අල්ලස් කොමිසම පැවරූ නඩුවකින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයන්ත ශ්‍රී බංඩාර නිදොස් කොට නිදහස් කර තිබෙනවා. රුපියල් දෙලක්ශ තිස් දහසක මුදලක් අමාත්‍යවරයාගේ පෞද්ගලික දුරකථන බිල්පත් ගෙවීමට කටයුතු කලේ යැයි චෝදනාව මත මෙම නඩුව ගොණු කර තිබුණා.
මහාධිකරණය එම චෝදනාවලින් නිදහස් කිරීම හේතුවෙන් සැකකාර කෙහෙලිය රඹුක්වැල්ල සහ මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයන්ත ශ්‍රී බංඩාර යන මහත්වරු එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය.