Ex වයිෆ් -20 වන කොටස
හිරූෂා නේද?….
ඒත් හිරූෂා කොහොමද මෙහේ ආවේ………
ඒත් එක්කම ඒ ආපු කෙනා කලබලවෙලා කාමරේ දොරත් වහගෙන එළියට ගියා…
ගිහාන් කලබලයෙන් ඇඳෙන් නැගිටලා හිරූෂාගේ පස්සෙන් සාලේට ගියා……….
හිරූෂා හෑන්ඩ් බෑග් එකත් දාගෙන කොහෙද යන්න ලෑස්ති වෙනවා ………
“යන්න එපා හිරු ….මට ඒ වෙලාවේ තරහ ගියා ……ඔයාට ආදරෙයි හිරු ……..”
“අනේ මාත්තයා මට යන්න දෙන්න ..මම ඉරූෂා නෙමේ…”
“ඇයි බොරු කියන්නෙ…ඔයා ඔය කියවන්නෙ මාත් එක්ක ති…යෙ..න ත..ර…හවට ….අපි ගි…හි…න් ක…තා ක.ර…මු….”
ගිහාන් ඒ කෙනාව ඇදගෙන කාමරයට එක්කන් ගියා………
කාමරේ දොර ලොක් කරා….
“ආඩවනේ, මේ මොකද්ද වෙන්න යන්නේ …..”
ඒ කාන්තාව භීතියට පත් වෙලා ……….
“මොකක්ද හිරූ…….ඔයා ළමයි හම්බ වුණාට පස්සේ මාව අතඇරියා……ඔයාට ඕනේ ළමයි දෙන්නා විතරයි….වැඩිපුරම ඕනේ අර මො
.ට්..ට ළ..ම…යා ………”
ගිහාන් ඒ කෙනාව තද තද කරල අල්ල ගත්තා…
ගිහාන්ගෙ දෑතට අහුවුණ ඒ කාන්තාව හිටියේ හරියට දඬු අඩුවකට අහුවුනා වගේ…
“අනේ මාත්තයා මම මාත්තයාගේ නෝනා නෙමෙයි ……”
“බොරු කියන්න එපා හිරූ…..මට ඔයාව ඕනේ …..මේ දැ..න්..ම……….”
“අයියෝ මාත්තියා…..මේ මොනා කියනවද මන්දා ….මාත්තියා මම චේතනා ….”
“ඔ…යා හැමදාම මගෙන් බේරෙන්න මොනාහරි බොරු කියනවා……ළමයි හදනකන් විතරයි ඔයා මා එක්කෙ එන්ජෝයි කරේ….”
ගිහාන් බමන මතින් එහාට මෙහාට වැනෙනවා………
ගිහාන්ට චේතනාගේ රූපය හරියට පේන්නෙ නෑ ……….
පේන්නෙ බොද වෙච්ච කාන්තා රූපයක් විතරයි…………
හිරූෂා දුවලා යයි කියලා ගිහාන් වෙර දරලා අල්ලන් බිත්තියට මැදි කර ගත්තා …
චේතනා හුස්ම ගන්න බැරුව අඬනවා ……
“ආඩවනේ මුරුගා මාව බේරගන්න …….”
චේතනා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා…….
ඒත් චේතනාගේ විලාපය උඩ ඉන්න දෙවියන්ට ඇහෙන්නෑ…
ගිහාන්ගේ ආක්රමණශීලී කම ටිකෙන් ටික වැඩි වුනා …
ගිහාන් චේතනාව සිප වැළඳ ගන්නවා ……..
“අයියෝ මුරුගා,,මාත්තයා මට පව් පුරවන්න එපා මම මාත්තයාගේ ගෙදර වැඩ කරන ගේනී….නෝනා මේවා දැනගත්තොත් මොනවා වෙයිද ?..”
“මොකද හිරූෂා අද අමුතු විදිහට කතා කරන්නේ ………දෙ/ම/ළ ගෑණු කෙනෙක් වගේ …”
“මාත්තයා මං ගෙදර වැඩට ඉන්න දෙ/ම/ළ ගේනී තමා ..මාත්තයා අද ගෙදර යනවා කියපු නිසා මේ ගෙදර වැඩ ටික කරලා දීලා යන්න ආවේ ……”
වෙරි මරගාතේ ඉන්න ගිහාන්ට චේතනා කියන කිසිම දෙයක් හරියට ඇහෙන්නේ නෑ………
වෙරි මරගාතේ ට හිතේ තියෙන ආශාවන් එකතු උනාම ගිහාන් ප්රචණ්ඩ වෙලා …
ගිහාන්ගෙ රළු සිප වැළඳ ගැනීම් ,රළු ආලිංගන මුලදී චේතනා ට වේදනාවක් ගෙන දුන්නත් මොහොතකට පස්සේ චේතනා ඒ රළු ආලිංගන වලට නතු වුණා ………….
