01වෙනි_කොටස🦋
මගේ අතේ තියෙන කොලේ දැකපු මගේ මූනට ආවෙහිනාවක්.
“Congratulations මිස් මිහානා ඔයා සති අටක ගැබිනියක්.”
“තෑන්ක්ස් ඩොක්ටර් මන් එහෙම කිව්වේ මූනේ හිනාව එහෙමම රදවගෙන .මගේ ඇස් ආපහු සැරයක් රිපෝට් එක චෙක් කරා.
“මම ප්‍රෙග්නට් මම ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න යනවා.මට වයස අවුරුදු 18ක් වුනත් අම්මා කෙනෙක් වෙන එක ගැන මන් ගොඩක් සතුටු වෙනවා.මොකද ආදිගෙයි මගෙයි දෙන්නගෙම දරුවා මේ.මන් දන්නවා ආදි අනිත් කො/ල්/ලො වගේ ජ/රා කො/ල්/ලෙ/ක් නෙවේ මොකද්සමහර පිරිමි ලමයි තමන්ගේ කෙ/ල්/ල ප්‍රෙග්නට් කියපු ගමන් අතඇරලා දානවා.
මට පසුතැවීමක් දැනෙන්නේ නෑ.මොකද ආදි ඩ්ග්‍රිය ගත්ත ගමන් මාව කසාද බදිනවා කියලා පොරොන්දු වුනා.මේ ආරංචිය ඇහුවට පස්සේ ආදි ගොඩක් සතුටු වෙයි.”මන් කල්පනාවෙන් මිදුනේ ඩොක්ටර්ගේ කටහඩින්.
“මිස් මිහානා මන් දන්නවා මේක මගේ රාජකාරියට සම්බන්ධ දෙයක් නෙවේ කියලා ඒත් මන් කියන්නේ ඔයා මේ දරුවව මන් කිව්වේ කලලේ බඩේ තියාගන්න එපා.”ඩොක්ටර් එහෙම කියනවත් එක්කම මගේ සිනහව මැකිලා ගියේ ඉක්මනින්.
“ඇයි මට මේ කලලේ බඩේ තියාගන්න බැරිද…ඒ ඇයි…”
“මන් ඔයාව චෙක් කරපු විදිහට ඔයාට අම්මා කෙනෙක් වෙන්න තරම් ඔයාගේ ශරීරය සූදානම් නෑ.”මන් නිහඩව බලාගෙන හිටියේ ඩොක්ටර් දිහා.
ඔහු කියන දේ ඔහු දන්නවද…අම්මා කෙනෙක් වෙන්න මගේ ශරීරය සූදානම් නැද්ද…
“අම්මා කෙනෙක් වෙන්න මට මගේ ශරීරය සූදානම් නැත්තම් මන් ප්‍රෙග්නට් වුනේ කොහොමද…”මන් ඩොක්ටර් දිහා බලලා ඇහුවේ කදුලු පිරුනු දෑසින්.
“මේ අහන්න මිස් මිහානා ඔයා මන් කියන දේ ඇහුවොත් හොදයි කියලයි මට හිතෙන්නේ.ඔයාට මේ දරුවා මේ ලෝකෙට ගේන්න බෑ.”ඩොක්ටර් එහෙම කියනවත් එක්කම මිහානා ඉබේටම පුටුවට හේත්තු වෙලා ඩොක්ටර් දිහා බැලුවේ නලල රැලි කරගෙන.
“මන් මේ දරුවා මගේ බඩේම තියාගන්න තීරනය කරොත් මොනවා වෙයිද…”
“එහෙම වුනොත් ඒක ගොඩක් භයානකයි මිස් මිහානා අනික ඔයාට ජීවත් වෙන්න තියෙන චාන්ස් එක අඩුවෙනවා.70ත් 50ත් අතර වගේ “ඩොක්ටර් කියද්දි මිහානගේ හිතේ ඇතිවුනේ බයක්.මන් බෑග් එකත් ඇරගෙන නැගිට්ටේ ඩොක්ටර් කියන වචන කන්දෙකේ දෝංකාර දෙද්දි.
