May be an image of 4 people, people standing and text
Nilu story
dooSerntsp
o
“මට ඕනි උනේ ඔයාව…. මට්ටු කරන්න….. ඒකයි… එහෙම කරේ…”
ධනුක කිව්වෙ හරිම අහිංසක විදියට.නීෂාට ලැජ්ජ හිතුනා ඒ සිදුවීම මතකයට නැගිලා. ඇය බොහෝ වෙලාවක් යනතුරු ඉවත බලාගෙන උන්නා.
“ලැජ්ජ හිතුනද?…”
නීෂා නිශ්ෂබ්දව උන්නු නිසා ධනුක නැවතත් කටහඬ අවදි කරා.නීෂා ඔහු වෙත ලැජ්ජාවෙන් බර සිනහවක් පාමින් ඉවත බලා ගත්තා.
“අයැම් සොරි නීෂා.මට ඔයාව අපහසුතාවයට පත් කරන්න ඕනි උනේ නැහැ.ඔයා එක දිගටම මට අරෙහෙම බැනගෙන බැනගෙන යද්දි මට කේන්තියක් දැනුනා…”
“මං ගොඩක් දුක් උනා ධනුක ඔයා මගෙ අක්කට කරපු දේට.ඔයාට වෙච්චි කිසිම දෙයක් මං දැනන් හිටියෙ නෑ.ඔයාගෙ අම්මා නැති උනා කියලාවත් මං දන්නෑ.අයැම් සොරි ධනුක…”
නීෂා ධනුකගෙන් සමාව ඉල්ලුවා.ධනුක මොකුත් නොකියා හිනා වෙලා පිඟානෙ තිබ්බ සැන්වීච් එකෙන් ටිකක් කෑවා.
“දැන් ඒවා ගැන හිතන්න ඕන්නෑ නීෂා.මගෙ අතින් පූජාට සිද්ද උනේ සමාවක් දෙන්න බැරි තරමෙ වැරදි ගොඩක්.ඒවට මං ගොඩක් දුක් වෙනවා.ඒත් මගෙ හිතට දැන් සැනසීමයි. පූජාට හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබිලනෙ ඉන්නෙ…”
ධනුක එහෙම කිව්වෙ ආර්වින් ගැන සිහියට නගා ගනිමින්.තමා අහිමි කල පූජාගෙ ලස්සන ජීවිතය ඇයට යලිත් ලබා දීමට ආර්වින්ට හැකි විය.තමාගෙන් නොලැබූ ආදරය,සෙනෙහස,ආරක්ෂාව පූජා ආර්වින්ගෙන් විඳින අයුරු ධනුක මතකයට නගා ගත්තේ මහත් සැනසීමකිනි.
“අක්කා වගේම ඔයත් ජීවිතේ ගැන අලුතෙන් හිතන්න ඕනි ධනුක.ඔය ලස්සන තරුණ ජීවිතේ නිකරුනේ නාස්ති වෙලා යන්න දෙන්න එපා…”
“ජීවිතේ කියන්නෙ කසාද බැඳලා දරුවො හදන එකම නෙවෙයි නීෂා.තනිකඩව හිටියා කියලා නරකක් වෙන්නෑ.ඔය ඕන තරම් ඉන්නෙ ජීවිතේ සාර්ථක කරගත්තු තනිකඩ මිනිස්සු…”
“ආයෙමත් කසාදයක් බඳින්නෙම නෑ කියලා හිතෙන තරමටම ඔයාට ජීවිතේ තිත්ත උනාද ධනුක?මිනිස්සුන්ට හැමදාම වරදින්නෑ.වැරදි වැරදි තමයි ජීවිතේ දිනන්නෙ.එක පාරක් දෙපාරක් නෙවෙයි තුන් පාරක් ඩිවෝස් වෙලා ආයෙමත් මැරි කරලා සතුටින් ජීවත් වෙන මිනිස්සුත් මේ රටේ ඉන්නවා…”
නීෂා තමාට හැකි පමණින් ධනුකගේ හිත හැදුවා.මීට සුළු මොහොතකට පෙරදි තමාගෙ හිතේ ධනුක ගැන ඇති වූ කේන්තිය, වෛ/ර/ය දැන් නැත.ඒ වෙනුවට ඇත්තේ අනුකම්පා සහගත හැඟීමකි.
