27 දිගහැරුම
” ඔය ඇත්තෝ මෙහෙන් ඇදිගත්තනම්.”
” අ…අම්මා ..”
” නෙශ් මේ අම්මා කියන්න එපා පණ මෙහෙනින් වහන්සේ නම් මේ මැණියෝ කියන්න..”
ශවේතා ඔහුගේ කනට කර පවසන්න විය.
” අම්මා ….ඇයි මා….මාව එහෙම දලා ගියේ…”
ඔහු මෙහෙණින් වහන්සේගේ මුල වැටි හඩන්න වුයේ….බලා සිටින්න අයගේ දෑසද කදුලින් තෙත් වෙද්දිය…
” දරුවෝ මේ අහන්න…මන් ඒ ඒ වේලාවේ බොහොම අසරණයි..මන් එ තිරනේ එදා අමාරුවෙන් හරි නොගන්න ඔය දරුවා අද ජිවත් වෙන්නෙත් නැතුව ඇති “
” ලොකු මැණියෝ අපිට මේ කිසි දෙයක් තෙරෙන්නේ නෑ ..පැහැදිලි කරන්න පුලුවන්ද .”
” හරි දරුවෝ මන් දැන් ගෙන හිටියා කවදාම හරි මේ වගේ දවසක් එවි කියලා ….
මේ සිද්ධිය උනේ දැනට අවුරුදු විසි අටකට කලින් ….
මන් එ කාලේ වැඩ කලේ සුරියබණ්ඩාර ඇමැතිතුමාගේ ගෙදර ….
මට තිබ්බේ සුරියබණ්ඩාර ඇමැතිතුමාගේ දරුවා බලා ගන්න ..මොකද ලොකු නෝනා කියන්නේ ගෙදර ඉන්න කෙනෙක් නෙවෙයි …හැමදමා කොහේහරි පාටියක් නැත්නම් මීටින් එකක් …දරුවා බිහිකර එක විතරයි එ ගෑනු මනුස්සයා කරේ අනික් හැම දේම උනේ මගේ අතින්..
ඇමැතිතුමා වගේම මැඩම්මුත් ගෙදර හිටියේ නැ එයාලා දවස් කිහිපයකට රට යන්න වෙලා ගිහින් හිටියේ ..
එදා ඇමැතිතුමාගේ මල්ලි බංගලාවට ආවා…එ මනුස්සයා එච්චර හොද මනුස්සයෙක් නෙවෙයි කියලා මට කනින් කොනින් දැන ගන්න පුලුවන් උනා…එ නිසාඅන් එදා රෑ වෙනදටත් වඩා කලින් බේනිගේ රූම් එකට ගිහින් බේබි එක්ක නිදාගත්තා ..
කොහොම හරි රෑ මට වතුර තිබහක් ඇවිත් ඇහැරුනා..කාමරේ වතුර තිබුනේ නැති හින්දා මට කුස්සියට යන්න උනා…
එද..එදා..තමයි ගිහි ජිවිතෙ ගත කරන ගැහැණු දරුවෙක්ගේ ජිවිතෙ විදින්න වෙන අමිහිරි අත්දැකීමට මට මුහුණ දෙන්න උනේ..
මන් වතුර එකක් බිලා..ආයෙමත් බේබිගේ රූම් එකට එද්දී….
~ වසර විසි අටකට පෙර ~
මත්වතුර පමණ ඉක්මවා පානය කර වෙරිමතින් පසු වු ලයනල් සුරියබණ්ඩාරගේ නෙත් ගැටුනේ ඇගේ අවාසනාවකටය…
” මේ .ගෑනියේ උ/බ කොහෙද මේ හිමිච්ජි වගේ මාරුවෙන්නෙ ..ව/ර මෙහාට මගෙ කකුල් දෙක පොඩ්ඩක් මසාජ් ක/ර/ප/න්..”
” මේ..මේ..පොඩි මහත්තයා බේබි කාමරේ තනියම…මන් යන්න ඕනි…”
” උ/ බ සිංහල තෙරෙන්නේ නැද්ද ගෑනියේ…
ව/ර මෙහෙට…
උ/ බේ ඔච්චරම අහංකාරකම රූප සුන්දරි වගේ ඉන්න නිසා වෙන්නැති …හිටපිය උ/බ ඔය උඩගුකම මන නැති කරලා දන්න…”
එ නරුම මිනිසා ඇගේ කෙස් වැටියෙන් ඇදගෙන අසල තිබු කාමරයට ඈ තල්ලු කරන්න වුයේ ඈ යහන මතට ඇද වැටෙන්නටය…
ඇගේ ගත රැදි ගවුම ඉරා දැමු ඔහු ඇගේ විලාපයන් මැද ඇගේ සරා උරා බොන්නට විය .
