වෙස් 🎭🎭

හතරවන දිගහැරුම

තද නිල් පැහැති බාච්චු ගවුමක් හැඳ සිටි පැහැපත් පෘෂ්ඨිමත් පෙනුමක් ද රවුම් මුහුණක් හිමි ජයන්ති දෙසත් මදක් අඳුරු පැහැති දිගු මුහුණක් හා උස මහත ශරීරයක් තිබූ රෙජිනෝල්ඩ් දෙසත් තරුණයන් දෙදෙනා එක් මොහොතක් බලා සිටියහ .

කප්පම් කරුවන් පිරිසක් විසින් පැහැරගත් සිය දියණිය දුටු මොහොතේ දී ජයන්ති ටත් රෙජිනෝල්ටත් දැනුනේ ඈව උපන් විගස දී දුටු මොහොතේදී දැනුන සතුටුට නොඅඩු සතුටකි.

ජයන්ති සිය දියණිය වැළඳගත්තේ ඇයව සිය ළයට තුරුළු කර ගනිමිනි. මවගේ දෙනෙතෙන් වැටෙනඋණු කඳුළැල් තරුණියගේ උරමඩල පවා තෙත් කරන් ගියේය.

මව මෙලෙසින් අඬන්නේ දුකටද සතුට ද කියා සිතා ගත නොහැකිව ඈ මොහොතක් මවට තුරුලු වී උන්නාය

රෙජිනෝල්ඩ් සිය දියණියගේ හිස අතගාන්නට වූයේ ඈ ගැන ඉතිරී ගලා ගිය ස්නේහයෙන්.

මෙතෙක් වේලා ඈ දකින තුරු ළය ගිනි ගනිමින් තිබුණු අයුරු දන්නේ තමාම පමණය.ඒ ළය ගිනි නිවී සිහිල් වී යන්නට ඇගේ මේ එකම දසුනද ඔහුට ප්‍රමාණවත් ය

දියණිය නොදැක ගෙවුනේ එක දිනක් වුවද ඒ දිනය මේ දෙදෙනාටම දැනුනේ කල්ප කාලාන්තරයක් මෙනි.

මේ සෙනෙහෙබර දසුන දුටු දිසෙන්ට සිහිපත් වූයේ සිය මවත් පියාත් ය.

රැකියා විරහිත කම නිසා ගමෙන් කොළඹට සංක්‍රමණය වූ ඔහු අවසානයේ කොළඹට සින්න වූයේ ත්‍රීරෝද රථ රියදුරෙක් ලෙසින්ය .තෙමසකට ආසන්න කාලයකින් සිය මවුපියන්ව බැලීමට නොහැකි වීම ගැන ඔහුට මේ මොහොතේදී දැනුනේ දුකකි.

මහේල මේ ආදරණීය දසුන දෙස බලා සිටියේ දුකින් ඒ මීට වසර දහයකට පෙර ඔහුගේ පියා මිය යාමත් ඔහු උපන් මොහොතේම ඔහුගේ මව මිය යාමත්මය.

රෙජිනෝල්ඩ් තරුණයන් දෙදනා දුටුවේ ව්නාඩි කිහිපයකට පසුවෙනි.ඔහු මේ තරුණයන් දෙදෙනා දෙස බලන් සිටියේ පුදුමයෙන්.

වැදගත් පෙනුමක් තිබුනත් රස්තියාදුකාර ලෙස හැඳ සිටි දිසෙන් දෙසත් ඉන් අනතුරුව පෙනුමෙන්,ඇදුමෙන් සියල්ලෙන්ම රස්තියාදුකාර පෙනුමක් තිබෙන මහේල දෙසත් ඔහු බලා සිටියේ විමතියෙන්.

සෙහෙන්සා ගෙන් මිඳුණු ජයන්තිත් මොහොතක් බලා සිටියේ මේ තරුණයන් දෙදෙනා දෙසය.

“දුව ඔයා කොහොමද කප්පන් කාරයන්ගෙන් බේරිලා ආවේ.මේ කවුද?”.

ජයන්ති ඇසුවේ තරුණයන් දෙදෙනා දෙස තියුණු බැල්මක් හෙළමින්.

