Ex වයිෆ්

23 වන කොටස

මෙතන මොකක් හරි තියෙනවා…

ගිහාන් වෙනදාට ෆෝන් එක මෙහෙම කොට්ටේ යටින් තියාගෙන නිදාගන්නේ නෑ…

මම කලින් ෆෝන් එක බලන්න ඉල්ලුවමත් ගිහාන් ඒක දුන්නේ නැහැ…..

එහෙම හිතපු හිරූෂා මොබයිල් එක කොට්ටේ යටින් හිමිහිට ගත්තා….

හිරූෂා ෆොන් එක අතට අරන් බලන්න ගත්තා…

ඒත් හිරූෂාට මුකුත් කරගන්න බැරි වුණා…

ගිහාන් ෆෝන් එකට පාස්වර්ඩ් එකක් දාලා ….

හිරූෂා අනුමානයෙන් එක එක පාස්වඩ් දදා බැලුවා …

පුතාගේ නම දාලා බැලුවා…

දුවගේ නම දාලා බැලුවා …

ගිහාන්ගේ නම දාලා බැලුවා …

ඒත් වැඩක් වුණේ නෑ …

හිරූෂා ෆෝන් එක තිබ්බ විදිහට කොට්ටේ යටින් තිබ්බා …

හිරූෂා නිදි නැතුව කල්පනා කළේ ගිහාන්ගේ මේ වෙනස ගැන ..

ගිහාන් කලින් ෆෝන් එක ඉල්ලුවම ඒක දුන්නේ නෑ ….

ඒ වගේම කවදාවත් නැතුව ෆෝන් එකට password එකක් දාලා ..

ගිහාන් මොනවාද මගෙන් හංගන්න හදන්නේ…

හිරූෂා එහෙම හිත හිත කල්පනා කරා ..

හිරූෂා මීට කලින් කවදාවත් ගිහාන්ව සැක කරල නෑ …

හිතට දැනිච්ච සැකය නිසා හිරූෂාගේ ඇස් පිය වුණේ නෑ …

මුළු වටපිටාවම අන්ධකාරයෙන් වැසිලා ගියත් හිරූෂාට නින්ද ගියේ නැ….

හිතට දැනෙන නොසන්සුන්කම නිසා හිරූෂා ඇඳේ ඒ පැත්තට මේ පැත්තට හැරි හැරි හිටියා…….

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

හිරූෂා ගිහාන් එක කතා කරන්න හිටියත් ,තවම ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ…

දරුවන්ගේ වැඩ ගෙදර වැඩ එක්ක හිරූෂා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ….

ඒත් හිරූෂා වෙනදට වඩා ගිහාන් ගැන අවධානයෙන් හිටියා …

ගිහාන්ට චේතනා ගැන නිරන්තරයෙන් සිහිපත් වුණා…

ඒත් හිරූෂාගේ සැකයට ලක්වෙයි කියලා තියෙන බයට ගිහාන් චේතනා එක්ක කෝල් කරන එක මැසේජ් කරන එක නතර කරා…

ගිහාන් චේතනාව සන්සුන් කරන්න පොඩි මැසේජ් එකක් යැව්වා ….

ඊට පස්සේ ෆෝන් එකේ තියන මැසේජ් කෝල් සේරම ඩිලීට් කරා …

දැන් සේරම හරි…..

දැන් ගිහාන් සුද්දවන්තයෙක්…..

දැන් ගිහාන්ගෙ හොර අල්ලන්න කාටවත් බෑ ….

පුතා සැරින් සැරේ ගිහින් වටේ දැවටෙන නිසා ගිහාන් පුතාගේ වදෙන් බේරෙන්න බැරි කමට පුතා එක්ක සෙල්ලම් කරා …

ඒත් චූටි දුවව නම් ළඟටවත් ගත්තෙ නෑ….

පැත්තකට වෙලා අයියයි තාත්තයි සෙල්ලම් කරන දිහා බලන් හිටියා…

අයියා නංගිට සෙල්ලම් කරන්න කතාකරත් නංගි නම් සෙල්ලම් කරන්න ආවෙ නෑ…

ඒත් ගිහාන් චූටි දුව ළඟට වත් ගත්තෙ නැති නිසා හිරූෂා ඒ ගැන හිටියේ දුකින්….

