වෙස් 🎭🎭

05 වන දිගහැරුම

රෙජිනෝල්ගේ වදන් ඇසී දිසෙන් ගේ දෑස් සැනෙකින් විසල් වුනි.

ජයන්ති මඳ වේලාවක් නිහඬ ව සිටියේ රෙජිනෝල්ගේ යෝජනාව ගැන මොහොතක් කල්පනා කරමිනි.

අනාථ නිවාසයේත් , ෆැක්ටරියේ ත් සෙහංසා සේවය කරන බැවිනුත් නිතරම සමාජ ශාලාවලට යන නිසාවෙනුත් ඇගේ ආරක්ෂාවට කෙනකු සිටීම මේ මොහතේ අත්‍යවශ්‍ය දෙයකි.

එනමුදු මෙවන් තරුණ කඩවසම් තරුණයෙක් ඈ ළඟ තිබීම ගැන නම් ජයන්තිගේ හිතට ගෙනආවේ චකිතයකි.

දිසෙන් මොහොතක් කල්පනා කරේ මේ ප්‍රකෝටිපතියාගේ යෝජනාව පිළිබඳවයි

ඔහු නිහඬව කල්පනා කරන අයුරු දෙස සෙහංසා ඇගේ දැස් විහිදුවාගෙන මොහොතක් බලා සිටියාය.

“සර්….අපි ඒ වෙලේ මිස්ගේ ජීවිතය බේරාගත්තේ කිසි දෙයක් බලාපොරොත්තිවෙන් නෙවෙයි.අපි යන්නම් සර්…”

දිසෙන් එසේ කීවේ සිය මිතුරා දෙස බලමින් ඔහුට මෙහින් පිටව යන්නට එනමෙන් ඇසින් සන් කරමිනි.

රෙජිනෝල්ඩ් ඔහු වෙත දිගු කළේ සිය දුරකතන අංක ලිපින සදහන් රාජකාරී කාඩ් පතකි.

“දිසෙන් මේ මගේ විසිටින් කාඩ් එක.මේක තියාගන්න.ඔයා කලබල වෙන්නේ නැතිව තව ටිකක් කල්පනා කරලම කියන්න.මට ඔය ළමයාගේ නම්බර් එක දෙන්න “.

💓💓💓💓💓💓💓💓💓💓

සෙහන්සා රෑ සයනයට ගොස් වැතිර ගත්තේ නිඳාගැනීමට වුවත් ඈට නිදිමතක් දැනුණේ නැත.ඒ සමහරවිට උදෑසන වරුවම නින්දෙන් සිටීම නිසා යැයි ඈට සිතුණාය.

ඈ සයනයේ ඒ මේ පස හැරි හැරී නිදා ගන්නට උත්සාහ කළත් නින්ද ඈ කරා සොයා ආවේ නැත.

ඈගේ මුළු සිත පුරාම සිටියේ දිසෙන්‍ ය.හමුවයේ ප්‍රථම වරට අද වුව ද ඇයට දැනෙනෙනේ ඔහු බොහෝ කාලයක් දැන හදුනා ගත් කෙනෙකු පරිද්දෙනි.

ඔහු මින් පෙර කිසිදු දිනයක මුණ නොගැසී ඇතී ඇයට සහතිකය .එනමුදු ඒ දෑසේ,ඒ මදහසේ ,ඒ බැල්මේ ඒ මුහුණේ තමාට මේ තරම් හුරු පුරුදු ගතියක් දැනෙන්නේ මන්දැයි ඇය මොහොතක් කල්පනා කරන්නට වූවාය .

කිසිවෙකු හමුවේ සසල නොවී ඇති තම සිත ඔහු හමුවේ මේ තරම් සසල වී ඇත්තේ ඇයි ද එය ඇයට මහත් ගැටළුවකි .

ඔහුගේ ජීවිතය ගැන පවා නොතකා ඔහු මැරයන් හා සටන් කළ අන්දම ඈට සිහිපත් වේ. ඔහු තමා නැරඹූ සටන් චිත්‍රපටියක වික්‍රමාන්විත නළුවෙක් මෙන් යැයි ඇයට සිතේ.

