Ex වයිෆ්
24 වන කොටස
හිතේ තිබ්බ තරහට ගිහාන් හිරූෂා රිදවා රිදවා සතුටු උනා…
හිරූෂා ඉවසන්න බැරිකමට ගිහාන්ව තල්ලු කරලා දැම්මා….
ඒ තල්ලු කරපු පාරට ගිහාන් ඇඳෙන් බිමට වැටුනා ….
හිරූෂා කාමරයේ දොර වහලා එලියට ගිහින්
පුතයි දුවයි නිදාගෙන ඉන්න කාමරයට ගියා …
ඒ කාමරයේ දොර වහගත්තා…
ගිහාන් හිරූෂාට බැන බැන නිදාගත්තා…
හිරූෂා ඉරටත් කලින් උදෙන්ම නැගිටලා කෑම ඉව්වා …
කෑම උයලා කුස්සිය අස් පස් කරද්දි ගිහාන් කුස්සියට ආවා …
හිරූෂා හදලා තිබ්බ තේ එක ගිහාන් සද්ද නැතුවම බිව්වා…..
හිරූෂා කොස්ස පැත්තකින් තියලා තේ එක බොන ගිහාන් දිහා බැලුවා …
උදේ පාන්දර ගිහාන් කොහෙ යන්නද මේ ලෑස්ති වෙන්නේ…
හිරූෂා එහෙම කල්පනා කරා…….
“කොහේ යන්නද මේ ලෑස්ති වෙන්නේ…?”
“මම යනවා..”
“කොහේ යන්නද ?..”
“ඇනෙක්ස් එකට…”
“වෙනදට උදේට යන්නෙ නෑනේ…රෑටනේ යන්නේ..”..
“ඔෆිස් එකේ වැඩ ගොඩක් ගොඩ ගැහිලා ..දැන් ගියොත් රෑ වෙන්න කලින් යන්න පුළුවන් .”
ගිහන් එහෙම කිව්වේ හිරූෂාගේ දෑස් මගහැරලා…..
“හෙට උදේට ගිහින් කරගන්න…”
“කවුරුවත් මට කියලා දෙන්න ඕනෙ නෑ…අනික මේ ගෙදර මනුස්සයෙක්ට ඉන්න පුලුවන්ද ?…අම්මයි දුවයි දෙන්නම එකයි …දෙන්නම එකතුවෙලා මගේ ඔළුව කනවා….”
හිරූෂාට තරහ ගියත් හිරූෂා ආයාසයෙන් ඒ තරහව මැඩ ගත්තා…
“උදේට කාලාම යන්න …”
“එපා…”
“මම ඔයාටත් එක්ක උදේටයි ,දවල්ටයි ඉව්වේ…ඔයා මට වේලාසනින් කිව්ව නම් මම ඔයාට උයන් නෑ..අපරාදේ කෑම විසි කරන්න බෑ…කාලා යන්න..”
ගිහාන් එවර නිරුත්තර වුණා..
හිරූෂා බෙදලා දුන්න බත් එක ගිහාන් නිහඬව කෑවා ..
නින්දෙන් ඇහැරිච්ච පුතා තේ එක බොන්න කුස්සියට ආවා…
ජැන්ඩි පහට ඇඳලා ලෑස්ති වෙලා ඉන්න තාත්තා දිහා පුතා විමසිල්ලෙන් බැලුවා ….
“කොහෙ යන්නද තාත්තා මේ ලෑස්තිවෙලා ඉන්නේ ?..”
“වැඩට යන්න…”
පුතාගේ මූණ අඳුරු වුණා ..
“තාත්තා වෙනදට හවසටනේ යන්නේ ..හවස් වෙලා ම යන්නකො තාත්තේ …”
පුතා කොච්චර ඇවිටිලි කලත් ගිහාන් අදහස වෙනස් කළේ නෑ …
“තාත්තාට ඔෆිස් එකේ වැඩ වගයක් තියෙනවා කරන්න…තාත්තා ඉක්මනටම එන්නම් ..”
ඒ එක්කම චූටි දූ නින්දෙන් ඇහැරිලා අම්මව හොයාගෙන කුස්සිය පැත්තට දුවගෙන ආවා..
