේ වාඩිවීය.දිසෙන් උන්නේ මිදුලට වී ය .
💓💓💓💓
“ඔයාට තේරෙන් නැද්ද රෙජි.ඒ කො/ල්/ලා මහ ක/ප/ටි/යෙ/ක් කියලා”.
“ඔයාට පිස්සුද ජයන්ති ඒ ළමයා ගමක හැදිච්ච අහිංසක ළමයෙක්. දැක්කනෙ අද ඔෆිස් යන්න ලැස්තිවෙලා හිටපු විදිහ.කොච්චර වැදගත් පාට ද ?”
“ඔය දෙකට ගණින්න බැරි අහිංසක විදියට ඉන්න උ/න්/ව තමයි සතපහකට විශ්වාස කරන්න බැරි “.
ඇය කීවේ තමා දෙස අවඥා සහගතව බලා සිටිනා සැමියා දෙස බලමින්.
“ඔයාගේ වැඩේ ඉතින් හැම කෙනෙක්ම දිහා සැකෙන් බලන එකනේ . මිනිස්සුන්ව සැක කරාට කමක් නෑ .ඒත් හේතුවක් ඇතුව”
රෙජිනෝල් කීවේ සිය බිරිඳ අහේතුකව හැම දෙයක්ම සැක කරණ බැවින්.
“මම හේතුවක් නැතුව නෙවෙයි එහෙම කියන්නේ.එදා ඒ කො/ල්/ලා මුලින්ම අපේ ගෙදර ආපු දවසේ මතකද බෲනා ව හීලෑ කරගත්ත විදිහ .ඔය වගේ බල්ලොන්ව හීලෑ කරන්න පුලුවන් කපටි මිනිස්සුන්ට.”
රෙජිනෝල්ගේ මුවඟට ආවේ සමච්චල් හිනාවක්.
“ඕකද මහ ලොකු හේතූව .සත්තුන්ට ඉව තියෙනවා.උන් යන්නේ උන්ට ආදරේ කෙනා අතට විතරයි.දිසෙන් සත්තුන්ට ගොඩක් ආදරේ වගේ.මම දැක්කා අද උදේත් බෲනෝව හුරතල් කරනවා…ජයන්ති ඒ ළමයා අපේ දුවගේ ජීවිතේ බේරාගත්තා.එ ළමයා එක්ක කතා කරන්න ඕනේ නෑ ඒත් අපේ ගෙදර ඉන්න ඒ ළමයට වෙනස්කම් කරන්න එපා “.
රෙජිනෝල් කීවේ සිය රථයේ යතුර අතට ගනිමින්.
“reginol මට තේරෙන්නෑ කවදාවත් නැතුව කෙනෙක්ව මේ විදියට විශ්වාස කරන්නේ ඇයි කියලා .තරුණ ගැහැනු ළමයි දෙන්නෙක් ඉන්න ගෙයක් අස්සකට ර්ක් ව්ස් නැත.
“ඒ ළමයට එදා අපේ දුවට ඕන දෙයක් කරලා දාන්න තිබ්බා .ඒත් ඒ ළමයා අපේ දුව ආරක්ෂා කරලා අපේ ලඟට ගෙනත් දුන්නා.ඒ වගේ ළමයෙකු නිකරුනේ සැක කරන්න එපා.මම යනවා ජයන්ති මට පරක්කු වෙනවා”
රෙජිනෝල් එසේ කීවේ ගැහැනුන්ට දෙයක් කියා තේරුම් කරනවට වඩා නිහඬව සිටීම සුදුසු යැයි සිතූ නිසාය.
“ඒ කො/ල්/ලා නිසා මොන හරි ප්‍රශ්නයක් සිද්ධ වුනොත් එදාට ඔයා ඒකේ වගකීම බාරගන්න “.
සැමියා දෙස රවා බැලු ඇය ගස්සන් යන්නට ගියේ ඔහු පිළිබඳව පහ නොවූ තරහින් .
💓💓💓💓💓💓💓💓💓
ආයතනයේ අධ්‍යක්ෂක වන පියාගේ පුද්ගලික සහයිකාව වූ සොනාලිට දිසෙන්ව පුහුණු කිරීම භාරකළ සෙහන්සා පසුදිනයේ කිරීමට නියමිත රැස් වීමට උවමනා කරන ප්‍රසන්ටේෂන් එකක් සූදානම් කරන්නට වූවාය .