“බලමුකො අපිටත් හොඳ කාලයක් උදා වෙයිද කියලා.ඒක නෙවෙයි නීෂා ආයෙමත් රට යනවද?නැත්නම් දිගටම ලංකාවෙ ඉන්නවද?…”
“නිවාඩුව ඉවර උනාම ආයෙමත් ගිහින් එක්සෑම් ලියලා එනවා.ඊට පස්සෙ දිගටම ඉතින් ලංකාවෙ තමයි.මේක මං උපන්න රටනෙ ධනුක.මෙහෙදි හිතට දැනෙන සැනසීම ලෝකෙ කොහේදිවත් දැනෙන්නෑ…”
කතාවෙන් කතාවෙන් වෙලාව යනවත් නීෂාට දැනුනෙ නැහැ.ඇය ධනුකගෙන් සමුගෙන නිවස බලා පැමිණියා.ඇය එනතෙක් පූජා මග බලගෙන සිටියේ හිතට දැනුනු පාළුවත් කම්මැලිකමත් නිසාවෙනි.
“මෙච්චර වෙලා මොනවද කරේ නංගි?පොත් දෙකතුනක් තෝර ගන්න පැය ගානක්ම ගියාද ඔයාට?…”
නංගි ආපු ගමන්ම ඇඳට වැටිලා මොනවදෝ කල්පනා කරන්න ගත්තා.ගෙදරින් යද්දි එක්කෙන් එද්දි තව කෙනෙක් වගේ එයා ඉන්නෙ.
“මහන්සියි අක්කෙ.ස්කූල් එකේ පරන යාළුවෙක් හම්බුනා ටව්න් එකේදි.දෙන්නත් එක්ක කතා කර කර ඉඳලා කොෆී එකක් බීලාම ආවා…”
“කව්ද යාළුවා?…”
“කො/ල්ලෙක්…”
නංගි කට ඇද කරලා එහෙම කිව්වෙ මාව අවුස්සන්න වගේ.මේ/කි/ට කො/ල්ලෙක් සෙට් උනොත් ඌ/ ට කනක් ඇහිලා නම් ඉන්න බැරි වෙයි.කටක් නෙවෙයිනෙ තියෙන්නෙ බෙලෙක් කටක්නෙ.
“කව්ද කො/ල්ලා?…”
මං ඇහුවෙ ඇඳේ පැත්තකින් වාඩි වෙන ගමන්.නංගි නැගිටලා ඇඳ වියලට හේත්තු උනේ එද්දි ගෙනාපු ඇපල් කේක් එකකුත් මගෙ අතට දීගෙනයි.
නංගිත් එක්ක මට ඕනම දෙයක් කතා කරන්න පුලුවන්.අපි අතරෙ රහස් නොතිබුනු තරම්.
“මං විහිළුවක් කරේ අක්කෙ.ස්කූල් එකේ කො/ල්ලෙක් නෙවෙයි හම්බුනේ…”
“එහෙනම්?…”
“ධනුකව මට මගදි මීට් උනේ…”
“මොකක්??…”
නංගිට මගදි ධනුකව හම්බුනා නම් මොනවයින් මොනවා උනාද දන්නෑ.මේ/කිගෙ තියන විසේට ධනුකට ගැහුවද දන්නෙත් නෑ. හොඳ අඩව්වක් අල්ලන්න ඇති.අප්පච්චියි අම්මයිත් අපි දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම කියන්නෙ නංගි කෙ/ ල්ලෙක් උනාට හැසිරෙන්නෙ කො/ ල්ලෙක් වගේ දරදඬු තාලෙට කියලයි.
“බය වෙන්න එපා අක්කෙ.මං ධනුකත් එක්ක රණ්ඩු උනේ නෑ.මට එයා ගැන පව් කියලත් හිතුනා.අපි හිතනවට වැඩිය ධනුක වෙනස් කෙනෙක්.එයා ඔයාට කරපුවට පසුතැවිලි වෙන්නෙ ඇත්තටමයි අක්කෙ.එයා ආර්වින් අයියව බලන්න හොස්පිටල් එකට එන්නෙ ආර්වින් අයියා එයාගෙ යාළුවෙක් නිසා මනුස්සකමට මිසක් වෙන අදහසක් හිතේ තියාගෙන නෙවෙයි.ධනුකට දැන් තමන්ගෙ කියලා කියන්න කාත් කවුරුවත් නෑ.එයා තනි වෙච්චි කෙනෙක් අක්කෙ.මට ධනුක ගැන හරිම දුකයි.මගෙ ඇස් දෙකට කඳුලුත් ඉනුවා ධනුක කියපු දේවල් අහගෙන ඉඳලා…”
එහෙම කියලා නංගි මාව කාමරේ තනි කරලා පල්ලෙහාට ගියා.මං හීනෙකින්වත් හිතුවෙ නංගිගෙ හිතේ ධනුක ගැන තිබ්බ අයහපතක් ආකල්පය මෙහෙම වෙනස් වෙයි කියලා.
එයා ධනුකට කොච්චර වෛ/ර කරාද.මොන තරම් බැන්නද.ලේසියෙන් වෙනස් වෙන්නැති ධනුකගෙ හිත මොනවා කියලද දන්නෑ නංගි වෙනස් කරේ.
