හතළිස්එක්වන දිගහැරුම 🥀

( අවසාන කොටස 3)

හෙවිසි හොර නෑ හඬ මධ්‍යයේ කලණගේ දෑතක් වේලි බෙර නාදයට පා ඔසවමින් පොරුව වෙත පා නගන ඇගේ රුව දෙස ඔහු බලා සිටින්න වුයේ . ඇගේ සුන්දර රුවෙහි ඔහුගේ අහික්මුණු දෙනෙත් ඔහුටත් අවනත නොවෙද්දීය….

සුදු පැහැ බීරුළු ඔසරියට ඉර හද තරු මැදි කරගෙන මංගල තැලි පිළි සැරසුණු ඇය මිහිපිට සුරගනක් බදුය

සිසිල් මද නල ගත සිප ගනිමින් හමායන්නබ් වුයේ .ගතෙහි විඩාව නිවාලමනි…ගත දොවා ගෙන සැහල්ලු නිදන ගවුමක් ගත දවටා ගෙන අහස්‍යායා බරාදි වැටට බර දී රාත්‍රී අහස දෙස නෙත් යොමන් හිදින්න වුයේ .ඔහු ගත දොවා එනතුරු දැනුණු පාලුව මකා ගැනීමටය…

වසර අටක් පුරාවට පෙම්වතියක් ලෙස ඔහුගේ උණුසුම් දිවි ගෙවු තමා අද දින පටන් ඔහුගේ බිරිදයි ..මෙයනම් සිතාගැනිනටවත් නොහැකි සිහියකි…

වසර දෙකක් සිය හිතුවක්කාර තිරණ නිසාවෙන් ඔහුගෙන් වෙවන් සිටිම පිලිබද දැන් දැනෙන්නේ කෝපයකි.ඔහු තමා නොමැති විදි වේදනවන් අපමණ..එම වසර දෙක තුළ ඔහුට රහසේ ඔහු බැලිමට නිවසට පැමිණි වාර කිහිපය සිය දෙනෙත් දුටු එම දසුන් ඔහු විදි වේදනා …මතක කිරීමට පවා අසිරුය..

ඇගේ කොපුල් තෙමාලමින් කදුලු බිදු ගලා යන්න වුයේ .සිහින් ඉකියක් සමගිනි …

මැණික ………..

ඇගේ බදවටා දෑත් යවමින් ඔහු ඈ තුරුල් කරගන්න වුයේ ඇගේ නිරාවරති ගෙල පිටුපස සිය දෙතොල් පෙති අතුරමින් ය..

අහ්……..

ඔහුගේ සීතල දෙතොල් පහසින් සිහින් හිරියක් ගත පුරා ඇදි යන්න වුයේ ඇගේ වත රත් පැහැ ගැන්වෙද්දීය. දැනුනු කෝල බව නිසාවෙන් ඈ ගුලි වී ඔහුගේ ලයට තුරුල් වුයේ සිය වත ඔහුගේන් සගාවා ගනිමිනි..

මැණික …මොකො මේ හැගෙන්නේ .

ම්…………මගේ මැණිකට අද ලැජ්ජ හිතිලද..

කෝ බලන්න මගේ වයිෆ් කැටේගේ මුණ පොඩ්ඩක් …

ඈ තව තවත් ඔහුට තුරුල් වුයේ සිය කදුලු පිරුණු දෑස් ඔහුගේන් වසන් කිරිමට උත්සහ දරමිණි..

ම්…මොකො බන් මේ ..
අවුරුදු අටක් උඹ ලග තියන් සිල් රැක්කට අදනම් එවා බැරිවෙයි මැනිකේ .කොල්ලා පට්ට ගේමල් දිලා කොන්ට්‍රෝල් වෙලා ඉදියේ.අද නම් ඉතිං අවුරුදු අටකම ඇරියස් කවර්කරන්න් වෙනවා හොදේ……

පිටතට පණින්නට දරණ සිනාව දෙතොල් සපා ගනිමින් මැඩගෙන නාත් වදන් කරන්න වුයේ .ඇගෙ වතට සිය ලයෙන් මෑත් කිරීමේ අටියෙනි ..

මොක්කද කි…ව්වේ……….

අහස්‍යායා විදුලි වේගයෙන් ඔහුගේ ඉවත් වුයේ .ඔහුගේ කතාවට සිය දෙකනින් දුම් දමන සෙයාවක් දැනෙද්දීය…

හී…..හී

නාත් මහ හඩින් සිනා සෙන්න වුයේ .අහස්‍යායා ඔහුට මේ කුමක් සිදු වී දැයි සිතා ගත නොහැකිව දෑස් විසල් කරගමින් ඔහු දෙස බලහිදිද්දීය…

හී…මහ ලොකු චන්ඩියා බය උනානේ.අවුරුදු අටක ඇරියස් මන් කවර් කරයි කියලා…ඔය හා පැටියා අයින් උනේ මගෙන් යසට…

ම…මහත්තයා ඔයා නම්………

ආව්..ආව් ගෑනියෙ රිදෙනවා බන්.මේවා යකඩ නෙවෙයි ..

අහස්‍යායා දෑතින් ඔහුගේ ලයට පහරදෙන්න වුයේ ඔහු කෑගසමින් ඈ වලක්වන්නට උත්සහ දරමිනි…

මෙන්න මෙහෙ වරෙන් බන් පිස්සු නටන්නේ නැතුව ..නාත් ඇගේ දෙපා වටා දැත් යවා ඈ ඔසවාගනිමින් සිය උර මතට ගන්නට වුයේ ඇ කෑගසද්දීය …

ඔහොම බෙරිහන් දෙන්න එපා බන් වටේ පිටේ මිනිස්සු හිතන ඇති මන් මෙතන තමුසෙට කරදර කරනවා කියලා..එනිසා පින් සිද්ද වෙයි .ඔය ටින් බෙලෙක්කේ වහගන්නවා..

යහන මත දිගාවි ඈ සිය සිරුර මතට ගෙන සිරුවට ඇගේ මුව සේම ගත පිරිමදිමින් ඔහු වදන් කරන්නට වුයේ .ඈ සිනාහවක් පාකර ඔහුගේ ලය මත දැනෙන නොදැන තරමට කුඩා සිපුමක් තබමින් වැතිරමින්‍ ය…

මට නම් අද දවස හිනයක් වගේ මැණික .මන් ඇත්තටම බයෙන් හිටියේ මට කවමදාවකවත් ඔයාව මගේ කරගන්න බැරි වෙයි කියලා…එකපාරක් මාව දාල ගියා වගේ ආයිනම් මොන ප්‍රශ්නේ ආවත් මාව දාල යනන් හිතන්න එපා .මැණික මට ආයිනම් එහෙම දෙයක් දාරාගන්න තරම් හයියක් නෑ…

අනේ අ…යි…යේ ….ම.මට සාමාවෙන්න .මන් ඇස් දෙකෙන්ම දැක්කා ඔයා වින්ද දුක .අයිනම් මාව මැරිවත් මන් ඔයාවනම් දාල යන්නේ නෑ……..

පින් මැණික මගේ ජිවිතේට ඇවිත් මගේ ජිවිතේ ලස්සන කරාට…..

ඇගේ හිස් මුදුනින් සිපුමක් තබා .ඔහු ඈ යහන මතට බර කොට ඇගේ වතට බර වුයේ .ඇගේ ආත්මය සිය නමට ලියා ගැනීමට දැසින් අවසර පතමිනි…

සුන්දර සිනාවකින් වත සරාසා ගත් ඈ ඔහුගේ නිරුවත් ලය මත සිපුමක් තබමින් දෑස් වසා ගන්න වුයේ.සොදුරු නිමේශයකට ඇරයුම් කරමිනි….

නාත් සුදු පැහැ කමිසයක් හා කළු පැහැ කමිසයක් හැදගෙන විසල් කණ්ණාඩිය ඉදිරිපිය වී හිස පීරන්න වුයේ .වරින් වර යහන මතට වී සිය බෝනික්කා හා සෙල්ලම් කරමින් හිදිනා සිය අවුරුද්දක් පමණ වයස් වු සිය දියණිය දෙසට දෙනෙත් ගෙනයමිනි…

සෘෂිවී අහස්‍මා දිග්දෙණිය ..නාත්ගේ අහස්‍යායා කළුදුල් දියණිය .

දියණිය ලැබීමට මාස කිහිපයකට පෙර සිය පාර්ලිමේන්තු අමාත්‍ය දුරයෙන් ඉවත් වී සිය ව්‍යාපාර කටයුතුවල සිය පුර්ණ කාලය කැප කල වත්මනේ ආසියාවේ ලාබල කෝටිපතියා වී හමාරය…

කෝ මේ අම්මී බබා…නාත් දියණිය සිය දෑතට ගනිමින් තරප්පුපෙල බසින්න වුයේ ඇගේ රුව අපේක්ෂාවෙනි ..