“ඔයා හරි ස්මාට් .ඉක්මනටම වැඩ ටික අල්ල ගනී”
“කෝ දිසෙන් ඔහොම නෙමෙයි”
අම්මෝ මෙයාගෙ තියෙන ලැජ්ජාව”
සොනාලී මුකුළු කරමින් එසේ කියනවා කිහිප වරක්ම ඈට ඇසුණි.
ඈ වරින් වර හිස ඔසවා ඒ දෙස බලද්දී සොනාලී උන්නේ ඔහුට ඉඟි බිඟි කරමිනි.
සොනලී හිඳගෙන සිටියේ ඔහුගේ සමීපයටම ඇගේ පුටුව ලං කරගනිමිනි.
ඔහු ලැප්ටොප් එක දෙස බලා සිටියදී සොනාලී ඔහු දෙස නෙත් විදහා බලා ඉන්නා අන්දම දකිද්දී පවා ඈ සිටියේ සිතේ වූ තරහව අසීරුවෙන් පාලනය කරගනිමිනි.
එහෙත් ඇගේ ඉවසීම දෙදරා ගියේ ඈට ඇසුණු එක් වදනකිනි.
“ඔයාට ලාදුරුද ළමයො ?”.
සෙහංසා ට සිතුනේ ඔහුට වැඩ කියා දීමට සොනාලිට භාරදීමෙන් තමා කළේ මෝඩ වැඩක් බවයි .
“මොකද්ද ඔතන සිද්ධ වෙන්නේ .මේ සොනාලී ඔයාට කිව්වේ මේ ළමයට වැඩ කියලා දෙන්න විතරයි.කරුණාකරලා ඔයා මෙතනින් එලියට යන්න .”.
සෙහන්සා එසේ කීවේ තරහෙන් අඳුරු වුණු මුහුණින් එතැනට පැමිණ සොනාලිගේ සමීපයට පැමිණ ඈ දවා අළු කරහැකි බැල්මක් හෙළමින්”
සොනාලී පුදුමයෙන් මෙන් සෙහන්සා දෙස බැලුවේ ඈට මෙතරම් තරහ යන්නට කළේ කුමක්දැයි කල්පනා කරමිනි.
අනතුරුව ඈ යන්නට ගියේ දෑසින් දිසෙන්ට යමක් ඉඟිකරමිනි.
සෙහංසා උන්නේ කෝපයෙන් රතු කරගත් මුහුණින් බව දුටු ඔහුට දැනුණේ ඈ ඉන්නේ මද ඊර්ෂ්‍යාකාර කින් බවයි .
සොනාලි ගිය පසු ඈ ඔහු දෙස ද බැලුවේ රවාගෙන බව දුටු දිසෙන්ට සිනහා යන්නද ගියත් ඔහු එය මැඩගත්තේ යටි තොල් දසන් වලට මැදිකරමිනි.
ඇය තමාට මෙතරම් ආදරය කරන්නේ දැයි ඔහුට සිතුනේ වරෙන් වර ඇය රවමින් බලන නිසාය .
“දිසෙන් යමු ලන්ච් ගන්න “.
ඇය දිවා ආහාර ගැනීමට ඔහුට කතා කරේ කරමින් අවසන් වූ ප්‍රසන්ටේෂන් එක සිය ලැප්ටොප් යන්ත්‍රයේ තැන්පත් කිරීමෙන් අනතුරුවය.
“මිස් යන්න මං පස්සේ කන්න එන්නම් “
ඔහු කීවේ ඇය හා එක්ව කෑමට යාම ඇයට හොඳ නැතැයි සිතමින්.කාර්යාලයේ සිටින අනෙක් අය එය වරදවා වටහා ගනු ඇතැයි සිතමින්.
ඇය නිහඬව යන්නට ගියේ හිත යටින් ඔහුට බනිමිනි.
මෙතරම් ඔහු ගැන වද වෙද්දි
ඔහු තමා ගැන බිදුවක්වත් නොසිතන බව හි
සිතෙද්දි ඇයට එය දරාගත නොහැක .
