05 කොටස

චටාස් …………..

රාගව්ගේ ග්‍රහණය මදක් ලිහිල් වු සැනින්..

අහ්………

මන්දිරා වේගවත් අතිල් පහරක් දිර්වනගේ කොපුල් හරහා එල්ල කරන්නට වුයේ .ඔහුගේ අතින් රිවෝල්වරය ගිලිහී බිම ඇද වැටෙද්දීය…

එක් අතකින් සිය කොපුල් අල්වාගෙන දිර්වන් කොපයෙන් රත් පැහැ ගැන්වුණු ඈ දෑස් දෙස දෙනෙත් විසල් කරමින් බලා හිදින්නට විය..

තමුන් මන් කවුරු කියල හිතන්ද මට තර්ජනය කරන්න එන්නේ.මන් තමුන්ගේ ගුරුවරයා මිසක් ගර්ක් ෆ්‍රෙන්ඩ්වත් තමුන්ගේ කිඩ්නැප් කරපු කෙනෙක් නෙවෙයි .පොඩ්ඩක් අනුකම්පා කරා කියලා කරේ නගින්න ලෑස්ති වෙන්න එපා..

මෙච්චර දවසක් තමුන් කරපු දේවල් වලට මන් සද්ද නැතුව හිටියේ .තමුන්ට බයේ නෙවෙයි .කොච්චර උනත් තමුන් මගේ ලමයෙක් නිසා…

හැදියාව කියලා දෙයක් ගැවිලාවත් නෑද්ද තමුන්ට පොඩි කාලේ අම්මා තාත්තා හොද නරක කිසිම දෙයක් තමුන්ට කියලා දුන්නේ නැද්ද.අඩුම ගුරුවරුයෙක්ට සලකන්න ඕනි විදිහවත් කියලා දුන්නේ නෑද්ද…

ඕ මට අමතක උනානේ තමුන් අනාථ්යෙක් කියලා.ඉතිං කොහෙ කියලා හොද නරක දැන ගන්නද තමුන් වගේ එව්වුන්ට අම්මා තාත්තා නැති එකමයි හොද…

මන්දිරාගේ වදන් අබියස රාගව්ට දැනේන වුයේ සිය ලය පිහිතුඩු දහසකින් සිදුරු කරන තරම් වේදනාවකි.ගෙවි ගිය වසර දහඅට තුල කිසිවෙකු මෙ ලෙසින් තමා පහතට දාමා කතා කර නොමැත .

දෙමාපියන් අහිමි ව පාරක් පාරක් ගානේ සිගා යදිමි කුස පුරාවගෙන මේ ආ ගමන සුවපහසු නොවේ..ඈ මෙලෙස ගරහන්නේ.තමන් අසිරුවෙන් ගොඩනගා ගත් ජීවත්යටයි…

ශික් තමුන්ව දකින එකත් මට අප්පිරියයි.මගේ මාරයා අවුස්ස ගන්න නැතුව මෙතනින් යනවා යන්න.ආයි තමුන් මගේ දැහැට පෙන්නවත් එන්න නැති තරමට ම්න් කැමති .මොක්කද තමුන් දකිද්දි මට පුදුම හිරිකිතයි…

කිසිදු වදනක් හෝ නොපවසමිනි රාගව් ඇගේ නවතැනින් නික්මෙන්න වුයේ .මන්දිරා වේගයෙන් දොර වසා එයට පිට දී බිම හිදගෙන මහ හඩින් ඉකිබිදිද්දීය ….

ම්………….

මොනවද ඔච්චර කල්පනා කරන්නේ..

අහ්………….

ඔහුගේ දෑස් තුල ගිලි සිටි ඇගේ කල්පනාව ඇයටත් නොදැනිම බොහො දුර පියමන් කර තිබෙන්නට වුයේ ඇයටත් නොදැනීමය….

මේ….මේ……

ඇයට බරැති සුසුමක් නිරායාසයෙන් හෙලෙන්නට වුයේ .මිට මොහොතකට පෙර තමා ගිලි උනේ සිහිනයක බව සිහි වීමෙනි..

ඈ සිය දෙතොල් තෙමාගනිමින් වදන් අහුල න්නට උත්සහ කරන්න වුයේ .එය සිහිනයක් වීම පිළිබඳ සිය සිතට පින් දෙමිනි .

ම්…මොකෝ කියන්නේ මැඩම්…

ඔහුගේ ඇගේ හිසට ඉහලින් බිත්තිය මත රැදී තිබුන අනෙක් අත සෙමෙන් ඇගේ ගෙල පිරිමදිමින් සෙමෙන් පහලට ඇදී එද්දෝය…

දෑසට ඉණු කදුලු රහසේම දෙනෙත් තුලම සගාවා ගනිමින් .

ඈ….

හ ….හ….හරි හරි මන් කියලා දෙන්නම්.

ඕ..ක එහාට ගන්නවද…

මන්දිරා අපහසුවෙන් වදන් ගලපන්න වුයේ .ඇගේ හදගැස්ම පිටතට ඇසෙන තරම් වේගවත් වද්ද්දීය..

අන්න එහෙම එනවකෝ..කලින් කැමති උනානම් මේ විකාර නැනේ.හරි හරි ගිහින් වොශ් එකක් දාන් එනවා.මට වැඩි වේලාවක් ඉන්න බෑ…

ඔව් හරි වැඩනේ මෙයාට…මොකක් හරි මගෝඩි වැඩක් ඇති…

මන්දිරා දෙතොල් අතරින් මුමුණමින් ඇගේ කාමර වෙත පා ඔසවන්න වුයේ දෑතින් සිය නලල තෙරපාවගනිමිනි.

මට කියපුවා ඇහුනා හොදේ..

ඇහෙන්න තමයි කිව්වේ..

මේ තමුසෙට වොශ් දානකන් මට බොන්න තේකක්වත් දෙනවකෝ..මිස් කෙනෙක් උනාට ගෙදර ආපු මනුස්සයෙක්ටවත් සලකන්න දන්නේ නෑ….

මන්දිරා නෑසුන ගානට .ඉවත් වුයේ .රාගව් දිය සාක්කුවෙන් ගත් දුම්වැටියක් ගෙන දෙතොල් අතර රදවාගනිද්දීය…

මතුසම්බන්ධයි