Ex වයිෆ්

22 වන කොටස

ගිහාන් හිරූෂා දකියි කියලා බයට වගේ චේතනා ගෙන් ඈත් වුණා …

ගිහාන් ෆෝන් එක කනට කර ගත්තා …

මම හිරූෂාට කෝල් එකක් ගත්තෙ නෑනේ…

හිරූෂාගෙන් මට කෝල් එකක් ආවා නම් ෆෝන් එක රින්ග්ස් යනවා ඇහෙනවා……

මේක කොහොමද උනේ ?……

කලින් කතා කරපු දේවල් හිරූෂාට ඇහුනද දන්නෑ …..

දැන්නම් ගිහාන්ගෙ හෘදස්පන්දනය සීඝ්‍රයෙන් වැඩිවෙලා …

“හලෝ….ගිහාන්….”

හිරූෂා කීප වතාවක්ම කතා කරනවා …

බය වැඩිකමට ගිහාන්ගෙ කටට වචනයක්වත් එන්නේ නෑ….

ගිහාන් ගොළු වෙලා …

“කතා කරන්නකෝ ….ගිහාන්…”

“ඔව් හිරූ…”

ගිහාන් අමාරුවෙන් කටට වචන ගත්තා…

ගිහාන් කරන වැරදි හැටියට කොහොම නං කතා කරන්න ද ?…

“ඇයි අනේ ඔයා කෝල් කරලා කතා කරන්නැතුව ඉන්නේ ……”

වෙච්ච දේ ගිහාන්ට හොඳටම පැහැදිලියි ..

සාක්කුවෙ තිබ්බ ෆෝන් එක වාඩිවෙලා ඉන්නකොට ටච් වෙලා හිරූෂාට කෝල් එකක් ගිහින් …

හිරූෂා කතා කරන විදිහට නං මේ කිසි දෙයක් හිරූෂාට ඇහිලා නෑ වගේ ….

ගිහාන් සැනසුම් සුසුමක් හෙලුවා …

“සිග්නල් නැතුව ගියා…මට ඔයා කතා කරන ඒවා ඇහුණේ නැතුව ගියා..”

“ඒක තමයි මම බැලුවේ…ඒක නෙමේ ඔතන කවුද ඉන්නේ …මට ගෑ/නු කටහඬක් ඇහුණා…”

හිරූෂා එහෙම කියපු ගමන් ගිහාන් ගැස්සිලා ගියා…

ගිහාන්ට එකවරම ගණදෙවි නුවණ පහළ වුණා…..

ගිහාන් චේතනා ට ඉඟි කරලා ටීවී එක දාන්න කිව්වා …..

“ඇයි ගිහාන් ඔය කතා කරන්නේ නැත්තේ…”

“මේ ටීවී එක දාලා ඒකෙ සද්දෙ ඔය ඇහෙන්නේ?..”

හිරූෂා ටිකක් වෙලා ඇහුම්කන් දුන්නා …

ඇත්ත නේන්නම් ටීවී එකේ සද්දෙනේ ඇහෙන්නේ..

හිරූෂා එහෙම හිතුවා …

“ඒක තමයි මමත් බැලුවා ඔහෙ කොහෙන්ද ගෑනු අය කියලා …”

“කොහොමද හිරු කෑවද ?…”

“පුතා අහනවා තාත්තා weekend එකේ ගෙදර එනවද කියලා …”..

————-රුවිනි සිල්වා නිර්මාණයක්————-

“එන්න පුළුවන් වෙයි …”

“මම එහෙනම් තියන්න ද ? දුව අල්මාරිය උඩට නගින්න හදනවා …”

“හා හා හිරු “

හිරූෂාගේ ඇමතුම විසන්ධි වෙච්ච ගමන් ගිහාන්ගෙයි චේතනාගෙයි මුකුළු පටන් ගත්තා …

“මාත්තයා සිකුරාදා ගෙදර ගිහිල්ලා ආයේ මෙහේ යෙන්නේ සඳුදා ද ?..”

චේතනාගේ මූණ එකපාරටම අඳුරු වෙලා ..