ඇය කෑම කෑවේ තනිවම ඔහු ගැන කල්පනා කරමිනි .
කාර්යාලීය ඇඳුම් වලට ඔහු බෙහෙවින් කඩවසම් ය.
කාර්යාල ඇඳුමින් දකිද්දි තමාට ඈට පුදුම සිතුනේ ඔහු එතරම් ම කඩවසම් යයි පෙර නොසිතූ නිසාය.
කාර්යාලයේ සිටින පිරිසට ඔහුව හඳුන්වා දෙද්දී ,යුවතියන් බොහොමයක් දෙනාගේ නෙත් ඔහු තුළම රැඳුණු බව ඈ දුටුවාය .
ඔහු තමාගේ පමණකි.වෙන තරුණියකු ඔහු දෙස බලද්දි පවා ඇයට දැනෙන්නේ ඇගේ හද කොනිති ගසන බවකි.
ඇය කෑම කා අවසන් කර එද්දි ඔහු සිටියේ එක්සෙල් වාර්තාවක් සාදමින්.සොනාලී ඉගෙන්වූයේ එක් වරුවක් වුවද ඔහු ඒ වනවිට පරිගණකය හැසිරවීමට බොහෝ උගත ගෙන ඇති බව ඇයට වැටහුණි..
“දිසෙන් ඊමෙල් අපිට ඔෆිස් එකේ වැඩවලට ගොඩාක් ඕනේ වෙනවා.ඉන්න මම ඒගැන කියලා දෙන්න.”
ඔහු ඇගේ අසුනට ළංවී එසේ කියද්දී ඔහු පරිගණකයට සමීප අසුන ඈට පිරිනැමුවේ හිඳ හුන් අසුනින් නැගිට අනෙක් අසුනට මාරුවෙමිනි.
සෙහන්සා දිසෙන්ට විද්‍යුත් තැපෑල ලිපිනයක් සකසා දී එය හසුරුවන අන්දම කියා දී අනතුරුව මුහුණුපොත් ගිණුමක් නොමැති බවින් ඔහුගේ ජායාරූපයක් ගසා එය සකසා දුන්නේ එය ද ඔහුට අලුත් ජීවිතයට අවැසි නිසාවෙනි.
” දිසෙන් මට පෑනක් දෙන්න.ඔයාගේ password එක ලියල දෙන්න “
ඔහු සිය කමිස සාක්කුවේ වූ පෑන ඇගේ අත මත තබද්දී දෙදෙනාගේ දෑත් එකට ගැටුනේ වැරදීමකිනි.
නුහුරු නුපුරුදු ස්පර්ශය දෙදෙනාටම දැනුනේ විදුලි සැරයක් වැදුනාක් මෙනි.සැණෙකින් ඈ ඔහු දෙස බැලුවේ ඇගේ සිත තුළ තිබූ ආදරය පිටාර ගලා ගිය නිසාය .
ආදරය ඉතිරි යන බැල්මෙන් අතරමං වූ ඔහු ඈ දෙස බලා සිටියේ ඇගේ ඒ බැල්මට වසඟ ව ලොවම අමතකව ය .
විනාඩි කීපයක් මෙසේ ගෙවෙද්දී ඔහුට එක්වරම මතක් වූයේ තම සිත තමාහට වාරු කර ගැනීමට අපහසු වූ බවයි .ඔහු බිම බලාගත්තේ ඇසිල්ලෙකිනි.
සෙහන්සා දිගු හුස්මක් හෙළුවේ තමා කෙතරම් ඔහුට ළං වුවත් ,ළංවී මොහොතක් ගෙවීමට පෙර ඔහු තමාගෙන් නැවත මේ අයුරින් ඈත් වීම ඇයට දුකක් ගෙන ආ නිසාවෙනි .
සෙහන්සා නැවත සිය අසුනට ගියේ ඇගේ තද දුඹුරු බෝල ඇස් දෙක දුකින් බර කරගනිමිනි.
ඔහු දිවා ආහාරයට යද්දිවත් ,නැවත එද්දි වත් ඇය ඔහු දෙස නොබැලීමට වග බලා ගත්තේ ඔහු ඇයව ප්‍රතික්ෂේප කරන බව සෙහන්සා ට දැනුන නිසාවෙනි .