“ඒක ලොකු කතාවක් අම්මා.මේ අයියා ලා දෙන්නා තමයි මාව බේරාගත්තේ අපි ගෙට ගිහින් කතා කරමු”.

තරුණිය එසේ කීවේ තරුණයන් දෙදෙනාට හිසින් සන් කරමිනි.ඔවුන් තිදෙනාගේ පිටුපසින් තරුණයන් දෙදෙනා ආවේ නිවසේ ගෙමිදුලේ අසිරිය බලමින්.

නාන තටාකයක් සමන්විත එම ගෙමිදුලේ විසල් ඔන්චිල්ලාවක් ද බැඳ තිබුනේය.පසෙක සිමෙන්ති වලින් තනන ලද පුටු මේස යුගල කීපයකුත් තිබුනි.

හරිතවත් උයනේ අලංකාරය වැඩි කළේ නෙක පැහැති සුන්දර දේදුණු පැහැ මල් වලිනි.

ශ්වේත පැහැති කිරිගරුඩ මාලිගාවක් මෙන් දිස් වෙන මේ මාලිගාවට ඇතුල්වීමට ලෝබකමින් තරුණයන් දෙදෙනා මොහොතක් බලාසිටියෙන් නිවසට පියනැමූ යුවතිය නැවත ගේ දොරකඩ අසළට පැමිණ ගෙට එන මෙන් සන් කරාය.

තරුණයන් දෙන්නා දමා උන් පාවහන් යුගළ එළියෙන් ගලවා ගෙට ඇතුල්වූයේ ඔවුන් දෙදෙනාගේ පාද ප්‍රවේශමෙන් බිම තබමින් .

ඒ සුමුදු සුදු පැහති ටෙරාසෝ ඇල්ලූ පොළවට පා තැබීමට පවා ඔවුන් දෙදෙනාට ලෝබ සිතුනි.

මහේල එක් වරක් ලිස්සන්නට ගියේ රළු සිමෙන්ති බිම් මතම පාතබා ඇති ඔහුගේ දෙපයට මෙවන් සුමුදු බිමක පහස නුපුරුදු නිසාවෙනි.

“වාඩිවෙන්න” .

ඇය ඒ සුවිසල් සෝෆාව වෙත අත දිගු කළේ මද සිනහවක් මුවට ගනිමිනි.

දිසෙන් ඒ සිනහව දෙස නොබලා සිටීමට වග බලාගත්තේ ඒ මනස්කාන්ත සිනහව ඔස්සේ ගොස් තමුන් අතරමං වී හැකි බැවිනුත් මේ ඇගේ නිවසේ බැවිනුත්ය.

ඔවුන් දෙන්නා එහි අසුන්ගත්තේ ප්‍රවේශමෙනි.ඒ එහි ඔවුන් ගිලා බසීවී යැයි සිතමිනි.කෙතරම් සුවපහසු දායක සුඛෝපභෝගී වුවත් ඔවුන් දෙන්නාට මේ දේවල් අපහසුතාවක් ගෙනදුන්නේ උපන්තේකට මොවුන් මෙවනි දේවල් භුක්ති විඳ නැති නිසාය.

මේ තරුණයන් දෙදෙනා දෙස රෙජිනොල්ඩ් බලා සිටියේ විමසිල්ලෙනි. ඒ ඔවුන් හැසිරෙන අන්දමට මොවුන් ජීවිතේට මෙවන් තැනකට පැමිණි නැති බව ඔහුට වැටහුණු බැවිනි.

“දැන්වත් කියන්න මොකක්ද ඔයාට උනේ ශේෂා”.

ජයන්ති ඇසුවේ සෙහන්සාට යාබද අසුනේ වාඩි වී ඈ දෙස බලමිනි.

“අක්කා”.

තරප්පු පෙළ බැස ආ සුරූපි වැඩි උසක් නැතු මදක් මහත ලා නිල් පැහැති කෙටි ගවුමක් ඇඳ ගත් ඒ පැහැපත් තරුණිය සෙහන්සාව දැක දිවගෙන ව්ත් ඈව තුරුල් කරගත්තේ ආදරයෙනි.

“oh my goodness Akka”

ඈ සෙහන්සාව සිපගත්තේ එසේ කියමිනි.නොසිතූ මොහොතක සිය සොයුරිය දැකීමෙන් ඈ උන්නේ විස්මයටත් සතුටටත් පත් වීමෙන්

“අම්මෝ මෙයා ළග තියෙන හඩු ගඳ..”