හොරා කිහිපයක් ඇගේ ගත මතින් සිය පහත් ආශාවන් සපුරා ගත් එම නරුම මිනිසා සිහිසුන්වු ඇගේ ගතින් ඉවත් වුයේ..
මෙතෙක් කුලුදුල් යුවතියක් ව සිටි
ඇය ගැහැණියක් කරවමිනි..
” දෙවියනේ …..රේණුකා…..”
සිය පෞද්ගලික සංචාරය නිමා කර නිවසට පැමිණි .නිහාල් සුරියබණ්ඩාරගේ නෙත ගැටුනේ…රුධිරයෙන් නැහැවි නග්න සිරුරින් යහනක් මත ඇද වැටි සිටින ඇගේ රුවයි..
” මංගලිකා…මංගලිකා ….”
” දෙවියනේ ….. අපේමහත්තයා ….”
මේ මනුස්සයාව හොස්පිටල් එකකට එක්ක යන්න මොකක් හරි ඇදුමක් දවටන්න…”
~ වර්තමානය~
කොහොම හරි මාස කිහිපයක් ගියහමන් දැන ගත්තේ මගේ කුසට දරුවෙක් ඇවිත් කියලා..ඇමැතිතුමාගේ නෝනායි මාව ඒ මාස ගාන ආරක්ෂා කරා….එත්…මන් දරුවා හම්බෙලා හොස්පිටල් එකේ ඉද්දි…ලයනල් මහත්තයා මාව හොයාගෙන ආවා ..
එයාට ඕනි උනේ දරුවෝ ඔයාව මරණ්න මොකද එයාගේ පවුල් ජිවිතෙට ඔය දරුවා ප්‍රශ්නයක් වෙච්චි කියලා..
මට ඉල්ලන ඕනි ගානක් දෙන්නම් දරුවා එයාට දෙන්න කියලා..මට පැය දොලහක් දුන්නා..තිරණයක් ගන්න….
අම්මෙක් කොහොමද දරුවා තමන්ගේ ලමයෙක් මරණවා බලන්නේ..එනිසා මන් එද ඔය දරුවත් අරන් හොස්පිටල් එකෙන් හොරෙන් ආවා…මන් ඔය දරුවත් අරන් නුවර මගේ යාලුවෙක් ආනාථ් මඩමකට ගියා..මන් දරුවාට මාස හයක් විතර වෙනක් එහෙම හිටියා..මාව ලයනල් මහත්තයා හොයනවා කියලා අරංචි වෙච්චි නිසා..මන් ඔයාව මගේ යාලුවාට බාර දීලා තමා මේ ගමන ආවේ..
” ලොකු මැණියෝ ..එතකොට ලයනල් මහත්තයාව කවදාවත් මැණියන්නට හම්බවුනේ නැද්ද .”
” නැත්තෙ ඇයි දරුවා ..මන් මෙහාට ඇවිත් මාස තුනකින් විතර ලයනල් මහත්තයා මාව හොයන් ආවා ..මන් ඒ මහත්තයාට දරුවාගේ ආරක්ෂා ගැන හිතලා කිව්වා..මන් දරුවාව රට ඉන්න මහත්තයාලා කට්ටියකට දරුකමට හදාගන්න දුන්න කියලා..”
” පස්සේ මට ආරංචි උනා…දැනට අවුරුදු දහයකට කලින් ලයනල් මහත්තයාගේ නොනායි දරුවෝ දෙන්නයි ඇක්සිඩ්න්ට් එකකින් නැති වෙලා..ලයනල් මහත්තයා එක් තැන් වෙලා කියලා..”
” අම්මා..එකම එකපාරක් මට පුතේ කියන්න් පුලුවන්ද….”
” පුතේ ..මේ අහන්න ඔයාට ලැබිලා තියෙන්නේ .පින්වන්ත දැරිවියක්..මේ දැරිවි වගේම ලැබෙන්න ඉන්න දරුවන්වත් හොදින් රැක බලා ගන්න..ඒ වගේම ආයෙමත් මාව බලන්න එන්න එපා..”
” ලොකු මැණියෝ ..”
” ඔව් දරුවෝ ..එක මගේ මේ ගමනට බාධාවක් ..එහෙම ඔය දරුවෝ පරිස්සමෙන් යන්න තෙරුවන් සරණයි…”
” අඩේ..අකියා මොනවද මචං ඔච්චර කල්පනා කරන්නේ…”
” කෝ..අක්කා..බ/න්…”
” අන්න අම්මලා එක්ක කතාවක…”
” හම්….”
” මොකක්ද ඔච්චර අප්ශට් යන්න තරම් උ/බ
ට මතක් උනේ….අකියා ….”
” අදට අවුරුදු දෙකකට කලින්..එදා….හවස ….
මතුසම්බන්ධයි …..