30 කොටස
~ වර්තමානය~
” නේශ්……”
” ආ..නොනාට දැන්ද මහත්තයා මතක් උනේ.කොප්ප හෝදලා ඉවරද….”
” අනේ…නෙශ් ……… අම්මා ගොඩදවසකින්නේ හම්බ උනේ..ඒකයි…..”
ඈ..සෙමෙන් සෙමෙන් පා තබමින් ඔහුගේ උකුල මත හිදගන්ගෙන දෙඅත් ගෙලහි පටලාගෙන ඔහුගේ ලයට හිස තබාගන්න විය.
” අනේ..අකියා ..කොහොමද බන්..ඔය තාර පැටික්කි තියන් ඉන්නේ…මේ ලොකු..මු..පව් .ඕයි..ඕකාගේ කකුල් දෙක ඉතිරු කරහන්…”
” මේ..අභියා …උ/බ අපිට ඉරිසියා නොකර ගිහින් හොයා ගන්නවකො..කෙනෙකව උකුලේ තියාගන්න..”
” ශික් උ/බ වගේ පාපමිත්‍රයෙක් අකියා …
මන් උ/ බේ පැත්තට කතා කරහම මටම කෙලවනවා..නේ..හරි පුතේ ඔහොම යන්කො..පුතේ …”
” හී…හි…ඇද්ද පොඩි අහගත්තා …”
” අම්මපා මට මේ වේලාවට තමයි හිතෙන්නේ ..මන් යනවා යන්න..උ/ බ ලා ඕන බිබික්කමක් කරගන්නවලා ..”
” අනේ මන්දා….මැනික ඔයත්…පොඩි ලමයෙක් වගේනේ ආරු එක්ක එල්ලෙන යන්නේ..හෙට අනිද්දට අම්මා කෙනෙක් නේ..ඔය සිඟිති වැඩ වලින් අයි වෙන්ලා..පොඩ්ඩක් වැඩිහිටියෙක් වගේ වැඩ කරන්න….”
” අනේ ..ප…ණ… “
” අනේ ….පනේ..නෙවෙයි …පොඩ්ඩක් වගකීමක් ඇතුව දැන් වැඩ කරන්න….හොදද මැනික ..ඔයා දැන් පරිස්සම් වෙන්න ඔනි නිසා මන් මේ කියන්නේ .හොදද …මන් හැමදාම ආදරේ ඒ දඟමල්ලට තමයි එත් දැන් අපේ පැටියා මේ බණ්ඩියේනේ..එ නිසා දඟ වැඩ එපා..ම්….හොදද ….”
ඇගේ මුව සිය දෝතට මැදි කරවා ගනිමින් වරින් වර ඇයගේ හිස සිපගනිමින් ඔහු වදන් කරන්නට විය…
” අපි රූම් එකට යන්…මැනික ..පිණි බානවනේ හීතල අල්ලයිනේ .”
ඈ..හිස වනමින් ඔහුගේ ලයට තව තවත් තුරුලු විය.
ඇය සිය දෝතට මැදි කරවා ගෙන ඔහු යහන වෙත පා තබා .ඈය සෙමෙන් යහනෙහි සතපවන්නට විය….
” අද ගොඩාක් ඇවිද්දානේද මැනික …මේ කකුල් හුගාක් ඉදිමිලා…ඉන්න මන් උණුවතුර එකක් අරන් එන්නම්….”
උණුවතුර බදුනනෙන් තුවාලය තෙමා සෙමෙන් ඇගේ පා තවන්න වුයේ…වරින් වර ඇයගේ කකුල් මත සිපුන් තබමිනි…
බාම් ස්වල්පයක් ආලේප කර පා අඩ හෝරාවක් පමණ සම්භාහනය කරන්න වුයේ…
කදුලින් බරවු දෑස් පියන් වසා ගෙන සිටි ඇය නොදැනිම නිදි දෙව්දුව වැලදගනිද්දිය…
වතුර බදුන හා තුවාල ඉවත් කර ..කාමරයේ විදුලි බුබුලද නිවා දමා ..ඇගේ අනෙක් පසින් ඔහු යහනෙහි දිගා වුයේ ඇගේ කුස නිරාවරණය කරගනිමින් ය..
ඇගේ කුස දෑතින් පිරිමදිමින් ..කුස පුරා හාදු තවරමින් ඔහු සිය බිළිදා සමග දොඩමඩුලු විය..
” අප්පච්චිගේ චණ්ඩියා…දොයිද…අම්මී බබානම්..දොයි….කො…මගේ..චණ්ඩියා …”
ඔහුගේ හඩ සවන් වැකෙත්ම බිළිදා කුසෙහි දගලන්න වුයේ…ඇගේ කුස සෙවෙන්නය…
” මගේ චණ්ඩියා අද අප්ප්ච්චිගේ අම්මි දැක්කද…ම්…පුතුගේ ආච්චු සාදු කෙනෙක් වෙලානේ…..