රෑ එළිවන තුරාවට ඔහු ඇගේ මනසේ සක්මන් කරන්නට වූයේ ඇයගේ සිතට අමුතුම මිහිරක් ගෙන දෙමිනි .

තමා ඔහුට නොකළ වරදකට චෝදනා කළ හැටි ඔහු කෝපවී තමාට බැණ වැදුණු හැටි සේ සිහිපත් වූ තරුණිය තනිව සිනහ වූයේ තමා ඒ මොහොතේ වියරුව හැසිරුණු විලාශයට ය.

අවුල් වූ කෙස් කළඹ පීරද්දී ඔහු බලා සිටි අන්දම ඒ මොහොතේ ඔහුගේ තමාගේ ත් සිවු නෙත් ගැටුණු අන්දම සිහිපත් වෙද්දී ඇයට ලජ්ජා සිතේ .

මේ ආඩම්බර තරුණයා සිය සිත පුරා අරක් ගෙන ඇති බව සෙහංසාට දැනුණි..

💓💓💓💓💓💓💓💓💓💓

සෙහන්සා උදෑසන අවදි වූයේ ඇගේ මව ළමා නිවාසයට යාමට සූදානම් වී ඈ හමුවට ආ මොහොතේදීය .

“good morning ශේෂා ,මම ළමා නිවාසේ පැත්තෙ ගිහින් එන්නම් .ඔයා තව ටිකක් දවල් වෙනකන් නිදාගන්න “

ජයන්ති එසේ කීවේ තවමත් නිදා උන් ඇගේ හිස අත ගාමිනි .තරුණිය මව දෙස බැලුවේ අඩවන් කර ගත් දෑසෙන් නිදිමතිනි.කළු පැහැති පසුබිමේ කහ පැහැති කොටු ඇති සාරියකින් සැරසී උන් අම්මා අද අන් කවරදාකටත් වඩා ලස්සන යැයි ඇයට සිතුණි .

“මම තව ටිකකින් ඒ පැත්තේ එන්නම්”

සෙහන්සා කීවේ බොහෝ දිනකින් ඇයට ළමා නිවසාය පෙදෙසට යාමට නොහැකි වූ නිසාය. ඇය සතියට දින කීපයක් ළමා නිවාසය ටත් දින කීපයක් පියාගේ ෆැක්ටරි එකටත් යාමට පුරුදු වී සිටියාය .ඇය පියාගේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ධූරය දරන බැවින් එහි ඇයට පැවැරී ඇති වැඩ රාජකාරි බොහොමයකි .

“අද දුව ගෙදරට වෙලා පොඩි රෙස්ට් එකක් ගන්න .තාත්ති කොහොමත් කිව්වා ඔයාව ටික කාලයක් ගෙදර තියාගන්න එක හොඳයි කියලා”.

ජයන්තිගේ වදන් වලට සෙහන්සා ගේ මුහුණ නරක් වීමට වැඩි වේලාවක් වේලාවක් ගියේ නැත..

පියාගේ ආයතනයේ පැවරී ඇත්තේ සුළුපටු රාජකාරියක් නොවේ .එහි ආයතන රැස්වීම්,ආනයන අපනයන කටයුතු වලට ගණන් හිලව් පියවීම වැනි දහසක් වැඩ අධීක්ෂණය කළේ ඈය.

“එහෙම කොහොමද අම්මා තාත්තගේ ෆැක්ටරි එකේ වැඩ වලට මම ඉන්න ඕනේ “.

සෙහන්සා කීවේ නිදා හුන් ඇඳෙන් නැගිට එහි වාඩි වී සිය මව තුරුල් කර ගනිමිනි .ජයන්ති ඇගේ මේ හුරතල් වැඩ වලට බොහෝ සේ ආදරය කරන්නීය.

ඇගේ බාල දියණිය දුලන්සා වැඩි කතා බහක් නැති තැන්පත් තරුණියක් වුවත් වැඩිමල් දියණිය සෙහන්සා එසේ නොමැත .