කෑම මේසෙ උඩ තිබ්බ තාත්තගේ ෆෝන් එක සැනකින් චූටි දු අතට ගත්තා ….
වතුර වීදුරුව බිබී හිටපු ගිහාන් කලබලයෙන් චූටි දූ ළඟට ගියා ….
ගිහාන් දුවගෙ අතේ තියෙන ෆෝන් එක උදුර ගත්තා.
ඒ උදුරාගත්ත පාරට චූටි දුව බිමට වැටුණා…
ඒක දැකපු හිරූෂා තරහෙන් එතනට ඇවිත් බිම වැටිලා හිටපු චූටි දූව අතට ගත්තා…
“ඕක තමයි මම මේ ගෙදර එන්න අකමැති.ගෙදර තියෙන බඩු ටික කඩනවා මදිවට මගේ අලුත් ෆෝන් එකත් කඩන්න හදන්නේ…මේ ම/ඟු/ල් ගෙදර ආවාම අපිත් පිස්සෝ වෙනවා..මම ආයේ මෙහේ එන්නේ නෑ..”
පිටවෙන්න ඉන්න ගිහාන්ට නොබැන ඉන්න බැරිකමට හිරූෂා චූටිදූව අරන් කාමරයට එක්කන් ගියා….
ගිහාන් කාර් එකේ නැගලා ගියා….
මේ හැමදෙයක්ම දිහා පුතා බලන් හිටියේ බයවෙලා වගේ….
දවසින් දවස ගෙදර සිදුවෙන මේ සිදුවීම් අබීත පුතාගේ හිතට ලොකු බරක්…
අභීත පුතා අම්මා ළගට ගියේ අම්මාගෙන් මේ දේවල් අහලා හිත නිදහස් කරගන්න…
ඒත් අම්මාගේ ඇස් දෙකේ පිරිලා තියෙන කඳුළු දැක්කම පුතා ඒ අදහස මඟ හරවා ගත්තා…
දවසින් දවස උස්මහත් වෙන පුතා දැන් නව යෞවනයේ දොරකඩ ඉන්නේ….
නංගි නිසා අම්මා තනියම දුක් විදින හැටි දකින පුතාට දැන් දැන් තේරෙනවා තාත්තා නිසාත් අම්මා දුක් විඳිනවා කියලා….
අම්මගේ හිතට තවත් දුක හිතෙයි කියලා මේ සේරම තනියම විද දරාගන්න ඕනේ කියලා අභීත පුතා හිතා ගත්තා….
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ගමන් මහන්සිය වැඩි කමට ගිහාන් ගෙදර ආපු ගමන් නිදා ගත්තා ….
හවස ගෙදර ආපු වෙලාවෙ ඉඳන් රෑ වෙනකන් ගිහාන් එක දිගට නිදාගත්තා ….
ගිහාන් නින්දෙන් ඇහැරුනේ එකපාරටම කවුදෝ හිස අතගානවා දැනිලා ….
ගිහාන් දෑස් පියන්පත් විවර කරද්දී දැක්කේ චේතනාව ….
චේතනාව දැක්කම හිතට දැනෙන මේ අමුතු හැඟීම කියලා තවම ගිහාන්ට තෝරා බේරා ගන්න බෑ ….
හරියට හිරිමල් තාරුණ්‍යයේ පසුවන තරුණයෙක්ට තමන් ආදරය කරන තරුණිය දැක්කා වගේ …
හිරූෂා ලග නැති අමුතු දෙයක් චේතනා ළඟ තියෙනවා වගේ ගිහාන්ට දැනෙන්නේ…
තමන්ගේ මුළු ගතම හිතම නලවන සනසන චේතනා හරියට නිකන් ඇබ්බැහියක් වගේ ගිහාන්ට හිතෙනවා ….
“චේති ඔයා ආවාද?”
චේතනා දැක්කම ගිහාන්ගේ නිදිමත කොහේ ගියාද කියලා ගිහාන්වත් දන්නෑ ….
