පාස්කු ප්‍රහාරයට පසු අතඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අවස්ථා දෙකකදී දුරකථනය ඇමතුම්ල් ලබාදී හිටපු හමුදාපති මහේෂ් සේනානායකට බලපෑම් කල සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍යවරයා, අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සම්බන්ධයෙන් හිටපු හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි

එම කාල සීමාවේදී යුදහමුදාපති මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුයුදීන් දුරකතනයෙන් තමන්ව අමතා අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු විමසූ බවයි. මේ සදහා වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් පරිදි බ. දකුණු අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