ඇය කුඩා අවධියේ සිටම ඉතාම දඟකාරය .කටකාරය .බෙහෙවින්ම හුරතල්ය .සෙහන්සා නිවසේ සිටින විට මුළු නිවසම පිරි ඇති බවක් ජයන්තියට දැනෙන්නෙ එබැවිනි .

දියණිය කෙතරම් කන්නලව් කළත් ටික දවසක් යන යනතුරු වත් ඈව ගෙයින් එලියට යැවීම නුවණට හුරු නැති බව ජයන්තිට දැනේ .

පෙරදා ඈ පැහැර ගත් අවස්ථාවේදී ඇගේ වාසනාවට ඒ තරුණයන් දෙදෙනා මුගැසුනත් ඉදිරියේ දී කුමක් සිදුවේදැයි බියක් ජයන්තිගෙ සිත තුළ පවතී.

“තාත්තා කිව්වා ටික දවසක් යනකං ඒව බලාගන්නම් කියලා .ඔය ළමයා ගෙදරට වෙලා රෙස්ට් එකේ ඉන්න “.

ජයන්ති කීවේ සිය දියණිය දෙස බලමිනි .

“අනේ අම්මේ අම්මලා හදන්නෙ මාව ගෙදරට කොටු කරන්න ද ?”

ගෙදරට වී තනියම නිකරුනේ කාලය ගත කිරීමට වීමට දඬුවමක් තවත් නැත.මේ නිවසට වැදි සති කීපයක් තනිව හිදීම ඇයට කිරීමට තියා සිතීමටවත් නොහැක.

“තේරුම් ගන්න දුව .අපි මෙහෙම කරන්නේ ඔයාගේ ආරක්ෂාවට .ෆැක්ටරි හැමදේටම වඩා අපිට ඔයාව වටිනවා.ටික දවසක් යනකන් ඉවසන්න දුව “.

ජයන්ති එසේ කීවේ සිය දියණියගේ හිස සිඹිමිනි.සෙහන්සා මවට තුරුලු වී මද වේලාවක් නිහඬව සිටියාය .

ජයන්ති සිය අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවේ දැනටමත් තමාට ප්‍රමාද වී ඇති නිසාත් රියදුරා තමා එනතුරු ගෙමිදුලේ බලා සිටින බව සිහිපත් වීමෙනුත්‍ .

“ශේෂා මං ගිහින් එන්නම් හොඳටම පරක්කු වුණා .බඩගින්නෙ ඉන්නෙපා වෙලාවට කන්න .”

මොහොතක් ගත වනතුරු ඇය බලා සිටියේ මව පිටව යන අන්දම දෙස ය.
ඉනිතින් දින ගණනාවක් තමාට මෙසේ නිවසට වී සිටීමට සිදු වනු ඇත .ඇය නැවතත් යහනේ වැතිරුණේ ඒ ගැන දුකින් කල්පනා කරමින් .

සෙහංසාට නැවතත් මතක් උනේ දිසෙන් ය.ඔහු තමාගේ ආරක්ෂකයා වීමට කැමති වූවා නම් කෙතරම් හොඳද ඒත් මේ ආඩම්බරකාර තරුණයා ඊට අකැමැති වූයේ තමාගේ අවාසනාවට යැයි ඇයට සිතුණි .

එසේ නම් මෙලෙස ගෙදරට කොටු වී සිටීමට සිදු නොවනු ඇත .එලෙසම ඔහුගේ රුව ඔහුගේ හඬ තමාට ඇසෙන පෙනෙන මානයේ උදේ සිට රෑ වන තුරු තබාගත හැක .

එකම එක දිනකින් ඔහු සිය සිත මෙලෙසින් සොරා ගත්තේ කෙසේදැයි ඇයටම පුදුමය .

පෙරදා රෑ ඔහු සිය පියාට ඔහුගේ දුරකථන අංකය දුන් මොහොතේ ඇය එය පාඩම් කරගත්තේ කාටත් හොරා ය .දැන් ඇයට ඔහුගේ දුරකථන අංකය කටපාඩම්ය.

එම අංකය අමතක වීමට පෙර සිය ජංගමයට ඇතුලත් කිරිය යුතුයැයි සිහිපත් වූ තරුණිය ඒ ජංගම දුරකථනය සොයන්නට ගත්තාය ..

