නපුරු දීගේ

“ධනුක ඔයාට එහෙම දෙයක් කිව්වද?…”

මං ඇහුවෙ පුදුමයෙන්.ධනුක වගේ කෙනෙක්ව මගෙ නංගිට කොහෙත්ම ගැළපෙන්නෑ.මගෙ ජීවිතේ වි නා ශ කරපු කෙනා මගෙ නංගිව හොඳින් රැක බලා ගනියි කියලා මං කොහොමද විශ්වාස කරන්නෙ?

“ඔව් බබා.හොස්පිටල් එකේදිත් ධනුක මාත් එක්ක මේ ගැන කතා කරා.ෆෝන් එකෙනුත් කතා කරා.කො/ල්ලා නීෂාට පැ/ලෙ/න්/න ආදරෙයි…”

“අනේ එයාගෙ මහ ලොකු ආදරේ.එයාගෙ ඔය බොරු වලට මං නම් රැවටෙන්නෑ.ඔය හදන්නෙ මගෙ වගේම නංගිගෙ ජීවිතෙත් විනාශ කරන්න.මං කොහෙත්ම කැමති නෑ නංගි ධනුකව මැරි කරනවට…”

වටෙන් වටෙන් නොගිහින් ධනුක මගෙ නංගිව බඳිනවට මං මගෙ හිතේ තියන අකමැත්ත කෙලින්ම ආර්වින්ට කියලා දැම්මා.

“පූජා හිතනවද එයාලා දෙන්නා අතරෙ ආදරයක් පටන් ගත්තොත් ඔයයි අම්මයි අප්පච්චියි ඒකට අකමැති උනා කියලා නීෂා ඒක නවත්තයිද?…”

“නංගි මං වගේ නෙවෙයි ආර්වින්.එයා මොකක් හරි තීරණයක් ගත්තොත් ලේසියෙන් ඒක වෙනස් කරන්නෑ.හරිම මුරණ්ඩු කෙ/ල්ලෙක්.එයා ධනුකට ආදරේ කරන්න කලින් මං ඒක නවත්තන්නවා. අම්මටයි අප්පච්චිටයි අදම මේ ගැන කියන්න ඕනි.තවත් පරක්කු කරන්න බෑ…”

මං ඇඳෙන් නැගිටලා යන්න හදද්දි ආර්වින් මගෙ අතින් අල්ලගෙන මාව නතර කරගත්තා.එයා ඉන්නෙ කේන්තියෙන්ද මන්දා.ධනුක කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියන එක හැමෝටම අමතක වෙලා.

“පව්කාර වැඩ කරන්න එපා පූජා.ඔයා මොන හිතකින්ද ඒ අහිංසක ආදරේට අකුල් හෙලන්න හදන්නෙ?ඒ දෙන්නව වෙන් කරලා පව් පුරවගන්න එපා…”

ධනුක මගෙ අත මිරිකගෙන කේන්තියෙන් මගෙ දිහා බැලුවා.

“එයාලා දෙන්නා තවම ආදරේ කරන්න පටන් අරන් නෑනෙ…”

“නෑ පූජා.නීෂා ධනුකට කැමැත්ත දීලා ඉවරයි. ධනුක ටිකක් අසනීපෙන් ඉඳලා තියෙන්නෙ. ඒ නිසා නීෂා ඊයෙ ධනුකව බලන්න උ/ගෙ ගෙදර ගිහින්…”

දෙයියනේ….. අම්මටයි අප්පච්චිටයි නොකියා නංගි කොහොමද ජීවිතේ ගැන මේ වගේ බරපතළ තීරණයක් ගත්තෙ?නංගිට මොලේ නැද්ද?

ධනුක නැතුව වෙන සුදුසු කෙනෙකුට නංගි ආදරේ කරන්න පටන් ගත්තා නම් කමක් නෑ. දැන දැනම අමාරුවෙ වැටෙන්නයි නංගි මේ ලෑස්ති වෙන්නෙ.