මට හිතුනා නංගියි ධනුකයි ආදරේ කරනවද කියලා.ධනුක වගේ මනුස්සයෙකුට ආදරේ කරලා මගෙ එකම නංගිගෙ ජීවිතේ වි නා ශ වෙලා යනවා මට බලන් ඉන්න බෑ.එදා මට කරපු දේම ධනුක මගෙ නංගිටත් කරොත්…. ආදරේ ගැන අත්දැකීම් නැති මගෙ නංගි ආදරේදි මොන වගේ තීන්දු තීරණ ගනීද කියලා හිතාගන්න බෑ.
නංගි මොකක් හරි දෙයක් හිතුවොත් ඒක කරලාමයි පස්ස බලන්නෙ.එයාගෙයි ධනුකගෙයි සම්බන්දයක් තිබුනොත් අපි කවුරු අකමැති උනත් එයා ධනුකව අතාරින්නෑ.
රෑ කෑමෙන් පස්සෙ මං නංගි එක්ක මේ ගැන කතා කරනවා කියලා හිතාගත්තත් නංගි අද වේලාසන නිදාගෙන තිබ්බ නිසා කතා කරන්න ලැබුනෙ නැහැ.
~
දින කිහිපයකට පස්සෙ ආර්වින්ගෙ ටිකට් කපාගෙන ගෙදර එක්කන් ආවා.කකුලක් අහී වෙච්චි නිසා එයාට ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ රෝද පුටුවෙ.ඒ ගැන ආර්වින් කතා කරේ පුදුමාකාර හිත් වේදනාවකින්.
“ආයෙ මට මේ ලෝකෙ දිහා බලන්න දෙපයින් හිටගන්න බෑ පූජා.මං අ/බ්/බ/ගා/ත/යෙ/ක් උනානෙ.මේක හීනයක් උනා නම් කියලා හිතෙනවා.ඉස්සර වගේ මට දැන් ඔයාව වඩාගන්න බෑ…”
ආර්වින් මගෙ අතක් අල්ලගෙන මු ව ට තබා සි/ප ගනිමින් මගෙ ඇස් දිහා බැලුවා.
“ඔයාට මාව වඩා ගන්න බැරි උනාට කමක් නෑ ආර්වින්.කකුලක් නෑ කියලා මට ඔයාගෙ අඩුවක් පේන්නෑ.නැති වෙච්චි කකුළ ගැන හිතලා දුක් වෙන්න එපා.අපි අපේ අනාගතේ ගැන හිතමු ආර්වින්…”
අහිමි වෙච්චි කකුල ගැන හිතලා ආර්වින් දුක් උනා.මං මට හැකි පමණින් ආර්වින්ගෙ හිත හදලා ඒ දුක නැති කරා.කිසිම වෙලාවක මං එයාව තනි කරේ නෑ.එයාගෙ ළඟින්ම ඉඳන් දුක බෙදාගෙන ඒ හිතට ශක්තියක් උනා.
“දවස තිස්සෙම කාමරේට වෙලා ඉන්න ගියාම එපා වෙනවා පූජා.කනවා,බොනවා, නිදාගන්නවා විතරයි…”
මගෙ අතින් බත් කටක් කාලා ආර්වින් දුකින් වගේ බැල්කනිය දිහා බැලුවා.වෙනදාට හවස පහමාරට හයට විතර අපි දෙන්නා ඔය බැල්කනියට වෙලා කොච්චර දේවල් කතා කරනවද.රෑට බැල්කනියට ඇවිත් අහස දිහා බලාගෙන තු/රු/ල් වෙලා අපි කොයි තරම් ආදරෙන් ඉන්නවද.
ඔහුට ඒ අතීතය සිහියට නැගිලා දුක හිතෙන්න ඇති.පව්.කොච්චර හොඳට දුවලා පැනලා හිටපු කෙනෙක්ද.
“එහෙම තමයි මහත්තයො.සනීප වෙනකල් ඔහොම ඉවසගෙන ඉන්න.ඊට පස්සෙ බැරියැ ඇවිදින්න…”
“තනි කකුලෙන් මං කොහොමද ඇවිදින්නෙ?පැන පැන තමයි යන්න වෙන්නෙ…”
“තනි කකුලෙන් යන්න කිව්වෙ නෑ මෝ/ඩ/යො.මං ඔයාව වීල් චෙයාර් එකේ තියාගෙන තල්ලු කරගෙන ඕනි තරම් දුරක් යන්නම්…”
“බබාට මං නිසා සෑහෙන කරදරයි නේද?මං හින්දා අවුරුද්දක්ම අනුරාධපුරේට වෙලා දුක් වින්දා.දැන්….
“ඇති…”
ආර්වින් තවත් කියවන්න කලින් පූජා ඔහුගෙ දෙ/තො/ල් වලට ඇඟිල්ලක් තබා ඔහුව නිහඬ කරා.