“ගිහාන් ඔයාලා සෙල්ලම් කරද්දි ඔය දරුවා වත් ගන්න …”

හිරූෂා එහෙම කිව්වේ බැරිම තැන ….

“එයා සෙල්ලම් කරන්නෙ නැත්නම් අපි මොනා කරන්නද..?..”

“සෙල්ලම් කරන්නේ නෑ කියලා බෑ ඔයාලා බලෙන්හරි සෙල්ලම් කරන්න ගන්න …”

“පුතා ගෙන් අහන්න…පුතා නංගි සෙල්ලම් කරන්න ආවේ නෑ නේද?..”

“ඔව් අම්මෙ මං කීපාරක් කතා කරාද ?නංගි ආවේ නෑ ..”

හිරූෂා පැත්තකට වෙලා හිටපු චූටි දුව වඩා ගත්තා …

වඩාගෙන ගිහින් ගිහාන්ට දුන්නා…

“අනේ මට නම් බෑ ඔය ළමයව ගන්න…මගේ සාක්කුවේ තියෙන අලුත් phone එකත් කඩයි ..”

ගිහාන් චූටි දූව වඩාගන්න එක ප්‍රතික්ෂේප කරා…

“ඇයි ගිහාන් ඔහොම කරන්නේ..මොන දේ උනත් මේ අපේ දරුවා…එයාටත් ආදරයෙන් සලකන්න..ඔයා හැසිරෙන්නේ හරියට ඒ දරුවාගේ තාත්‍තා ඔයා නෙමෙයි වගේ…”

“ඔය දරුවා අපේ ජීවීත විනාශ කරන්න ආපු ළමයෙක්…ක/රු/මෙ/ට හැදිච්ච ළමයෙක්…”

ගිහාන් එහෙම කිව්වේ චූටි දූගේයි පුතාගෙයි ඉස්සරහමයි…

හිරූෂාට හොඳටම තරහා ගියා…..

තරහා වැඩිකමට හිරූෂා වෙව්ලනවා…..

“පුතා නංගි එක්ක ගිහින් වැලේ තියෙන ඇඳුම් ටික ගන්න.දැන් හොඳටම හවස් වෙලා ..”

චූටිපුතා නංගිව අඬ ගහගෙන වැල පැත්තට එක්කන් ගියා..

“ගිහාන් ඔයා කොහොමද ඔයාගේ දරුවාට ඔහොම කතා කරන්නේ.ඔයාට ඔය වගේ දරුවෙක් ලැබුණේ ඔයාගේ ක/රු/මෙ/ට නෙමෙයි. දරුවාට ඔයා වගේ තාත්තා කෙනෙක් හම්බවුනේ දරුවාගේ ක/රු/මෙ/ට.හරිහමන් තාත්තා කෙනෙක් හිටියානම් මෙලහකට මේ ළමයා හැදිලා…මේ දරුවට ඉන්නේ අම්මා විතරයිනේ..තාත්‍තා කෙනෙක් නෑනේ..”..

හිරූෂා කිව්වේ ගිහාන්ගේ වැදෙන්න ඕනේ තැනට වැදෙන්න…

ගිහාන්ගේ මූණ අඳුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ…

ගිහාන් තරහෙන් පුප්පන්න ගත්තා…..

“නැහිලා නැහිලා ගෙදර ආවම සැනසීමෙන් ඉන්න නෑ …ඔලුව කනවා .ත/මු/සෙ/ලා ගැහැණු ද ඕ/යි ?මම ගෙදර ආවේ අර දරුවා නිසා ..ඒ දරුවාට මාව නැතිව බැරි නිසා ..මම එන්නෙ නැතුව ඉන්න හැදුවේ …අර අහිංසක දරුවා කොයි වෙලාවේත් තාත්තා අහන නිසයි ආවේ…මේ ගෙදරට ආවම කිසිම සහනයක් නෑ …”

ගිහාන් එහෙම කිව්වම හිරූෂාගේ තරහ තවත් වැඩි වුණා….

