Ex- වයිෆ්

21 වන කොටස

දැන් මම කොහොමද ගැලවෙන්නේ…

ගිහාන් දහ අතේ කල්පනා කරනවා…

චේතනා ගිහාන්ගෙ බය වෙච්ච මූණ දිහා දෑස් විදාගෙන බලාගෙන ඉන්නවා …

“ත/මුසේ ගෙදර වැඩ කරන්න ආවා නම් මොකද මගේ ඇඳේ කරන්නේ…..”

චේතනා ගිහාන් දිහා තරහින් බලන් හිටියා..

මේ මනුස්සයා හරියට නිකං කතා කරන්නේ මම වැරැද්දක් කරා වගේ …..

මම එපා කියද්දි මාව බලෙන්ම ළඟට අරගෙන දැන් මගේ පිට වැරැද්ද දාන්න හදන්නේ ……..

“මාත්තයා ….යෙපි දුප්පත් තමා …..ඒත් යෙපි වැරදි වැඩ කරන් නේ……..මගේ මිනියා නැති වුණේ මගේ කොල්ලා පුංචි කාලෙ මයි….ඒත් මං එයින් පස්සේ වෙන මිනියෙක් ගාවට ගියේ නෑ ….මාත්තයම තමා මට කරදර කලේ …..දැන් ඒවට මාව අල්ලන්න යෙපා…”

“තමුසේ ගෑනියෙක් නේද ?..බීපු පිරිමියෙක් ඉන්න කාමරේකට හරි ගෑනියෙක් එනවද?….”

තරහ වැඩිකමට චේතනාගේ ඇස් රතු වුනා..

ඇස්වල කඳුළු පිරුණා ……….

“මේ මාත්තියා එහෙම කතා කරන්න එපා ..මාත්තියාගේ වැරැද්ද…මම දන්නෙ නෑ මාත්තයා ගෙදර ඉන්නවා කියලා ….මාත්තයා සිකුරාද ගෙදර ගිහින් සදුදා එන නිසා මම ආවේ ..මාත්තයා මේ කාමරේ ඉදියි කියලා මං දැනන් හිටියේ නෑ…මාත්තයාගේ කාරක ඉස්සරහ නතර කරල තිබ්බත් මම හිතුවේ මාත්තයා කාර් එක දාලා ගිහින් කියලා….. “

“හරි උ/ඹ දන්නෙ නැතුව ආවා වුණත් ….උ/ඹ/ට මගෙන් බේරිලා යන්න තිබ්බා …”

“කොහෙ යන්නද මාත්තයා මම සාලෙට දුවන් ගියත් මාත්තයා මගේ පස්සෙන් ආව ….මාත්තයා ගෙ හයි හත්තිය එක්ක මට යැප්පෙන්න පුලුවන්ද ….”

“හරි උ/ඹ දැන් මෙතනින් ප/ල/ය/න් ..මේ හැමදේම උනේ වැරදීමකින්.මම හිතුවේ මගේ වයිෆ් කියලා ඒකයි මේ සේරම වුණේ.”

චේතනාගේ මූණට අවඥාසහගත හිනාවක් ආවා ..

———රුවිනි සිල්වාගේ නිර්මාණයක්————–

“අනේ යන්න මාත්තයා කොච්චර බීල හිටියත් ගෙදර ගේනී අඳුර ගන්න බැරිද?…මාත්තයාට බීල ගෙදර එන්න සිහියක් තිබ්බනං ගේනිව අඳුර ගන්න බැරි වෙන්නෙ කොහොමද ?…

චේතනාගේ කතාවට ගිහාන් නිරුත්තර වුණා …

ගිහාන් හිතින් තමන්ටම දොස් කියා ගත්තා ..

මට තිබ්බෙ විදුර කිව්වා වගේ බීලා ගෙදර යන්න …

එහෙනම් මේ මොකුත් නෑ..

බීමත්ව ඉන්නකොට මට මගේ හැඟීම් පාලනය කරගන්න අමාරුයි..

මම මේ මොකක්ද කරගත්තේ..

