හතළිස්එක්වන දිගහැරුම 🥀

( අවසාන කොටස 1 )

🥀වසර කිහිපයකට පසු…

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට මදක් ඇතින් පිහිටි ප්‍රදේශයකි.සිසිර සෘතුව නිසාවෙන් පවතින්නේ දැඩි සීතලකි.විලුඹ තෙක් දිගු වු තනි සුදු පැහැ ගවුමට උඩින් ශීතකබාය ගත දවටා ගෙන අහස්‍යායා පහත මාලයේ වු කෞෂාන්ගේ කාමරට හිස පොවන්න වුයේ ඔහු සුදානම් දැයි බැලීමට ය…

“පොඩි බලනවා දැන් වේලාව .හීල් දානෙට මිසක් අපි මේ යන්නේ දවල් දානේ දෙන්න නෙවෙයි මනුස්සයෝ…”

” හරි හරි බන් අක්කේ විනාඩි පහක් දියන් මන් සුටුස් ගාලා එන්නම් .උබගේ තියනව වදෙන් බාගයක්වත් මගේ ගෑනුගෙන්වත් නැ…”

අහස්‍යායා මේ ලෙස කෞෂාන්ට බැන වදින්න වුයේ .අසල පිහිටි ආරමය වෙත ඔහුව සිහි කර බාර වු හීල් දානය රැගෙන යාමට දැනටමත් ප්‍රමද වී ඇති නිසාවෙනි .

ගෙවි ගිය දෙවසර තුල ජිවිතයේ මුහුණ දීම සිදු වු අනපේක්ෂිත සිදුවීම් අප්‍රමාණය.වසර දෙකකට පෙර එදින රාත්‍රීයේ සිදු වු සිදුවීමම් පසු සියලු දේ අතහැර ඇ කෞෂාන් කෞෂි හා කලණ සමග මෙහි පැමිණියේ .එහි වෙසන සෑම මොහොතක ඔහු හා ගත සුන්දර අතීතය අමතක කර ගැනුමට අසීරු වූ නිසාවෙනි .

‘ අක්කි ඔයා ලෑස්ති නේද් එහෙමනම් යමු නේ..”

” මන් ලෑස්ති උනාට වැඩක් නෑ..දෝණී ඔයාගේ කම්මැලි හස්බන්ඩාට දැනුයි එලිඋනේ..”

” මොකක් මන් දැන් පැය භාගෙකට විතර කලින් අක්කි ෂාන්ට කිරි එක දීලා ඇහැරවලා ආවේ..අනේ මන්දා අක්කි මේකවනම් මකලවත් හදන්න බැ….”

” හරි හරි බන් දැන්වත් යමන්ලා කටවල් වහන්.අනේ මන්දා මෙහෙත් ගැනු තමන්ගේ මනුස්සයා බේරගන්නවා නෙවෙයි .තව පොර දදා බනිනවා…උබ කිව්ව කතාව සාධාරණයි කියල දැන් හිතෙනවා කලණයා…”

” මොන කතාව පොඩි …”

” මේ එ පැහිච්ච් කම් වලින් තමසෙට වැඩක් නැනේ දෝණී කටවහන් යමන් පොඩි එකාව අරන්….”

” මොකද මැණික ඈනුම් යවන්නේ.මගේ මැණිකට දෝ මතයිද…ම්….”

ඇනුම් හරිමින් සිය ලය මත ගුලිවි හිදින කෞෂිගේ දියණියගේ සුනිදු හිස කෙස් පිරිමදිමින් විමසන්න විය.

කවුද මේ වෙලාවේ…

වාහනයක හඩ ඇසුනි නිසාවෙන් කුඩා බිළිදියද ලයට තුරුල් කරගනිමින් අහස්‍යායා නිවස ඉදිරියට පිය නගන්නට විය..