ඈ එසේ කීවේ ඇගේ නාස් අකුලමින් සිය සොයුරිය දෙස බලා හිනහෙමිනි.

“මම මෙහෙම හරි ඉන්නවට සතුටු වෙනවා.අර අයියලා දෙන්නා නැත්නම් මෙලහකට මට මොනවා වෙලාද දන්නේ නෑ.”

සෙහන්සා එසේ කීවේ තරුණයන් දෙදෙනා පෙන්වමිනි.

සෙහන්සාගේ සොයුරිය දුලන්සා තරැණයන් දෙන්නා දෙස මඳ සිනාවක් පා එතනින් පිටව ගියේ ඇයට වි/ශ්/ව විද්‍යාලයේ පාඩම් කටයුතු සිදු කිරීමට තිබූ බව පවසමිනි.

නිවසේ සේවිකාව මැගිලින් තේ ,කේක් හා බිස්කට් දැමූ තසිමුත් රැගෙනවිත් තරුණයන් දෙන්නාට පිළිගැන්වූවේ ජයන්‍තිගේ අණට අනුවය.

“මේ ළමයි දෙන්නා කොහමද අපේ දුවව බේරගත්තේ .මොකක්ද උනේ එදා ?”.

රෙජිනෝල්ඩ් එසේ අසද්දී මහේල විස්තර කරන්නට ගත්තේ සිය තේ කෝප්පය බොමිනි.

“සර් අපි දෙන්නා හයර් යන්නේ ඔය ආර් ඇන්ඩ් ජේ ක්ලබ් එකට පාරෙන් එහ පැත්තේ තියෙන ත්‍රීවිල් පාර්ක් එකේ අපි එතැන සාමාන්‍යයෙන් රෑ දොළහ එකවෙනකන් හයර් යනවා.අපි එදා හයර් එකක් එනකන් බලන් ඉන්නකොට එකපාරට ගෑ/නු කෙනෙක් කෑගහනවා සද්දයක් ආවා.ක්ලබ් එක ඇතුලෙන් ඇහුණේ.අපි එළියේ ඉඳන් ගේට් එක ළගට ඇවිත් බැලුවා.සිකුරිටි පේන්න හිටියේ නෑ .අපි දැක්කා මිනිස්සු දෙන්නෙක් මේ මිස්ව උස්සන් න්න් ආර් එකකට දාගන්නවා.අපි දෙන්න දැක්කේ නෑ වගේ එතනින් මාරු උනා.පස්සේ ඒ වැගන් ආර් එක පස්සෙන් අපි ෆලෝ කරා.උ/න් අපිව සැක කරන හින්ද අපි ඒ පොට් එක නෝට් කරන් තව ටිකක් ඉස්සරහටගියා”

“ඉතිං?”.

රෙජිනෝල් එසේ ඇසුවේ ඔහුගේ හිතට උපරිමයෙන්ම කුතුහලය දැනුනෙනි

සෙහන්සාද මේ කිසිදු දෙයක් මීට පෙර දැන නොසිටි නිසාම අසාඋන්නේ සාවධානයෙනි .

“ඊට පස්සේ අපි ආ පස්සට ත්‍රීවිල් පාර්ක් එකට ගියා .ඒ උන් එක්ක fight කරන්න අපි ගාව මුකුත් තිබ්බෙ නැති නිසා.ත්‍රීවිල් පාර්ක් එකේ අපි එක්ක හයර් දුවන අයියා කෙනෙක් ඉන්නවා එයා ළග උල් පි_ තියෙනවා .අපි එයාගෙන් ඒක ඉල්ලන් ආයේ අරූන්ගේ පොට් එකට ගියා.ගිහින් උන් එක්ක ෆයිට් කරලා මිස්ව බේරගෙන එක්ක ආවා.ඇත්තටම කියනවා නම් ෆයිට් කරේ මම නෙවෙයි.මම කරේ සිහිනැතිව හිටපු මිස්ව අරන් ආපු එක විතරයි.අපේ සුද්දා හෙන ෆයිට් කාරයා කරාතේ, ජූඩෝ,අංගම්පොර මේ ඕන එකක් දන්නවා.මූ කට්ටියට හොඳට නෙලලා මිස්ව බේරගත්තා”.