ගිහාන් කතා කරන්නේ හිතන්නේ පුතා ගැන විතරයි …

දුව එයාගේ නෙමෙයිද ?…

මේ වගේ තාත්තා කෙනෙක් මම දැක්කමයි…

හිරූෂා තරහ වැඩිකමට වෙව්ලනවා …

“ගිහාන් ත/මු/සෙ පුදුම මනුස්සයෙක් නේ…හොඳ ළමයා විතරක් ලොකු කරගෙන ආදරේ කරනවා..අසරණ ළමයව කොන් කරනවා …තමුන්ගේ තාත්තා මෙහෙම කරනවා නම් සමාජය මිනිස්සු කොහොම කරයිද ?….කමක් නෑ ඔය කොයි කවුරු නැති වුණත්,කවුරු වෙනස්කම් කලත් , ඒ දරුවාට මම ඉන්නවා…මගේ ඇස් දෙක පියවෙනකම් මම ඒ දරුවා තනි කරන්නේ නෑ….”

“මම නං ආයෙ මේ රෙ/ද්/දේ ගෙදර එන්නේ නෑ ….මහා මූ/ස/ල ගෙයක් …මේ ගෙදර කිසිම සැනසීමක් නෑ …”

ගිහාන් කාමරේට ගිහින් කාර් එකේ යතුර ගත්තා ..
අරගෙන කාර් එකට නැග්ගා ….

මෙච්චර වෙලා නංගිත් එක්ක හිටපු පුතා නංගිවත් දාලා දුවගෙන තාත්ත ළඟට ආවා …

තාත්තා මේ කොහෙද යන්න හදන්නේ…

අම්මයි තාත්තයි රණ්ඩු වෙලා වගේ …

තාත්තා ආයෙමත් ගෙදර එන්නෙ නැතුව ඉදිද ?…

අභීත පුතා එහෙම කල්පනා කර කර කාර් එකේ ඉන්න තාත්ත ළඟට දිව්වා ….

“කොහෙද යන්නෙ තාත්තේ…”

“මේ ගෙදර ඉන්න බෑ පුතේ ….පාරට ගිහින් එන්නම් …’

ගිහාන් කාර් එකත් අරන් ඉඟිලිලා ගියා …

චූටි පුතා ඇස්වල කඳුළු පුරෝගෙන තාත්තා යන දිහා බලාගෙන ඉන්නවා ..

හිරූෂා ගිහාන් යන හැටි බලාගෙන හිටියේ තරහෙන්.

මේ වගේ තාත්තා කෙනෙක් පොල් පිත්තෙන් වුණත් කපන්න පුළුවන්..

යද්දි අර කියලා ගියේ දරුවෙක්ට කියන්න ඕන දෙයක් ද?…

මේ මනුස්සය නං මහ පුදුම මනුස්සයෙක් ….

පුංචි ලමයින්ගෙ හිතට විෂබීජ දානවා…

අද ඉතින් කටගොන්නක් බීගෙන එයි …

පිරිමින් පුංචි ප්‍රශ්නයක් වුණත් විසදාගන්නෙ කටගොන්නක් බීලා..

ගෑනු අපිට එහෙමද?…

අපේ හිතේ තියෙන දුක නැති කරගන්න තියෙන එකම විසඳුම කදුළු සලන එක විතරයි….

ඒත් දරුවන්ගේ ඉස්සරහා ඒ කඳුලුත් හිරකරගෙන ඉන්න වෙලා….

හිරූෂා එහෙම හිතලා දරුවන් දෙන්නාගේ දිහා බැලුවා ….

චූටි දුව තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා ….

පුතා අඬන්න ඔන්න මෙන්න වගේ ඉන්නවා….

හිරූෂා චූටි දෝණිව අතට ගත්තා..

පුතාගේ හිස හෙමිහිට පිරිමැද්දා….

“අම්මේ තාත්තා ආයේ ගෙදර එන්නැතුව ඉඳියිද?..”