පෙරදා කප්පම්කරුවන් තමාව පැහැර ගන්නා විට ඔවුන් හා පොර බැඳීමේදී සිය ජංගම දුරකථනය බිම වැටුණු වග ඈට සිහිපත් වූයේ එවිටය .

නිවසේ ස්ථාවර දුරකථනයෙන් ඔහුට දුරකථන ඇමතුමක් දී ඒ කටහඬ ඇසීමට ඇයට උවමනා වුණත් ඔහු තමා ගැන කුමක් සිතනු ඇත්දැයි බියවුණු ඈ ඒ ආශාව අපහසුවෙන් මැඩ ගත්තාය ..

💓💓💓💓💓💓💓💓💓💓💓

දිසෙන් උදයේ අවදි වූයේ පිටකොටුව බලා යන උදෑසන නමයයි තිහේ දුම්රියේ නාදයත් සමගයි .ඔහු අවදිව සිය දෑස් විවර කර බැලුවේ ජනේලයෙන් වැටෙන සැඩ හිරු රැස්
දෙස තරහින් රවමිනි.

ගමේ සිට කොළඹට පැමිණ සය වසරක් පමණ ගතවුවත් තවම කොළඹ කාෂ්ටකය දරාගත නොහැකි තරම්ය.ඔහු වහාම සයනයේ මුනින්තලා වී වැතිරුණේ අව් රැස් වලින් වැළකීම ටයි .

ඔහුගේ සිහියට නැගෙන්නේ ඇයවයි.පෙරදා දහවල් ඈ ඇගේ ගෙදරට හැරවා යළි නිවසට ආ වෙලේ පටන් ඔහුට මේ නිවස දැනෙන්නේ සොහොන් පිට්ටනියක් පරිද්දෙන්

පෙරදා නිවස පුරා ඈ පියමන් කළ අයුරු ,මේ සයනයේ ඈ නිදි කුමරිය පරිද්දෙන් වරුවක ටත් වඩා නිදා උන් අයුරු, තමා සමඟ හඬමින් රණ්ඩු කළ අයුරු , හිසකෙස් පීරමින් ඔහු දෙස බලා සිටි අයුරු දිසෙන්ගේ මතකයේ ඇඳුනේ කිසිදා නොමැකෙන පරිද්දෙනි.

අහඹු ලෙස මුණගැසුනු ඇගේ රූ ඡායා මෙලෙස සිය සිත පුරා සක්මන් කරන්නේ ඇයිදැයි තරුණයාට කිසිවක් සිතා ගත නොහැක .

ඔහු අවදිව සයනය මත හිඳගත්තේ ඈ මේ වනවිට ළඟ නැති නිසා ඒ මතකයන් වලින් ඔහු හෙම්බත් වී උන් නිසාවෙනි.

දෑස් හැර ගෙපැල දෙස බැලූ ඔහුට තවමත් මැවී පෙනෙන්නේ ඈ මේ ගේ පුරා සක්මන් කළ අන්දමයි.

තමාට මේ සිදු වූයේ කුමක්ද ?තමා ගම අතහැර මේ ගෙන්දගම් පොළවට ආවේ ජීවිත සටන කිරීමට මිස තරුණියක් ගැන සිහින මවමින් සිතින් පෙම් කිරීමට නොවන බව තරුණයා සිය සිතට සිහිපත් කර දුන්නේ සිය අකීකරු හිත මෙල්ල කර ගැනීමට උත්සාහ කරමින්.

නානකාමරයේ සිට පැමිණි මහේල ටී ෂර්ට් එකක් ඇදගත්තේ ත්‍රීරෝද රථ ගාල වෙත යාමට සූදානම් වෙමින් .ඔහු මොහොතක් බලා සිටියේ තවමත් ඇඳ මත උකුටලු වී ඉන්නා සිය මිතුරා දෙස ය .

“මොකද බං උ/ඹ අද හයර් යන්නේ නැද්ද ?.උදේ ඉඳන් ඉන්නේ නයා මැ_අහිකුණ්ටකයා වගේ.අර කෙ/ල්/ල නැති සික් එකට නේද ඔය.පාලුයි වගේ නේද?බොරු කියන්න ඕන නෑනේ කෙ/ල්/ල ඉන්නකොට මුළු ගෙදරම එළියයි වගේ නේද ?”.

