08 කොටස

අහ්..

සිහිය ලැබු රාගව් හිසෙන් දැනෙන දරාගත නොහැකි වේදනාව අතරින් සෙමෙන් දෙනෙත් පියන් විවර කරන්නට වුයේ .තමන් මේ හිදින්නේ කොහෙදැයි සිතමිනි.

යහන මතින් නැගි සිටිමට උත්සහ දැරුවද සෙලවීමටවත් නොහැකි ලෙස කුමකට හෝ සිර වී ඇති දැනුන නිසාවෙන් තමගේ සිරුර දිගේ දැස් යැවු ඔහුගේ දෑසට තම සිරුර වටා දැත් යවා තුරුල් වී හිදින ඇගේ රුවයි…

රාගව්ට දැනුනේ සිය හිස මත අකුණ දහසක් පිරුවක් මෙනි..

ඈ…..

ඇ මෙලෙස තමා අසල මෙලෙසින් …

නැත එය කිසිසේත්ම සිදුවිය නොහැක්කක්..පිටස්තර පුද්ගලයකුගේ නෙත ඈ මෙලෙස තමා හා හිදිනව ඇස ගැටුනොත්…

ඕ..එය සිතිමටවත් නොහැක …

ඈ කෙලෙසද මෙතන පැමිණයේ..අනෙක කිසිදු බයක් සැකක් නොමැතිව මෙලෙස තමා අසල…

මෙය නම් විසදාගත යුතුම ගැටලුවක්…

ඇයට කතා කිරිමට සිතී නැවතත් එම සිතුවිල්ල ඔහු මැඩගන්න වුයේ .හාවියක් මෙන් සිය උනුසුමේ ගුලිවී හුන් ඈ දැක ලොබ සිතුනු නිසාවෙනි .

අහ්…….

මන් ඇනුමක් එහෙම යවලා අතපය සුට්ටක් දිගාරින්න හැදුවත් මගේ අත මොකක්දෝ දෙයක වැදුන නිසා මන් ටාර් ගාල ඇස් ඇරියේ මොකෙද අත වැදුනේ කියලා බලන්න උනත් .

ඇරපු ඇස් දැක ආයෙමත් සුටුස් ගාල වහගන්න උනේ..දෙතොල් සපාගෙන මන් දිහා බලාගෙම ඇද විට්ටමට හේතු වෙලා ඉදිය රාගව් දැකලා…

දෙවියයෙනේ මන් පොඩ්ඩක් ඇල වෙන්න කියලා නෙද ඇදට ආවේ .මට දන්නේම නැතුව මේකා ගාව නින්ද ගිහින් නේද..කොහොමද දෙයියනේ දැන් මන් රෙද්දක් ඇදන් මේක දිහා බලන්නේ..

කඩවලේ……….

මන් හිතින් මේ ලොකේ ඉන්න හැම දෙවි කෙනෙක්ම යැද්දේ මේතනින් බේරිලා යන්න විදිහක් මොලෙට දෙන්න කියලා…

ම්………..

මිස්ට දැන්ම ඇහැරෙන්න හිතක් එහෙම නැද්ද..මොකෝ මෙට්ටේ සනීප වැඩිද..

මහ පජාත හිනාවක් දානගමන් මේක මගෙන් ඇහුවේ .මගේ නම්බුව එතඅ උනුවෙලා දියවෙලා වැක්කිරිලා යද්දී .

මේ….මේ….

හරි තමුසෙගේ බොරු අහන්න මට වෙලවක් නෑ…ලෑස්ති වෙනවා බොඩිමට යන්න…

මන් ඇගිල්ලකුත් කටේ දාන් කල්පනා කරේ මොක්කද මේකා කියන මේ හතර බිරි කතාව.ඇයි අප්පා මොනා කියලා ලැස්ති වෙන්නද අලුතෙන් ..මේ මන් යසට ඉන්නේ උදේ ආව වගේ..මු හරියට කතා කරන්නේ මන් රෙදි නැතුව ඉන්නවා වගෙනේ…

මොක්කද මන් දිහා ඔහොම බලන්නේ..බලනවා පොඩ්ඩක් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ..

මන් මේකාට ඔරවන ගමන් කණ්ණාඩිය ඉස්සරහට ගියේ මේකට බනිනව කියලා හිතන් උනත් …

මගේ රුපේ දැකලා මගේ ඇස් විසල් උනේ මන් දඩිබිඩි ගාල බාත්රූම් එකට රින්ගුවේ. දිර්වන් නසාරානි හිනාව නොදැක්ක ගානය..

සැක්…ලැජ්ජා බාල්දියෙන් එකයි..මගේ සාරිය කැලේ මගේ ලැමෙන් කුසත් නිරාවරණය වෙන්න සාරි පොට ඇඹරිලා තිබ්බේ .

ශික්..කොහොමද දෙවියයෙනේ මන් දැන් අයිමත් දිර් ඉස්සරට යන්නේ….