“ඔයා ඇයි ආර්වින් මේ ගැන මට කලින් නොකිව්වෙ?එහෙම කිව්වා නම් මං කීයටවත් නංගිට ධනුකට ආදරේ කරන්න ඉඩ දෙන්නෑ…”

“ඒ ගැන දන්න නිසා තමයි කිව්වෙ නැත්තෙ…”

කේන්තියෙන් වගේ මගෙ අත ගසා දාලා ආර්වින් අනික් පැත්තට හැරුනා.හැමෝටම ධනුකව ලොකු වෙලා.ඒ ති/ %/ස/ නා මට කරපුවා හැමෝටම අමතක වෙලා.

“නීෂා කියන්නෙ මගෙ එකම නංගි ආර්වින්. දෙයියනේ ඔයා කොහොමද ධනුක මට කරපුවා මෙච්චර ඉක්මනට අමතක කරේ?ධනුක කියන්නෙ හොඳ මනුස්සයෙක් නෙවෙයි.ඒක ඔයා දන්නවා.මාව කසාද බැඳලා ඉන්නැද්දිත් ධනුක ටානියාට ආදරේ කරා.

ඒ ගෑ/ණි නිසා ධනුක මගෙ දරු පැටියව ම/% ගත්තා.මට හැමදාම ව/ද දුන්නා.මගෙ සැනසීම මගෙන් උදුර ගත්තා.මට නොසෑහෙන්න වෙනස්කම් කරා.හැමදාම මං උ/ගෙ/න් ගු//ටි කෑ/වා.ඒවා ඔයා දන්නැද්ද නැද්ද ආර්වින්?…”

මං කේන්තියෙන් වගේ කෑ ගහලා එහෙම අහද්දි ආර්වින් මගෙ ඔලුව අතගාලා මාව එයාගෙ උරහිසට වාරු කරගෙන මගෙ කේන්තිය නැති කරන්න උත්සහ කරා.

“ඒවා හැම දෙයක්ම මං දන්නවා පූජා.ඒත් දැන් ධනුක කියන්නෙ දැන් හැදිච්ච හොඳ මනුස්සයෙක්.වැරදි අපි කවුරු අතිනුත් වෙනවා පූජා.ඔයා අතින් මං අතින් මේ ලෝකෙ හැම මනුස්සයෙකුගෙම අතින් වැරදි සිද්ද වෙනවා.ඒ වැරදි හදාගෙන කෙනෙක් හොඳ අතට හැරුනමත් අපි එයාට කලින් කරපු වැරදි කිය කියා ඇඟිල්ල දික් කරන එක හරිද?

ඔයාට කරපු වැරදි වලට ධනුකට ඕනවටත් වඩා දඬුවම් ලැබිලා ඉවරයි පූජා. ඌ/ට උ/ගෙ මුළු පව්ලම අහිමි උනා. අම්මයි, අප්පච්චියි,පන වගේ ආදරේ කරපු දරු පැටියවයි,ටානියාවයි…. ඒ හැම දෙයක්ම ධනුකට නැති වෙලා ගියා.ඊට පස්සෙ ධනුක හැමදාම උත්සහ කරේ ඒ වැරදි හදාගෙන හොඳ මනුස්සයෙක් වෙන්න.අපි ධනුකට ජීවිතේ හදා ගන්න උදව් කරන්න ඕනි පූජා…”

ආර්වින් කියන දේවල් හරි කියලා හිතන්න මං හුඟක් උත්සහ කරා.මොනවා උනත් ආර්වින් මගෙ නංගිගෙ ජීවිතේට අයහපතක් වෙන විදියෙ දෙයක් කරන්න උත්සහ කරන්නෑ.ඒ නිසා හිතට විරුද්ධව හරි මං ධනුක දැන් හොඳ කෙනෙක් කියලා හිතන්න උත්සහ දැරුවා.

“ධනුක දැන් හොඳ කෙනෙක් නම් කමක් නෑ ආර්වින්.හැබැයි මගෙ නංගිට ධනුකගෙන් කිසිම වැරැද්දක් වෙන්න ඉඩ තියන්න එපා…”

“කවදාවත්ම නෑ බබා.මං ඔයාට ආදරේ කරනවටත් වඩා හොඳින් ධනුක ඔයාගෙ නංගිට ආදරේ කරයි.අනික නංගි ඔයා වගේ නෙවෙයිනෙ.ඒ නිසා හිතේ බයක් තියාගන්න එපා…”

ආර්වින් ඒ ටික කිව්වෙ හිනා වෙලා මගෙ කොණ්ඩෙ අවුල් කරන ගමන්.