මහේල එසේ ඇසුවේ ඔහුගේ හිත කියවූ පරිද්දෙන් යැයි දිසෙන්ට සිතුණි.

“එහෙම එකක් නෑ මහියා උ/ඹ/ට පි/ස්/සු”.

දිසෙන් එසේ කියමින් ඇඳෙන් නැගිට ගත්තේ ත්‍රී රෝද රථ ගාලට යාමට සූදානම් වෙමින්.

උදෑසන සිට රෑ එළිවෙනතුරු කොපමණ හයර් ගියත් කෑමට,ඉන්ධන වලට,ත්‍රීරෝද රථ හිමිකරුට ගෙවූ විට අතට ඉතිරිවන්නේ සොච්චම් මුදලකි.

“මට නම් දැන් මේ හයර් දුවන එක එපා වෙලා බන් තියෙන්නේ. මේ ජීවිතේ කවදා ගොඩ යයි ද කියලා හිතාගන්න බෑ.නැහි නැහි ඉගෙන ගෙන කොළඹ ආවේ මෙහෙම දුක් විඳින්න ද බං .සමහර දවස් වලට ත්‍රීවිල් එකේ අයිතිකාරයාට දෙන්නත් සල්ලි මදි “.

මහේල දිසෙන් දෙස බලා සිටියේ දුකින්.ඔහු පවසන සියල්ල ඇත්තය .ගම්වල උගත් තරුණයන් විරැකියාව නිසා කොළඹ පැමිණෙන්නේ හොඳ රැකියාවක් සොයා ගෙන යස ඉසුරින් පිරි ජීවිතයක් ගත කිරීමට වුවත් බොහෝමයක් දෙනාට කොළඹ ඇති තරඟකාරීත්වය නිසා අවසානයේ සිදුකිරීමට වන්නේ මෙවන් රැකියාවන් ය.

තිරෝද රථය තමාගේම නිසා තමාට එතරම් පාඩුවක් නැතත් ,වෙනත් අයිතිකරුවන්ගේ රථ කුලියට අරගෙන හයර් දුවන තරුණයන්ට මේ රැකියාවෙන් කිසිදු ඵලක් නැත .එක්වරම මහේලට සිහි වූයේ සෙහංසා ගේ පියා වෙන රෙජිනෝල් මහතාගේ ඇරයුමයි .

” මම නම් කියන්නේ සුද්දා අර මිස්ගෙ තාත්තා කියපු ජොබ් එක සෙට් කරගත්තනං උ/ඹ ගොඩ කියලා .හොඳ පඩියක් දීලා උ/ඹ/ට හොඳට සලකයි බං .මොකටද මෙහෙම දුක් විදින්නේ “.

මහේල එසේ කීවේ ඩෙනිම් කලිසමට කළු ටී-ෂර්ට් එක ඇඳගමින් හිඳිනා සිය මිතුරා දෙස බලමින් .

මිතුරාගේ වදන් සැබෑවක් වුවත් තරුණියකගෙ ආරක්ෂකයකු ලෙස සේවය කිරීමට දිසෙන්ට හිත හදා ගැනීමට නොහැක.

වෙනත් එකඳු තරුණියක් ගේ අබියස නොසෙල්වුන මේ සිත මේ තරුණියගේ ළඟ සෙලවෙද්දී තමා කෙසේ සිත එක්තැන් කරගනිමින් ඈගේ සේවකයකු වී සිටින්නේදැයි තරුණයා කල්පනා කරමින්ම ගෙයින් පිටවුයේ මිතුරාගේ පැනයට පිළිතුරු නොදීය.

💓💓💓💓💓💓💓💓💓💓💓💓

සෙහන්සා ගෙදරට වී තනිවම සිටියේ අපහසුවෙනි.නැගණියද විශ්ව විද්‍යාලයට ගොස් සිටි අතර නිවසේ සිටියේ මෙහෙකරුවන් පමණි.හුදකලාවේ මෙසේ නිවසේ සිටින්නට වීම ඈට දැනුණේ දඩුවමක් පරිද්දෙනි.