අප්ප්ච්චිට චුටි කාලේ ඉදන කවුරුත් හිටියේ නෑ ..මගේ පුතුනම් හුගාක් වසනාවන්තයි…පුතු….මගේ පුතුට රත්තරන් අම්මියක් ඉන්නවානේ …මගේ පුතුට අප්පච්චිට වගේ නොවී බණ්ඩිය පිලෙනකන් අම්මා කුක්කු..බොන්න පුලුවන් …”
ඈ ඉදිරියේ ආයාසයෙන් සගවාගෙන සිටි…සිය වේදනාවන් ඔහු තම බිළිඳුන් සමග පවසමින් හඩන්න වුයේ …තමාගේ කදුළු ඇයට වේදනාවක් ගෙනෙන නිසාවෙනි …
අඩ හෝරාවක් පමණ සිය නුපාන් බිළිදා සමග කතා කල ඔහු..ඇයව සිය පපුතුරට තුරුල් කරන් දෑස් පියාගන්න විය….
පුදුම නිදහසක් නේද දැනෙන්නේ නෙශ්…”
” හුම්…කියාගන්න බැරිතරම් සැහැල්ලුවක් දැනෙනවා මැනික …
කෝ එන්න අපි බෝධිය ගාවට යන් හාමුදුරුවෝ වැඩම කරලා ඇත්තේ….බෝධි පුජාව ඉවර වෙලා..මන් සිමාමලකේට එක්ක යන්නම්…”
මාස හයක් වු පිරුණු කුස මතින් එක් අතක් තබාගෙන අනෙක් අතින් ඔහුගේ බාහුවක් වෙලි ඈ සෙමෙන් සෙමෙන් වැලි මාලුවේ පා තබන්න වුයේ…ගංගාරම විහාරස්ථානයේ සවස බෝධි පුජාවට සහභාගි වීමටය….
“දන්නව නේශ් මගේ ජිවිතෙ මන් අහන්න ආසම වචනේ ඉස් ඉස්ලාම ඇහුවේ මෙතනදි ඔයාට මතකද…ම්….”
ඔහුගේ තුරුලට වී බේරේ වැව දෙසට නෙත් පා කරමින්..සිටි ඈ… දෙදෙනා අතර වු නිහඬබව බිදිමින් සෙමෙන් අකුර කරන්න වුයේ…කුස මත ඇති ඔහුගේ දෑත් මත ඇගේ දෑත් තබාගනිමින ය.
” මට කොහොමද මැනික ඒ දවස අමතක වෙන්නේ …හැබැයි එදානම් මන් ඇත්තටම හුගාක් බය උනා..මැනික …”
” අනේ ඒ..ඇයි .නේශ්…”
ඔහුගේ දෙඅත් ඉවත් කර ඈ වේගයෙන් ඔහු දෙසට හැරුනේ තමා පසුවන තත්ත්වයද අමතක කරමින් ය..
” මැනික ..හෙමින් …ඔයා අම්මා කෙනෙක් ඔහොම කලබල වෙන්න හොද නෑ…”
වේගයෙන් හැරුනු නිසාවෙන් සමබරතාව ගිලිහි ඇදවැටෙන්නට ගිය ඈ ඔහු සිය ලයට වාරුකරගනිමින් තුරුලු කරගන්නට විය..
” අනේ..නෙශ් කියන්නකො…පණ.ඇයි ඔයා එදා බය උනේ කියලා..අනේ..කියන්න…”
” ම..මට දරාගන්න බැරිතරම් දුකක් දැනුනේ මැනික ඔයා එද මාව රිජෙක්ට් කරද්දි …දන්න දවසේ ඉදන් ගෑනු අයට වෛර කරපු…
කිසිම ගෑනු ළමයෙක් ලඟ නැවතුනේ නැති මගේ හිත නිවුණ නැවතුන එකම කෙනා ඔයා වෙද්දි…..ඔයාව නැතිවෙයි කියලා බය හිතුනා..එදා ඒ දැනිච්ච හැගීම මට …හම්මෝ…හිතද්දිත් මට මොකද වෙනවා මැනික ….”
” අනේ ..නෙශ් ………”
ඈය මහ හඩින් හඩා වැටෙමින් ඔහුගේ පය පාමුල ඇද වැටෙන්න වුයේ ඔහුව සිගස්සවමින් ය…
” මැනික …මොනාද මේ කරන්නේ….පිස්සු වැඩ කරන්න එපා……”
ඔහු ඇ වෙත නැඹුරු වී ඇ සිය දෝතට ගෙන වාහනය වෙන පා තබන්න විය…
මතුසම්බන්ධයි