“ඇයි එහෙම ඇහුවේ …”

“මට මාත්තයා ගියාම පාලුයි …යේකයි..කමක් නෑ මාත්තයා දවස් දෙකයි නේ …”

“ඇත්තද චේති…මම ඉරිද උදේට එන්න බලන්නම් ..එතකොට ඉරිද රෑට මට ඔයා එක්ක ඉන්න පුළුවන් ..මටත් දැන් ඔයා නැතුව ඉන්න අමාරූයි චේති..”

“අනේ යෙත්තද මාත්තයා …මම මාත්තයට ගොඩක් ආදරෙයි …ඒත් මාත්තයා මේ දේවල් නෝනට අහු උනොත් මොකක් වේද මාත්තයා …යේක හොඳ වැඩක් නෙමෙයි මාත් තතයා..අපි යේක නවත්තමු…”

“පිස්සුද චේතනා ..ඔයාට පුලුවන්ද මාව දාලා යන්න ..”

ගිහාන් චේතනාව තදකරලා තුරුල් කරගත්තේ චේතනා ද මේ දැන් යයි කියලා බයෙන් වගේ …

“යේත් මාත්තයා …නෝනා පව් …මේ දේවල් නෝනා දැනගත්තොත් යේ සේරම ඉවරයි…මම නම් තනි ගේනි.ඒත් මාත්තයාට පවුලක් තියෙනවා..”

“එයා ඉන්නේ කොළඹ ..එයාට කොහොම මේ දේවල් ආරංචි වෙන්නද?..”

“යේක ඇත්ත මාත්තයා ..යේත් හැම දේකම වැරැද්ද වැටෙන්නේ ගේනූ අපිට…මම අන්තිමට තනිවෙයි මාත්තයා..”

” ඔයා ඒ ගැන පොඩ්ඩක් වත් බය වෙන්න එපා …ඕනම දෙයකට ඔයාට මම ඉන්නවා ..මම ඔයාව තනි කරන්නේ නෑ ..ඔයා වගේම මමත් ඔයාට ආදරෙයි ..”

“ඔය බොරු ….මාත්තයා නෝන ට ආදරේ නිසා තමා බැන්ඳේ …”

චේතනා එහෙම කිව්වම ගිහාන් ලොකු හුස්මක් ගත්තා..
.
“ඒ කාලයේ ආදරේ කරා තමා ..ඒත් කසාද බැන්දට පස්සේ ඒ ආදරය නැති වෙලා ගියා.
එයා නම් මට ආදරෙයි.ඒත් මම එයාට ආදරේ නෑ …”

“එහෙනම් මා..ත්..ත.යා..ට දවසක මාවත් යෙපාවෙයි..”

“හිරූෂා ගොඩක් තැන්පත් ,අහිංසක කෙනෙක් …මට එයාව ගැලපෙන්නෙ නෑ ..මට ගැලපෙන්නේ ඔයා වගේ කෙනෙක්..”

අවුරුදු දාහතරකට වඩා එකට ජීවත් වුණත් දැනුයි ගිහාන්ට නොගැලපීම් පේන්නේ ..

කොහොමත් හිරූෂා ගිහාන්ට ගැලපෙන්නෙ නැහැ තමයි…..

————-රුවිනි සිල්වා නිර්මාණයක්————-

හිරූශා වගේ දේවතාවියෙක් ගිහාන් වගේ යක්ෂයෙක් ට කොහොමත් ගැලපෙන්නෙ නැහැ තමයි..

කම් සැප ඉස්සරහා ගිහාන්ට ගිහාන් ගේ තත්වය,උගත්කම,තනතුරු පවා අමතකයි….

රෑ එළි වෙනකන් ගිහාන්ගේ ගෙදර දෙන්නාගේ නුරාකෙඳිරිලි වලින් පිරුණා…

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ගිහාන් හවස ගෙදර එන නිසා හිරූෂා ගොඩක් කාර්යබහුලයි …

චූටි දෝණිව බලාගන්න එක පුතාට බාර දීලා හිරූෂා ගිහාන් කන්න ආස කෑම හදනවා….

හිරූෂා අද හදන්න ලෑස්ති උනේ පිට්සා….

අද නම් ලේසියෙන්ම චූටි දෝණිට කෑම කවා ගන්න පුළුවන්…

චූටි දෝණි කොහොමත් කඩචෝරු කෑම ජාති කන්න ආසයි….