චේතනාගේ සැමියා චේතනාගේ පුතා පුංචිම සන්දියේ මියපරලොව ගිහින් හිටියේ ………
අවුරුදු ගාණක් නොලැබිච්ච පිරිමි ස්පර්ශය මේ විදියට ලැබෙද්දී චේතනා වුනත් නතු නොවී ඉදීවිද?….
චේතනාගේ කෑ ගැහිලි ඉබේම හීන් කෙඳිරිලි වලට හැරුණා ….
“හිරු ඔයා අද නි..ය.ම.යි…..ඔන්න ඔහොමනේ ඉන්න ඕනේ….”
ගිහාන් මුමුණනවා……..
චේතනා ටයි ගිහාන්ටයි බාධා කරන්න කවුරුවත් හිටියේ නෑ ………..
නිකන්ද කියන්නේ පාළු ගෙදර වළං බින්දත් කවුද දන්නේ කියලා……….
හෝරා ගණනාවක් වරින් වර දෙදෙනාම ආලිංගන වල මිහිරියාව වින්දා………..
අන්තිමේදී ගිහාන් චේතනාව තුරුල් කරගෙනම නිදන්නට වුනා……….
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
පෙර දිනයේ රෑ ඉඳන් හිරූෂා ඉන්නේ බලා බලාගත්ත අත බලාගෙන ………
පුතා වුණත් එහෙමයි වැඩි වෙනසක් නෑ …..
පුතා හෝන්දු මාන්දු වෙලා පැත්තකට වෙලා ඉන්නවා …
හිරූෂා දවාලේ කුස්සියට ගියේ තමන් නොකෑවත් දරුවෝ දෙන්නා බඩගින්නේ තියන්න බැරි නිසා මොනව හරි උයන්න කියලා ………
ඒත් උයන්න ගිහිල්ලාත් හිරූෂාට මතක් උනේ
පෙර දිනයේ සිදු වෙච්ච සිදුවීම්……..
හාල් ටික මැනලා හිරූෂා හාල් හේදුවෙත් ඕනවට එපාවට ………
වෙනදා වගේ නෙමෙයි උයන්නම් වාලේ ඉව්වා……….
එලවලු ටික කපද්දීත් කල්පනා කරේ ගිහාන්ට කොහොමද කතා කරන්නේ කියලා …….
ගිහාන්ගේ ෆෝන් එකත් කැඩිලා…
අලුතින් ෆෝන් එකක් ගත්ත ද දන්නෑ ……….
ඒත් කොහොමද විස්තරයක් දැන ගන්නේ………..
ගෙදරින් ගියේ සිම් එක වත් අර ගන්නැතුව ……..
ගිහාන් පරිස්සමින් ගෙදර ගියාද දන් නෑ…….
හිරූෂාගේ ඔලුව තෝන්තු වෙලා ………
හිරූෂා කොහොමහරි බතකුයි කිරිමාලු හොද්දකුයි හදලා රතු අල ඉව්වා………..
රතුඅල ඉව්වේ චූටි දෝණි කන්න ආස නිසා ……….
චූටි දෝණිට නම් දැන් කිසිම දෙයක් මතක නෑ…….
උඩ පැන පැන දඟල දඟලා ඉන්නවා………
හයක් හතරක් නොතේරෙන පුංචි දරුවාට මොනවා කියලා තේරෙන එකක්ද?…..
පැත්තකට වෙලා හේබාලා ඉන්න පුතා දැක්කම හිරූෂාට දුක හිතුනා ………
හිරූෂා පුතා ළඟට ළං වුණා……
“මොනවද පුතේ කල්පනා කරන්නේ ?..”
හිරූෂා එහෙම අහපු ගමන් අභීත පුතා එක පාරටම ගැස්සිලා ගියා …….