මහේල එසේ කීවේ දිසෙන්ව පෙන්වමිනි.

සෙහන්සාගේ හිතේ ඔවුන් දෙන්නා ගැන පැහැදීමක් ඇති වුණේ තමා කවරෙකුදැයි කියාවත් හරිහැටි නොදැන් ඔවුන් මෙසේ ඇපකැප වී වෙහසීමයි.

“මේ ළමයාගේ නමද සුද්දා කියන්නේ ?”

රෙජිනෝල්ඩ් ඇසුවේ දිසෙන් දෙස බලමිනි.සිය දියණියගේ ජීවිතය දැඩි අවධානයක් මැද වුවද බේරාගත් මේ තරුණයන් දෙන්නා ගැන ඔහු තුළද ඇති වූයේ ලොකු පැහැදීමක්.

සිය දියණිය ගේ ජීවිතය බේරා දුන්නාට ඔවුන් වෙනුවෙන් කුමක් හෝ සිදු කළ යුතුයැයි ඔහු සිතාගත්තේය.

“ඔව් සර් මූ තමයි.ඇඹිලිපිටියේ ඉඳලා මූ මෙහෙට ආවාට පස්සේ මෙහෙ කට්ටිය ඔය ඌට දාපූ නම.”

මහේල එසේ කියද්දී සෙහන්සාට සිතුණේ වෙරළබඩ ඉන්නා අනික් අයට වඩා ඔහුගේ පෙනුම වෙනස් ඒ නිසා යැයි සිතමින්.

ඕනෑම තරුණියක් ප්‍රියකරන පෙනුමක් තිබූ මේ තරුණයා ඉතා පැහැපත්‍ ය.

මනා සේ වැඩුණු මස්පිඬු සහිත ,සික්ස් පැක් ශරීරයක් හිමි ඔහු දුටුවිට හැගෙන්නේ දැඩිව ව්‍යායාම සිදුකරමින් සිය ශරීරය නඩත්තු කරන අයෙකු පරිද්දෙනි.

“මේ ළමයා ඇඹිලිපිටියේද?එහේ ඉදන්ද මෙහේ ආවේ?”

රෙජිනෝල්ඩ් ඇසුවේ දිසෙන් දිහා සෘජු බැල්මක් හෙලමිනි.

“ඔව් සර් ,එහේ කරන්න ජොබ් නැති නිසා ජොබ් එකක් හොයාගන්න කියලා කොළඹ ආවා.ඒ වුණත් තාම ජොබ් එකක් හම්බුනේ නෑ .මම මෙහේ යන එන මං නැතුව ඉන්නකොට අහම්බෙන් වගේ මහේලව මට මුණගැහුණා.මහේල අදුරන අයියා කෙනෙක්ගේ ත්‍රීවිල් එකක් දවස කුලියට අරගෙන එදා ඉඳන් ජොබ් එකක් ලැබෙන කං ත්‍රීවිල් දුවනවා.තාම හරියන ජොබ් එකක් හම්බුනේ නෑ”.

තරුණයා සිය උපන් ගම සිට කොළඹට සංක්‍රමණය වී කොළඹට සිය ජීවිතය සින්න වූ ආකාරය පැහැදිලි කර දුන්නේ එලෙසිනි.

“අපි මිස්ව බේරගෙන එනකොට මිස්ට ආයෙ සිහි නැතිවුනා.අපිට මිස් ඉන්න තැන අහ ගන්න විදිහක් තිබ්බේ නැති නිසා අපි මිස්ව අපේ ඉන්න අඟුලානේ ගෙදරට එක්කන් ගියා.ඒ වෙලාවේ අපිට කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ .උ/න් මිස්ට අල්ලපු chloroform වලට මිස්ට සිහිය ආවෙ හොදටම දවල් වෙලා .ඒකයි එක්කං එන්න ටිකක් දවල් උනේ” .

මහේල එසේ විස්තර කළේය.

