02වෙනි_කොටස🦋

“ආදි කොහෙද…” මං එහෙම අහනවත් එක්කම දිනුක කියපු දේ නිසා මට ඇතිවුනේ පුදුමයක් .

“ආදි ගියානේ…”

“ආදි ගියා…”මං දිනුක එහෙම කියනවත් එක්කම දිනුක දිහා බැලුවේ පුදුමෙන්.ඒත් මට ඇහුන දේ විශ්වාස නැති නිසාම මම…

“ඔයා කිව්වේ මොකක්ද…එයා ගියා කියලද…”

“මන් කිව්වේ ආදි ගියා මේ ගම අතඇරලා එයා ගියා මිහානා…”

ආදි කොහොමද එහෙම යන්නේ….අනික එයාට එහෙම යන්න බෑ.එයා එයා තාම ඉගෙනගන්න එක නවත්තලා නෑනේ.මං දිනුක දිහාම බලාගෙන හිටියේ දිනුක විහිලුවක් කරන්නේ කියලා දිනුකගේ කටින්ම අහගන්න.මං ප්‍රාර්ථනා කරේ ඒක විහිලුවක් වෙන්න කියලා.

“ඔයා ඔය කියන්නේ ඇත්තමද…”

“ඔව් එයා ඇත්තටම ගියා…”

“එයා ආපහු කවද්ද එන්නේ…අනික එයා කොහෙද ගියේ…”

“ආදි කවද්ද එන්නේ කියලා මට කිව්වේ නෑ.අනික ආදි කොහෙ ගියාද කියලා මන් දන්නේ නෑ.”මගේ හදවතේ ඇතිවුනේ ගැස්මක්.ආදි මෙහෙම කරයි කියලා මට හිතාගන්න බැරිවුනා.

“ඔයා ආදි කොහෙ ගියාද කියලා දන්නේ නැති වෙන්න බෑ.අනික එයා ඔයාගේ හොදම යාලුවා.”

“එයා කොහෙ ගියාද කියලා මන් දන්නේ නෑ.එයා මට කෝල් කරලා කිව්වේ එයා යනවා කියලා.”

මන් හිතුවේ දිනුක මට බොරු කියනවා කියලා ආදි ගිය තැන දිනුක දන්නවා කියලමයි මට හිතුනේ.ආදි ගැන අමතක කරත් මට එකපාරටම මතක් වුනේ මන් ප්‍රෙග්නට් නේද කියලා.මන් කල්පනා කරේ දැන් දරුවට මොකද කරන්නේ කියලා.

“ඉක්මනට ගෙදර යන්න වැස්සක් එනවා.”දිනුක එහෙම කියලා යන්න ගියේ මන් කල්පනාවෙම ඉද්දි.මගේ හිතේ දෝංකාර දුන්නේ දිනුක කියපු වචන.

මන් ආපහු සැරයක් ඩයල් කරේ ආදිගේ නම්බර් එක.ආදිගේ පෝන් එකේ රින්ස් ගියත් ඉස්සෙල්ලා වගේම ආදි ආන්සර් කරේ නෑ.

“ආදි ගියාද ආදි මට කියන්නේ නැතුව කොහෙද ගියේ…එයා මාත් එක්ක තරහින්ද…”මගෙ පෝන් එකට කෝල් එකක් ආවෙ මන් හිනාවෙලා පෝන් එක දිහා බලද්දි.මන් හිතුවේ කෝල් එක එන්නේ ආදිගෙන් කියලා.ඒත් එක්කම වගේ මගේ හිනාව වියැකුනේ ඒ කෝල් එක එන්නේ මගේ අම්මගෙන් කියලා දකිද්දි.

“හෙලො….”

“මිහානා ඔයා ගෙදර එන්නේ නැතුව මොනවද කරන්නේ…ඉක්මනට ගෙදර එන්න..” අම්මා එහෙම කියලා කෝල් එක කට් කරේ කේන්තියෙන් .