මේ….මැඩම් එලියට එන්න අදහස් නැද්ද…

බාත්රූම් එකට වෙලා කල්පනා ලොකේ හිටිය මන් මේ ලොකෙට ආවේ දිර්වන්ගේ කෑගැහිල්ලට…

බාත්රූම් එකෙන් එලිය හෙමිට අඩිය තිබ්බ මාව එක පාරටම යාබද බිත්තියට ඇදිලා මට හිතන්නවත් වෙලාවක් නොතියා..

ඇරපන් යකෝ ඇස් දෙක…

ඇස් වහන් ඉන්නේ .උබ හිතුවද මන් උබව හුරතල් කරන්න හදනවා කියලා..

මගේ ඇස් දෙක ඇරුනා නෙවෙයි …

මෙච්චර වෙලා නිවිලා හිටියා මනුස්සයට මොක්කද දෙවියනේ මෙ උනේ ..

උබ මොක්කද මේ නටන්න යන නාඩගම .

රා…ර…රාගව් …….

ශ් ………..

කට වහපන්…….

රාගව් මගේ කට දෙපැත්තේ තද කරලා අල්ල ගත්තේ දැනුන වේදනාවට මගේ ඇස් දෙකෙන් කදුලු බෙරෙද්දී..

ශික්……..උබ මේ තරම් පහත් එකියක් කියලා මන් කවදාවත් හිතුවේ නෑ…

දෙවියනේ මොනාද මේ මනුස්සයා මේ කියවන්නේ….

කතා කරන්න ඕනි උනත් රාගව් මගේ කට අල්ලන් හිටපු විදිහට මට වචනයක් කතා කරගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ….

උබට ලැජ්ජ නැද්ද යකෝ උබෙන් ඉගෙන ගන්න එකෙක් එක්ක ලගින්න….

මට මොහොතක දැනුනු මගේ හදවත නතර උනා වගේ…

අඩපන්…තව අඩපන් උබ නෙවෙයි යකෝ මමයි අඩන්න ඕනි..

මාව ඇතැරලා දපු රාගව් එයාගේ අත් දෙකෙන් බිත්තියට ගහගෙන ගහගෙන ගියේ අත් පුපුරලා ලේ ගලද්දි…

චාටාස් ………

අහ්………

මන් අතදිගැරලා රාගව්ගේ කමුලට ගැහුවේ මට එයාව නවත්ත වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා.

මොනවද මේ කරගන්නේ පිස්සු හැදිලාද ආ…මන් රාගව් ඇදගෙන ගිහින් ඇදෙන් ඉන්දවලා අත් දෙකටම බෙහෙත් දැම්මේ.මේක ඇස් දෙක පොල් ගෙඩ් කරන් මන් දිහා බලන් ඉදිද්දී…

අත තෙමාගන්නේ නැතුව ඉන්න.මන් යනවා හුගාක් පින් අසනීප වෙලා ඉන්න කෙනෙක් බලන්න ආපු අයට සලකපු විදිහට .

රාගව් කතා කරන්න හැදුවත් මන් එයාට ඇහුම් කන් නොදී ආවේ .එයාගේ වචන මට හොදටෝම රිදවපු නිසා…

බොස් කිව්වම අහලා නවත්න්නකෝ ඕක ඔය කීවෙනි බොතලේද .ඔහොම බීලා මැරෙන්නද හදන්නේ ..

රාගව් මත්වතුර බෝතල කිහිපයක් එක දිගට හිස් කරන්න වුයේ සිය ආර්ක්ශකයින්ගේ විරෝදාතා මධ්‍යයේය…

ඔව් යකෝ .

මට මැරෙන්න දියන්…

මන් කිව්වා එක වචනෙකට මට මේ තරම් දඩුවමක් වැඩි නෑද්ද….

ඇයි මට මෙහෙම කරන්නේ…

රාගව් හිදින්න වුයේ දරාගත නොහැකි වේදාවකිනි..ගෙවි ගිය දින කිහිපයේ වෙනද ආදරේයෙන් තමාට ශිල්ප පහද දුන් ඈ ඔහු වෙත එකදු බැල්මක් හෝ පා නොකලේය.වෙනදාට සිය නවතැනට පාව තමා ගෙනගොස් කතා බස් කල ඈ..අද තමා නොහදුන සේ හැසිරෙන්නට විය…

සුදු මැණිකේ …..

අම්මා …..

මේ ඔයාව හම්බවෙන්න දරුවක් ඇවිත් ඉන්නවා..

මන් හදිස්සියේම නිවාඩු දාල ගෙදර අවේ.මගේ මනස ලමයිනට උගන්න තරම් නිරවුල් නොවුන නිසා..කවුද මාව හම්බවෙන්න ආව කෙනා කියලා හිතන ගමන් සාලෙට ආපු මන් දැක්කේ…..

මතුසම්බන්ධයි