“මම ගෙදර ඇවිල්ලත් බිව්වා..අනික උ/ඹ කාමරේට එන්න ඇත්තෙ මම නිදාගෙන ඉන්න වෙලාවේ වෙන්න ඇති .මම නිදිමරගාතෙ හිටියේ ..ඒකයි මේ සේරම වුණේ ..”

දැන් නං ගිහාන්ගෙ සැර හොඳටම බාල වෙලා…

චේතනා තවම ඇඳේ වාඩිවෙලා ඉන්න විදිය දැක්කම ගිහාන්ට තවත් තරහ ගියා ……..

“තවත් මේ ඇඳේ ඉන්නැතුව නැගිටලා ප/ල/ය/න්…”

චේතනා නැගිටින්න ගිහින් ඇඟේ දවටගෙන හිටිය ඇඳ රෙද්ද පසෙකට වුණා ….

ඒ රණ තිසර යුවල …..

පුළුලුකුල..

ඒ සිවුමැලි නාරි දේහය….

ගිහාන්ගේ හිතේ මෙතෙක් යටපත් වෙලා තිබ්බ ආශාවන් ඉස්මතු වුණා ….

ඒ ආශාවන් ගිහාන්ගෙ සිහි විකල් කරා ….

“අනේ මාත්තියා මට යන්න දෙන්න ..මම දුප්පත් ගේනි.සේරම උනාට පස්සේ මාත්තයා මටම බනිවී.ගෑනු යෙපි තමා හැමදේකටම වැරදි..”

———රුවිනි සිල්වාගේ නිර්මාණයක්————–

“මම දන්නවා උ/ඹ/ත් කැමතියි කියලා..”

“අනේ මාත්තයා මේවා පව් වැඩ ..”

ගිහාන්ගේ ආවේගශීලි ආලිංගන ඉස්සරහ චේතනා නිහඬ වුණා..

ඒ නිහඬකම ගිහාන්ට අනුබලයක් වුණා..

කොහොමත් වැරැද්දක් කරද්දි ඒ වැරැද්ද පලවෙනි පාර කරනකොට විතරයි අමාරුයි ….

ඊට පස්සේ ඒ වැරැද්ද ඉබේම පුරුද්දක් වෙනවා ….

ඒ පුරුද්ද කාලයක් ගිහින් ඇබ්බැහියක් වෙනවා ..

ගිහාන් චේතනාව තුරුළු කරගෙන හති අරිනවා..

චේතනා ඒ තුරුලට වෙලා ගිමන් නිවනවා ..

චේතනා ගිහාන්ගේ පපුවට තුරුල් වෙලා ඉන්නවා ..

අවුරුදු ගණනාවකින් ලැබෙන මේ පිරිමි උණුසුම චේතනාව තව තවත් දඟකාර කරනවා ..

චේතනාගේ දඟකාර වැඩවලට ගිහාන් වහ වැටිලා ..

හිරූෂා තරම්වත් පාට නැති වුණාට චේතනාගේ අමුතුම ලස්සනක් තියෙනවා …

ඒ වගේම හරිම සරාගී..

මෙතෙක් කාලයකට නොලැබුණු මේ අත්දැකීමට ගිහාන් වහ වැටිලා හිටියෙ ……

හිරූෂා වගේ නෙමෙයි ..

හිරූෂා මට ලං වෙන්නේ වදෙන් පොරෙන් …..

ඔන්න දැන් දැන් ගිහාන්ට හිරූෂාගේ අඩුපාඩු පේනවා ..

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

සඳුදා උදේ වෙනකන් හිරූෂා හිටියේ නොඉවසිල්ලෙන්..

ඒ සදුදාට ගිහාන්ගෙ කාර්යාලයට කතා කරන්න ..

චූටි දෝණි එක්ක ඉස්කෝලෙ හිටපු හිරූෂා බලාගෙන හිටියේ ඉන්ටරවල් එක දෙනකන්…

ඉන්ටවල් එක දුන්න ගමන් හිරූශා චූටි දෝණිට කෑම දුන්නා…

ඊට පස්සේ පන්තිභාර ගුරුතුමී ලගට ගියා ..