උදෑසන ආහාර ගැනීමෙන් අනතුරුව සෙහංසා නැවත කාමරයට වැදුනේ කාර්යාලයේ ඇය නමට එවා ඇති ඊමේල් පණිවිඩ පරීක්ෂාකර බැලීමටයි .ඇය යහන මතම අසුන්ගෙන ඇගේ ලැප්ටොප් යන්ත්‍රය උකුල මත තබාගෙන එය ක්‍රියාත්මක කෙරුවාය.

ඇගේ අනුමැතිය අපේක්ෂාවෙන් තිබූ ලිපි කියවා බැලු ඈ ඒවාට අනුමැතිය දී,කාර්යාලයෙන් එවා තිබූ වාර්තා පරීක්ෂා කර ඉන්පසුන්ව මුහුණු පොතට ගියේ කම්මැලි කම නිසාමය.

මුහුණුපොත වටා එහාට මෙහාට ගියත් ඈට බැලීමට දෙයක් නොවුණු තැන ඈට ආවේ අපුර්වතම අදහසකි.ඈ පිරික්සන්නට වූයේ දිසෙන් ගේ නමයි.කෙතරම් උත්සහ කළත් ඈට එය සිදු කිරීමට නොහැකි වූයේ මුහුණුපොතේ මුල් නමකින් පමණක් කෙනෙකු සෙවීම ඉතා අපහසු දෙයක් බැවිනි.

පැයකට ආසන්න කාලයක් ඈ ඔහුව සෙවුමුත් සොයා ගැනීමට නොහැකි වූ තැන ඈ තමාටම දොස් නඟා ගත්තේ ඔහුගේ වාසගම තමාට දැනඅසාගැනීමට නොහැකිවූ නිසාය…

ඔහුගේ මතකය සිතට වදයක් වූ නිසාම එය මඟ හැරීමට ඇය සිතුවේ ඉංග්‍රීසි චිත්‍රපටියක් නැරැඹීමට ය.

ඇය ඇගේ ඩීවිඩී පටි එකතුවෙන් එකක් තෝරාගැනීමට උත්සහ කරන්නට වූවාය.ඈ වඩාත් ප්‍රිය කළේ කළේ රෝමාන්තික වර්ගයේ චිත්‍රපටි වලටය .

එක්වරම ඇතිවූ සිතුවිල්ලකට අනුව ඇගේ අත ගියේ ඇන්ජලිනා ජොලි හා බ්‍රැඩ් පිට් රඟන මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් ක්‍රියාදාම චිත්‍රපටියට ය.

ඇය වෙනදාට සටන් ජවනිකා තිබෙන චිත්‍රපට බැලීමට ප්‍රිය නොකළත් එය බැලීමට සිය සිත පෙලඹුණේ ඇයි දැයි කියා ඇයටවත් නොදැනේ.

බ්‍රැඩ් පිට් ගේ සටන් ජවනිකා දුටුවිට ඇයට සිහිපත් වූයේ දිසෙන් වය.මැවී පෙනුනේ ඔහුගේ රුවය.ඔහු සටන් කරන අන්දමය.

“සුද්දා මේ තරම් මගේ හිතට වදයක් වෙන්නෙපා”ඇය තමා ගේ සිතට ගියා ගත්තේ එලෙසිනි .

මදවේලාවක් චිත්‍රපටය නරඹමින් සිටින විට
ඇයට ඇසුනේ කිසිවෙකු සිය නිවසේ විදුලි සීනුව නද කරන බවය .

ඒ සමගම නිවසේ ස්ථාවර දුරකථනයට ඇමතුමක් ආ හෙයින් ඇය සාලයට දිවගියේ මැගිලින් යම්කිසි කාර්යයක නිරත වී ඇති බව සිතමින්.

“ශේෂා නෝනා. නෝනගේ යාලුවා ඇවිත් ඉන්නවා”.

නිවසේ මුරකරු වූ සුගතන් එසේ කියද්දී ඇය හනිකට දොර විවර කර මිදුළට ගියේ පැමිණ සිටින සිය මිතුරිය වන මීෂ්කා පිළිගැනීමටයි.