හොඳට මස් දාලා චීස් දාලා හැදුවම ගිහාන් රස කර කර කයි….

හිරූෂා ගිහාන්ව සතුටු කරන්න ඕනේ නිසා දන්න සූප ශාස්ත්‍ර දැනුම පාවිච්චි කරලා පිට්සා හැදුවා…

පිට්සා හදලා අවන් එකට දැම්මා……..

දැන් ඉතින් රෑ කෑම හරි……

ඔලුවෙන් ලොකු බරක් නිදහස් වෙලා…

ගිහාන්ට හවස තේ වෙලාවට කන්න සව් දොදොල් හදන්න ඊළඟට හිරූෂා ලෑස්ති උනා…

හාල් පිටි වලින් පිට්ටු හදපු හිරූෂා ඊට පස්සේ ගෙදර තිබ්බ කිතුල් පැනි ලිපේ දාලා රත් කරගත්තා….

පැනි නූලක් වගේ පදමට එනකන් එක දිගට හැදිගාලා ඒකට පොල්කිරි,කරදමුන්ගු දැම්මා….

ඊට පස්සේ පොඩි කරගත්ත පිට්ටු කැට ටික ඒ පැනි මිශ්‍රණයට දාලා හොඳට කලවම් කර කර මිශ්‍රණය අතට බර දැනෙනකම් හැඳි ගාවා…

පදම ආවාට පස්සේ ලෑල්ලක දාලා තූනි කරලා නිවුනාට පස්සේ කෑලි කපා ගත්තා….

හිරූෂා තේරෙන දරුවාගේ පාඩම් වැඩත් බලන ගමන් නොතේරෙන දරුවාගේ වැඩත් සේරම කරන ගමන්ම ගෙදර වැඩත් කරන්න් කොච්චර මහන්සි වෙනවද?…

ඒ මදිවට ගිහාන් එන දවසේ ගිහාන්ටකන්න ආස කෑම ජාතී සේරමත් හදනවා…

————-රුවිනි සිල්වා නිර්මාණයක්————-

ගිහාන් ගෙදර එන්න කලින් හිරූෂා ගෙවල් දොරවල් අතු පතු ගාලා දැම්මා…

ගිහාන්ගේ කාර් එක ගේ ඉස්සරහා නතර වුනා…..

චූටිපුතා නන්ගිගේ අතින් අල්ලාගෙන තාත්තාව පිලගන්න මිදුලට ගියා…

හිරූෂාත් දුවගෙන මිඳුලට ආවා..

කාර් එකෙන් බැහලා මිදුලට එන ගිහාන් දැක්කා තමන්ම පිළිගන්න පෙරමඟට ඇවිදන් එන හිරූෂායි දරුවෝ දෙන්නයි…

එකපාරම ගිහාන්ට හිරූෂාගේ මූණ බලන්න අමාරුයි වගේ දැනුණා….

ගිහාන් හිරූෂාගේ දිහා නොබලාම ගෙට ඇතුල් වුණා….

“ගිහාන් තේ ටිකක් හදන් එන්නද?..”

“කැමත්තක්…”

ගිහාන් එහෙම කිව්වේ ඕනෑවට එපාවට..

හිරූෂා කුස්සියට ගිහින් තේ හදන ගමන් කල්පනා කළේ ගිහාන් ගේ වෙනස ගැන.

අද මොකක්ද මේ ගිහාන්ට වෙලා තියෙන්නේ…

හරියට මගේ මූණ දිහා බැලුවේවත් නෑ..

කතා කළේත් ඕනෑවට එපාවට වගේ…

චූටි දෝණි ෆෝන් එක කඩපු නිසා ඒ තරහෙන් වෙන්නැති තවම ඉන්නේ…

හිරූෂා තේ හදාගෙන තේ එක්ක කන්න සව්දොදොල් කෑල්ලක් අරන් ආවා…

“ආ ගිහාන්….”

හිරූෂා දුන්න සව්දොදොල් කෑල්ල ගන්නේ නැතුව ගිහාන් මද වේලාවක් බලාගෙන හිටියා …

“ඇයි බලාගෙන ඉන්නේ ගන්න…”

“මේ වෙලාවට ඕවා කාලා රෑට කන්න බැරි වෙනවානේ.ඔයාට මොළේ හොඳ නෑ…”

ගිහාන් එහෙම කිව්වම හිරූෂාට ගොඩාක් දුක හිතුණා…

“එහෙනම් තේ එක බොන්න..”.