“ටීචර් මට වොෂ් රූම් යන්න ඕන..පොඩ්ඩක් කේශාරා බලා ගන්න පුළුවන්ද ?..

“අනේ අම්මේ ඉක්මනට එන්න ..මට දරුවාත් එක්ක අනිත් ළමයින්ට උගන්වන්න බෑ …”

පන්තිභාර ගුරුතුමීට චූටි දෝණිව හරි කරදරයක් …

අසරණ හිරූෂාට කොයි පැත්තකින් වත් සහනයක් නෑ …

හැම පැත්තෙන්ම තැලෙන්නේ පොඩි වෙන්නේ හිරූෂා….

“හරී ටීචර් මට විනාඩි දහයක් දෙන්න..”

හිරූෂා පන්ති කාමරයෙන් එළියට ගියා ..

ඉස්කෝලේ වත්තෙ සෙනග කවුරුවත් ගැවසෙන්නේ නැති කොනකට ගියා ..

අතේ තිබ්බ මොබයිල් එක අරගෙන ගිහාන්ගෙ ඔෆිස් එකේ නම්බරේට කතා කරා ..

ගිහාන් ඇමතුමට පිළිතුරු දුන්නා ..

“හලෝ ගිහාන්..”

හිරූෂාගේ කටහඬ ඇහිච්ච ගමන් ගිහාන් ගැස්සිලා ගියා …

තමන්ගේ අතින් මෙච්චර වැරැද්දක් වෙලා තියෙද්දී ගිහාන් කලබල නොවී තියේවිද ?..

“ඇයි ඇයි හිරු ..”

ගිහාන් කටහඬ අවදි කර ගත්තේ අමාරුවෙන් …

“ඇයි මට ඔයාට කතා කරන්න බැරිද ?..”

“එ.හෙ…ම නෑ හිරු මං නි.ක..මට ඇහුවේ ….

ගිහාන් කතා කරේ ගොත ගහ ගහා….

ගිහාන්ගෙ වෙනස හිරූෂාට තේරුනත් හිරූෂා හිතුවේ එදා සිදුවීම ගැන ගිහාන් පසුතැවෙන නිසා ගිහාන් මෙහෙම කතාකරනවා ඇති කියලා ….

“වෙච්ච දේවල් අමතක කරන්න ගිහාන්..දරුවා අපි දෙන්නගෙ…මගේ විතරක් නෙමෙයි නේ..ෆෝන් එක හදාගන්න බලමු .”

“ඒක හදලා වැඩක් නෑ ..ඊට වඩා හොඳයි අලුතින් ෆෝන් එකක් ගන්න එක …මම අලුත් ෆෝන් එකක් ඕඩර් කරා..අද හවසට මට ෆෝන් එක හම්බ වෙයි ..”

“එතකොට ඔයාගේ සිම් එක ..”

“ඔෆිස් එකෙන් අලුත් සිම් එකක් ගන්න පුළුවන් ..පරණ සිම් එක අරන් තියන්න ..”

“හරි…සිම් එක දාපු ගමන් මට කතා කරන්න ..මට ඔයාට කතා කරන්න විදිහක් නෑ නම්බරේ නැතුව..”

“හරි හරි හිරු ..

“ඔයා උදේට කෑවද ගිහාන් ?.”

“ඔව් කෑවා ඔයා ඉස්කෝලේ ද ?.”

“අනේ බෙල් එක ගැහුවා..ඉන්ටවල් ඉවරයි මම පන්තියට යන්න ඕනි …”

“හිරූ පුතා හොඳින්ද ?..”

ගිහාන් එහෙම ඇහුවම හිරූෂාට දුක හිතුනා..

ගිහාන් කොයිවෙලාවෙත් අහන්නේ පුතා ගැන විතරයි ..

ඇයි දුව ගිහාන්ගේ නෙමේද ?..

තාත්තලා දැකලා තියනවා ඕන තරම්…

ඒත් මේ වගේ තාත්තා කෙනෙක් දැක්කමයි..

එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ …

තාත්තාගේ අතින් දුව විනාශවෙන කාලයක් මේක ..

ගිහාන් කියන්නේ හොඳ තාත්තා කෙනෙක් නෙමෙයි …

මගේ වැරැද්ද ?..

———රුවිනි සිල්වාගේ නිර්මාණයක්————–

කසාද බඳිනකොට හොඳ ගුණ යහපත් කෙනෙක්ව කසාද බඳින්න තිබ්බා ..

එහෙනම් මගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා ..

ඒත් සුහුඹුල් වයසේ දුරදිග කල්පනා වෙන්නෑ ..

ගිහාන්ගේ කඩවසම් කමට හිත ගියා ..

බදින්න කලින් ගිහාන්ගෙ පොඩි පොඩි වැරදි දැක්කත් ඒව පොඩ්ඩක්වත් මම ගණන් ගත්තෙ නෑ …

දැන් ඉතින් ඒවා කල්පනා කරලා වැඩක් නෑ …

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ ..

හිරූෂාට එහෙම හිතුනා..

“දරුවො දෙන්නම එදා ඔයා තරහ වෙලා ගියාට පස්සෙ ඉඳන් හරිම දුකින් ඉන්නේ ..මට පරක්කු වෙනවා .දැන් දුව ළඟට යන්න ඕනි…”

“මම හවස් වෙලා කතා කරන්නම් හිරු …”

ගිහාන් ඇමතුම විසන්ධි කරා..

හිරූෂා කලබලයෙන් දුවගේ පන්ති කාමරයට ඇවිදන් ගියා..

දුව මොන දඟ වැඩක් කරල ද දන්නෑ…

හිරූෂා පන්තිකාමරයට ගියේ පපුව ගැහි ගැහි….

ටීචර් පාඩම පටන් අරන්..

පුදුමයි ඒත් ඇත්තයි…

දුව තනියම චිත්‍රයක් පාට කරනවා ..

හිරූෂා හොඳ හුස්මක් අරගෙන දුව ලගින් වාඩි උනා …

“අම්මා පරක්කු නිසා මං වැඩක් දුන්නා ..දැං හැබැයි හිටියට වඩා කේශාරා හොඳයි ….”

එහෙම කිව්වම හිරූෂාට ලොකු සතුටක් දැනුණා ..

අවුරුද්දේ දවස් තුන්සිය හැට පහේම ..

දවසේ පැය විසි හතරෙම ..

චූටි දෝණි එක්ක ඔට්ටු වෙවී ඉන්න හිරූෂාට
සතුටු නොහිතේවිද?..

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ගිහාන් දැන් ගත කරන්නෙ සංක්‍රාන්ති කාලයක් …

හරි වැරැද්ද තේරුනත් ගිහාන්ගේ හිත දුවන්නේ වැරැද්ද පස්සේ….

චේතනාගේ ආලිංගන නිසා ගිහාන්ගේ මෙතෙක් කාලයක් යටපත් වෙලා තිබ්බ අසීමිත ආශාවන් උද්දීපනය වෙලා …

ගිහාන්ගෙ මුලු හිතම ගතම හොයන්නේ චේතනාව…

ගිහාන් මග බලාගෙන හිටියේ චේතනා එනකන් …

ඇත්තටම දැන් ගිහාන් චේතනාට ඇබ්බැහි වෙලා…

චේතනා ඉදිරියේ ගිහාන්ට තමන්ගේ තත්ත්වය ,තනතුර හැමදේම අමතක වෙලා ..

ගෙයි දොර වහගෙන චේතනා ගෙට ආවා ..

චේතනාගේ නළලේ මොට්ටුවක් …

කොණ්ඩය තනි කරලට ගොතලා පිච්ච මල් වැලක් දාලා ….

අද චේතනා හරිම හැඩයි ..

“අදනේ කෙ/ල්/ල/ගේ ලස්සන දැක්කේ …..අද මොකද ඔය …”

චේතනා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ..

“මාත්තයා මං කෝවිල් ගියා ..අද අපිට අවුරුදුනේ..”

