07 කොටස

ඉහලට ගත්ත හුස්ම හිරවුනා වගේ දැනුනේ.කොහොම විශ්වාස කරන්නද .මුළු පළාත් කැම්පස් එකක් හොල්ලන් ඉන්න…ඒ දඩබ්බරයා..යන්ත්‍ර සුත්‍ර රාශියකට මැදිව ඉන්නවා දකිද්දි…

විදුරු දොරේ පොඩි සිදුරෙන් මන් ටිකකවෙලාවක් දිර්වන් දිහා බලන් හිටියේ ..

දිර්වන්ගේ එ විදිහට ඉන්නවා දකිද්දි.මගේ හදවත රිදුම් දෙන්න ගත්තේ .ඇයි කියලා මට හිතා ගන්න බෑ..මට දැනුනේ මට තුවාලයක් උන තරම් වේදනාවක්..

ද…දරුවෝ ………….

මේ…මේ..දිර්වන්ට මොනා වෙලද මේ…

මේ ලොකේ සිහියට ආපු ගමන් ලඟ හිටපු දිර්වන් ගෝලයෙක්ගෙන් ඇහුවේ .මට මේ දේවල් ප්‍රශ්නයක් නිසා…

කියනවා මනුස්සයෝ..දිර්වන්ට මෙහෙ උනෙ.මොනා කරන්න ගිහින්ද.තමුසෙටලාට බැරිද ඕයි තමුන්ගේ ලොක්කාව හීරිමක්වත් නොවී බලාගන්න..

ආ……..කියනවා ඉතිං ..

මන් එච්චර අහලත් මූ ගල් ගිල්ලාවගේ ඉද්දී මන් එකාගේ කොලර් එකෙන් අල්ලා

කැගැහුවේ කිව්වේ මොනද කියලා මටවත් මතක නැති වෙද්දි.

” මේ..මේ…මෑඩම් මේ..පොඩි කෙස් එකක් උනා..”

පොඩි කොහෙද මනුස්සයෝ මේක පොඩි කෙස් එකක් වෙනේ…මේ දරුවා මෙහෙම සිහියක් පතක් නැතුව ඉන්න වැටිලා ඉන්නේ පොඩි කෙස් එකක් නිසාද…තමුසෙ හිතන් ඉන්නේ මන් තුන්පනේ කියලද ඕයි..

ශික් තමුසෙලා වගේ එව්වො…

හරි මට දැන් කියනවා ඩොක්ටර්ස්ලා මොනාද කිව්වේ…

මේ..මැඩම් සර්ට බුලට් එකක් ඔලුවට වැදිලා තියෙන්නේ .එ නිසායි බොස්ට සිහිය නැත්තේ.අනික මේ……

මොක්කද ම්….තමුසෙ කියන්න හදලා නැවැත්තුවේ.අ…

මේ..මෙ..මේකයි මැඩම් දැන් සතියක් විතර බොස් ඉදියේ කෝමා එකේ..මේ..මේ…අද ඩොක්ටර් කිව්වා..බොස්ට අද සිහිය ආවේ නැතොත්…..

දෙවියයෙනේ බය නොකර කියන දෙයක් කියනවා අයිසේ……..

මේ..මේ..ඩොක්ටර් කිව්වා.බොස්ට අද දවස ඇතුලත සිහිය ආවේ නැතොත් බොස්ගේ ලයිෆ් එක ශුවර් කරන්න බෑ………

මැ…..මැඩම්………

එ වචන ඇහෙනවත් එක්කම මට දැනුනේ .මගේ වටේම කළුවර වෙනවා විතරයි .

අහ්………..

ඔලුව පුපුරන්න තරම් රිදුම් දෙද්දි මන් හෙමින් හෙමින් ඇස් ඇරියේ .මන් මේ කොහෙද ඉන්නේ කියලා හිතන ගමන්…

හෙමින් ඇස් දෙක අවට පරිසරයට හුරුවුන මන් දැක්කේ මන් ලග ඉදන් මාව බලන ඩොක්ටර් කෙනෙක්….

එත් එක්කම මිට ටික වේලාවකට කලින් උන හැමදේම මට මතක් වෙන්න ගත්තා…

ම්….