“ඒ කිව්වෙ?…”

“නංගි ඔයා වගේ ඉවසන්නෑනෙ බබා.අරූව හ/ම ග/හ/යි…”

“ඒක නම් වෙයි හැබැයි…”

“හොඳ වෙලාවට දෙයියො මගෙ මූණ දිහා බලලා අක්කව මට දුන්නෙ.අක්කා වෙනුවට නංගිව හම්බවුනා නම් ඉවරයි…”

ඔන්න ඉතින් න පු රා මාව අවුස්සන්න හදන්නෙ.මං ගැන දන්නැතුව තමයි ඔහොම කියවන්නෙ.

“හැබැයි එහෙම කියලා මාත් එක්ක වසන එකත් ඔයාට ලේසි නෑ මහත්තයො.මං කියන දේ ඇහුවෙ නැත්නම් පොල් බෑයෙන්,වළඳෙන් එහෙමත් සංග්‍රහ කරන්න වෙයි හොඳේ…”

“අම්මෝ අම්මෝ…”

එයා බඩට අත තියාගෙන හයියෙන් හිනා වෙනවා.අහිංසකව හිටපු මාව නපුරියක් කරේ එයාමනෙ ඉතින්.

“මොකෝ හිනා වෙන්නෙ?මං කිව්වෙ ඇත්ත. වැරැද්දක් කරලා මගෙන් බුරුලක් එහෙම බලාපොරොත්තු වෙන්න එපා මහත්තයො…”

“මේ අබ්බගාත අසරණයට පොල් බෑයෙනුයි, වළඳෙනුයි සංග්‍රහ කරලා ඔයා පව් පුරවගන්න එපා සුදු මැණිකෙ…”

එයා දුකින් වගේ එහෙම කියලා මගෙ ප/පු/ව උඩින් ඔලුව තියාගත්තා.

“මං විහිළුවක් කරේ ආර්වින්.ඔයා මගෙ පන ඩිංග රත්තරං.වෙච්චි දේ ගැන හිතලා දුක් වෙන්න එපා.ඔයා ඉක්මනටම සනීප වෙන්නකො…”

මං එයාගෙ ඔලුව අතගාමින් කිව්වා.පුංචි දරුවෙක් වගේ මගෙ උණුහුමට ගුලි වෙලා ඉන්න ආර්වින් දිහා මං බලන් හිටියෙ හරිම ආදරෙන්.එයා ඒ විදියට ඉන්නැද්දි මගෙ හිතට කියාගන්න අමුතු හැඟීමක් දැනෙනවා.

“ඊට පස්සෙ අපිට ගොඩක් වැඩ තියෙයි නේද බබා?…”

මගෙ දිහා ව$ තාලෙට හිනාවෙමින් බලලා ඇහැක් වහලා එයා මොකක්ද ඉඟි කරා.

“මොන වැඩද?තුවාලෙ පාර ගන්නවකො නටලා මෙතන…”

“අම්මෝ මේ/කි/ගෙ තියන සැර.අවුරුද්දක් තිස්සෙ අනුරාධපුරේ වෙද ගෙදර නැවතිලා ඉඳලා ගත්තු ප්‍රථිකාර වලට ප්‍රයෝජනයක් තියෙන්නෙ ඕනි නේද බබා?…”

“ඔව්.ඒක මට තේරෙනවා න පු රො.තව ටික කාලයක් ඉවසන්නකො ඉතින්.ඔයාට සනීප උනාම බැරියැ…”

මං එයාගෙ නහය මිරිකලා කොට්ටෙ උඩින් ඔලුව තියාගෙන අපි දෙන්නටම හිටින්න සීට් එක පෙරෙව්වා.