තම හදවතට ඔහුව මෙතරම් දැනෙන්නේ …
සිත ඔහුව මෙතරම් හොයන්නේ …
නෙතු ඔහුගේ රුව ම සොයන්න සොයන්නේ ඇයි දැයි ඈටම සිතාගත නොහැක .
ඈ හිස කාර්යාලීය මේසය මත තබා මොහොතක් සිටියේ ඉකිබිඳින සිත වාරු කර ගැනීමටයි.
කාර්යාලය අවසන් වනතුරුම ඔහු සිටියේ ඇගේ දෑස් මඟ හැර notebook පරිගණකය දෙසම බලමින් .
💓💓💓💓💓💓💓💓
“ඩීමන් මොකද බ/න් පොඩි උ/න් වගේනෙ පොලිසියට මාට්ටු වෙන්නැතුව ඕක පොට් එකට යවා ගන්න බැරි උනාද ?
” නෑ රතුමහත්තයා .අපි මේවා පුරුදු වෙන්න කරන ඒවද ?මම ඒ බඩුටික යැව්වෙ මම ගැන මෙලෝ හසරක් දන්නැති ගෑ/නි/යෙ/ක්/ගේ අතේ.ඒ ගෑ/නි බඩු ගන්න එන්නේ මගේ ගෝලයා වසන්තයා ගාවට.වසන්තයා තමයි බඩු ටික ඔය ගෑ/නි/ගෙ අතේ යවලා තියෙන්නේ .”
“ඉතිං බ/න් කොහොමද එහෙනම් බඩු අහුවෙලා තියෙන්නේ ?”.
“ඒකනෙ රතු මහත්තයෝ මට හිතාගන්න බැරි”
“මට නම් හිතෙන්නේ ඩීමන් උ/ඹ/ල/ගෙ එ/කෙ/ක්/ම ඔත්තුව පොලිසියට දුන්නයි කියලා.හරි ඒ ගෑ/නි අහුවුනා කියමුකො.දැන් කොහොමද පොලිසියට උ/ඹේ ගෝලයා අහුවුනේ”.
“අර ගෑ/නි ඒ/කි/ට බේරෙන්න මු/ව අහු කරලා…”
කිසිවෙකුටත් පහසුවෙන් සොයා ගත නොහැකි අයුරින් ඔහු මෙසේ ම/ත්/කු/ඩු ප්‍රවාහනය කරද්දී තේ අත්අඩංගුවට පත්වුණේ දැයි ඔහු කල්පනා කරේ පුදුමයෙනි.
“කිට්ටුව තියෙන වෙන පොට් එකකින් ගත්තා කියලා ෂේප් වුනා නම් මොකුත් නෑනේ…”
“ඒත් රතු මහත්තයා අහු වෙලා තියෙන්නෙ කිලෝ එකක් “.
“හරි හරි උ/ඹ බයවෙන්න එපා .උ/ඹ මං කියන විදියට වැඩ කරපන්.මම උ/ඹ/ව කීයක් දීලා හරි බේර ගන්නවා.හැබැයි උ/ඹ මාව අහු කරොත් ආයෙත් මේ බිස්නස් එක කරන්න තියා උ/ඹ?ට මේ ලෝකෙ හුස්ම ගන්නවත් බැරි වෙයි ….”
රතු මහත්තයා කලබලව සිටියේ ඔහුගේ ගෝලයෙකු වන තලවතුගොඩ ඩීමන් ම/ත් කු/ඩු ප්‍රවාහනයේදි පොලිස් වැටලීමකට අසු වූ නිසාය .
කිසිවෙකුටත් පහසුවෙන් සොයා ගත නොහැකි අයුරින් ඔහු මෙසේ මත්කුඩු ප්‍රවාහනය කරද්දී පොලිස් අත්අඩංගුවට පත්වුණේ දැයි ඔහු කල්පනා කරේ පුදුමයෙන්.
රතු මහත්තයා ඩීමන්ට දුරකථන ඇමතුමක් දී කතා කරේ ,හදිසියේ හෝ ඩීමන් අසුවූවොත් තමාද අසූවේ යැයි සැක සිතීමෙනි