ලොව වේගවත්ම පන්දු යවන්නා ලංකාවේ මතීෂ පතිරණ???

දකුණු අප්‍රිකාවේ මේ දිනවල පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය ඊයෙ පැවැත්වුනා. එහිදි ඉන්දීය ඉණිමේ සිව්වන පන්දු වාරය යැවූ ලසිත් මාලිංගගෙ ඉරියව්වට මඳක් සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණ එම පන්දු වාරයේ එක් පන්දුවක් 175km/h ක වේගයෙන් යැවූ බවට වේග මාපකය පෙන්නුම් කෙරුවා..

කෙසේ නමුත් මේ වන තෙක් ICC යෙන් මෙය තාක්ශණික දෝශයක් නිසා වූ පෙන්නුම් කිරීමක් ලෙස සඳහන් කර නැත. ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි වලින් මේ වනවිට මතීශගෙ මෙම පන්දුව හුවා දක්වමින් ලොව වේගවත්ම පන්දුව ලෙස සඳහන් කරමින් තිබෙනවා.මීට පෙර ලොව වේගවත්ම පන්දුවට හිමි වාර්තාවට හිමිකම් කීවේ පකිස්ථානයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර්. ඔහු යැවූ වේගවත්ම පන්දුව 161.3 km/h ලෙස සඳහන් වෙනවා..

මතීෂ පතිරණගෙ සාමාන්‍ය පන්දු යැවීමේ වේගය 135-140km/h අගයක තිබෙන අතර ICC යෙන් මෙම පන්දුවේ වේගය තාක්ශණික දෝශයක් නිසා එසේ පෙන්වූ බවට නිළ නිවේදනයක් නිකුත් නොවුනහොත් ලොව වේගවත්ම පන්දුවට හිමි වාර්තාව මතීෂ පතිරණගෙ නම ඉදිරියේ ලියවෙනු ඇත.

උපුටා ගැනීම gihan sameera

Advertisment