Ex වයිෆ්

25 වන කොටස

ගිහාන් සාලේට ඇවිදන් ගියේ චකිතයකින්…

මේ කවුද?…

අනිවාර්‍යයෙන්ම ලක්ෂිකායි චමිලයි වෙන්න ඇති…

මේ දෙන්නාගේ අතට අහුවුනොත් නම් මම සුනේ සුන්..

දැන් නම් ගිහාන්ගේ හර්ද ස්පන්දනය වේගවත් වෙලා…

ගිහාන් දොරේ යතුර සිදුරෙන් හෙමිහිට එබිලා බැලුවා …

කවුරුහරි දෙන්නෙක් දොරකඩ ළඟ ඉන්නවා කියලා ගිහාන්ට පේනවා ….

ටක්….ටක්…..ටක්…….

අමුත්තෝ දෙන්නා ආයෙමත් දොරට තට්ටු කරනවා …

ගිහාන් දොර ඇරියා ….

හිතුවා වගේම දොරකඩ හිටියේ ලක්ෂිකායි චමිලයි….

දෙන්න ඇවිත් හිටියේ අත් දෙක වන වන නම් නෙමෙයි ….

පාර්සලයක් අතේ තියාගෙන …

හිතට දැනුනු චකිතය මැඩගෙන ගිහාන් දෙන්නට ගෙට කතා කරා …

දොරකඩ ලඟ හිටගෙන හිටපු ලක්ෂිකාගේ ඇස් දෙක තිබ්බේ ඉදිරියේ ගලවලා තිබුණු කාන්තා පාවහන් දෙක ළඟ….

හිරුෂා ඉන්නේ කොළඹ….

පිරිමියෙක් විතරක් ඉන්න මේ ගෙදරට කොහොමද කාන්තා පාවහන් ආවේ….

ලක්ෂිකා එහෙම කල්පනා කරන්න ගත්තා…

චමිල ගෙට ඇතුල් වුණත් ලක්ෂිකා තවම දොර කඩ හිටගෙන ඒ පාවහන් යුගල දෙස බලාගෙන ඉන්නවා…

ගිහාන්ගේ විමසිලිමත් දෑස් වලට එය හසුවුණා…

“ලක්ෂි ගෙට එන්නේ නැද්ද?..මොකද ඔය දොරකඩ දිහා බලාගෙන ඉන්නේ….”

“නෑ සර් මම කල්පනා කරේ මෙහෙට ladies shoes ආවෙ කොහොමද කියලා?..”

“ආ ඒකද?..ඔය අර මෙහේ වැඩට එන ගෑනු කෙනාගේ?..ඕක දාලා ගිහිල්ලා…”

ලක්ෂිකා සාලෙ පුටුවක වාඩිවුනේ ගිහාන් කියපු දේ ගැන කල්පනා කර කර…

මෙතන මොකක් හරි දෙයක් තියෙනවා…

චේතනා ඒක දාගෙන ආවා නම් ඇයි එයා ඒක මෙහේ දාලා ගියේ…

එතකොට එයා ගෙදර ගියේ කොහොමද?…

ලක්ෂිකාගේ ගෑනු ඉවට සැක ඇති වුණත් මේ තමන්ගේ ප්‍රධානියා නිසා ලක්ෂිකා ඒ ගැන හාරා අවුස්සන්න ගියේ නැහැ…

“මොකෝ චමිල හදිස්සියෙම?…”

“අද අපේ නංගිගේ ගෙට ගෙවදීම..එහේ පාටියක් තිබ්බා..අපි සර්ට කෑම ගෙනවා…”

“තනියම පාටි දානවා නේද අපිට කියන්නැතුව ?..”

“අනේ නෑ සර්….චමිලගේ නංගි පාටියක් දාන්නැතුව ඉන්න හැදුවේ…එකපාරටම තමයි පාටියක් දාන්න ලෑස්ති උනේ…පාටිය තියෙන්නේ ඉරිද නිසා අපි සර්ට ඉන්වයිට් කරේ නෑ …සර් ඉතින් weekend එකේ ගෙදර යනවා නේ ….”

“අනේ මුකුත් හිතන්න එපා…ළඟම නෑදෑයෝ ටික දෙනෙක්ක්ට විතරයි කිව්වේ …”

“අයියෝ මම විහිලුවක් කරේ….ඔයාලා කොහොමද මම ගෙදර ඉන්නවා කියලා හිතුවේ ?…”

“මම සර්ගෙ මොබයිල් එකට ගත්තා…ඒක වැඩ කරේ නෑ…පස්සේ සර්ගේ ගෙදරට ගත්තා …මැඩම් තමයි ගෙදර ආවා කියලා කිව්වේ….”