පුතාගේ කටහඬ හැඩුම් බර වෙලා…

“නෑ මගේ පුතේ තාත්ත යාලුවොත් හම්බ වෙන්න ගියා …පුතා බය වෙන්නැතුව ඉන්න…”

“ඔය ඇත්තම ද අම්මේ ?”

අභීත පුතාගේ හිතේ තිබ්බ බය අතුරුදහන් වුනා…

“තාත්තා කොහේ කියලා යන්නද ?. පුතා බය බය වෙන්න එපා ..”

“දැන් හොඳටම රෑ වෙලා…අපි wash දාල නිදාගන්න යමු …”

හිරූෂා පුතාවයි චූටි දුවවයි ගේ ඇතුලට එක්කං ගියා …

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

දුවයි පුතයි නිදාගෙන ගොඩක් වෙලා ….

දැන් හොඳටම රෑ වෙලා …

ඒත් තවම ගිහාන් ගෙදර ආවේ නෑ …

හිරූෂා ගිහාන්ගේ ෆෝන් එකට කෝල් කලත් ගිහාන් කෝල් ආන්සර් කරන්නෑ …..

මහා ගල් හිතක් තියෙන මනුස්සයෙක් …

එයාට ඔච්චර නටන්න දෙයක් මෙතැන සිද්ධ වුණේ නෑ…

ගිහාන් කොහොමත් නපුරු ආත්මාර්ථකාමී කෙනෙක්…

තනියම ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ ගිහාන්ගේ නපුරුකම තවත් වැඩි වුණා…

හිරූෂා කම්මැලිකමට ටීවී එක දැම්මත් ඇස් දෙක ටීවී එකේ තිබ්බත් හිරූෂා හිටියේ එහෙම කල්පනා කර කර ….

උදේ ඉඳන් රෑ වෙනකම් ගෙදර වැඩත් එක්ක ඔට්ටු වෙලා හිටපු හිරූෂා හිටියේ හොඳටම හෙම්බත් වෙලා …….

දවස් තුන්සිය හැට පහේම …..
පැය විසි හතරෙම …..
මැශිමක් වගේ වැඩ කරන
හිරූෂාට මහන්සි නොදැනී තියේවිද?…

හිරූෂාට මහන්සි වැඩිකමට නොදැනීම නින්ද ගියා……..

ටික වේලාවක් ගියාම ගිහාන් දොරට තට්ටු කරන්න ගත්තා…

තද නින්දෙන් හිටපු හිරූෂාට ඒක ඇහුණේ නෑ…..

ගිහාන් වෙරිමරගාතේ වැනි වැනී දොරට ආයේමත් තට්ටු කරනවා..

“දොර ඇ/ර/ප/න් ….මම කීයේ ඉඳන්ද කතා කරන්නේ…..”

ගිහාන් අඩිය පොළවේ ගහ ගහා කෑ ගහනවා…

ඒ කෑගැහිල්ලට හිරූෂා ගැස්සිල්ලා ඇහැරුණා….

හිරූෂා ඉක්මනට අඩනින්දෙන්ම දොර ඇරියා…

ගිහාන්ගේ දෑස් හොඳටම රතුවෙලා…

කෙලින් හිටගෙන ඉන්නවත් අමාරු තරමට ගිහාන් වෙරි වෙලා…

ගිහාන් හිරූෂා ඇඳගෙන කාමරේ ඇතුළට එක්කන් ගියා….

මදු සාජ්ජ ඉවරවෙලා ගෙදර ආපු ගිහාන් කටගැස්මට අල්ලාගත්තේ අහිංසක හිරූෂාව….

ගිහාන් බීමතින් ඉන්න කොට හරිම ප්‍රචණ්ඩකාරී යි…

හිතේ තිබ්බ තරහට ගිහාන් හිරූෂා රිදවා රිදවා සතුටු උනා…

හිරූෂා ඉවසන්න බැරිකමට ගිහාන්ව තල්ලු කරලා දැම්මා….

ඒ තල්ලු කරපු පාරට ………

හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔💔💔

අහක බලන් යන්නේ නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න