06 කොටස

ම්…………

දැන්වත් තේරුනාද .පැයක් විතර තේරෙන්නේ නෑ කියපු ගණිතය කොටස කියලා දුන්නේ මෙ ටික නොදැන අනිත් එවා කරගනන් බැරි නිසා….

මේකේ එච්චර දෙයක් නැ දරුවෝ .පොඩි සුළු කිරීම් ටිකක් තියෙන්නේ එක ටික අල්ල ගත්තානම් .අනිත් එවා මහලොකු දෙවල් නෙවෙයි .

මන් කොච්චර කියෙව්වත් මේ කොල්ලා නෙවෙයි හුම්..වත් කියන්නේ..මේකට නින්ද ගිහින්දවත් කියලා මන් පොතෙන් ඔලුව උස්සද්දි දැක්කේ ……

ඇස් දෙකේ කදුලු පුරුවන් ඇහිපිල්ලමක්වත් නොගහා මන් දිහා බලන් ඉන්න.ඒ දඩබ්බරයා..

දරුවෝ …..

මන් කිහිප සැරයක් කතා කරලත් කිසිම සද්දයක් නැති නිසා.මන් ඔලුව අතගන ගමන් කතා කරේ.එ කදුලු පිරිච්ච ඇස් මට මාවත් අමතක කරනවා දැනුනු නිසා…

දරුවෝ ……

අහ්……..මි…මිස්……

වෙනම ලොකේක ඉදන් ආවා වගේ.මගේ අතේ ස්පර්ශෙත් එක්ක දරුවා කලබලෙන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ පොතුත් පෙරලන් …

මොක්කද දරුවෝ මේ….

මන් කියපු දේවල් අහන් නෙවෙයිද හිටියේ .

මේ….මේ……….

හරි ඉසෙල්ලාම හොද හුස්මක් අරන් ඉන්නකෝ..ම්…

දැන් ඇස් දෙක පොඩ්ඩක් පියා ගෙන හිත සැහැල්ලු කරගනන්න…

එ ඇස් වලට උණපු කදුලු වලට හේතුව දැනගන්න ඕනි උනත් .එ දේ අහලා අසරණකරන්න හිත දුන්නෙ නැති නිසා..

මන් එ විදිහට දිර්වන්ට ටික වේලාවක් ඉන්න දිලා කුස්සියට අවේ .බොන්න දෙයක්වත් හදන්න හිතන්….

ම්……

එන්න අපි මොනා හරි කාල ඉතුරු ටික

කරමු..ලොකු දෙයක් නම් නෑ..ඉතිං හොදද.

කොත්තු මී එකත් එක්ක තේකක් අරන් සාලේට ආවේ මේ දරුවත් මන් වගේම බඩගින්නේ ඇත්තේ කියලා දැනුනු නිසා…

හම්මෝ…පට්ට බඩගින්නේ හිටියේ .පින් ඈ ……

මන් දෙනෙත් කලින් මන් අතේ තිබ්බ් කොත්තු මී එක උදුරන් ගිලින්න ගත්තේ හත් අවුරුද්දකින් බඩගින්නේ හිටියා වගේ.

දරුවෝ ඕක හෙමින් කන්න .කවුරුත් ඕක උස්සන් යන්නේ නෑ…

කට පිච්චි කන විදිහ දැක්කහම මට දුකත් හිතුනා..

ඔය ඇද්ද තව දෙන්නද…

මන් තාම මගේ පිගානෙන් කටක්වත් කාල නැති නිසා මන් ඇහුවේ .ඇත්තටම කොල්ලා බඩගින්නේ කියලා දැනුන නිසා..

ම්….මිස් කාල ඉතුරු ටික දෙන්නකෝ මට..

අනේ..දරුවෝ මට ඕනි නෑ..ඔය කන්නකෝ..

අනේ එහෙම හරි නැනේ.මිස් ටිකක් කාල දෙන්න..

මේ කොල්ලාගෙන් බේරෙනම බැරි පාර මන් කටක් දෙකක් කාල දුන්නා.

මේකා මන් කාපු හැන්දෙන්ම කන්න ගත්තේ මගේ කට බාගෙට ඇරෙද්ද්දී…

අයියෝ දරුවෝ ඔය මන් කාපු හැන්ද..ඔක අයින් කරලා ඔයා කාපු හැන්දෙන් කන්න..

ඇයි හැන්දේ තමුසෙගේ කට ඇලිලාද..

ඇහ්……….

යකෝ මු………..මගේ කෑම කන ගමන් මටම පාට් දානවා…

වෙනදා වගේම සුපුරුදු ලෙස දේශන ශාලවට ඇතුල් උනත් කියා ගන්න බැරි අමුතු පාලුවක් දැනෙද්දි.

මන් ඇස් මුළු දේශන ශාලව පුරා අරන් ගියේ.එ රුව අපේක්ෂාවෙන් .

එත් හැමදාකමත් මගේ ඇස් බලාපොරොත්තු වුණු එ රුව ශාලවේ නැති වෙද්දි හදවතට දැනුනේ කියාගන්න බැරි හරි අමුතු හැගීමක්.

හැමදේම මොහොතකට අමතක කරලා මන් දේශනය පටන් ගත්තේ මගේ වගකීමට මුල් තැන දෙන ගමන්….

