දෙවෙනි ඉනිම බලන ගොඩක් අය අතර මේ දවස් වල ප්‍රසිද්ධ චරිතයක් තමයි ආක්ශා කියන්නේ. ටිකක් නපුරු වගේම අහංකාර චරිතයක් නිසා ගොඩක් රසිකයන් ආක්ෂා දෙස බලන්නෙ ආදරයෙන්ද අනාදරයෙන්ද? කවද හරි ඔය අහංකාරකම් හිතුවක්කාරකම්, නපුරුකම් ඇරිලා යයි. ආක්ෂගෙ මේ ගතිපැවතුම්වලට සමාව දෙමින් ඇයට ආදරය කරන අය නපුරු වුණත් අහක දාන්න බැරි තරම් ආදරයකින් රසිකයන්ගේ හිත්වල ඉන්න මේ පුංචි කෙල්ල කවුද? ඇය නමින් නෙත්මි නිෂේකා රොෂෙල්

රොජර්ස් නෙත්මි කලා ලෝකයට පය තියන්නෙ 2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරුණාට පස්සෙ. මුලින්ම ඇය සක්කාරං ටෙලි නාට්‍යයේ ජයනිකාගේ චරිතය රඟපාන්න ගන්නවා. ඊට පස්සේ තමයි දෙවෙනි ඉනිමේ ආක්ෂාගේ චරිතය ඇයට ලැබෙන්නේ.
ඇය සමග කල කතාබහයි මේ
රොජර්ස් නෙත්මි කලා ලෝකයට පය තියන්නෙ කොතනින්ද?
“කලාවට එනව කියල නම් මට අරමුණක් තිබුණේ නැහැ ඒත් මම පොඩි කාලේ ඉඳන්ම කලාවට හරි ආසයි 2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තමයි මම තේරුණේ. මුලින්ම සක්කාරං ටෙලි නාට්‍යයේ ජයනිකාගේ චරිතය රඟපාන්න අවස්තාවක් ලැබෙනවා. පස්සේ තමයි දෙවෙනි ඉනිමට ආරාධනාවක් ලැබෙන්නේ. අම්ම තමයි මාව අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් කරන්න අයැදුම් පත් දැම්මෙ තාත්ත නම් මම කලාවට එනවට කැමැති වුණේ නැහැ අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වෙද්දි තාත්තා කිව්වෙ අවුරුදු කුමරි තරගයට යනව විතරයි රඟපාන්න නම් යන්න බැහැ කියලයි මගේ අම්මත් තරුණ කාලෙ හරිම ආසාවෙන් ඉඳල තියෙනවා කලාවට එන්න. ඒත් අපේ ආච්චි හරි වසයිලු එයාල අම්මට කලාවට යන්න දීලා නැහැ හැබැයි මම මගේ පළමු ටෙලිනාට්‍ය සක්කාරං හි රඟපානකොට මගේ අම්ම විදිහට රඟපෑවේ මගේ අමම්මයි අම්ම එදා දුටු හීනය මා තුළින් දකින්න ආස වුණා අම්මට දැන් මං ගැන සතුටුයි මාත් එක්ක රසිකයන් කතා කරත්දි, මටත් වඩා සතුටු වෙන්නෙ අම්මා “
ඔබේ පියා ඔබ කලාවට යොමු වෙනවාට අකැමැති වීමට හේතුව කුමක්ද?
“මට බාල නංගි කෙනෙකුයි මල්ලි කෙනකුයි ඉන්නව තාත්තා හිතුවේ මම හොඳින් අධ්‍යාපනය කරගෙන ගියොත් නංගියි, මල්ලියි මගේ අඩිපාරේ යයි කියල මුලදි තාත්තා මම රඟපානවට අකැමැති වුණාට තාත්තා දැන් තේරුම් අරන් ඉන්නව කලාව කියන්නෙ ලස්සන තැනක් කියලා අපි හොඳ විදිහට ඉන්නව නම් මෙතන හොඳින් වැඩ කරගෙන ඉන්න පුළුවන් කියල තාත්තා දන්නව දැන් ගෙදර වැඩ නිසා අම්මා කාර්යබහුල වෙන වෙලාවට මගේ තනියට එන්නෙත් තාත්තා නෙත්මි කියන්නෙ පාසලේ කලා කටයුතු අතර කැපී පෙණුන චරිතයක්ද? මම ඉගෙන ගත්තෙ බෝමිරිය ජාතික පාසලේ අපේ ඉස්කෝලෙ කොන්සට් එකක් තිබුණොත් නැටුම්වලට. නාට්‍යවල චරිතවලට බෑන්ඩ් කණ්ඩායමේ හැම කලා කටයුත්තම නෙත්මි කියන චරිතය හිටියමයි හැබැයි මම සාමාන්‍ය පෙළ සමත් වෙලා වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරද්දි මම හිතුවා බාහිර වැඩවලින් ටිකක් ඈත්වෙලා අධ්‍යාපනයට යොමු වෙන්න ඕන කියලා”
මේ වෙද්දි නෙත්මි රංගනය වෘත්තීය විදිහට තෝරගෙනද ඉන්නෙ?