ලක්ෂිකා එහෙම කිව්වම ගිහාන් එකපාරටම ගැස්සිලා ගියා…

ලක්ෂිකාට කොහෙන්ද ගෙදර නම්බරේ ….

මේ දේවල් දැන ගත්තොත් ලක්ෂිකා අනිවාරයෙන්ම හිරූෂාට කියනවා….

ගිහාන් තිගැස්සුණා…

“අ…පේ ගෙ..ද.ර නොම්බරේ කොහෙන්ද ඔයා ලග ?”

“අයියෝ සර් නේ දවසක් මට දුන්නේ ….”

“ආ එහෙමද ….ඔව් දැනුයිනේ මට මතක් වුණේ….?මාව මතක් වෙලා කෑම එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි ….අපි තේකක් බොමු ද ?…”

ගිහාන් එහෙම ඇහුවේ නොඅසා බැරිකමට …

ඒත් ගිහාන්ගේ හිතුවේ රෑ වෙලා නිසා ලක්ෂිකා තේ බොන්නෙ නැතුව පිට වෙලා යයි කියලා …

“ඒක නම් හොඳයි සර්…අපි හොඳ black coffee එකක් බොමු …”

ලක්ෂිකා එහෙම කිව්වම ගිහාන් කලබල වුණා…

ඒත් මුහුණේ ඉරියව්වකින් වත් වෙනසක් නොපෙන්නුවේ ලක්ෂිකා සැක හිතයි කියලා …

“ඉන්න මම හදාගෙන එන්නම්…”

ගිහාන් හුනස්නෙන් නැගිටින්න හැදුවා …

“එපා එපා සර් කරදර වෙන්න එපා මම හදන්නම්…”

ලක්ෂිකා එහෙම කිව්වම ගිහාන් කලබල වුණා …

“අයියෝ මොන කරදරයක්ද? ගෙදරට අමුත්තෙක් ආවම තේ ටිකක් හදලා දෙන එක ලොකු දෙයක් ද ?..”

” මේ බලන්නකො චමිල, සර් අපිව අමුත්තෝ කරලා ..අපිට මේ ගෙදර පුරුදු නැති ගෙයක්ද සර් …අපි අස් පස් කරලා,උයපු ගෙදර නේ …චේතනා ආවට පස්සෙ නම් ආවෙ නෑ තමා …ඒ වුණත් අපිට මේගේ නුපුරුදු තැනක් නෙමෙයි ..”

“ඒක තමයි ..”

චමිල හිරූෂාට හූමිටි තිබ්බා …

“සර් චමිලත් එක්ක කතා කර කර ඉන්න …මම ඉක්මනට කෝපි එකක් හදාගෙන එන්නම්..සර්ට බත් ටිකක් බෙදාගෙන එන්නද ?..”

“කෝපි නම් බොමු..බත් කන්න බෑ ..දැන් ටිකකට කලින් කෑවේ…”

“එහෙනම් සර් මම මේක ෆිජ් එකේ දාන්නම් …සර් හෙට උදේට මයික්‍රෝවේව් කරලා කන්න …”

“හා ලක්ෂිකා …”

ලක්ෂිකා මුලුතැන් ගෙට ගිහින් ෆ්‍රිජ් එක ඇරියා …

ගෙනාපු කෑම බන්දේසි ෆ්‍රිජ් එක ඇතුලටදැම්මා……

ෆ්‍රිජ් එක වහන්න හදනකොටම ලක්ෂිකා දැකපු දෙයින් ලක්ෂිකා ගල් ගැහුණා..

ඒ ෆ්‍රිජ් එක ඇතුලෙ තිබුණු ගුලාබ් ජමුන් බෝල් එක දැකලා …

ලක්ෂිකා මද වෙලාවක් කල්පනා කරන්න ගත්තා ….

මෙහෙට කොහෙන්ද මේවා ආවේ….

සමහරවිට සර්ගෙ නෝනා හදලා එව්වද දන් නෑ….

ලක්ෂිකා කේතලය ට වතුර එකක් පුරවලා ලිපේ තිබ්බා …

ලක්ෂිකාගේ දෑස් කුස්සිය වටේට ගියා ..

කුස්සිය නම් හරි පිලිවෙලයි …

චේතනා කුස්සිය ලස්සනට අස් පස් කරල යනවද කොහෙද?..

