29 කොටස

වෙදමහත්තාගේ උපදෙස් පරිදි හිමිදිරි උදෑසනින් දෙදෙනාම වෙදකුටිය වෙත පියනගන්න වුයේ…ලා හිරු කිරණ මිහිකත සිපගනිද්දිය…

” එහෙම දුවේ..අපි පටන ගමු ..ඉස්සෙලාම මන් මේ කියන දේවල් හොදින් පිළිපදින්න..

ඔය දෙන්නාම හැම දිනයකම බෙහෙත් කරන්න කලින් පංචසීලය සමාදෙන වෙන්න ඔනි…මස් මාංශ වලින් වැලකිලා..බ්‍රහ්ම චාරිව ප්‍රතිකාර අවසන් වෙනතුරු හිටින්න ඕනි…

ඔය දරුවෝ එකයිද මන් කියන දේවල් වලට දරුවනේ …”

” එහෙමයි වෙදමහත්තයා ….”

” හරි අපි එහෙන්ම් නමෝ විත්තියෙන් ප්‍රතිකාර ආරම්භ කරමු…..”

වෙදමහත්තා ඇගේ නාඩි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඈ..යහන මත හිදුවා..ඇයගේ හිසට තෙල් වක්කර හොදින් දැතින් සම්භාහනය කරන්න විය…”

” මහත්තයා මන් එලියට යන්නම්..ඊට පසුව මහත්තයා මේ නානුව අභිසම්භිදාන සුත්‍රය කියන අතර තුර මේ දැරිවිගේ සර්වංගේම ආලේප කරලා..හරියටම හෝරාවකින් මේ බෙහෙත් ඔරුවේ බස්සවන්න…ඉන් පසුව බෙහෙත් ඔරුව උඩින් මේ රෙදි කැබැල්ලෙන් මේ දැරිවි ආවරණය කරලා මට කතා කරන්න…”

” එහෙමයි වෙදමහත්තයා …මන් ඒ විදිහට කරන්නම්…”

වෙදමහත්තයා පිට වී ගිය පසු..ඔහු….ඇගේ ඇගලුමක් ඉවත් කර වෙදමහත්තා ලබා දුන් නානුව සෙමෙන් ඇගේ ගත පුරා අලේප කරන්න විය..

” මැ..මැනික ඔය කදුලු පිහිදාගන්න …මන් කැමති නෑ..මගේ මැනිකගේ ඇහෙන් එක කදුලු බිදුවක්වත් දකින්න තේරුනාද..ම්…”

එක් අතකින් ඇගේ හිස පිරිමැද ඇගේ නලල් තලය මත සිය දෙතොල් පෙති තවරමින් වදන් කරන්නට විය….

” නේශ්..මේ…පොඩ්ඩක් අහන්නකො..පණ..ඇයි දෙයියෝ මන් වෙනුවෙන් මේ තරම් කැප කිරීම් කරන්නේ…

මන් මැරෙනවා කියලා දැන දැනත් ඇයි මේ වගේ වද වෙන්නේ…

අනික කොහොමද ඔහොම හැගීම් ඉවසන් මගේ ඉස්සරහ ඉන්නේ…පණ…”

කදුලින් බරවු දෑස් ඔහු දෙසට පා කරමින් ඇ වදන් කරන්න වුයේ ….

එකදු වස්ත්‍රයක් හෝ නොමැති සිය නගන්න ගත පුරා…කිසිදු රාගි හැගීමකින් තොරව බොහො සංයමයකින් ඖෂධ ගල්ලවන ඔහුටය…

” මැනික ඔයා මගේ..හුස්ම..මනුස්සයෙක්ට හුස්ම නැතුව එක තත්පරයක් ඉන්න පුලුවන්ද

බෑ…නේද..ම්..ඒවගේ තමා..මටත් ඔයා නැතුව එක මොහොතක්වත් ජිවත් වෙන්න..බෑ..