“අම්මේ …තාත්තා ආයෙ ගෙදර එන් නැති වෙයිද ?…”
පුතා එහෙම අහපු විදියට හිරූෂාට දුක හිතුනා …
“අයියෝ නෑ පුතේ….තාත්තා ඔය තරහා ගිහින් කියන ඒවා පුතා ගණන් ගන්න එපා …..බොරු නම් බලන්නකෝ මේ සිකුරාදා තාත්ත ගෙදර එනවා ……”
“ඔය ඇත්තමද අම්මේ….?”
“තාත්තා හැමදාම එහෙම තමයි ….තරහ ගියාම බැන්නට ඊට පස්සේ තාත්තට ඒ දේවල් මතක වත් නෑ ……”
“එහෙනම් කමක් නෑ අම්මේ ……”
පුතාගේ පුංචි හිතට දැන් තමයි සැනසීමත් දැනුනේ ………..
“පුතේ දැන් දවල් වෙලා අපි ගිහින් කමු …කාල ඉවර වෙලා හොඳ පුතා වගේ පාඩම් වැඩ කරන්න ඕනේ………”
“හා අම්මේ …….”
හිරූෂා පුතාට කෑම බෙදලා දීලා දෝණිට කෑම ගාවන්න ගත්තා …….
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ගිහාන් අවදිවෙන කොට හොඳටම හවස් වෙලා ……….
සැඳෑ කළුවර දස අතේ පැතිරිලා ………
සියුමැලි කාන්තා ශරීරයක ස්පර්ශය දැනුනු
ගිහාන් එකපාරටම ගැස්සිලා ගියා….
මම මේ ඉන්නෙ ගෙදරද ?…
ඒත් මට මතක විදිහට මම හිරූෂාත් එක්ක තරහ වෙලා මහ රෑම ගෙදරින් ආවා නේ …
එතකොට මේ කවුද මගේ පපුවට තුරුළු වෙලා නිදාගෙන ඉන්නේ ………..
දැන් නං ගිහාන්ට හීන් දාඩියත් දානවා ….
ගිහාන් ඇස් ඇරලා තමන්ගේ තුරුළෙ ඉන්න ඒ කාන්තාව දිහා බැලුවා.
මේ කවුද මේ …….
තරමක් අඳුරු පැහැති ඒත් සුන්දර කාන්තාවක් …….
සිදු නොවිය යුතු දෙයක් සිදුවූ බව අවබෝධ වුණු ගිහාන් එක්වරම ඇඳේ හින්දුනා………
ඒත් එක්කම ඒ කාන්තාව නින්දෙන් ඇහැරුණා …….
තමන්ගේ දිහා ඇස් දෙක ලොකු කරන් ඉන්න හාම්පුතා දිහා චේතනා බය වෙලා වගේ බලන් හිටියා………
චේතනා ලැජ්ජාවෙන් බිම බලාගෙනම ඇඳ රෙද්ද අරගෙන ඇද ගත්තා ………….
ගිහාන් තැන් තැන් වල ගිලිහිලා තියෙන ඇඳුම් දැක්කා ………
අනේ දෙවියනේ මම මේ මොනවද කරගත්තේ ……..
මෙච්චර දවස් මම හිරූෂාට අවංක වෙලා හිටියා…..
ඒත් අද මගේ අතින් ලොකුම ලොකු වැරැද්දක් සිද්ධ වෙලා ………
ඒකත් ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා එක්ක ……..
ඉවරයි සේරම ඉවරයි……
කම්පැනි එකක branch manager කෙනෙක් තව ඔෆිස් එකක ක්ලිනින් කරන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තා කියලා දැනගත්තොත් හැමෝම මට හිනාවෙයි…………..
මේ සේරටම මුල මගේ බීමත් කම ……….
හිරූෂ මට කට කැඩෙනකන් බොන්න එපා කියලා කියන්නේ නිකන්ද ?…
චේතනා කියන්නේ ලක්ෂිකාගේ මහත්තයාගේ ඔෆිස් එකේ ක්ලිනින් කරන කෙනෙක් …….
මේ දේවල් ලක්ෂිකා දැනගත්තොත් මම ඉඳලා ඉවරයි ………..
අන්තිමට මේ දේවල් හිරූෂාගේ කනටත් වැටෙයි…
දැන් මම කොහොමද ගැලවෙන්නේ……….
ගිහාන් දහ අතේ කල්පනා කරනවා…………..
හමුවෙමු මීලඟ කොටසින්