මැණික …………..මැණික …

මහත්තයා ඔයා ආවද.මන් මෙව් පැන්චි ගන්න එන්න කියලා හැදුවේ .යමු නේද දැනටමත් අපි පරක්කුයි ..

නාත් අහස්‍යායගේ දෑතට දියණිය දී අනෙක් පසින් රථයට ගොඩ වී නිවසින් පිට වුයේ .ආර්ක්ශකයන් රැගත් රියකට මැදිවය…

නාත් අහස්‍යායා සමගින් මේ යෑමට සුදන්නම් වුයේ විහාරස්ථානයටයි.එ නාත්ගේ පියාගේ තෙමස් පුර්ණ දානමය පින්කම දෙනුවෙනි.
මිට තෙමසකට පෙර හදිස්සියේම ඇති වු හෘදයාබාදයකින් ඔහු මිය යන්න වුයේ .ඔහු කල කී දේ වලට සොබාදමින් දඩුවම් විදිවමිනි…

දෝණීට නින්ද ගියාද මැණික . ගත පිස දමමින් යහන වෙත පා තැබ්බු නාත් අහස්‍යායාගේ ලැමට තුරුල් දී දෑස් වසන් සුව නින්දක ගිලි උන් දියණියගේ කොපුලක් සිපගනිමින් ඈ සිය දෑතට ගෙන ඇගේ තොටිල්ලෙන් තබන්න වුයේ .ඇගේ ගත පෝරෝණයකින් ආවරණය කරමිනි…

මැණික ………….

යහනෙහි දිගා වි අහස්‍යායාගේ ලැම මතින් හිස තබාගනිමින් නාත් ඇයට තුරුල් වෙමින් ඈ අමතන්න වුයේ .ඇගේ දැගිලි ඔහුගේ හිසකෙස් අතරින් සෙමෙන් ඇදී යද්දීය…

ම්………..

මේ..දෝණී අද මට පොඩි රහසක් කිව්වානේ..

ම්..ඔයා කියන්නේ මේ අවුරුද්දක්වත් නැති අපේ පැංචි ඔයාට රහසක් කිව්වා කියලද .මහත්තයා ……….

මේ……….මේ….

හරි හරි කියන්න බලන්න අපේ දෝණී මැණික අප්පච්චී කිව්වේ මොනාද කියලා..

මේ..මේ දෝණීව පාලුයි කියලා..සෙල්ලම් කරන්න මල්ලි බබෙක් ඉල්ලුවා…….

මහත්තයා …………..

ම්..මොකෝ මේ රතු වේලා….ම්…මගේ මැණිකට ලැජ්ජ හිතිලා වගේ .මොකො කියන්නේ අපි ගේමුද….

ක…කා…කාවද ……….

මල්ලි බබෙක් බන්…….

අයියේ ඔයා නම්………….

නාත් සිනාහවෙන්ම ඇගේ ගතට බර වුයේ . සොදුරු සුයාමයට ඇරයුම් කරමිනි…

ඉදින්……නෙක විදි බාධා අහිමි වීම වේදනවන් මැදින් ගලා ගිය ඔවුනගේ ආදර අන්දර එසේ මල්ළුල ගැන්විනි….

ලොකයේ පවතින ධර්මතාවය එයයි.යහපත් සිතින් කරනා කිසිදු දෙයක් කිසිදා අසාර්ථක නොවේ.

.ජිවත යනු මල් මතින් ඇවිද යාමට ඇති මාවතක් නොවේ .බාධක කම්කටලු මැදින් ගලා යන දිගු මාවතකි..මේ මාවතේ ගමන් කරන ඔබටහ් මටත් සැම දෙනාටම පොදු ධර්මතාවය එයයි…

නිමි………

ඉදින් පුරා මාස තුනක් ඉක්ම වු කාලයක් මා එක්ක හිටපු ඔයාල හැම කෙනෙක්ටම හුගක් ස්‍තූති…කමෙන්ට් වලට ර්ප්ලයි කරන්න බැරි වෙන එකටනම් මන් සාමව ඉල්ලනවා..කතා දෙන්නත් මන් කාලේ හොයා ගන්නේ හරි අමාරුවෙන් .

මගේ අඩුපාඩු ඔයාල දකිනවනම් ඉන්බොක්ස් හරි දාල තියන්න මන් වෙලවක් ආව ගමන් එවා බල්ලනම්.මන් ආසයි මගේ වැරදි හදාගෙන මේ ගමන් හෙමින් යන්න