“මාත්තියාට බඩගිනි ඇති මම කෑම ගෙනාවා ..යෙන්න කන්න මාත්තයා …”
“හරි චේති අපි කමු …”
ගිහාන් වැතිරිලා උන්නු ඇඳෙන් නැගිට්ටා …
චේතනා ගිහාන්ගෙ අතේ පැටලිලා ගිහාන් එක්ක සාලෙට ආවා…
ගිහාන් පුටුවෙ වාඩිඋනා…
චේතනා ගෙදරින් ගෙනාපු පාර්සලය දිග ඇරියා …
කෑම එක පිඟානකට දාලා ගිහාන් ට ගෙනත් දුන්නා….
පිඟාන අතට ගත්ත ගිහාන්ගෙ ඇස් දෙක දිලිසුනා …
උණු උණු තෝසෙයි උලුඳු වඩේයි….
චේතනා සාම්බාරු හොද්දයි ,පාට දෙකේ සම්බෝලයි මේසේ උඩින් තිබ්බා …
“කාලද ඉන්නේ ..”
“නෑ මාත්තියා….පෂ්සේ කන්නම්…මාත්තියා කාලා ඉන්න …”
“දැන් නමයටත් ළඟයි..පි/ස්/සු නැතුව කන්න ..”
“යේම හරි නෑනෙ මාත්තයා…”
“ගුටි නොකා කනවා ..”
චේතනා ගිහාන් එක්ක ජෝඩු දාලා කනවා…
චේතනාගේ තෝසේ ලංකාවේ නමගිය සයිවර් කඩවල තෝසේ වලට වඩා රසයි …
සාම්බාරු හොද්දත් දාගෙන ගිහාන් රස කර කර තෝසෙ කන්න ගත්තා…
අවුරුදු දාහතරකට කිට්ටු වෙන්න හිරූෂාගේ කෑම විතරක්ම කාපු ගිහාන් දැන් චේතනාගේ කෑම වලට වහ වැටිලා….
ගිහාන් රසකර කර කෑම කන හැටි චේතනා සතුටින් බලාගෙන හිටියා …
“මාත්තයා කෑම රසයි ද ?..”
චේතනා ඇහුවේ ඇස්වලින් ඉගි බිගි පාලා…
“රසයි ද කියලත් අහනවා…මම කාපු රසම තෝසෙ …උඳු වඩේ එකත් පට්ට රහයි..”
ගිහානුයි චේතනායි කෑම කාල ඉවර වුනා…
ගිහාන් අත් සෝදගෙන කාමරේට යන්න ලෑස්ති වුණා…
“මාත්තියා පොඩ්ඩක් ඉන්න…”
“ඒ මොකද?….”
“පොඩි කෑමක් තියනවා …”
“ඒ මොනවද ?..ඔයා නම් මට කන්න දීලා මහත් කරනවා..”
“ඉන්නකො මාත්තයා….”
චේතනා ගිහාන් ගේ අතේ අතුරුපස කෝප්පයක් තිබ්බා…
“මේ මොනවද?..”
” මේ තමයි මාත්තියා ගුලාබ් ජමුන්…”
“මම මීට කලින් මේවා කාලාම නෑ…”
” ඒනම් අද කාලා බලන්නකො මාත්තියා….”
ගිහාන් පැණි වල දාලා තිබ්බේ ගුලාබ් ජමුන් පුංචි හැන්දක් අරගෙන කන්න ගත්තා…
හරිම රසයි වෙනස්ම රසයක්…..
චේතනාගෙ කෑම වලට ගිහාන්ගෙ රස නහර පිනා යනවා….
“කෝමද මාත්තියා …”
“හරිම රසයි…නියමයි චේතනා…ඔයා නිසා මට ෂුගර් හැදෙනවා…”
“ආඩවනේ මාත්තියාට ෂුගර්ද???ආයේ මාත්තියට කන්න මේ වගේ පෙණි රස කෑම දෙන්නෙ නෑ ….ෂොරි මාත්තයා…..”
“විහිලුවක් කරේ චේති …එහෙම කරන්න එපා …”
“යේකනේ…මාත්තියා මාව බය කරානේ…”
ගිහාන් චේතනා එක්ක කාමරේට ගියා …
“මාතියා …මම මාත්තියා නැතුව ගොඩක් පාලුවෙන් ඉටියෙ …”
චේතනා කිව්වේ ගිහාන්ගේ පපුවට තුරුල් වෙලා …
“බොරු කියන්න එපා ….”
ගිහාන් චේතනාගේ ඇස් වලට එබුනා ..
