පසුගිය දිනකදී උතුරු නැගෙනහිර කර්මාන්ත නිරීක්ෂණය කිරීමේදි මන්නාරම තල් කෙදි සැකසු මද්‍යස්තානයේ විවෘත කරන ලද නාමපුවරුව සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇති කලා. ඒ දෙමළ භාෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබීම හේතුවෙන්. පසු ගිය සමයේ පලාලි ගුවන් තොටුපලේ පුවරුව දෙමළ භාශාවෙන් තිබීම හේතුවෙන් විමල් වීරවංශ මහතා විරුද්ධත්වයකින් කටයුතු කළ නිසා මෙය වැඩි වැඩියෙන් පුවත් මවන්නක් වුනා.

කෙසේ වෙතත් එම වරද නිවැරදි කරමින් අලුත් නාම පුවරුවක් ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා කටයුතු කොට තිබෙනවා. මේ ඒ පිලිබද අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කොට තිබූ සටහනයි

“උතුරු නැගෙනහිර රාජ්‍ය කර්මාන්ත නිරීක්ෂණය කිරීමේ සිව්දින නිල සංචාරයට සමාගමීව මන්නාරම තල් කෙදි සැකසුම් මධ්‍යස්ථානය මා අතින් විවෘත වූයේ පසුගිය සෙනසුරාදා ය.එහි නාමපුවරුවේ වූ අඩුපාඩුව වහා නිවැරදි කරන ලෙස මා ඒ මොහොතේදීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුනිමි.

ඒ අනුව දැනටමත් එම අඩුපාඩුව නිවැරදි කර ඇති බව සදහන් කරනු කැමැත්තෙමි !”