හිරූෂා ගිහාන්ගේ අතේ තේ එක තිබ්බා..

ආසාවෙන්,අමාරුවෙන් හදපු සව්දොදොල් කෑල්ල අරගෙන හිරූෂා කුස්සියට ගියේ හිතේ දුකින්…

ආයේමත් නැහි නැහි මේවා හදන්න යන්නේ නැහැ….

හිරූෂා ඒක කුස්සියේ තිබ්බ කන්ටේනර් එකට දාන්න හදද්දිම සාලේ ඉඳන් කුස්සියට දුවන් ආපූ චූටි දුව ඒක උදුරාගත්තා….

චූටි දෝණි ආසාවෙන් රස කර කර සව් දොදොල් කන හැටි දැක්කම හිරූෂාගේ හිතේ තිබ්බ දුක නැතිවෙලා ගියා…

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ගිහාන් පුතා එක්ක කතාබහා කළත් චූටි දෝනිව ළඟටවත් ගත්තේ නෑ…

හිරූෂා දරුවෝ දෙන්නා නිදිකරන්න ගිහින් කල්පනා කළෙත් ඒ දෙවල් ගැන…

තවම ෆෝන් එක කඩපු තරහින් වෙන්න ඇති ගිහාන් එහෙම ඉන්නේ….

හිරූෂා ළමයි දෙන්නා නිදිකරලා සාලේට ආවේ ගිහාන්ට හොඳටම බඩගිනි ඇති කියලා හිතලයි…

ඒත් හිරූෂා එද්දි ගිහාන් හිටියේ ටීවී එකත් දාගෙන ෆෝන් එකත් අතේ තියාගෙන ඒක ඔබන ගමන්….

හිරූෂා ගිහාන් ළගට ලන්වුනා..

ගිහාන් ෆෝන් එක ඔබ ඔබා තනියම හිනාවෙනවා…

“මොකෝ තනියම හිනාවෙන්නේ ඕකේ මොකක්ද හිනා යන්න දේකට තියෙන්නේ….”

හිරූෂාගේ කටහඬ ඇහිලා ගිහාන් එකපාරටම ගැස්සිලා ගියා…

“වීඩියෝ ගේම් එකක් ගහනවා…ඒකට හිනා ගියේ…..”

“කෝ දෙන්න බලන්න අලුත් ෆෝන් එක….”

ගිහාන් හිරූෂාගේ දිහා බැලුවේ පුදුමයෙන් වගේ….

හිරූෂා එකපාරට එහෙම ඉල්ලයි කියලා ගිහාන් හිතුවේවත් නෑ…

දැන් මම මොකක්ද කරන්නේ….

මේක මේ වෙලාවේ කොහොමවත්ම දෙන්න බෑ…

චේතනාගේ මැසේජ් වලින් කෝල් වලින් මුළු ෆෝන් එකම පිරිලා…

කලබල වෙලා බෑ කිව්වොත් හිරූෂා මාව සැක කරන එක කරනවා…..

මද වේලාවක් කල්පනා කරපු ගිහාන්ට ගැලවෙන්න හොඳ විදිහක් මතක් උනා…

“හිරූ මට බඩගිනී.කෑම ගේන්නකෝ…”

ගිහාන් කිව්වේ කටහඩට මුදු කරලා…

අනේ පව් ගිහාන් හොඳටම බඩගින්නේ වෙන්නඇති ඉන්නේ…

හිරූෂාගේ මව්වත් කම නිසා හිරූෂාට ගොඩාක් දුක හිතුණා….

————-රුවිනි සිල්වා නිර්මාණයක්————-

“අනේ ඔයාට බඩගිනිද ?.ඉන්න ගිහාන් මම අරන් එන්නම්…”

හිරූෂා කුස්සියට දුවගෙන ගියේ හරිම කලබලයෙන්….

අවන් එකේ රත් වෙන්න දාලා තිබ්බ පිට්සා අරන් ඇවිත් හිරූෂා ගිහාන්ට කන්න කතා කළා…

“වාව් මගේ වයිෆ් අද පිට්සා හැදුවද .නියමයි..උණු උණුවේ කන්න පුලුවන්..”

