නපුරු දීගේ

“මං හිතුවෙ නෑ ආර්වින් නංගි මෙච්චර ඉක්මනට මේ වගේ හිතුවක්කාර තීරණයක් ගනියි කියලා.එයාට අඩුම තරමෙ අම්මයි අප්පච්චියි ගැනවත් හිතන්න තිබුනා.හැඟීම් වලට වහල් වෙලා එයා මේ කරපු දේ නිසා අද කී දෙනෙක් දුක් වෙනවද…”

තම ආදරේට දෙමව්පිය ආශිර්වාදය කිසිදාක නොලැබෙන බව තේරුම් ගිය නිසා නීෂා හොර රහසේම ධනුක සමඟින් විවාහ විය. ධනුක කිසිකලෙක නීෂාට වෙනස්කමක් කරේ නැත.ඔහු ඇයට බොහෝ සෙයින් ආදරේ කරා.ඒ වගේම ආදරයක් ධනුකටත් ඇගෙන් ලැබුනා.

“ඔයාලා දුක් වෙන්න එපා පූජා.නීෂාට ජීවිතේ වැරදුනේ නැහැනෙ.අනික ඔය කසාදෙන් නීෂාට වැරැද්දක් වෙලා නෑනෙ.එයා සතුටින් ඉන්නවා.නීෂා තමන්ගෙ සැමියා විදියට තෝර ගත්තෙ එයා ආදරේ කරපු කෙනාවනෙ…”

“ඒත් අම්මයි අප්පච්චියි බයෙන් ඉන්නෙ ධනුකගෙන් මට උනා වගේ වරදක් නංගිටත් වෙයිද කියලා හිතලා.මොනවා උනත් කමක් නෑ ධනුක මගෙ නංගිව ආදරෙන් බලා ගන්නවා නම් මට ඒ ඇති.එහෙම උනොත් අම්මගෙයි අප්පච්චිගෙයි හිත් හැදෙයි…”

මං ආර්වින්ව තියාගෙන රෝද පුටුව ත ල් ලු කරගෙන ගාඩ්න් එකට ආවා.දැන් ආර්වින්ගෙ අතෙයි කකුලෙයි තුවාලෙ සනීපයි.ඒත් මං එයාට තවම ඔෆිස් යන්න දුන්නෑ.ඩොක්ටර් කිව්වෙ ආර්වින්ට තව ටික කාලයක් රෙස්ට් කරන්න කියලයි.

“උදේම පින්න නේද බබා?සීතලයි වගේ.මේ වෙලාවට කෝපි එකක් බොන්න තිබ්බා නම් ම / රේ ම / රු…”

එයා දෙවුර හකුලුවගෙන පින්න වැටිලා තිබ්බ තණකොළ බිස්ස උඩින් වම් කකුල තිබ්බා.ඇත්ත තමයි.මේ දවස් වල උදේට හරිම සීතලයි.

“ඔයා ඔහොම ඉන්නකො.මං ටක්ගාලා කෝපි එකක් හදාගෙන එන්නම්…”

“අපි දෙන්නටම හදාගෙන එන්න බබා. බිස්කට් එකකුත් අරන්ම එන්න…”

මං ටක්ගාලා කිචන් එකට දුවගෙන ගිහින් කෝපි දෙකක් හදාගෙන චොක්ලට් බිස්කට් පැකට් එකකුත් අරගෙන ආර්වින් ගාවට ආවා.

“තවම මොකුත් වෙනසක් නැද්ද බබා?…”

ආර්වින් කෝපි එක බොන ගමන් මගෙ දිහා බලාගෙන එහෙම ඇහුවා.මගෙ ඇස් දෙකට කඳුලුත් පිරීගෙන ආවා.මාස කීපයක්ම ගෙව්නත් තවම අපේ කිරි සිහිනෙ හැබෑ උනේ නැහැ.මට බය එදා ඇක්සිඩන්ට් එකෙන් ආර්වින්ට මොකක් හරි ලොකු බලපෑමක් උනාද කියලයි.

“මට සමාවෙන්න පූජා උදේම ඔයාගෙ හිත රිද්දුවට.තව කල් තියනවනෙ අපිට…”

එයා එහෙම කිව්වෙ මගේ හිත හදන්න මිසක් තව කල් තියනවා කියලා හිතලා නම් නෙවෙයි.

