කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන ගෝවා,බෝංචි,කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු බොහොමයක මිල පහත වැටී ඇති බව වෙලදුන් පවසනවා. යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම මෙසේ එළවළු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බව වෙලදුන් පවසනවා

බොහොමයක් ඉකුත් සතියේ දී කිලෝවක් රුපියල් 150- 300ත් අතර මිලයකට අලෙවි වූ එළවලු වර්ග අද (21 ) වන විට කිලෝවක තොග මිල රුපියල් 60 –  80 දක්වා පහත වැටී තිබිණු අතර විදෙස් ලොකු ලූණු කිලෝවද රුපියල් 45 සිට රුපියල් 95 දක්වා වූ මිලකට අලෙවි වේ.

පසුගිය සතියේ කිලෝවක් රුපියල් 130ත් 220 ත් අතර ඉහළ මිලකට අලෙවි වූ ලොකු ලූනු මේ වන විට මිල කිලෝව රුපියල් 45  දක්වා අඩු වී ඇත. පසුගිය සති කිහිපයේ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 350 ත් 600ක් වූ අතර අද වන විට රුපියල් 150 ත් 200 දක්වා මිළකටද, රුපියල් 180 කට අලෙවි වූ පතෝල කිලෝව රුපියල් 60 දක්වා පහත වැටී තිබේ.

අනිත් එලවලු මිළ ගණන් පෙර සහ පසු මිළ ගණන් පහතින් දැක්වේ.

පෙර මිළ වර්තමාන මිළ

ලීක්ස් 360 240

තක්කාලි 350ක් 400ක් 250

බිට් 280 60

දිගටම එළවළු ලැබීමත් සමඟ මිල පහත යන බවට විශ්වාසය පළ කළ හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් පැවසීය

Advertisment