“අනේ මන්දා තාත්තේ.ඒ කට්ටිය ක්ලබ් එක ලඟ මාව උස්සගෙන මගේ නහයට ලේන්සුවක් ඇල්ලුවා.ඊට පස්සේ මං නැගිටිනකොට හිටියේ කප්පං කාරයන් හිටපු ගෙදරක .එහිදී මේ දෙන්නා මාව බේරගත්තා මට මතකයි.ඊට පස්සේ අද දවල් නැගිටිනකන් වෙච්ච කිසි දෙයක් මම දන්නේ නෑ.”

තරුණිය එසේ කීවේ පෙරදින රාත්‍රියේ සිට තමාට සිදුවූ ඒ අනපේක්ෂිත සිදුවීම් සිහියට නගමින් .

“පාන්දර එකට විතර මට දුව කිඩ්නැප්
කරපු කෙනා කෝල් කරා .සල්ලි ලෑස්ති කරගන්න එයාලා ආයෙ කෝල් එකක් දෙන්නම් කියලා ඉන්පස්සෙ ආයේ කිඩ්නෑපර් කෝල් කරපු නැති නිසා අපි බයෙන් හිටියේ.දැනුයි තේරුනේ වෙච්ච දේ .එහෙනම් ජයන්ති ඒක තමයි උන් කට්ටිය ආයෙ කෝල් නොකෙරේ .මේ ළමයි දෙන්නා අපිට කරේ ලොකු උදව්වක්.මගේ දුවව බේරලා දුන්නට මම ඕන උදව්වක් කරනවා.කියන්න මේ ළමයින්ට මොකක්ද වෙන්න ඕනේ ?”.

රෙජිනෝල් එසේ කීවේ තේ බී අවසන්වන්ව හිස් තේ කෝප්පය ට්‍රේ එක මත තබන මහේල දිහාත් තවම හෙමිහිට තේ පානය කරමින් සිටින දිසෙන් දෙසත් බලමින්.

සෙහන්සා සිය පියා දෙස බලා සිටියේ සතුටින්.ඒ තමා එසේ ඉල්ලීමට පෙරම පියා ඔවුන් වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත් වීම නිසාය .

“අපි එහෙම උදව්වක් බලාගෙන නෙවෙයි මිස්ට උදව් කරේ.එතන මිස් නෙමෙයි ඕන කෙනෙක් හිටියත් උදව් කරනවා සර්”

දිසෙන් ගේ වදන් වලට තිගැස්සීමෙන් සෙහන්සා බලා සිටියේ මෙතරම් අවස්ථාවක් ලැබී සිටියදී මේ තරුණයා එය ප්‍රතික්ෂේප කිරීමයි.

එක වේලක් කෑමට ඔවුන් කොපමණ දුකක් විදිනවාද?මෙතරම් වටිනා අවස්ථාවක් ලැබී සිටියදී එය ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු ආඩම්බර දැයි සිතෙමින් ඈ මදවේලාවක් සිටියාය.

මහේල කල්පනා කරන්නට වූයේ දිසෙන් ගැනය. තමා නම් හරිහැටි පාසල් වත් නොගිය නූගතෙකි.ඒ නිසා තමාට මේ රැකියාව හැරෙන්නටවෙනත් රැකියාවක් ගැලපෙන්නෙ නැත .

එසේ වුවත් දිසෙන් උගත් තැනැත්තෙකි.

රැකියා වියුක්‍ති භාවය නිසා විකල්පය නැති නිසා ඔහු මේ තීරෝද රථ රැකියාව සිදුකරත් එය ඔහුට නොගැලපෙන බවද මෙවන් අවස්ථාවක් යළි ඔහුට හිමි නොවන බව සිතුනු මහේල සිය මිතුරා වෙනුවෙන් තම හඬ අවදි කළේය

” සර්ට පුළුවන් නං දිසෙන්ට ජොබ් එකක් හොයලා දෙන්න .දිසෙන් මේ ජොබ් එක කරාට හොඳට ඉගෙන ගත්ත කොල්ලෙක් .”

මහේල මෙසේ පවසද්දී රෙජිනෝල්
මද වේලාවක් කල්පනා කරන්නට වූවේ මේ තරුණයාට මේ හදිසියේ දෙන්නේ කුමන රැකියාවක් දැයි යනුවෙන්.තමාගේ ආයතනයේ මේ අවස්ථාවේ කිසිම පුරප්පාඩුවක් නොමැති බව ඔහුට සිහි විය.