අම්මා තාත්තා කවුද කියලා නොදන්න මගේ..හැමදේම ඔයා වෙච්චි කොට මට ඔයා වෙනුවෙන් මේ දේවත් කරන්න බැරිනම් මගෙන් ඇති වැඩේ මොකද මැනික …

අනිත් වැදගත් ම දේ……මැනික ..

පිරිමි ගෑනියෙක් ගන්නේ..එකිගේ ඇගේ නැගලා ඌගේ ආසාවල් ඉෂ්ට කරගන්නවත්..ඌගේ ලේ වලට පණදී ගන්න විතරක් නෙවෙයි …එයාගේ සැප දුක ජය පරාජය මේ හැම තැනකදිම එයාව තනි නොකර ශක්තියක් ආශිර්වාදයක් වෙන්නත් එක්කමයි..”

” ඔයා මැරෙන්න නෑ..ඔය වචනේ ආයි කිසිම දවසක මගේ ඉස්සරහ කියන්න එපා .මොකද එදට මන් මේ තරම් ඉවසන එකක් නෑ…

මේ තරම් දුරකතර ගෙවන් ඔයා වෙනුවෙන් මේ හැමදේම කරන්නේ..ඔයාව ජිවත් කරවන්න…ම්…

ඔයා ඔය විකාර දෙවල් හිතන එක නවත්තලා ඔයාට සනීප වෙනවා කියන අදිශ්ඨානෙන් ඉන්න.හොදද..මැනික ….”

හෝරවක් ගෙවි ගිය පසු ඔහු ඈ සිය දෝතට ප්‍රවේශමෙන් ගෙන සෙමෙන් ඈ බෙහෙත් දිය පෙරවු ඔරුවෙහි සෙමෙන් ගිල්වන්න විය..

” ආ..ව්..ආව්..අනේ..නෙශ්..මාව..පිච්චෙනවා වගේ…ඉන්න..බෑ…පණ..”

බෙහෙත් ඔරුවෙහි ඈ ගිලවා ඔහු බෙහෙත් ඔරුව උඩින් ඇතිරිල්ල එලන්න වුයේ ඇගේ ගත ආවරණය වන පරිදිය…

” මැනික ඔහොම පොඩ්ඩක් ඉන්න මන් වෙදමහත්තයා එක්ක එන්නම්..”

” වෙදමහත්තයා අනෙ..එන්නකො..මැනික අඩනවානේ..එයාට අමාරුයි කියලා..”

” අපි යමුකො මහත්තයා ….”

” අනේ..මාමේ..මාට ඉවසන්න බෑ..මාව පිච්චෙනවා …අනේ මෙක අයින් කරන්නකෝ..”

” මේ අහගන්නකෝ… දෝණි ….

ඔයාට දැනෙන්නේ මොකක්ද කියලා මට කියන්න ඉස්සර වෙලා.ම්…”

” මගේ මුළු ඇගම පිච්චෙනවා වගේ ඉවසන් ඉන්න අමාරුයි …”

” මේ අහන්න් දෝණි ඔය අසනිපට මුළු ඇගේම ලේ වල පැතිරිච්ච් දෙයක් ම්..වේදනායි කියලා මන් දන්නවා දරුවෝ එත් ඉවසන්න වෙනවා..සනීප වෙන්න ඕනි නම්…ම්..තෙරුන්නද…දෝණි ….”

ආ…අසිරුවෙන් සිය ඉකිය වලක්වා ගිනිම්න් හිස දෙපසට වන්න වුයේ …කදුලින් බර වු ඔහුගේ දෙනෙත් අභියස ඇයට තවදුරටත් හැඩීමට නොහැකි නිසාවෙනි …

” ම්..මේ අහන පුතේ …තුන් හෝරාවක් මේ විදිහට දෝණිව මේකේ තියලා ..මන් මේ සුදු ඇතිරිල්ල උඩින් අතූරන පොතු උඩින් මේ දැරිවි තියලා..මේ කොළවලින් මේ දැරිවිගේ ශරිරේ ආවරණය කරන්න..පස්සේ ඊට උඩින් මේ පොතු අතුරාලා..ඔය සුදු රෙදි කඩින් මේ දැරිවි ඔතන්න…ඊටපස්සේ මට කතා කරන්න..
පුතේ …