ඇය ඇඳ සිටි සුදු පැහැ කෙටි සායටත් රත් පැහැති ටීෂර්ට් එකත් ඈට ගෙන ආවේ සොඳුරු බවක් .තළෙලු පැහැති ඇය උස මහතින් අඩු සුන්දර යුවතියකි.

සිය මිතුරිය දුටු සැනින් ම්ෂ්කා ඇය තුරුලු කරගත්තේ සෙනෙහසිනි.තමාට සිය මිතුරිය වෙනුවෙන් කිසිවක් කිරීමට නොහැකි වූ බැවින් ඇය සිටියේ දුකින් වුවත් සෙහන්සා නැවත නිවසට පැමිණීම ආරංචි වූ සැනින් ඇයට දැනුණේ අපමණ සතුටකි

එය දැනගත් විගස ඇය සිය මිතුරිය බැලීමට දිව ආවේ එහෙයිනි.

” Sehansa I’m sorry I couldn’t do anything for you. At that time I was scared.”

මිෂ්කා සිය මිතුරිය වැළඳ ගත්තේ එසේ කියමිනි.මෙවැනි අත්දැකීමකට තමා මෙන්ම ඈද මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බැවින් ඇය බිය වීම සාධාරණය .

“It’s okay .You were shocked at the time.”

සෙහන්සා කීවේ සිය මිතුරිය අස්වසමින්.

මීෂ්කා කළු පැහැති කොට කලිසමකුත් කහ පාට ටී ෂර්ට් එකකින් සැරසී සිටි සිය මිතුරිය දෙස දෑස් විහිදා බැලුවේ ඇය කිසිවෙකු පැහැරගෙන ගියත් ඇය වෙනදාටත් වඩා නැවුම් ලෙස දිස්වෙන බව හිතමින් .ඒ ගැන පුදුමයෙන්.

“අම්මෝ මං ගොඩක් බය වෙලා හිටියේ උඹට මොනා වෙන්න ඇතිද කියලා.උඹව මෙහෙම දකිනකොට හරිම සතුටුයි බං “.

ඇය සිය මිතුරියගේ නිවසට පැමිණියේ ඇගේ දෑතේ එල්ලෙමෙන් එසේ
කියමිනි.

ඇය සිය මිතුරිය ශීතකරණය අසලට ගෙන ගොස් එය විවර කර ඇසෙන් සන්කර කීවේ ඇයට කැමති දෙයක් ගන්නා ලෙස කියමිනි.

ඇය එතුලින් ගත්තේ මිදියුෂ පළතුරු පානයකි.

“උ/ඹ/ට ?”.

මිෂ්කා එසේ ඇසුවේ ශීතකරණයේ දොර වැසීමට පෙර ඈ දෙස බලමින්.

“මට එපා .දැනුයි උදේට කෑවේ “.

මිෂ්කා සෙහන්සා සමඟ ගියේ ඇගේ කුටියටය.දෙන්නා අසුන් ගත්තේ එහි වූ කුෂන් පුටුවකය.

“මොකක්ද එදා උනේ.ඒ කට්ට්ය උ/ඹ /ව කිඩ්නැප් කරේ තාත්තාගෙන් සල්ලි ගන්නලු නේද?මම හිතුවේම උ/ඹ ගහපු කම්මුල් පාරට රිටර්න් එක දෙන්න කියලා.ආයේ ඒ ක්ලබ් එකට යන්න නරකයි .සිකුරුටි වත් හිටියේ නෑ කාර් පාර්ක් එකේ.ඒ මි/නි/හා අරහෙ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා කිසිම ආරක්ෂාවක් නෑ “

මිෂ්කාට තවම එදා සිදු වු සිදුවීම සිහිවෙද්දී ඇග හිරිගඩු පිපේ.සිය මිතුරිය මෙසේ නිරුපද්‍රිතව පැමිණීම හාස්කමක් මෙන් ‍යැයි ඇයට සිතේ.