“හොඳටම සනීප වෙන්න තව කොච්චර කාලයක් යයිද කියලා කව්ද දන්නෙ…”

“පුදුම හදිස්සියක්නෙ මෙයාට තියෙන්නෙ. අවුරුද්දක් ඉවසුවා නම් මේ තුවාල සනීප වෙනකල් තව ටික කාලයක් ඔයාට ඉවසන්න බැරිද ආර්වින්?…”

“පුලුවන් බ/ න්.කව්ද බෑ කිව්වෙ?…”

~~

“අපේ සම්බන්දෙට අම්මයි අප්පච්චියි කැමති නෑ ධනුක.මං කොච්චර උත්සහ කරත් එයාලා මාව ඔයාට දෙන්න කැමති නෑම කියලයි කියන්නෙ.අක්කත් වැඩි කැමැත්තක් නෑ…”

හිතුවා වගේම ධනුකගෙයි නීෂාගෙයි සම්බන්දෙට නීෂාගෙ පාර්ශවයන් දැඩි විරෝදයක් එල්ල උනා.නමුත් නීෂා ධනුකව අත් හැරියෙ නෑ.

“ඔයාට මාව අමතක කරන්න පුලුවන්ද නීෂා?…”

ධනුක ඇහුවෙ නීෂාගෙ හිස තම නි/%/ව/% ප/පු/ව/ට වාරු කරගෙන.නීෂා හැමදාම ධනුකව මුණ ගැහෙන්න ආවෙ ඔහුගෙ නිවසට.ධනුකගේ ජනප්‍රියත්වය නිසා ඔවුන් දෙදෙනාම එළිමහනෙ ගැවසිලා ආදරේ කරන්න පුලුවන් වාතාවරණයක් තිබුනෙ නෑ.

“කොහෙත්ම බෑ ධනුක.මට ඔයාව නැතුව ඉන්න බෑ.අපි හොරෙන් බඳිමු.අම්මලා දවසක ඇත්ත තේරුම් අරගෙන අපිට ආශිර්වාද කරයි…”

“ඔයාට පුලුවන්ද හිත එකඟ කරගෙන ඒ තීරණේ ගන්න?…”

“ඇයි බැරි?ඔයාව ලැබෙනවා නම් මං ඕනම දෙයක් කරන්න ලෑස්තියි.අපි බඳිමු…”

නීෂා ධනුකගෙ ප/පු/ව උඩින් ඔලුව තියාගෙන දෑස් පියා ගත්තා.

“ඊට පස්සෙ?…”

ධනුක අහන්නෙ නීෂාව අවුස්සන්න.කෙ/ල්ල රවලා ඔහු දිහා බැලුවා.

“රවනකොටත් ලස්සනයි මගෙ ක/ටු/ස්/සි…”

“ඇයි මට ක/ටු/ස්/සි කියන්නෙ?…”

නීෂා ඇහුවෙ රවාගෙන.ධනුකට හිනා කෙ/ල්ලගෙ රැවිල්ලට.ඔහු හිතුවෙ නෑ නීෂා කිසි දිනෙක තමාට ආදරේ කරයි කියලා.තමා නිසා පූජා විඳි දුක් වේදනා මතක් කර දී නීෂා එදා රෝහලේදි තමාට බැන වැදුනු අයුරු ධගනුකගෙ මතකයට නැගුනා.

“ඔයා නපුරු නිසානෙ…”

“මං එච්චරටම නපුරුයිද ධනුක?…”

නීෂා අහන්නෙ දුකින් වගේ.ඇය හැම තිස්සෙම උත්සහ කරන්නෙ ධනුකට හොඳ ආදරවන්තියක් වෙන්න.

“දැන් නපුරු නෑනෙ.ඉස්සර නම් ගොඩක් නපුරුයි.එදා හොස්පිටල් එකේදි මට කොච්චර බැන්නද.මට කතා කරන්න දුන්නෙම නෑ.ගිරවියක් වගේ කියෙව්වා…”

ධනුක ආදරෙන් නීෂා දෙස බලා ඇගේ කම්මුලක් සි/ප ගත්තා.

“ඒ කියවපු ක/ට මට්ටු කරේ මෙහෙමනෙ…”

නීෂා සෙමින් පහත් වී ධනුකගෙ තො//ල් පෙ/ති සි/ප ගත්තේ එදා සිදුවීම හිතේ කොනක ඇඳෙද්දි.

මතු සම්බන්දයි