දරුවෝ ඔයාට මාව ඇහෙනවද…දැන් කොහොමද ඔයාට .මොනාවා හරි අමාරුකමක් එහෙම දැනෙනවද..

ම..මන් හො…හොදින් මට මොක්කද උනේ..

දි…දි…දිර්වන්ට කො…කොහොමද ..

දිර්වන් ……….

එයාට තාම සිහිය ආවෙනම් නෑ..ඔය දරුවා කොහොමද දිර්වන්ව දන්නේ ..

මේ..මේ..එයා මගේ කැම්පස් එකේ දරුවෙක්..

එයාට එච්චර රික්ස් එකක් තියෙද්දිත් ඇයි එයාව හොස්පිටල් ඇඩ්මිඩ් නොකර මෙහෙම තියන් ඉන්නේ….

දිර්වන්ව රදවලා තිබ්බේ.සම්පූර්ණ ශල්‍යාගාර පහසුකම් වලින් තිබුණ එයාගෙම ගෙදර කාමරේක උන නිසයි මන් ඩොක්ටර්ගෙන් එහෙනම ඇහුවේ …

ඔයා එයා ගැන වැඩිය දන්නේ නෑ දරුවෝ .එකයි ඔයා ඔහොම අහන්නේ…

නෑ..ඩොක්ටර් මන්..දන්නවා..ඒ…එ…එයා සමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන්න…

අනේ එයාට අමාරු නෑනේද …

මට බොරු කියන්න බෑනේ දරුවෝ .එයාට අද දවස ඇතුලත අනිවාර්යයෙන්ම සිහිය එන්න ඔනි..එහෙම නැති උනොත්….

ඩොක්ටර් ප්ලීස් මට දිර්වන් ලගට යන්න දෙනවද අනේ..ඩොක්ටර් ප්ලීස් එපා කියන්නම් එපා….

මන් ඩොක්ටර්ගෙන් අත් දෙක එකතුකරලා වැදලා ඉල්ලුවේ.දිර්වන් නැති දවසක් ගැන මට හීනෙකින්වත් හිතන්න බැරි නිසා…

ඔකේ.වැඩි වෙලා ගන්න එපා..

තැන්කස් තැන්කස් සෝ මච් ඩොක්ටර් …

මන් හොද හුස්මක් අරන් ගැහි ගැහි දිර්වන් ලගට ගියේ දහස්වරක් හිතින් බුදුන් දෙවියන් යදින ගමන්….

රාගව්………

ඔ…ඔයා…කොහොමද ඔහොම ඇස් පියන් සැනසීමේ ඉන්නේ..ම්……කෝ අර වෙනදට ලෙක්චර් හොල් එකට ඇවිත් මන් ලෙක්චර් එක ඉවර වෙනකන් මන් දිහා ඇස් පිල්ලම් නොගහා බලන් ඉන්න කොල්ලා…

ආ…හවසට මන් එක්ක එකම තේක බෙදාගෙන බිලා එකම කෑම එක කාපු ඒ දරුවෝ කෝ…….

ඔයා කොහොමද රාගව් එ හැමදේම අමතක කරලා ඉන්නේ…

මන් දිර්වන්ගේ අත අල්ලන් එක එක දේවල් කියෙව්වත් එයාගේ පොඩි වෙනසක්වත් උනේ නෑ……….

ඔව්..මේ දේ වැරදි…

එත් ………

මට දැනෙන මේ හැගීමට ඉඩදෙන්න මේ හොදම වේලාව.

ඔව් මට දැනුයි තෙරෙන්නේ .රාගව්ගේ ඇස් ගාවදි මට මාව හැමතිස්සේම අමතක වෙනනේ ඇයි කියලා..

එයා මෙහෙම ඉද්දී මට මේ තරම් රිදෙන්නෙ..

ඔව්….මේ එ නිසයි…මේ හෑමදේම….

ඔව්…මන් රාගව්ට ආදරේ කරනවා….

මන් හොද හුස්මක් අරන් රාගව්ගේ දෙතොල් මගේ දෙතොල් පෙති වලින් වසා ගත්තේ එක අතකින් රාගව්ගේ ගෙල වටා යවන ගමන්….

මතුසම්බන්ධයි