“අම්මා කිව්වා බෝධි පූජාවකුත් තියලා බලන්න කියලා.ඔයාට යන්න අමාරුයිනෙ. මායි අම්මයි හවස ගිහින් එන්නම්…”

“හ්ම්ම්.ඒකත් හොඳයි.බැරිම උනොත් අපි තීරණයක් ගම්මු පූජා…”

“ඒ මොකක්ද?…”

මං කෝපි එකේ අන්තිම උගුරත් බීලා එයා දිහා බැලුවෙ සැකෙන් වගේ.එක සැරේකුත් එයා තාත්තා කෙනෙක් වෙන්න බැරි නිසා මගෙ හිත හොඳටෝම රිද්දලා මාව ධනුකට බාර දෙන්න හැදුවා.මේ සැරේ මොන නාඩගමක් නටන්න හිතාගෙන ඉන්නවද දන්නෑ.

“අපි කාගෙන් හරි උපන්න හැටියෙ දරුවෙක්ව අරන් හදා ගම්මු.වෙන කරන්න දේකුත් නෑනෙ.අර වැඩේට ඔයා කැමති නෑනෙ…”

“අර වැඩේ?… ඒ කිව්වෙ මොකක්ද?…”

මං තරහෙන් වගේ එයාගෙ මූණ ළඟට කිට්ටු උනා.න පු රා බය උනා මගෙ බැල්මට.එයා ශේප් එකේ අහක බලාගෙන චොක්ලට් බිස්කට් එකේ ක්‍රීම් ටික හූරගෙන කාලා බිස්කට් පලු දෙක මගෙ අතට දුන්නා.පොඩි එ කෙ ක් වගේ.මාත් පොඩි කාලෙ ඔය වගේමයි.චොක්ලට් බිස්කට් වලයි ලෙමන් ෆෆ් වලයි කන්නෙ ක්‍රීම් ටික විතරයි.

“මොකුත් නෑ බබා.මට මේ ඇති.ඔයා කන්න…”

එයා වීල් චෙයාර් එක ත ල් ලු කරගෙන ඉස්තෝප්පු කෑල්ලට ගියා.එයා කියාගෙන ආවෙ මොකක්ද කියලා මං හොඳටම දන්නවා.

දෙයියනේ මං කොහොමද එහෙම දේකට හිත හදාගන්නෙ?මගෙ ලෝකෙ ඉන්න එකම මනුස්සයා ආර්වින් විතරයි.එයාට තාත්තා කෙනෙක් වෙන්න බෑ කියලා මං කොහොමද තව මිනිහෙක් එක්ක එකට ඉඳලා දරුවෙක් හදාගන්නෙ.

“සුදු මැණිකා මාත් එක්ක තරහයිද වස්තූ?…”

උදේ ඉඳන් මං එයත් එක්ක වැඩිය කතා නොකරපු නිසා ශේප් එකේ බටර් පාර ගාගෙන ආවා.ඔය හදන්නෙ චාටුවෙන් චාටුවෙන් එක එක කතා කියලා මාත් එක්ක යාළු වෙන්න.

“නෑ ආර්වින්.ඒත්…. ඔයා ආයෙමත් මට එහෙම කතා කියන්න එපා.හැම දෙයක් දිහාම අසුබවාදී විදියට බලන්නත් එපා. තවම පහු උනේ මාස තුනයි.අපේ බලාපොරොත්තුව ඉක්මනටම ඉශ්ඨ වෙයි ආර්වින්.අපි කාටවත් වරදක් කරලා නෑ. පුලුවන් විදියට දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරා,පිං අතේ වැඩ කරා.ඉතින් දෙවියො උනත් අපි දිහා නොබලා ඉන්නෑ…”

මං පුලුවන් විදියට ආර්වින්ගෙ හිත හැදුවා. දවසෙ වැඩි හරියක්ම මං ගත කරේ දුකයි කඳුලයි එක්ක.ඒවා ආර්වින්ට නොපෙන්නුවෙ එයාගෙ හිත තවත් රිද්දන්න බැරි නිසයි. කකුලක් අහිමි වෙච්චි වේදනාව එයා අමාරුවෙන් උනත් දරාගෙන ඉන්නෙ මං නිසයි.මගෙ ආදරේ නිසයි එයා ඔහොමවත් හිත හදාගෙන සතුටින් ඉන්නෙ.