මිදුලේ නවතා තිබු මෝටර් රථයයේ ඉදිරිපසින් කලණ හා කෞෂාන් බසින්න වුවද ඔවුන් නිවසට ඇතුලුනොවි තවමත් මෝටර් රථයට අසලට වී හිදින්න වුයේ අහස්‍යායා කුතුහලයෙන් පුරවමිනි…

කෞෂාන්ගේ පිටට තට්ටුවක් දැමු කලණ මෝටර් රථයෙ පිටු පස දොරවිවර කලේත් කෞෂාන් රථයෙ පිටුපසින් යමක් ගෙන දිගහරින්න වුයේ අහස්‍යායාගේ ගත සලිතවී වුයේ අවිනිශ්චිත හැගීමක් හද වේලාගත් නිසාවෙනි .

මෝටර් රථයෙන් කලණ හා කෞෂාන්ට වාරු වී වාහනෙන් බැස රෝදපුටුවට බර වුයේ .ඇගේ හදවත සිත්තම් වු එකමරුවයි..

” නා…නාත් අ අයියේ ….”

ඇයටත් නොසනෙ තරම් හඩකින් අහස්‍යායාගේ මුවින් එ හඩ පිවෙද්දී ඇගේ දැසින් උණු කදුලැලි කොපුල් තෙමාලමින් ගලා බසින්න වුයේ නිතැතිණි .

නාත් ඒ ඔහුයි වසර දෙකක් පුරා රෑ දහවල් පුරා නිදි නොලබා සිය දෑස් සෙවු රුව.සිය දෑස් ඉදිරියේ ජිවමානව හිදින්නේ…ඇය නොසිතූ ලෙසිනි…

එදින ඔහුගේ හිසට ගිලා බැසුනු වෙඩි උණ්ඩ නිසාවෙන් කෝමා තත්වයට වසර දෙකක් පුරා නිසොල්මව හිදි ඔහු මේ ලෙස දැකීම….

අත රහිත සැහැල්ලු බැනියමකින් හා සරමකින් සැරසි හිදින නාත්ගේ රුව දෙස අහස්‍යායා බලා හිදින්න වුයේ නහරයක් නහරයක් පසා කිදා බසිනා වේදානාවක් අසීරුවෙන් දරාගනිමින් ය…

පෙර තිබු එ හැඩි දැඩි සිරුර කෙසඟ වී ගොසින් ය. සෑම මොහොතකම තමා ලැජ්ජාවට පත් කල එ සරාගි දැස් හැගිම් විරහිත වී ගොසින් …..

” මැණික …..”

ඉදින් සැම වෙනස් වුවද ඔහුගේ ආමන්ත්‍රණය අදත් ඇය සනසන්න වුයේ පෙර දිනවල සේමයි….

” අයියේ ……”

අත දරා සිටි බිලිදිය කෞෂි අතට ලබා දුන් අහස්‍යායා නාත් වෙත දිව ගොස ඔහු වැලදගන්න වුයේ .නාත් නිරායාසයෙන් හඩා වැටෙද්දී ය..

දැන්වත් උබේ හිතේ තියන දුක නැතිවෙනක් හරි අඩලා එ දේවල් අමතක කරන්න බලහන්..

යමන් ඇතුලට නංගීට මු එක්ක ටිකක් තනියම ඉන්න දෙමු…කලණ කෞෂාන් හා නිවසට පා තබන්න වුයේ .නාත් හා අහස්‍යායා මිදුලේ තනිකරමින් ය…

” මැණික ….”

හෝරාවක් පමණ එකිනෙකාට තුරුල් වි දුක තුනි වනතුරු හඩා වැටුනු නාත් පලමුව හඩ අවදි කරවන්න වුයේ …

අහස්‍යායා ඔහුගේ ලයට ගුලි වී ඔහු ලය පුරා දෙතොල් පෙති අතුරාද්දීය….

අපි ගෙට ගිහින්ම කතා කරමුද .ම්….

මට ටිකක් ඇල වෙන්න ඕනි…

නාත් අහස්‍යායාගේ හිස පිරිමදිමින් විමසද්දී.අහස්‍යායා විදුලි සැරක් වැදුන සේ ඔහුගේ උනුහුමින් මෑත් විය..

