May be an image of one or more people and text
කාවින්දි ලියනගේ
Sotrsenodp9f31l2f
m
6
2

·
10 දිගැහැරුම

පෙරදින පමණ ඉක්මවා අධිකව
ලබාගත් මත්වතුර නිසාවෙන් රිදුම් දෙන හිස දෑතින් තෙරපන ගමන් සෙමෙන් දෑස් විවර කරන්න වුයේ. තවත් වේදනාකාරී දිනය ඇරඹුමක් සනිටුහන් කරමින් වුවත්…

පපුතුරට අයිති කරගෙන සුව නින්දක ගිලි උන් ඇගේ වත මඩල අබියස ගත් අපහසුතා දුරුවී යන්න වුයේ …

දින ගණනාවක් පුරා දැකි සිහිනය සෑබෑ වි ඇති නිසාවෙනි .

සැම රාත්‍රීයකම නින්දට පෙරත් නැවුම් දිනක ඇරඹුම සනිටුහන් වන උදෑසනක ඇගේ රුව නෙත් අබියස ජිවන යාත්‍රාව පුරා දැකුමට කැමති වුවත්….

එය කිසිදා සෑබැ නොවන සප්නයක් වෙවිදෝ.. ..

දෛවය තමාට මේ තරම් සරදම් කරන්නේ..මන්දා..

දහසක් සිතුවිලි හිත සමඟ තරඟ කරද්දී..සියලු දේ මොහොතකට අමතක කෙරුමට බරැති සුසුමක් මුදා හැර …..

ඇගේ සිනිදු හිස් කෙස් අතරින් සිය දෑගිලි යමින් සෙමෙන් ඇගේ හිස පිරිමදිමින් වුයේ… තාමට අවනත නොවී ඇගේ වත පුරා සිය දෙනෙත් දුවද්දි ……

” අහ්…….”

සිහින් කෙඳුරුමක් පිටකරමින් සිය පපුතුරට මත ඒ මේ අත පෙරලෙමින් ඈ සෙමෙන් දෑස් විවර කරන්න වුයේ…ඇගේ දඟකාරකම් අබියස ඔහුගේ මුවෙහි මදහස් සිත්තම් වෙද්දිය ..

” ගුට් මොනින් මැනික ….”

ඇගේ අවසරේකින් තොරව ඇගේ නලල් තලය මත හාදුවක් තබා ඔහු ඈ අමතන්න වුයේ…

ඈ..රතු වු…වතින් ඔහුට සිනාවක් පාකර ඔහුගේන් මැත් වෙද්දි …

” ගුට් මොනින් සර්….

ම්..මන් පැයක් දෙනම්…ඔය එළු රැවුලත් කපන් ඔය හඩු ගඳ යන්න නාගෙන කොලඹ යන්න ලෑස්ති වෙලා පහලට එන්න.

” මේ…මේ හඩුගදනම් මොකො
ඊයේ රෑ තුරුල් කරන් නිදා ගත්තේ . “

” මන් තුරුල් කරගත්ත එකක් නෑ…ඔය කියන එක්කෙනාමයි මාව ඊයේ රෑ තුරුල් කරන් නිදාගත්තේ ..”

ලැජ්ජාව වහගන්නත් එක්කම බොරුවක් කියලා ශේප් එකේ

මාරුවෙන්න හැදුවත්….සර් කියපු එක නිසා පොළොව පලන් යන්න හිතුනා….

” හා..කො…මේ ඔයාගේ කාමරේ වෙන්නැති නේ…මන් බලෙන් ඇවිත් තුරුල් කරන් නිදා ගන්න නේද…හරි හරි අපි එහෙම හිතමුකො…”

” මේ ..මේ .මේ….”

” හරි හරි ඔච්චර හිතන්න එපා ..මේ එක නෙවෙයි අහිලාෂා මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද…..”

” සර් මේ අහන්න අපි එලියට ගිහින් කතා කරමු..ම්..හොද ළමයා වගේ වොශ් එකක් දාන් එන්න අපි යන ගමන් කතා කරමු.බන් අදම ගෙදර යන්න ඔනි..”

” ම්ම්ම්..ඔකේ…..”

” අහිලාෂා ඔයා මට කවදාවත්ම කැමති වෙන්නෙ නැතිවෙයිද මැනික .මට ආදරේ කියන දේ විදින්න කිසිම පිනක් නැද්ද..