“අයියෝ චේතනා මට ඒක අමතක උනා …නැත්නම් මං ඔයාට එන්න කියන් නෑ…”

“නෑ නෑ මාතතයා යේක ප්‍රශ්නයක් නෑ….පුතාව අම්මා ගාව තියලා ආවේ…අපි දවල් අවුරුදු සැමරුවා ….මේ මම මාත්තයට කැවිලි ගෙනාවා ….’

චේතනා කුස්සියට ගිහින් ඒ කැවිලි පිඟානකට දාලා ගෙනත් දුන්නා …

“මම රෑට කාලා ඉන්නේ චේති …”

“යේකට කමක් නෑ ….ඕව කන්න …මමමයි හැදුවේ …”

———රුවිනි සිල්වාගේ නිර්මාණයක්————–

ගිහාන් චේතනා ගෙනාපු කැවිලි ආසාවෙන් කන්න ගත්තා…

“මේ මොනාද මේ මුද්දරප්පලම් කජු මුන් ඇට දාපු බත් එක ඒක හරිම රසයි …”

“මාත්තයා යේක මුරුතැන් බත් ……අපි ඕක දෙවියන්ට හදන්නේ ..”

“ඉතින් එහෙනම් මට ගෙනාවේ…”

“ඔය මාත්තයාගේ පංගුව ..මාත්තයත් මට දෙවියෙක් වගේ තමා ..”

චේතනාගේ උකුළු මුකුළු …..

කෝපි මල් හිනාව …..

ගිහාන්ව තව තව ඇද බැඳ ගන්නවා ….

මුළු දවසම දරු දෙන්නත් එක්ක ඔට්ටු වෙන හිරූෂට කොයින්ද ගිහාන් එක්ක උකුළු මුකුළු කරන්න කාලයක් …

ගිහාන් දවසින් දවස චේතනාගේ ආදරයට වසඟ වෙනවා….

ගිහාන් චේතනා එක්ක සාලේ සෝපාව උඩ වාඩි වෙලා සතුටු සාමීචියේ යෙදෙනවා …

චේතනාගේ පිච්ච මල් වල සුවඳ ගිහාන්ගෙ මුලු හිතම පුබුදු කරනවා….

ගිහාන් ඒ පිච්ච මල් වල සුවඳ විඳිනවා…

“හරිම සුවඳයි ..”

“මොනවද?….”

“මේ මල් තව ඔයා….”

“අනේ මාත්තියා එපා කිචි කවන්න එපා…”

ගිහාන්ට ඒ එක්කම හිරූෂාගේ කටහඬ ඇහෙනවා …

“හලෝ…..”

ගිහාන් ටයි චේතනා ටයි හීන් දාඩිය දැම්මා …

ගිහාන්ගේ සාක්කුවෙ තිබ්බ ෆෝන් එකෙන් හිරූෂාගේ කටහඬ ඇහෙනවා …

ගිහාන් හිරූෂා දකියි කියලා බයට වගේ චේතනා ගෙන් ඈත් වුණා …

ගිහාන් ෆෝන් එක කනට කර ගත්තා …

මම හිරූෂාට කෝල් එකක් ගත්තෙ නෑනේ…

හිරූෂාගෙන් මට කෝල් එකක් ආවා නම් ෆෝන් එක රින්ග්ස් යනවා ඇහෙනවා……

මේක කොහොමද උනේ ?……

කලින් කතා කරපු දේවල් හිරූෂාට ඇහුනද දන්නෑ …..

දැන්නම් ගිහාන්ගෙ හෘදස්පන්දනය සීඝ්‍රයෙන් වැඩිවෙලා …

හමුවෙමු මීළඟ කොටසෙන් 💔💔💔💔💔💔

——-කරුණාකර කතු අයිතිය සුරකින්න ——-

කතාව කියවලා දැනෙන හැඟීමත් ලියාගෙන යන්න අමතක කරන්න එපා…

කතාව කියවන ඔයාලා හැමෝටම ස්තුති ආදරෙයි…