“නෑ මිෂ් ඒ සේරම ප්ලෑන් එකක්.උන් මාව කිඩ්නැප් කරලා තියෙන්නේ තාත්ති ගෙන් සල්ලි ගන්න”.

ඉන් අනතුරුව දිසෙන් හා මහේල විත් ඇයව බේරාගත් අයුරුත් ඇයව ඔවුන් රැක බලා ගත් අයුරුත් නැවත නිවසට ගෙනහැර ලවා ගිය අයුරුත් පවසද්දී මිෂ්කා උන්නේ සිය දෙඇස් විහිදාගෙන මුවත් බාගෙට විවර කරගෙනය.

“මාරයි නේ .උ/ඹ විස්තර කරපු විදියට මට මැවිල පෙනුනේ හරියට action movie එකක් වගේ .දැන් ඔය කො/ල්/ලො දෙන්න ගෙන් මොන කො/ල්/ල/ද අපේ ශේෂාගේ හිත ගත්තේ ?”.

“එහෙම මොකුත් නෑ .පද හදන්න ලෑස්ති වෙන්නෙපා “.

සෙහන්සා එසේ පැවසුවේ ඇගේ මුහුණ රත් පැහැ කරගනිමිනි.

ඇගේ ඒ රත් පැහැ මූහුණම සියල්ලම අපූරුවට සාක්ෂාත් කර පෙන්වන බව මිෂ්කාට සිතිණි.

ඇය සෙහන්සාව ඇසුරු කරන්නේ පෙර පාසල් යන අවධියේ පටන් බැවින් ඇයගේ සුසුමක වෙනස පවා මිෂ්කාට හරි අපූරුවට දැනේ .

“මේ උ/ඹේ ඔය මූණ රතු වෙලා තියෙන විදිහට කියන්න පුළුවන් උ/ඹේ හිතේ දැනටමත් ඔය කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්න ව කියලා.බෙස්ටිගෙනුත් හන්ගනවා නේ “.

මිෂ්කා එසේ කියද්දී තරුණියගේ මුවට එක්වර ආවේ සොදුරු සිනහවකි.

සිය මිතුරියගේ මුහුණට මෙවන් ලැජ්ජාශිලී සිනහවක් මීට පෙර ඇදී තිබෙනවා මිෂ්කා දැක නොමැති තරම්ය.

“එහෙමම නෑ ඒත් එතන හිටපු එක බෝයි කෙනෙක් නම් මාර හැන්ඩ්සම්.එයා තමයි එදා ෆයිට් කරලා මාව බේරගත්තේ”.

සෙහන්සා එසේ කීවේ ඇගේ දෑස් විහිදුවා සිනහාසෙමිනි.

ඔහු තමාගේ මතකයට එද්දී පවා සිය හිත කිති කැවී යන්නේ ඇයිදැයි
ඇයට සිතාගත නොහැකිය.

වෙනකිසිම තරුණයෙකු ළග නොසෙලවුන සිය සිත ඔහු හමුවේ මෙතරම් සසළ වෙන්නේ ඇයිදැයි ඇය මද වේලාවක් කල්පනා කරන්නට වූවාය.

“ඇත්ත කි/ය/ප/න් හිත ගිහින් නේද දැනටම කො/ල්/ලා/ට….”.

“හ්ම්…..ඒත් දිසෙන් හරි ආඩම්බරයි.එදා තාත්තා මගේ බොඩිගාර්ඩ්ට කතා කරාම එන්න බෑ කියලා කිව්වා.”.

“ඒ කැමති නෑ කිව්වේ ජොබ් එකට නේ.අපේ මේ චීස් බෝලෙට අකමැති වෙන්නේ කවුද?.”

මිෂ්කා එසේ කීවේ සිය මිතුරියගේ කොපුලක් ආදරයට මිරිකමිනි.

හදිසියේම මෙතෙක් වේලා අමතකව තිබූ දෙයක් එක්වරම මතක් වූ හෙයින් මිෂ්කා සිය මිතුරිය ගේ සයනයේ තිබූ අත් බෑගය අතට ගෙන එය විවර කරමින් යමක් අතට ගත්තේ සෙහන්සාව පුදුම කරමිනි.

හමුවෙමු මීළඟ කොටසින්