“මේ ළමයාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?”

රෙජිනෝල් ඇසුවේ බිම බලාගෙන සිටින කඩවසම් ප්‍රතාපවත් තරුණයා දෙස මද වේලාවක් බලමින් .

“සර් මට ඕ ලෙවල් වලට ඒ හයයි බී දෙකයි.ඒලවල් කරේ කොමස් වලින් ඒ දෙකයි බී එකයි.”

තරුණයා එසේ කියද්දී රෙජිනෝල් අසා සිටියේ පුදුමයෙන් .ඒ මෙතරම් ඉගෙනීමට දක්ෂ තරුණයෙක් තිරෝද රථ රියැදුරෙක් වීමයි .

“ඇයි මේ ළමයි කැම්පස් ගියේ නැත්තෙ ?”

ජයන්ති ද එසේ ඇසුවේ පුදුමයෙන්

“කැම්පස් යන්න ලකුණු මදි වුණා මිස්.පස්සේ කොළඹ ආවා .ඒත් කිසිම ජොබ් එකක් හම්බුනේ නෑ “.

ඔහු එසේ කීවේ ජයන්ති දෙස බලමිනි.

“මගේ ෆැක්ට්‍රි එකේ නම් දැනට මේ ළමයට දෙන්න ජොබ් එකක් නෑ.ජයන්ති ඔයාගේ ළමා නිවාසේ මේ ළමයට හරියන ජොබ් එකක් නැද්ද ?”
රෙජිනෝල් එසේ ඇසුවේ ඈ දෙස අපේක්ෂා සහගතව බලමින්.

“මේ ළමයට හරියන්නේ එකවුන්ට්ස් පැත්තේ ජොබ් එකක්.ළමා නිවාසේ මේ ළමයට කරන්න දෙයක් නෑ “.

ජයන්ති කීවේ සැබැවින්ම එහි දිසෙන්ට කිරීමට දෙයක් නොවූ නිසාය.

තමාගේ දියණිය වෙනුවෙන් සටන් කළ මේ අභීත තරුණයා වෙනුවෙන් තමා සිදු කරන්නේ කුමක් දැයි හෝ නැවතත් කල්පනා කරන්නට වූයේ ය .තමාගේ මිතුරන්ගේ ආයතන තිබුනත් මේ හදිසියේ තමා මොහුට කෙසේ රැකියාවක් සොයා දෙන්නේ දැයි කල්පනා කරමින් සිටින විට ඔහුගේ සිහියට ආවේ අපූරු අදහසකි .

සිය දියණියට මීට වඩා ආරක්ෂාව අවශ්‍යය.පෙරදිනයේ ඈ කප්පම්කරුන්ට හසුවුණලෙස ඉදිරියේදී ඈ නැවතත් එවන් පිරිසකට හසුවේවිද ඇගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා දෙයක් කළ යුතුයයි රෙජිනෝල්ට සිතිණි.

මේ තරුණයා සටන් කලාවේ පුගුණයෙකුය.ඔහු තමාගේ දියණිය බේරාගත්තේ කප්පම්කරුවන් පිරිසක් හා තනිව සටන් කරමිනි.ඔහු තරම් වෙන කිසිවෙකුත් ඇයගේ ආරක්ෂාවට සුදුසුනැතැයි යනුවෙන් ඔහුට සිතුණෙන් මේ තරුණයා ඇගේ ආරක්ෂකයා ලෙස සේවයට බඳවා ගතහොත් ඉන් තරුණයා රැකියාවකුත් තමාගේ දියණියට ආරක්ෂාවත් සැලසෙනු ඇතයි එක්වර සිහිපත් වූ රෙජිනෝල් කතා කරන්නට වූවේය.

“මේ හදිස්සියේ මට මේ ළමයාට දෙන්න වෙන ජොබ් එකක් නෑ.අපේ දුවගේ බොඩි ගාර්ඩ් විදියට වැඩ කරන්න කැමති නම් මට පුලුවන් මාසිකව හොඳ ගෙවීමක් කරන්න.මම මගේ යාලුවෙක්ට කියලා ඔෆිස් එකක් ජොබ් එකක් හොයලා දෙනකන් මේ ජොබ් එක කරන්න.”

හමුවෙමු මීළඟ දිගහැරුමෙන්