“ඔයා ඔය කියන්නේ මහා විකාරයක්.”මන් කිව්වේ දොර ගාවට ගිහින් ආපහු හැරිලා.මන් දොර අරිද්දිම ආපහු ඇහුනේ…
“ඔයා ඔය දරුවව නැති කරන්න ඕන.ඔයාගේ අම්මයි තාත්තයි මේ ගැන දැනගත්තොත් එයාලට මොනවා හිතෙයිද…”
“මන් මේ ගැන ඉස්සෙල්ලම කියන්නේ මගේ අම්මටයි තාත්තටයි නෙවේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ට.”මන් එහෙම කිව්වේ දොර වේගෙන් තල්ලු කරලා එලියට යන ගමන්.
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
මන් එලියට ඇවිත් අහස දිහා බලද්දි මන් දැක්කේ අහස අදුරු කරලා තියෙනවා.ඒ කියන්නේවහියි කියලයි මට හිතුනේ.ඒක නිසාම මන් වේගෙන් අඩි තිබ්බේ ආදිගේ ගෙදරට යන්න.
මන් හිතින් ප්‍රාර්ථනා කරේ ඉක්මනට වැස්සකට කලින් ආදිගෙගෙදරට යන්න පුලුවන් වෙන්න කියලා.මිනිත්තු කිහිපයකට පස්සේ මන් ලන්වුනේ ආදිගේ ගෙදරට.
මන් ආදිගේ ගෙදරට ගිහින් බෙල් එක ගැහුවේ සිනාමුසු මූනින්.
“ආදිට මන් මේක කියනකම් මට ඉවසිල්ලක් නෑ.ආදි මන් මේක කිව්වට පස්සේ කොහොම හැසිරෙයිද…මන්මටම කියාගනිමින් බෙල් එක ගැහුවත් දොර අරින පාටක් පෙනුනේ නෑ.මටහිතුනේ ආදි ගෙදර නෑ කියලා.
මගේ දෑස් යොමුවුනේ මල් පෝච්චිය දිහාට.මොකද මන් දැනගෙන හිටියා ආදි ඩුප්ලිකේට් යතුරක් මල් පෝච්චිය යට හංගලා යන්නේ කියලා මන් කොච්චර මල්පෝච්චි අස්සෙ බැලුවත් මට යතුර හොයාගන්න බැරිවුනා.
“ආදි කොහෙද ගියේ…”මන් කල්පනා කරේ මල් පෝච්චිය තිබ්බ විදිහටම තියලා එතනින් අයින් වෙන ගමන්.අද මට ක්ලාස් තිබ්බත් මට සිද්ද වුනා ක්ලාස් එක මගහරින්න.මන්පෝන් එක අතට ගත්තේ ආදිට කෝල් එකක් ගන්න
මන්නම්බර් එක ඩයල් කරලා බලාගෙන හිටියේ ආදි පෝන් එක ආන්සර් කරනකම්.ඒත් ආදි පෝන් එක ගන්නේ නැති නිසාම ආපහු පාරක් මන් ට්‍රයි කරත් සිද්ද වුනේ ඉස්සෙල්ල වුන දේමයි.ඒත් එක්කම මට හුරුපුරුදු කටහඩක් පිටිපස්සෙන් ඇහුනා.
“ඒයි මිහානා…”ආදිත් දිනුක එක්ක ඇති කියලා හිතලා මන්හැරුනේමූනේ හිනාවක් රදවගෙන වුනත් මිහානාගේ හිතේ තිබ්බ බලාපොරොත්තුව සුන් වුනා.
“දිනුක…”
“ඔයා මොකද මෙහෙ කරන්නේ…”
“මම ආවේ ආදීව හම්බවෙන්න .ඔයා අද ආදිව දැක්කද…”දිනුක කලිසමේ සාක්කුවට අතදාලා දිග හුස්මක් ගත්තා.
“ආදි කොහෙද…”මන්එහෙම අහනවත් එක්කම දිනුක කියපු දේ නිසා මට ඇතිවුනේ පුදුමයක් .
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
🦋මතු සම්බන්ධයි🦋