මෙච්චර දවසක් මගෙන් ගෙදරට ඇවිත් ඉගෙන ගත්ත මනුස්සයාගේ නම්බර් එකවත් මන් ලග නෑනේ..මන් හිතින් මටම දෙහිකපන ගමන් හවස බෝඩිමට ආවේ.අඩුම බෝඩිමටවත් ඇවිත් ඉදී කියන ලාමක හිතුවිල්ලක් හිතේ කොනක ලැගුම් ගෙන තිබ්බ නිසා..

එත්…

වෙනදා වගේ බෝඩිමට ඉස්සරා ඩිෆෙන්ඩර් එකේ බොනඩ් එක උඩට වෙලා මන් එනකන් ඉන්න එ රුව නැති වෙද්දී .ඇස් අගය කදුලක් මොදු උනේ මටත් නොදැනීමයි….

මගේ හිත කවදාවත් නැතුව අද පුදුම කලබලයි.ඇයි මට දැනෙන්නේ..ඔයා හොදින් නෙවෙයි කියලා දරුවෝ ..අනික..ඔයා..ඔයා ගැන ඇයි මන් මේ තරම් වද වෙන්නේ…ඔයා මගේ කවුද…

ඔයත් මගේ අනික ළමයි වගේම මගේන් ඉගෙන ගන්න දරුවෙක් ඇයි මට ඔයා ගැන විතරක් මෙහෙම දැනෙන්නේ…..

රෑ ඇහැපියවුනේ කොයි මොහොතෙද කියලා මටවත් මතකයක් නෑ….

වෙනදාටත් වඩා උදෙන් කැම්පස් එකට ගියේ දිර්වන් මුණගැහිලා කතා කරන්න හිතන් උනත් .දින එක දෙක ගෙවිලා සතියක් ඉක්ම යන්න උනේ. දිර්වනගේ ජ්‍යාවක්වත් ඇස් නොගැටෙද්ද්දී….

ඕනි දෙයක් වෙන්න කියලා මන් ත්‍රී විල් එකක් නැග්ගේ මේ දරුවා හොයාගෙන හරි යනවා කියලා හිතන ගමන්.

” මිස් කොහෙටද යන්න ඕනි….”

” ම් මේ හැටේවත්තට …..”

” මිස්………..”

” ඇයි අන්කල්….”

” මිස් මෙහාට අලුත් කෙනෙක් වෙන්න ඕනි .මොකද පණට ආදරේ තියන කෙනෙක් එ පැත්තෙ පස් පාගන්නවත් හිතන්නේ නෑ .”

” මට කෙනෙක් හම්බවෙන්න ඕනි අන්කල් එකයි යන්නේ…”

“ම්…කාවද නොනේට හම්බවෙන්න ඕනි.කවුද කියලා කිව්වොත් මට ලේසි නෝනේව ගිහින් දාන්න…”

” ම්..මාමා එයාව දන්නෙ නැ..මාව වත්ත ගාවින් බස්සන්නකෝ…”

හිතුවක්කාර කමට ආවද මොකද.මන් කොහෙන් කියලා මේකව හොයන්නද…

ආ….මිස්……..බැරැක් වගේ…

කා..වද මේ පණදාගෙන හොයන්නේ.

ම්…..මිස්ට වෙන උවමනාවක් නම් තින්නේ..අපිටත් පුලුවන් සලකලා බලන්න…

සරමක් කැහැපොට ගහන් රැවුල කොණ්ඩේ වවාගත්ත හයේ හතරේ පොරක් පාරහරස් කර ගත්තේ .බයට මගේ කටේ කෙලත් හිදෙද්දී…

මේ…මේ….මන් මේ…..ආවේ .දිර්වන් හම්බවෙන්න .ඔයාට පුලුවන්ද මට එයා ඉන්න තැන්ක් කියන්න….

දිර්වන් ….ඒ මොනා හාල්පාරුවෙක්ද…

එහෙම එකෙන් මෙහෙ නෑ…

මිස්ට වැරදිලා..මිස් ආපු අතක් බලන් ගියොත් හොදයි…

නැ..එයා මෙහෙ තමා ඉන්නේ…

මොක්කද එයාගේ අනික් නම…

ආ…රාගව් ……….

මොකක් බොසා……

තමුන් කවුද …
ආ…..මොන එහෙකට බොස් හොයන් ආවේ .ආ…තමුන් පොලීයෙද…

අනේ මේ මන් දන්න බොසෙක් නෑ..මට ඉක්මන්ට රාගව් හම්බවෙන්න ඕනි…

එහෙම ලේසියකට බොස් හම්බවෙන්න බෑ..අනික මේ දවස් වල කොහොමත් බොස් හම්බවෙන්න බෑ….

ඇයි රාගව්ට මොනා වෙලද …සතියක් තිස්සේ කැම්පස් එක පැත්තේවත් ආවේ නෑ..එයාට කරදරයක් නෑනේද…..

ම්…….මිස් මට ඒ දේවල් ගැන කියන්න කිසිම අයිතියක් නෑ..මිස්ට දැනගන්නම ඕනිමනම්.මිස්ට බොස් මිස්ව හබ්බෙනකන් ඉන්න වෙනවා…

මන් මේ අන්තිම හොදින් අහන්නේ මාව එක්ක යවද නැද්ද….

ම්….පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම් …

” හරි හරි කළුවේ..”

ඇස් දෙක බැදලා තිබ්බ කළු පටිය ලිහලා අයින් කරලා ඇස් දෙක ඇරිය මන් දැක්කේ…

දෙවියනේ ………….

මතුසම්බන්ධයි