🦋03වෙනි_කොටස🦋
“අනික ඔයාගේ අක්කා සරසි කසාද බදින්නේ අපිව බේරගන්න.ඒත් ඔයා ඇවිත් ඉන්නේ අපෙ නම්බුව විනාශ කරන්න.අනික ඔය ඔයාගේ බඩේ ඉන්න ලමයගේ තාත්තා කවුද…”තාත්තා එහෙම කියනවත් එක්කම මගෙ දෑස් විශාල වුනේ පුදුමෙන් මන් කල්පනා කරේ මේ ගැන තාත්තා දැනගත්තේ කොහොමද කියලා.එතකොටම මට මතක් වුනේ ඩොක්ටර් සනත්ව.
ඩොක්ටර් සනත් මේ ගැන කියන්න ඇති ඇයි මන් මේ වගේ මෝඩ වැඩක් කරගත්තේ මේකට ෆැමිලි ඩොක්ටර් ගාවගන්නේ නැතුව ඉන්න තිබ්බා.මගේ හිතේ දෝංකාර දුන්නෙම සනත් කියපු වචන.ඒත් එක්කම මට ඇහුනේ මගේ තාත්තා කියන දේවල්.
“දැන් මෙයාගේ සෞඛ්‍ය තත්වය හොද නෑ.එහෙම තියෙද්දිත් මෙයා ප්‍රෙග්නට් වෙලා.මොකක් හරි වැරැද්දක් වෙලා මෙයා මැ/රු/නො/ත් මොකද කරන්නේ….මිනිස්සු මොනවා නොකියයිද…කසාද බදින්නෙත් නැතුව මෙයා දරුවෙක් ලැබෙන්න හිටියා කියලා අපිට ලැජ්ජා කරයි. මං තාත්තා කියන දේවල් අහගෙන හිටියේ වේදනාවෙන් .මොකද තමන්ටත් වඩා තාත්තට ලොකු තමන්ගේ නම්බුව කියලයි මට හිතුනේ .
“අපි මෙයාට මේ දේ කරපු එකා ගැනවත් දන්නවද…කිසිම වැඩගම්මකට නැති එකෙක්.”
“එයා වැඩකට නැති කෙනෙක් නෙමේ.”
“කටවහගන්නවා…වැරැද්ද කරල මෙතන කටගහගෙනත් එනවා.”තාත්තා කිව්වේ මගේ දිහාට ඇගිල්ලක් දික් කරලා.ඒත් එක්කම වගේ තාත්තා මගේ දිහා බලාගෙන හිටියේ කේන්තිය මුසු දෑසකින්.
“ඔයාට දැන් විකල්ප දෙකක් තියෙනවා.ඔයාට පුලුවන් මේ ගෙදරින් යන්න හැබැයි ගියාට පස්සේ ඔයාට කවදාවත් මේ ගෙදරට අඩිය තියන්න බෑ.නැත්තම් ඔයාගේ බඩේ ඉන්න දරුවා නැති කරන්න පුලුවන් .
“තාත්තා…”
“නලින්…”අම්මයි අක්කයි කෑ ගැහුවේ තාත්තා මේ කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.මගේ අයියා නුවන් මන් දිහා බලාගෙන හිටියේ සමච්චලයට වගේ.තමන්ගේ අයියා මේ විදිහට කටපියාගෙන ඉන්නවා දකින එක ගැන මට ඇතිවුනේ පුදුමයක්.
“තාත්තා ඔයා මොනවද මෙයත් එක්ක කතා කර කර ඉන්නේ…මෙයාව එලියට ඇදලා දාන්නේ නැතුව මෙයාට විකල්ප දිදී ඉන්නවා.”
“නුවන් කටවහගන්නවා…”අම්මා අයියට බනිද්දි අයියගේ හිස ඉබේටම බිමට බරවුනා.ඒත් එක්කම අයියා…..
“මන් එයාට චාන්ස් දෙකක් දුන්නා.මිහානට දිගටම මේ පවුලේ නම ඕනනම් එයාට පුලුවන් එයාගේ බඩේ ඉන්න දරුවව නැති කරන්න.මන් කිව්වේ කු/නු ගොඩ..”මන් අයියා කියන දේ අහගෙන හිටියේ කේන්තියෙන් වගේම පිලිකුලෙන් .
“මගේ දරුවා කු/නු ගොඩක් නෙවේ…”එහෙම කියනවත් එක්කම අයියගේ මූනේ ඇදුනේ කුරිරු හිනාවක්.
“ඔයා දැක්කද තාත්තා එයාට ඕන මේ පවුලේ නම්බුව රකින්න නෙවේ.එයාට ඕනේ දරුවා නැති කරන්නේ නැතුව තියාගන්න එක.”මගේ දෑස් යොමුවුනේ තාත්තා දිහාට වුනත් තාත්තගේ ඇස්වල තියෙන කේන්තිය නිසාම මන් හිටියේ තාත්තා මොනවහරිම කියනකම්.
“ඔව් ඔයා ඇයි නේද අපි කියන දේ අහන්නේ කරන්නේ…මොකද දැන් ඔයා ලොකු ලමෙක්නේ.මේ මොහොතේ ඉදන් ඔයා අපෙ පවුලේ කෙනෙක් නෙවේ.අද ඉදන් මට ඉන්නේ දුවයි පුතයි විතරයි ඔයා මැ/රු/න කෙනෙක්.”
“තාත්තේ….”අක්කා තාත්තට කතා කරේ වේදනාවෙන්.තාත්තා අක්කා කියන දේවල් ගනන් නොගෙන බලාගෙන හිටියේ මගේ දෑස් දිහා.
තාත්තට ඕන මගේ දරුවා නැති කරලා දාන්න.ඒත් මන් මගේ අහිංසක දරුවට මොකුත් වෙන්න දෙන්නේ නෑ.මොකද ආදි මාව එක්කගෙන යන්න ලෑස්ති .
“ඔයා තාමත් ඔයාගේ වැරැද්ද පිලිගන්න ලෑස්ති නෑ.ඒක නිසා දැන්ම මේ ගෙදරින් යනවා.ආපහු මේ ගෙදරට එන්න හිතන්නවත් එපා.”තාත්තා කිව්වේ කෑ ගහලා.
“නලින් මේක කරන්න එපා.අනික එයා තාම පොඩි ලමෙක්.එයා කොහෙ කියලා යන්නද…”අම්මා ඇහුවේ තාත්තා ගාවට ලංවෙලා වේදනාවෙන්.තාත්තා අම්මා දිහා බැලුවේ කේන්තියෙන් .
“මෙයා තවත් අපේ දුව නෙවේ.මෙයා තව මාස නවයකින් අම්මා කෙනෙක්.”මන් ගැබුරු හුස්මක් අරගෙන බැලුවේ අම්මා දිහයි තාත්තා දිහයි.
🦋මතු සම්බන්ධයි🦋