ගිහාන් එහෙම කීවේ චාටුවට වගේ…..

ගිහාන් පිට්සා ආසාවෙන් කන හැටි බල බලා හිරූෂා කෑවේ හරිම සතුටෙන්….

මෙච්චර වෙලා හිරූෂාගේ ගතේ තිබ්බ මහන්සිය ගිහාන්ගේ චාටු වලට සැනෙකින් අතුරුදහන් වුණා…

ගිහාන්ගේ හොර මුකුත් නොදන්නා හිරූෂා සතුටෙන් ගිහාන් එක්ක කෑම කෑවා….

ගිහාන්ගේ ෆෝන් එක ගැන හිරූෂාට එහෙමම අමතක වෙලා ගියා….

අමතක වුණා නෙමේ ගිහාන් උපායශීලී කමෙන් අමතක කරා…

“හොඳටම නිදිමතයි.නිදාගන්න යමු…”

රාත්‍රී කෑම අවසන් වූ ගමන්ම ගිහාන් හිරූෂාට නින්දට කතා කළා..

“ඩ්‍රයිව් කරලා මට හරි මහන්සියි….”

ඇඳට ගිය ගමන් ගිහාන් එහෙම කිව්වේ ඇස් දෙකත් පියවාගන්න ගමන්….

හිරූෂාගේ හිතට අමුත්තක් දැනුණා…..

ගිහාන් වෙනදාට මෙහෙම නෑ….

කොච්චර මහන්සියෙන් හිටියත් මට බේරුමක් නෑ…..

ඇයි අද ගිහාන් මෙහෙම…..

හිරූෂාට හිතාගන්න බෑ…..

ඇත්තටම ගිහාන් පොඩි පහේ දුරක්ද ඩ්‍රයිව් කරන් එන්නේ…

අද ඇත්‍තටම මහන්සි ඇති…..

ඒත් ඉතින් වෙනදාටත් ඔය මහන්සිය තියෙනවානේ…

හිරූෂාට හිතුණා…

“අද මොකද කවදාවත් නැතුව “

හිරූෂා එහෙම කිව්වත් ගිහාන්ගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ…..

හිරූෂා ගිහාන්ගේ මුහුණට එබිලා බැලුවා..

අනේ පව් ගිහාන්ට නින්ද ගිහින්..

ඇත්තටම මහන්සි ඇති..

දැන් වෙනදාටත් වඩා ඔෆිස් එකේ වැඩ ඇති

හිරූෂාට එහෙම හිතිලා ගිහාන් ගැන දුක හිතුණා….

ඇදේ ඇලවිලා හිටියත් හිරූෂාට නින්ද ගියේ නෑ…

හිරූෂාට එක පාරටම ගිහාන්ගේ ෆෝන් එක මතක් වුනා…

ඇඳෙන් නැගිට්ට හිරූෂා කණ්ණාඩි මේසය උඩ බැලුවා…..

ඒත් එතන ෆෝන් එක තිබ්බේ නෑ……

කෝ මේ ෆෝන් එක….

වෙනදාට ගිහාන් මේක මෙතන නේ තියන්නේ..

————-රුවිනි සිල්වා නිර්මාණයක්————-

හිරූෂා කාමරයේ හැමතැනම ෆෝන් එක බැලුවා…

ඒත් පේන තෙක් මානයක ෆෝන් එක තිබ්බේ නෑ….

හිරූෂා නිකමට ගිහාන්ගේ කොට්ටේ යට බැලුවා….

මෙන්න ෆෝන් එක දිලිසි දිලිසි තියෙනවා….

මෙතන මොකක් හරි තියෙනවා…

ගිහාන් වෙනදාට ෆෝන් එක මෙහෙම කොට්ටේ යටින් තියාගෙන නිදාගන්නේ නෑ…

මම කලින් ෆෝන් එක බලන්න ඉල්ලුවමත් ගිහාන් ඒක දුන්නේ නැහැ…..

එහෙම හිතපු හිරූෂා මොබයිල් එක කොට්ටේ යටින් හිමිහිට ගත්තා….

හමුවෙමු මීළඟ කොටසින්