” එහෙමයි වෙදමහත්තයා ..මේ..මන් මේ දේවල් කරාට කමක් නැද්ද වෙදමාමේ ..ඔබතුමා නොකර …”

” නෑ..පුතේ .මන් මේ හැම ඖෂධයකම පිරිත් කරලා සුදානම් කරලා තියෙන්නේ ..ඔය දරුවට මේ දැරිවි ගැන කිසිම ඉරිසියාවක් නෑනේ…ඔය දරුවාගේ එකම අදිශ්ඨානෙ මේ දැරිවි සනීප කරගන්න එක වෙච්ච කොට ඔය දරුවට වඩා සුදුස්සෙක්වෙන කොහෙද පුතේ ….”

තුන් හොරාවක් ඉක්ම ගිය පසු ඔහු ඈ වෙදමහත්තා කියු පරිදි යහනමත සතපවා.ඇගේ ගත පුරා..අඹරා තිබු කොල අතුරා පොතු වලින් ආවරණය කර රෙදිකඩින් ඇගේ ගත ඖෂධ වලට මැදිවන ලෙස ඔතන්න විය….අනතුරුව ඈ යහනෙහි බැද තබන්න වුයේ සෙලවීමටත් නොහැකි ලෙසය .

වෙදමහත්තා ඈ අසලට පා තබා ගත වුයේ මිනිත්තු කිහිපකි..ඈ..කෑගැසමින් හඩන්න වුයේ …ඇයට දැනුනු වේදනාව තවත් දරාගත නොහැකි නිසාවෙනි ..

මුලු සිරුරේ සෑම අංශුවක් පාසා පිලිස්සී යන සේ ඇයට හැගෙන්න විය ….

ඈ වේදනාවෙන් ඒ මේ අත දගල්ලනවුවත් ඇගේ සිරුර ඇයට ඇවැසි පරිදි සොල්වා ගත නොහැකි නිසාවෙන් ඈ..හඩන්න විය…..

” අනේ..වෙදමාමේ ..මගේ මැනික ……”

” ඕක බොහොම වේදනාකාරී කියලා මන් දන්නවා දරුවෝ ..එත් මොනවා කරන්නද ප්‍රතිකාර ටික හරියටම කරන්න ඕනි නෙවේ..

ඔය දරුවා ඒ දැරිවිගේ හිස අද්දරට වෙලා පොඩ්ඩක් හිසවත් පිරිමදිමින්න….හෝරා හතරක් ඔහොම ඉන්න ඕනා..”

” මැ…මැනික ….”

ඈ සිටි යහන අසලට ඔහු පා තබන්න වුයේ සිහිනෙන් මෙනි..

ඇගේ හිස අද්දරට වි ඇගේ හිස පිරිමදිමින් වරින් වර සිප ගන්න වුයේ ඔහුගේ දෑසින් කදුලැලි ගාලා යද්දීය ….

හෝරා හතර ඔහුට දැනුනේ…කල්පයක් මෙනි…නියමවු කාලය අවසානයේ ඔහු ඇගේ යහනෙහි බැද තැබු බැමි ලිහා දමා ඇගේ ගතහි රැදි ඇතිරිල්ල ඉවත් කර ඖෂධ ඉවත් කර . රෙදි කඩකින් ආවරණය කර.ඔහු ඈ ප්‍රවේශමෙන් සිය දෝතට ගෙන වෙද මැදුරෙන් පිටතට පා තබන්න විය…

වෙදමහත්තා ලබා දුන් ඖෂධ වර්ග පානය කර…එදින ප්‍රතිකාර අවසන්කර..ඔහු ඈ ඔසවාගෙන පිය මනින්න වුයේ ..වෙදමහත්තා ලබා දුන් ඔහුගේ නිවසේ කුටිය වෙතය..