මන් ඒ තරම්ම පව්කාරයෙක්ද මැනික ….අනේ ඔයා ඔය කියන්න යන්නේ එදා කියපු දේ නම්…මට ඒක තවත් දරාගන්න බෑ….මන් ඔයාට ආදරේ කලේ මගේ හදවතින්මයි…මේ හැම දෙයක්ම ඔයාට දිලා මන් යන්නම යන්නම්…..”

සිතල දියදහර ගත සිහිල් කරන් ගලා ගියද හදවත ගිණිජලාවකට මැදිව දැවෙන්න සේ ඔහුට හැගෙන්නට විය.

” ඔයා මෙහෙම නාස්ති වෙනවා බලන්නේ කොහොමද නෙහස්න …

ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ අපි දෙන්නට කවදාවත් එකතුවෙන්න බෑ…කියලා..

මන් මොකක්ද කරන්නේ..මේකට…”

සිතුවිලි අතර සිරවෙමින් සිතන්න වුනේ..ඔහුට කෙසේ මෙය පහදන්න කියා .
\
” දෝණි බුදුසරණයි පුතේ .අනේ මේ බුරුවාව පොඩ්ඩක් බලන්න.පුතේ මේක මොකාක් හරි ගොන් වැඩක් කොලොත් අයි හිත හිත ඉන්න එපා..මතක හිටින්න පාරක් දෙන්න හොදද දෝණි …”

” හරි අප්පච්චි බය වෙන්න එපා. මන් බලා ගන්නම්….මේ යක් පැටියාව.”

” අ..අප්පච්චි දැන් ඔයාට මේ පුතාවත් අමතකයිනේ..දු අවහම ඔහොම යමුකො….”

“අනේ.මේ..කොල්ලො..කටවහන් හිටපන් .උබට එදා දුන්නු තැන මන් මැරෙණ තුරාවට මේ පපුවේ තියනවා…”

“අනේ…අප්පච්චි ……..”

” මොකක්ද කොල්ලො..උබ කිව්වේ ආයි කියන්න මගේ පුතේ ….”

” අ..අප්පච්චි ….”

සුරියබණ්ඩාර මහත්තයා අකිශ් සිය තුරුලට ගෙන හඬන් න වුයේ..ඔහු අවුරුදු දහයක්

පුරා ඔහුගේන් ඇසීමට බලාපොරොත්තු වු වදන ඔහුගේ මුවින් ගිලිහුණු නිසාවෙන්‍ ය..

” අප්පච්චි …මට සමාවෙන්න අප්පච්චි මේ වචනේ කියන්න මෙච්චර කල් ගත්තට…”

” හරි පුතේ කමක් නෑ..අද හරි කිව්වානේ …ම..එහෙන්ම් පරිස්සමෙන් යන්න හොදදා..අයි මාව බලන්න එන්න…”

” හරි අප්පච්චි …බුදුසරණයි බෙහෙත් ටික වෙලාවට බොන්න….”

” තෑන්ක්ස් අහිලාෂා මේ හැමදේමකටම…”

” ඔකේ ..සර්…ඕක මොකක්ද ඔයා මන් කියපු එක ඇහුව එකට මට ගොඩාක් සතුටුයි…

දැක්කද අප්පච්චිට අද කොච්චර සතුටුද කියලා….”

ඔහු ඈ දෙසට සිනාවක් පා කර සිය මතකය උදෑසන් කරා අවදිකරන්න විය…..

~ උදෑසන ~

සිය කාමරයේන් පිට වීමට ගිය ඈ නැවත වරක් තමා අසල විත්….

” සර්…මන් දෙයක් ඉල්ලන්ම්..පුලුවන් නම් කරනවද ප්ලිස් …”

” කියන්න…ඔයා කියන ඕන දෙයක් මන් කරන්නම්…”

” ම්..එච්චර ලොකු දෙයක් නෙවෙයි …ඔයාට පුලුවන් අන්කල් එහෙම කතා නොකර අප්පච්චි කියන්න පුලුවන් අනේ…ප්ලිස් ….”

” ම්…බලමු…අභිලෂා මට පොරොන්දු වෙන්න බෑ…එත් මන් උත්සාහ කරන්නම්..”

” හරි මන් හිතනවා ඔයා මන් ඉල්ලපු පළවෙනි දේ කරයි කියාලා…”

~ වර්තමානය~

” ඈ. සේ ඔහු ..නොදන්නවා උවත් සිය දෙමාපියන් ගේ අහිමි වීමට ඔහු සම්බන්ධ බව…

ඇගේ පළමු ඉල්ලිම ප්‍රතිකේෂ්ප කරන්න තිබු අකමැත්ත නිසා විනා තමා කිසිදු දිනක ඔහුට එසේ ආමන්ත්‍රණයෙන්ම නොකරනු ඇති…..