මන් සුසුමක් හෙලලා පෝන් එක සාක්කුවට දා ගත්තේ අහස දිහා බලාගෙන.මන් ඈතින් එන වීල් එකට අත දැම්මේ වැස්ස එන්න ඉස්සරලා ගෙදර යන්න.මන් හිතාගත්තේ මේ ගැන ආදිට ඉක්මනට කියන්න ඕන කියලා.

🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊

“ඔයාට මොකද වෙලා තියෙන්නේ….ජීවිතය ගෙනියන්න කොච්චර අමාරුද කියලා ඔයා දන්නවද…මේ ඉන්න තැනට එන්න මන් කොච්චර මහන්සි වෙලා වැඩ කරාද කියලා ඔයා දන්නවද…” තාත්තා එහෙම ඇහුවේ කෑ ගහලා වගේ.

මන් වෙලා ගිහින් එන හැම සැරේම මගේ තාත්තා කෑ ගහලා කියන්නේ ඔය ටික ඒ නිසාම මට ඒක අහල අහලම පුරුදු වෙලා.

“ඔයා හරිම මෝ/ඩ/යි මිහානා.ඔයා මේ පවුලට අපකීර්තියක් .ඔයා විජේබණ්ඩාර කෙනෙක් වෙන්න සුදුසු නෑ.”මගේ තාත්තා එහෙම කියනවත් එක්කම මට ආපු කේන්තියක් එක්ක මට දැනුනේ මන් වෙව්ලනවා කියලා.

“ඔයා වගේ කිසිම වැඩකට නැති දුවෙක් මට හම්බුනේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බෑ.”

“මම මේ සැරේ මොකක්ද කරේ…”ඒත් එක්කම මන් දැකේ අක්කා හිසින් කියනවා තාත්තා එක්ක වාද කරන්න යන්න එපා කියලා.

“ඔයා දැක්කද ගයානි මෙයා කරපු දේ ගැන මෙයාවත් දන්නේ නෑ..”නලින් එහෙම කිව්වේ ගයානි දිහා බලලා.

“මන් දන්නේ නෑ ඔයා කියන්න.”මන් එහෙම කියනවත් එක්කම මගේ තාත්තා ඇගිල්ල දික් කරලා පෙන්නුවේ මගේ අක්කව.

“ඔයාගේ අක්කා ලබන සතියේ කසාද බදිනවා.අපේ කම්පැනි එක ගොඩගන්න ඕන හින්දා එයා කසාද බදිනවා.ඒත් ඔයා ඔයා මොනවද කරන්නේ…”

අක්කා කසාද බදින කෙනා ගැන වැඩි විස්තරයක් මන් වගේම අක්කත් දැනගෙන හිටියේ නෑ.

“නියමයි නියමයි…”තාත්තගෙ ඒ හඩත් එක්ක ආපහු පියවි ලෝකෙට ආවේ මං තාත්තා දිහා බලාගෙන ඉද්දි.

“මිහානා මන් කියන දේ අහගෙන ඉන්නෙවත් නෑ.ඔයා ඔයාගේ ආදරනීය දුවව දැක්කද…ගයානි ඔයා මෙයා හැසිරෙන විදිහ දැක්කද…”අම්මා මං දිහා බැලුවේ කේන්තියෙන් .අම්මා හිසින් සන් කරේ තාත්තගෙන් සමාව ගන්න කියලා.ඒත් කිසිම වැරැද්දක් නොකර සමාව ගන්න මං කැමති වුනේ නෑ.

“අනික ඔයාගේ අක්කා සරසි කසාද බදින්නේ අපිව බේරගන්න.ඒත් ඔයා ඇවිත් ඉන්නේ අපෙ නම්බුව විනාශ කරන්න.අනික ඔය ඔයාගේ බඩේ ඉන්න ලමයගේ තාත්තා කවුද…”තාත්තා එහෙම කියනවත් එක්කම මගෙ දෑස් විශාල වුනේ පුදුමෙන්.මන් කල්පනා කරේ මේ ගැන තාත්තා දැනගත්තේ කොහොමද කියලා.

🦋මතු සම්බන්ධයි🦋