ඈ යහන මතින් සතපවා..ඔහු ඇගේ මුව පුරා හාදු තවරා ඇගේ ගෙල පාමුල හිස හොවාගෙන ඈය තුරුල් විය…

ඈයද නිහඬව ඔහුගේ කෙහෙරැලි අතරින් ඇගිලිතුඩු යවමින් පිරිමදිමින්න වුයේ ඔහු අද දින බොහො වෙහෙස වු නිසාවෙනි …

සිය ගෙලට දැනුනු තෙත් බව නිසාවෙන් ඇ ඔහු මදක් ඉවත් කිරිම උත්සාහ කලද ඔහු තව තවත් ඈ කිට් කිටියේ තුරුල් කරගන්න විය..

” නේශ් …මගේ පණ කෝ..පොඩ්ඩක් ඔලුව උස්සන්න ..ඇයි..දෙයියෝ මේ කදුලු ….”

ආයාසයෙන් ඔහු සිය ගත මතින් ඉවත් කර ඔහුගේ මුව සිය දෝතට මැදි කරවා ගෙන ඈ..විමසන්න වුයේ ..ඔහුගේ කුදුළු ඇයට බර වැඩි වු බැවිනි .

” මැ .මැනික ඔයාට ගොඩාක් රිදෙනවා නේද..මන්..කිසිම දෙයක් නොකර ඔහේ බලන් හිටියා නේද…මගේ මැනික අඩද්දි…

ශික්..මන්..මොනවගේ එකෙද්ද…”

” දෙවියනේ නෙශ් ….මොනවද ඔය කියවන්නේ……ඔය මේ තරම් දේවල් මන් වෙනුවෙන් කරනවානේ…අනේ..ඔහොම කියන්න එපා..මට රිදෙන්නේ නෑ..මන් මේ.මේ…බොරුවට ඇඩුවේ…හොදද..කො..කො..කදුලු පිහිදා ගන්න…………

මොකක්ද මල්ලි..බබා..කෙල්ලෙක් වගේ හොටු පෙරන්..අඩන්නේ..සික්..ලැජ්ජාවේ..බෑ
.
ඔහොම උනොත් කෙල්ලෙක්ටවත් ලයින් දාන්න බැරි වෙයි..හොදද….”

ඈ..ඔහුට ඇද කරමින් පවසන්න් වුයේ..ඔහු හැඩිම නවතා මහ හඩින් හිනාවෙද්දිය…

” ඕ..මට වෙන කෙල්ලෝ..ඕනි..නැ…මේ.අක්කි බබා…හොදයි මට…හිතන් ඇති මගෙන් ගෑල වෙන්න..එව්වා හින…”

ඈ නලල් තලය මත හාදුවක් තවරා…ඔහු ඇ සිය ලයට තුරුල් කරගන්න විය .

” කොල්ලට දඟ වැඩවත් කරන්න විදිහක් නෑනේ..හොද ලමයා වගේ ඉක්මන්ට සනීප වෙන්න..නැත්නම් මන් සන්කාව හැදිලා මැරෙයි..ඇයි දෙයියනේ මේවා දැක දැක ඉවසන්නේ..කොහොමද …”

” අනේ නෙශ් ….සොරි පණ…”

” මැනික ඔයා මන් කිව්ව එක සීරියස් ගත්තද මන් විහිලුවට කිව්වේ…මන් අසහනකාරයෙක් වගේද ඔයාට පෙන්නේ…”

” මොනවද නෙශ් මේ අහන්නේ…මාත් මේ කිව්වේ එක තමා මටත් මේ මල්ලි බබා එක්ක නෝටි වැඩක් කරන්න විදිහක් නෑ කියලා පිස්සෝ…”

” මල්ලි බබා….හිටපන්කො මන් පෙන්න මල්ලි බබාගේ තරම…”

ඈ..යහන මට පෙරලාගෙන ඔහු ඈ කිති කවන්න වුයේ..ඈ..මහ හඩින් සිනාසෙද්දීය…

” හයි .හයි..හයියො නෙශ් ඇති අනේ..මට කිති අනේ..අනේ..ඇ..ති…..

මතුසම්බන්ධයි