” සර්…”
” සර්….”

” ආ..කියන්න ශවේතා …”

” ඔය ඉස්සරහින් පොඩ්ඩක් නවත්තන්න පුලුවන්ද…”

මාර්ගය ඉදිරියේ වු..කුඩා පොලඅතු වලින් ආවරණය වු කඩයක් පෙන්වමින් ඈ පවසන්න වුයේ….

ඔහු දෙබැම හකුලුවා ඈ දෙසට නෙත් පා කද්දිය…

රථයේන් බැස කුඩා කඩයේ පැත්තක ඉදිකර තිබු කුඩා අවණය යට අසුන් ගන්න වුයේ..කඩෙන් ආහාර ඇනවුම් කරමින්‍ ය..

නිහඬව ඔහු හා ආහාර ගෙන අවසන් වී..

ඈ..සෙමෙන් පා තබන්න වුයේ අසල තිබු කුඩා දියපහර අසලටය…

ඔහුද ඈ අනුගමනය කරමින් ඇ පසු පස පා තබන්නවිය.

පාවහන්‍ යුගල පසෙකින් තැබු ඈ ගල්තලාව මතින් වාඩිවෙන්න වුයේ ඔහුටද ඉදගැනීමට ඉගිකර .සිය පා දොලපහර දමාගනිමින්‍ ය…

ඈ දෑස් පියන් හොද හුස්මක් ගෙන සිය දෑගිලි ගෙන ඔහුගේ දෑගිලි හා පටලවන්න වුයේ… ලා කදුලු පටයකින් වැසි ගිය ඔහුගේ දෙනෙත් ඈ දෙසට පා වෙද්දිය…

ඔහු ඇගේ දෑත මත සිය දෙතොල් අතුරන්න විය……

ඈ සිය ගත සම්පුර්ණයෙන් ඔහු දෙසට හරවන් .ඔහුගේ දෙනෙත් දෙස සිය දෙනෙත් පා කර දිගු කතාවකට මුල පුරන්න වුයේ..

” මට ඉස්සෙලාම මේක කියන්න් සර්…ඔයා තාමත් මට ආදරේයිද…”

” ඔව්..දෙවියනේ මන් ආදරේයි මැනික..මන් ගන්න හුස්මක් හුස්මක් ගානේ ඔයාට විතරයි මයි ආදරේ ..”

” ඔයා හිතනවද මේ සම්බන්දේ මේ සමාජේ ප්ලිගනි කියලා..ඔයා මගේ මල්ලිගේ වයසේ..ම්…ඔයා ඔයාට වඩා වැඩිමල් කෙනෙක්ට ආදරේ කරද්දි ඔයාට මිනිස්සු මොනා නොකියයිද…ම්…නිකමට හිතන්න ..ඔයා බිස්නස් ෆිල්ඩ් එකේ හොද නමක් තියන කෙනෙක් ….මන් වගේ කෙනෙක් නිසා ඔයා නම කැත වෙනවට ම්න් පොඩ්ඩක් වත් කැමති නෑ…”

” ඒ…කියන්නේ…ඔයා මට කවමදාවකවත් ආදරේ කරන්නේ නැද්ද …”

” මන් බයයි ……දෙවියනේ මන් බයයි ..මන් නිසා ඔයාට හැමදේම නැතිවෙයි කියලා…”

ශවේතා එක්වරම ඔහුගේ ලයට තුරුල් වී හඬන්න වුයේ.

අනපේක්ෂිත සිදුවු දේ නිසා ඔහු තිගැස්සෙද්දිය….

” මැනික ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඔයා නිසා මට කිසිම දෙයක් නැති වෙන්නේ නෑ..ඔයා මට ආදරේද කියලා විතරක් කියන්න..අනිත් හැමදේම මන් බලා ගන්නම් මැනික ….”

ඈගේ හිස පිරිමදිමින් වරින් වර සිය දෙතොල් ඇගේ හිස මත අතුරමින් ඔහු පවසන්න විය….

ඔහුගේ තුරුලෙන් මිදුනු ඈ…ඔහුගේ නලල් තලය මත සිය දෙතොල් පෙති අතුරමින්….

නෙහස්න මේ මොහොතේ ඉදන් ……

මතුසම්බන්ධයි …..