“රඟපෑම මම මගේ වෘත්තීය කරගෙන නැහැ අධ්‍යාපන කටයුතු කරන අතර තමයි මම රංගනයේ නියැළිලා ඉන්නේ මම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හදාරනවා මම මේ ගත කරන්නෙ විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසර මගේ උපාධිය සම්පූර්ණ කළාට පස්සෙ මම මට ගැළපෙන රැකියාවක් තෝරාගන්නව රඟපෑම මම ආදරය කරන ක්ෂේත්‍රය හා මගේ විනෝදාංශයයි“
රංගනය කියන්නෙ විනෝදයට කරන්න පුළුවන් සරල දෙයක්ද?
“මේක සරල නැහැ අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්න විදිහෙන් වෙනස් වෙලා වෙනත් කෙනෙක් බවට පත්වෙලා කැමරාව ඉදිරියේ ජීවත් වෙන එක ලේසි නැහැ නමුත් ආසාවෙන් මේ දේ කරන නිසා, ඒ අසීරුතාවය දැනෙන්නෙ නැහැ.“
ආක්ෂා නෙත්මිගේ ජීවිතය වෙනස් කරලද?
“ආක්ෂාගේ චරිතයට ලැබෙන ජනප්‍රියත්වය එක්ක ජීවිතය තරමක් වෙනස් වෙලා. මිනිස්සුන්ගෙ ආදරය ලැබෙන තාක් ඒ ආදරය විඳින එක සතුටක් නෙත්මියි, ආක්ෂයි සමාන දෙන්නෙක්ද? මම ආක්ෂා වගේ නපුරු කෙනෙක් නොවුණට මට ආක්ෂා වෙන එක අමාරු වුණේ නැහැ මගේ වයසේ යුවතියකගේ ඇඳුම් පැලඳුම් හැසිරීම් සිතුවිලි තමයි ආක්ෂට තියෙන්නෙ හැබැයි මගේ පළමු චරිතය ජයනිකා ඒ චරිතයෙදී මට අමුතුවෙන්ම හැඩ ගැහෙන්න සිද්ධ වුණා මේ චරිතය නපුරු වුණාට මිනිස්සු මට මේ චරිතය හරහා ආදරය කරනව කියල මට දැනෙනවා. ගොඩක් අය මාත් එක්ක සෙල්ෆියක් අරගෙන පස්සෙ අහනව ඔයා ඇයි අපේ අනුහස් මල්ලිට මෙහෙම බණින්නෙ ඔයා ඇත්තටමත් අහංකාර නපුරු කෙනෙක්ද කියල. මම ඇත්තටම අහිංසක නැහැ හැබැයි මම නපුරුත් නැහැ “
ජනප්‍රියත්වය නිසා නෙත්මිට ආදර ආරාධනාත් වැඩිවෙලාද?
“එහෙම ඒවත් තියෙනව මං දැන් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ විශ්වවිද්‍යාලයේදි ඔය තත්ත්වය ටිකක් වැඩියෙන් දැනෙනව මොකද පාසලේ වගේ නෙවෙයි එතැන තියෙන්නෙ නිදහස් පරිසරයක්නෙ මම හිතාගෙන ඉන්නව උපාධිය සම්පූර්ණ කරනකම් ඒ ගැන හිතන්නෙ නැහැ කියලා පාසල් වියේ නෙත්මි පෙම්වතියක්ව සිටියද? නැහැ ඇත්තම කියනව නම් අපේ තාත්තා හරිම සැරයි තාත්තට අපි හරි බයයි ඒ කාලෙ කවුරු හරි යාළුවෙන්න ඇහුවොත් මම කියන්නෙ තාත්තගෙන් අහන්න කියලයි“
සුරංජි පතිරණ ඡායාරූපය – ක්‍රිෂාන් කාරියවසම්