” අනේ සොරි අයියේ මට අමතක උනා…”

” හරි හරි ඉතිං මන් වැරැද්දක් කිව්වේ නෑනේ .මැණික අපි ගෙට ගිහින් නිදහසේ කතා කරමු…”

අහස්‍යායා නිහඬව රෝදපුටුව තල්ලු කරගෙන නිවසට ඇතුලු වුයේත්.ඔවුන් කරමින් සිටි කතාබහනැවතුවෙත් එකවිටමය ..

” ලොකු ……”

” දෝණී ……”

” මන් නැති ටික කාලෙට අලුත් සාමජිකයෙකුත් උබ ගෙනාවද.”

” උබ ඉතිං දන්නවනේ මගේ වැඩ ගැන.කොල්ලා මොන ගේමට බැසත් වැඩ්ඩා .උබ වගේ නෙවෙයි මන්…”

” අනේ මේ මගෙන් අහගන්න එපා උබේ වැඩ ගැන.උබ කෙල්ලන්නට වැඩ පෙන්න ගිහින් නා ගත්තා බාල්දි ගැන උබ කැමති නම් කියන්නම් අවුලක් නෑනේ..”

” එ මොනාද ලොකු…”

” ආ..මේ උබට වොශ් එකක් දගන්න ඕනි කිව්වා නේද වරෙන් යන්න නංගීව කොහොමත් උබ වගේ හරකෙක් තනියම අම්බාන් කරන්න අමාරුයිනේ.වරෙන් මන් උබට හෙල්ප් එකක් දෙන්නම්.. මේ ගෑනුන්ටත් ඕන්නැති ලබ්බක් නෑ…”

” හරි හරි තමුසෙ කොයිවෙලාවල හරි එන්නකෝ මැනික ගාගෙන මන් තමුන්ට පෙන්නම් මැණික …”

” අනේ මගේ සූදු මැණික ඌව ඔච්චල තලා ගන්න එපා..ඉක්මන්ට වයසට ගියොත් මේ අහිසංකයටමයි පාඩු .

උම්මා…ඈ…….”

නිසල රාත්‍රීයේ ඇත අහසෙ පායා ඇති සද දෙස නෙත් යොමන් සිටි ඔහුගේ දැහැන බිදි යන්න වුයේ .සිය ගෙල වටා බැදි ගිය සීතල සියුමැලි දෑතක පහසිනි…

වසර දෙකක් පමණ කෝමා තත්වයේ පසු බැවින් තවමත් නාත්ට තනිවීම ඇවිදිමට අපහසු නිසා වෛද්‍යය නිර්දේශය මත ඔහුට මාස කිහිපයකට රෝද පුටුවකට සීමා වීමට සිදුවු වී තිබුණි .

” අයියේ මොනවද ඔච්චරටම කල්පනා කරන්නේ…”

නාත්ගේ උකුල මතින් ඈ හිදගනිමින් ඈ විමසන්න වුයේ .නාත් ඇගේ බදවටා දෑත් යවා ඇගේ ලැමට තුරුල් වෙද්දිය ..

” මැණික …….”

“ම්……”

” මට අදවත් මන් නොදන්න හැමදේම කියනවද..මේ වෙනක් මේ වෙච්චි කිසිම දේක අගක් මුලක් මට තේරෙන්නේ නෑ .මේ හැම දේම මට විසදගන්න ඕනි..එ නිසා මට කියන්න කොහොමද ඒ දේවල් උනේ..”

” අ…අයියේ …….”

” ඔව් මැණික ඔයා එදා මාව දාල ගියේ .නිකන් නෙවෙයි කියන්න මන් දන්නවා ඔයා ඒ දේ කලේ කාගේ හරි කීමට බයේ, මට ඒ දේවල් දැන ගන්න ඕනී..”

” එදා හවස මන් වෙනද වගේම ලෙක්චර් ඉවර වෙලා ගෙදර ඉන්න හිතන් කැම්පස් එකෙන් එලියට ආවා..”

අහස්‍යායා බරැති සුසුම්ක් හෙලා ලය සැහැල්ලු කරගනිමින් දෑස් පියන් ඔහුගේ ලයට තුරුල් වුයේ .සිව් වසරකට පෙර සිදුවු සිදුවීම් වදන් කරමින් ය..

මතුසම්බන්ධයි