ඒ එක්කම ලක්ෂිකා ප්‍රැන්ටිය උඩ හෝදලා මුනින් අතට නවලා තිබ්බ පිඟන් දෙක දැක්කා …..

පිඟන් දෙකක් කොහෙන්ද?…

සර් ගෙදර ඇවිල්ල කෑම කෑවා කියලා කිව්වා …

ඒත් සර් මේ ගෙදර ඉන්නෙ තනියම ….

සර් එක්ක කෑම කාපු අනික් කෙනා කවුද ?..

වතුර එක නටනකන් ලක්ෂිකා කල්පනා කරනවා …

සමහරවිට සර් ගත්ත ප්ලේට් එක අයින් කරලා වෙන ප්ලේට් එකට දාගෙන කෑවද දන්නේ නෑ…

ඒ එක්කම වතුර එක නැටුවා …

ලක්ෂිකා ප්‍රැන්ටියෙන් කෝපි දාලා තියන කන්ටේනරය අරගෙන කෝපි හැදුවා …

කෝපි හදලා පීරිසි කෝප්ප වලට දාලා ට්‍රේ එකක අරගෙන ඉස්සරහට ගියා …

තුන්දෙනාම එකතු වෙලා කොපි බිවුවා …

“ඒක නෙමේ සර් මම කියපු දේ ගැන මොකක්ද හිතන්නේ ..?..”

“දැන් රෑ වෙලා අපි වෙන දවසක සෙට් වෙමු …”

“අයියෝ නෑ මම බඩුයි බයිටි දෙකම ගෙනාවා …”

“සර්ට හෙට උදේ නැගිටින්නත් ඕනේ ..මම ඔයාට කිව්වා චමිල …කොහෙද සර් මෙයා කියන දේ ඇහුවේ නෑ …ගෙනාපු ගමන් ම සර්ට කියලා අරන් තිබ්බා…”

“සර් අපි ඉක්මනට ඉවර කරමු ..අපිටත් හෙට වැඩට යන්න තියෙනවා…..”

චමිලගේ පෙරැත්තය නිසා ගිහාන් අකැමැත්තෙන් ම එකඟ වුණා ….

ගිහාන් සාලෙ හිටියත් ගිහාන්ගෙ හිත තිබුණේ කාමරේ ඇතුලේ….

පව් අර චේතනා ඇඳ යටට වෙලා අමාරුවෙන් බලාගෙන ඉන්නවා ඇති …

මේ දෙන්න මට මෙච්චර උදවු කරලා තියෙන එකේ එහෙම එක පාරට එලවා ගන්නත් බෑ…

ගිහාන් අමාරුවෙන් කරබාගෙන හිටියා …

“අපි එළියට යමු නේද ?”

“අද ගේ ඇතුලේ ඉමු.. “

“ඇතුළෙ රස්නෙයි..අපි වෙනදාට සෙට් වෙන්නෙත් එළියෙ නේ..”

ගිහාන් අකැමැත්තෙන් ම එලියට ගියා…

ගිහාන්ගේ හිතට හොදටම බයයි…

ඇඳ යට ඉන්න අපහසු නිසා චේතනා හදිසියේම හරි එළියට ආවොත් සේරම මාට්ටු ….

ගිහාන් චමිලත් එක්ක ගෙමිදුලට ආවා …

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

මීවිත සාජ්ජේ ජයටම යනවා…

දැන් රෑ 11ටත් ලගයි …

ලක්ෂිකාට හොඳටම නිදිමතයි …

කීප වතාවක්ම චමිලට කතා කරත් චමිල තවම ආවේ නෑ …

සෝෆාඑක උඩ නිදිකිරා වැටෙන ලක්ෂිකා කාමරේට ගිහින් පොඩ්ඩක් ඇලවෙලා නිදාගන්න හිතුවා …

ලක්ෂිකා නිදිමත වැඩිකමට ගිහාන් ගෙන් අහන්නේ නැතුව ගිහාන්ගෙ කාමරයට ගියා….

ගිහාන්ගෙ කාමරේ මේසයක් උඩ තියෙන හෑන්ඩ් බෑග් එක දැකලා ලක්ෂිකාගේ නිදිමත ඉබේම නැති වුණා …

මේ හෑන්ඩ් බෑග් එක කාගේද ?…..