“කේන්ති ගියාද බබාට මං එහෙම කියද්දි?…”
“කේන්ති ගියේ නෑ.කේන්ති ආවා…”
පූජා ආර්වින්ට රවලා අහක බලා ගත්තා.ඇය උත්සහ කරන්නෙ ආර්වින්ව හැම මොහොතකම සතුටින් තියන්නයි.
“දෙයක් කියන්න මැණිකා තරහා ගන්නෑ නේද?…”
ඇඳ වියලට කොට්ටයක් හේත්තු කරගෙන ආර්වින් මගෙ පැත්තට හැරුනා.න පු රා මොකක් හරි දෙයක් කියලා මාව අවුස්සන්නද මන්දා හදන්නෙ.
“එන්න මෙතෙන්ට…”
එයා ප/පු/ව පෙන්නලා මට එහෙම කිව්වා.
“තුවාල වලට රිදෙයි මෝ/ඩ/යො…”
“ප/පු/ව තුවාල වෙලා නෑනෙ කෙ/ ල්/ ලෙ…”
එයා දඟකාර කො/ ල්ලෙක් වගේ කියනවා. මට හිනා ඉතින්.කකුලෙ තුවාලෙට නොරිදෙන විදියට ඇඳේ පැත්තක ඉඳන් මං එයාගෙ ප/ පු/ ව උඩින් ඔලුව තියා ගත්තා.ඒ උණුහුමට ගුලිවෙලා ආදරේ විඳිමින් ඉන්න තියනවා නම් මට මේ ලෝකෙ වෙන මොකුත් ඕන්නෑ.
“මොනවද ඔයාට කියන්න තියෙන්නෙ?…”
මං එයාගෙ ප/පු/ව මැද්දෙ සි/ප ගනිමින් ඇස් දෙක ගාවට ආවා.න පු රා මොකක් හරි ලොකු දෙයක් කියන්න වගේ හදන්නෙ.
“ධනුක කතා කරා…”
“ඒ මොකටද?…”
මට එකපාරටම තරහකුත් දැනුනා ධනුකගෙ නම ඇහෙද්දි.ධනුක ඕනවටත් වැඩියි දැන්. මොකටද දන්නෑ මෙච්චර අපේ පස්සෙන් පන්නන්නෙ.
“ඔච්චර නපුරු වෙන්න එපා බබා.දැන් ඉන්නෙ ඉස්සර හියපු ධනුක නෙවෙයි.ධනුක දැන් හොඳ මනුස්සයෙක් වෙලා ඉවරයි…”
කාට කොහොම ධනුකව පෙනුනත් මට නම් ධනුකව පේන්නෙ එදා හිටපු විදියටමයි. කවුරු මොනවා අමතක කරත් ධනුක එදා මට සළකපු විදිය මගෙ ජීවිතේ තියනකල් අමතක කරන්න බෑ.
“ධනුක මට කරපු දේවල් කවදාවත් අමතක කරන්න බෑ ආර්වින්.එදා මං විඳපු දුක කාටවත් තේරෙන්නෑ…”
සුසුමක් හෙලලා ආර්වින් මගෙ නලල සි/ප ගෙන හිස අතගෑවා.
“ඔයා කියන දේ මට නොතේරෙනවා නෙවෙයි පූජා.ධනුක නිසා ඔයා විඳපු දුක මං ඇස් දෙකටම දැක්කා.අද ධනුක ඒවට කියාගන්න බැරි තරමට පසුතැවිලි වෙනවා.ඌ* හිත හදාගෙන සැනසීමෙන් ඉන්නෙ ඔයා මාත් එක්ක සතුටින් ඉන්න නිසයි…”
“හරි.ඔයා කියන්න හදපු දේ කියන්නකො…”
හිතට දැනුනු තරහව යටපත් කරගෙන මං ආර්වින්ගෙ මූණ දිහා බලාගෙන හිටියා. හැමෝටම ඉතින් ලොකු ධනුකවනෙ.
“ධනුක නීෂාට ආදරේ කරනවා පූජා.මං හිතන්නෙ නීෂාත් ධනුකට කැමතියි වගේ…”
මතු සම්බන්දයි.
කොටස් 50 න් කතාව ඉවරයි.
කරදර බාධක ගොඩක් මැද්දෙ ගොඩ කාලෙකට පස්සෙ තමයි කතාව ලිව්වෙ. අදහසක් හරියට හිතට එන්නෙත් නෑ.වෙනදා වගේ රසවත් නැතුව ඇති අද කොටස.මං හිතනවා මගෙ ආදරණීය පාඨකයො ඒක තේරුම් ගනීවි කියලා.
මං වෙනුවෙන් වචනෙකින් හරි දෙයක් කියලා හිත හදපු ඔයාලා හැමෝටම ගොඩාක් පිං