දෙවියන් බුදුන් වැඳලා බෝධි පූජා තියලා බාර හාර වෙලා මං පැතුවෙ එකම දෙයයි.ඒ පැතුම කවදා ඉශ්ඨ වෙයිද කියලා හිතාගන්න බැහැ.

දවස් කීපයක්ම ගත වෙලා ගියා.අම්මයි අප්පච්චි තීරණේ කරා ධනුකටයි නංගිටයි සමාව දීලා එයාලට ආශිර්වාද කරන්න.මගෙ හිතේ උනත් ධනුක ගැන මුලදි තිබ්බ අපහැදීම ටිකෙන් ටික නැති වෙලා ගියා කියලා තේරුනා.ඒ ධනුකයි නංගියි සමගියෙන් සතුටින් ඉන්න නිසා වෙන්න ඇති.

“අද රෑ කෑමට අපිට එහෙ එන්න කියලා නංගි කිව්වා…”

උදේ තේ බොද්දි මං ආර්වින්ට ඒ පණිවිඩේ කිව්වා.නංගියි ධනුකයි දැන් ගොඩක් සතුටින් එයාලගෙ ගෙදර ජීවත් වෙනවා.

“ෂා ම/ රු/ නෙ.කාලෙකින් කටට රසට කෑම වේලක් කන්න බැරි උනානෙ…”

ආර්වින් මාව අවුස්සන්නයි ඔහොම කියන්නෙ.මං දන්නැතුවැ මගෙ හබියගෙ හැටි.බැදුමක් හැදුවොත් ඒකෙ තෙල් ටිකත් දාගෙබ බත් කනවා.හොද්දක් හැදුවොත් බත් එක ගඟ වගේ.ඇතිලියත් පිහදාගෙන කයි.

“ඒ කියන්නෙ ඔයාට මං හදන කෑම රස නැද්ද ආර්වින්?ඉන්නවකො එහෙනම් මීට පස්සෙ තුන් වේලටම කන්න දෙන්නෙ කරවිලයි බතුයි…”

“ඒයි මං විහිළුවක් කරේ මෝ/ඩි/යෙ.මෙයාට දැන් විහිළුවක්වත් තේරෙන්නෑනෙ අප්පා.ඔය මොකද අද කිරි එකෙන් බාගයක් විතරක් බීලා?අනේ මං විහිළුවට එහෙම කිව්වෙ මැණික.ඔයා හදන කෑම වල ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ.දන්නවනෙ මං කන්න ගියාම දෙපාරක් තුන් පාරක්ම බෙදා ගන්නවා කියලා…”

ආර්වින් හිතුවෙ මං කිරි එකෙන් බාගයක් විතරක් බිව්වෙ එයා කියපු දේට තරහින් කියලා.අප්පිරියාවක් වගේ දැනුනු නිඩා මං කිරි එක සින්ක් එකට හලලා වීදුරුව හෝදලා තිබ්බා.

“ඔයා තරහ උනාද මැණික?ඇයි කිරි එක හැලුවෙ?…”

ආර්වින් වීල් චෙයාර් එක තල්ලු කරගෙන කුස්සියට ළඟටම ආවා.

“අනේ මං ඔයත් එක්ක තරහ නෑ ආර්වින්.මට අප්පිරියාවක් වගේ දැනිච්ච නිසයි කිරි එක හැලුවෙ…”

“ඔයා අසනීපෙන්ද බබා?කෝ එන්න බලන්න…”

ආර්වින් මට පාත් වෙන්න කියලා මගෙ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා.පව්. එයා මං ගැන ගොඩක් හිතනවා.

“මට එහෙම අසනීපයක් නෑ ආර්වින්.ඒත් ඇ/ඟ/ට අමාරුයි.මං හිතන්නෙ මේ දවස් ටිකේම පාන්දරම නැගිටපු නිසා වෙන්න ඇති…”

මං එහෙම කියලා කුස්සිය අස් කරලා අතුගාන්න ගත්තා.ආර්වින් ළඟට වෙලා මං වැඩ කරන දිහා බලාගෙන හිටියා.

මතු සම්බන්දයි.

රහසක්හෙලි වෙන්නයි යන්නෙ