අනුන්ගේ දේවල් හාර අවුස්සන එක හොඳ නැති දෙයක් වුණත් ලක්ෂිකා ඒක ඇරලා බැලුවා…

ලක්ෂිකා දැක්කා ඒක ඇතුලෙ තිබ්බ අයිඩින්ටි කාඩ් එක …

මේක චේතනාගේ අයිඩින්ටිය නේද ?…

චේතනාගේ හෑන්ඩ් බෑග් එක කොහොමද කාමරයට ආවේ ?…

ලක්ෂිකා හෑන්ඩ් බෑග් එක වහලා මේසේ උඩම තිබ්බා ….

ලක්ෂිකා ඇඳේ ඇල උනේ කල්පනා බරිත වෙලා….

මොකක්ද මේ ගෙදර සිද්ධ වෙන්නේ ?…

මොකක් නමුත් සිද්ද නොවෙන්න ඕන දෙයක් මේ ගෙදර සිද්ධ වෙනවා ….

චේතනාගේ සපත්තුදෙක දොරකඩ ….

හෑන්ඩ් බෑග් එක ගිහාන්ගෙ කාමරයේ මේසයක් උඩ…..

කුස්සියේ පැන්ට්‍රිය උඩ පිඟන් දෙක…

ෆ්‍රිජ් එකේ තිබ්බ ගුලාබ් ජමුන් ….

මේ සේරම ලක්ෂිකාට පේන්නෙ ශාක්ෂි වගේ ….

ගිහාන් සර් හා චේතනා අතර මොකක් හරි නරක සම්බන්ධයක් තියෙනවද ?..

පව් දෙයියනේ නෝනායි ළමයි දෙන්නයි …

සාමාන්‍ය ළමයෙකුයි විශේෂ ළමයෙකුයි එක්ක ගෙදර වැඩ තනියම කරගෙන හිරූෂා නෝනා මොන තරම් දුකක් විඳිනවා ඇද්ද ?…

ගිහාන් සර් මේවගේ කෙනෙක් කියලා මමනම් කීයටවත් හිතුවෙ නෑ …

අපි දිහාවත් වැරදි විදිහට බලන්නැති සර්
ගෙදර වැඩට එන චේතනා වගේ කෙනෙක් එක්ක එහෙම නොකටයුත්තක් කරනවා කියලා හිතන්නත් අමාරුයි…

ඒත් ගිහාන් සර් මෙහෙ ඉන්නේ තනිවෙලා..

තනිවෙලා ඉන්නකොට මිනිස්සු වරදේ බැඳෙන්න තියෙන අවස්ථා වැඩියි…

මේ සේරම මගේ වැරදි…

පිරිමියෙක් තනියම ඉන්න ගේකට මේ වගේ තරුණ ගෑණු කෙනෙක් වැඩට හොයලා දුන්න එක ඇත්තටම වැරදි…

ඒත් ඉතිං ගිහන් සර් නැති වෙලාවට නේ මම චේතනා ට වැඩ ටික කරල යන්න කිව්වේ …

සර් ඔෆිස් එකේ ඉන්නකොටනේ චේතනා මෙහෙට ඇවිත් වැඩ කරලා යන්නේ…

ඉතින් කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ?..

ඒ වගේ දෙයක් වෙනවා නම් කොහෙත්ම අනුමත කරන්න බෑ….

එහෙම දෙයක් තියෙනවනම් මම අනිවාර්යෙන්ම මේ ගැන හිරූෂා නෝනාට කියනවා….

වැරැද්දක් දැකලා ඒක නොදැක්කා වගේ ඉන්නවා කියන්නේ ඒ වැරැද්දට අනුබල දෙනවා හා සමානයි…

කොහොමද මම මේක තහවුරු කර ගන්නේ …

ලක්ෂිකා මෙහෙම කල්පනා කර කර ඇඳ උඩ වැතිරිලා ඉන්න කොට ඇඳ යටින් ඇහුණු සද්දයක් නිසා ලක්ෂිකා තිගැස්සුණා…

කොහොමද මේ ඇඳ යටින් සද්දයක් ආවේ ..

කවුද මේ ඇඳ යට ඉන්නේ ..

ලක්ෂිකාගේ හිතට ඇති උනේ ලොකු කුතුහලයක්….

ලක්ෂිකා වැතිරිලා උන්න ඇඳෙන් නැගිට්ටා….

බිම යටට පාත්වෙලා බැලුවා….

හමුවෙමු මීලග කොටසෙන් 💔💔💔💔💔💔

කතාව කියවලා අහක බලාගෙන යන්නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න