“යේ ඇස්දෙකපල්ලා ඇත්ත මාතියා …”
චේතනා සිංහල කතා කරන විදිය ගිහාන්ට අහගෙන ඉන්නත් ආසයි ..
ගිහාන් ඉන්නේ හොඳටම චේතනාවට වශී වෙලා ..
” මට දැන් මාතියා නැතුව යින්න බෑ …”
පහු වෙච්ච දවස් දෙක චේතනා ට දැනුණේ කල්පයක් වගේ …
“මටත් එහෙමයි චේති…”
“මාත්තියා යෙපි දෙන්නා පවු නේද ?..යෙපි දෙන්නට දෙන්නා කොච්චර ආදරේ වුණත් යෙපිට යින්න වෙලා තියෙන්නෙ ලෝකෙට හොරෙන් …”
“ඒක නම් එහෙම තමා …අපරාදෙ අපි දෙන්නා මුලින්ම හම්බ වෙන්න තිබ්බේ…”
චේතනා හිරූෂා වගේ නෙමෙයි …
ගිහාන්ට කලින් ආලිංගනය ට මුල පුරන්නේ චේතනා ….
ගිහාන් වගේම චේතනාත් ආවේගශීලීයි…
ජව සම්පන්නයි …
ගිහාන්ට ඒක අලුත්ම අත්දැකීමක් …
ගෙදරින් දවසින් දවස ඈත්වෙන ගිහාන් දවසින් දවස චේතනාට ලංවෙනවා …
ආලිංගන අවසානයේ ගිහාන් චේතනාව තුරුල් කර ගත්තා ..
දෙන්නා ගිමන් නිවනවා….
“දවාලේ ඉඳලා රෑ වෙනකන් නිදා ගත්ත නිසා අද නම් මට රෑට නින්ද යන එකක් නෑ ..”
“ඉන්න මාත්තියා මම මාත්තියාට හොඳ හෙඩ් මසාජ් යෙකක් දෙන්නම්…”
දෙන්නා අල්ලාප සල්ලාපයේ යෙදෙනවා ….
ඒ එක්කම කවුද ගිහාන්ගේ ගෙදර දොරට තට්ටු කරනවා…
“කවුද මාත්තියා මේ රෑ …”
ගිහාන් වගේම චේතනා බීත වෙලා ….
“අනේ මන්දා…”
“අනේ මාතියා මට බයයි …මාත්තියාගේ නෝන ද දන්නෑ …නෝනා මට ගායිද දන්නෑ…”
බය වැඩි කමට චේතනාගේ ඇඟ දාඩියෙන් පිරුණා.
“එයා කොහේ එන්නද ලමයි දෙන්නා දාලා ..චේතනා කාමරේ හැංගිලා ඉන්න..මම කවුද කියලා බලලා එන්නම්…මම ආයේ කතා කරනකම් චේතනා එළියට එන්න එපා … “
“ෂරි මාත්තියා…”
ගිහාන් ශෝටකුයි ටී ෂර්ට් එකකුයි ඇඳ ගත්තා ….
“මාතියා ෂරි වැඩේනේ…”
“ඒ ගමන මොකද ?.. “
“මාතියා මගේ ෂපත්තු දෙක එළියේ නෙ මාත්තියා…අපි මොකක්ද කරනවා මාත්තියා.මට බයයි…”
චේතනා බය වැඩිකමට ගිහාන්ගේ ඇගේ එල්ලිලා…
“මට යන්න දෙන්න.මම ශේප් කරගන්නම්..ඔයා කාමරයෙන් එලියට එන්න එපා.මේ ඇද යට හැන්ගිලා ඉන්න…”
ගිහාන් චේතනාව ඇඳ යට හැන්ගුවා..
ගිහාන් සාලේට ඇවිදන් ගියේ චකිතයකින්…
මේ කවුද?…
අනිවාර්‍යයෙන්ම ලක්ෂිකායි චමිලයි වෙන්න ඇති…
මේ දෙන්නාගේ අතට අහුවුනොත් නම් මම සුනේ සුන්..
දැන් නම් ගිහාන්ගේ හර්ද ස්පන්දනය වේගවත් වෙලා…
හමුවෙමු මීළඟ කොටසින්