නපුරු දීගේ

“ධනූ ඔයා ඇයි මෙච්චර පරක්කු?මං දැන් පැයකටත් වැඩියි මෙතෙන්ට ඇවිත්. ඩොක්ටරුත් ඇවිත් ඉන්නෙ. ඉක්මනටම එන්න පූජා ව අරගෙන…”

ධනුක පූජායි අම්මයි එක්ක පන්සලට ආපු ගමන්ම ටානියාගෙන් කෝල් එකක් ආවා.ඔහුට කරකියා ගන්න දෙයක් නෑ. පූජාත් එක්ක පන්සලට එන්න නෙවෙයිනෙ ඔහු ප්ලෑන් ක්රේ.නමුත් නොසිතූ විදියට අම්මත් ඒ ගමනට සහභාගී වූ නිසා ඔහු පන්සල් ආවා.

“වැඩේ අප්සට් උනා ටානියා.මං පූජාත් එක්ක එන්න හදනකොටම අම්මත් ආවා අපිත් එක්ක පන්සල් යන්න.ඉතින් අපි දැන් පන්සලේ ඉන්නෙ.අම්මා පූජාගෙ පස්සෙන්මයි.මට පූජාව තනි කරගන්න විදියක් ඇත්තෙම නෑ…”

ඒ වදන් ඇසෙත්ම ටානියාගෙ ඇස් කෝපයෙන් දිලිසුනා.ධනුක තමාට බොරුවක් කරනවාදෝ කියලා ඇයට සිතුනා.ඔහුගේ සිතට තම ලෙයින් උපන්නට සිටිනා දරුවා ගැන අනුකම්පාවක් දැනිලාවත්ද?

“ඔයා මට ඔය බොරුවක් කරනවා එහෙම නෙවෙයි නේද ධනූ?…”

“ටානියා….ඔයාට මාව විශ්වාස නැද්ද?අද අම්මා අපිත් එක්ක යන්න ආවෙ නැත්නම් මෙලහකටත් අපේ වැඩේ ඉවරයි.මං හිතන්නෙ අම්මටයි පූජාටයි මං ගැන සැක හිතිලා?…”

“ඒ කියන්නෙ අපිට මේකට මොකුත්ම කරන්න බැරි වෙයිද?…”

“අම්මා පූජාගෙ පස්සෙන් ඉන්නකල් අපිට මේකට මොකුත් කරන්න ලැබෙන්නෙ නෑ ටානියා…”

පූජා මල් වට්ටියකුත් අරගෙන තමා දෙසට එනු දුටු නිසා ධනුක ෆෝන් එක කට් කරලා සක්කුවට දා ගත්තා.උදය පිපුනු සුවඳ හමන ලස්සනම ලස්සන අරලියා මලක් වගේ ඇය මල් වට්ටියත් දෝත දරාගෙන ඔහු ළඟට ආවා.

“පහන් පත්තු කරන්න යමු ධනුක.අම්මත් බලන් ඉන්නවා ඔයා එනකල්…”

“හ්ම්ම්…”

ධනුක පහන් පත්තු කරනකල් පූජා මල් ටික වට්ටි වලට ගානට ලස්සනට අහුරන්න ගත්තා.ඇය ඒක කරේ හරිම ආසාවෙන්.මල් ඇහිරූ වට්ටි ටික බුදුන්ට පූජා කරලා ඇය බෝධිය වටේට අතුගාන්න පටන් ගත්තා.

පහන් වැටිය ළඟ බැම්ම මතින් වාඩි වෙලා ඔහු නිකමට වගේ පූජා දිහා බැලුවා.තවමත් විසි හැවිරිදි වියේ පසුවන ඇගෙන් දිස් වන්නේ පාසල් යන වයසේ දරුවෙකුගේ පෙනුමක් කියලා ඔහුට හිතුනා.ඔහුගේ දෙනෙත් එල්ල වුනේ ඇගේ කුස දිහාවටයි.

බඩ චුට්ටක් ලොකු වෙලාද මන්දා.ඔහුට එහෙම හිතුනා.ඉදල පැත්තකින් තියලා ගව්මෙ ලෙහුනු පටිය ගැට ගහගෙන ඇය ආසාවෙන් කුස අතගාමින් ලොකු හුස්මක් පිට කරා.බෝධිය දෙස බලාගෙන කුමක්දෝ දෙයක් ප්‍රාර්ථනා කෙරූ ඇය නැවතත් ඉදල අරන් අතුගාන්න පටන් ගත්තා.

ධනුකගේ හදවත මොහොතකට නතර උනා. නූපන් තම දරුවාගේ ජීවිතය නැ/ති කිරීමට ඔහු ගත් උත්සහය ගැන ඔහුටම දුක හිතුනා. ඒ ගැන පසුතැව්නා.

දෙයියනේ මං ඒ කරන්න හැදුවෙ පව්කාර වැඩක් නේද?මං කොහොමද මගේ ලෙ/යි/න් ඉපදෙන්න ඉන්න දරුවව ම/%/න්/න හැදුවෙ?මං පූජාට ආදරේ නෑ තමයි.ඒත් මං කොහොමද මගේ දරු පැටියව ම/%/න්/නෙ?නෑ…මං ඒක කරන්නෑ.මගෙ දරුවා මේ ලෝකෙ එලිය දකින්න ඕනි.මට බැහැ පව්කාර තාත්තා කෙනෙක් වෙන්න.

“මොනවද කල්පනා කරන්නෙ ධනුක?…”

පූජා තමා අසලට එනකල් ඔහු දුටුවෙ නැහැ. බෝධිය සෙවනේ ඔහුට සිතුනා ඇගේ කුස ආදරෙන් සි,ප ගන්න.

මං එහෙම කරොත් පූජා හිතයි මං එයා ගැන හිතනවා කියලා.මට ඒක කරන්න බෑ.මං පූජාගෙන් ඩිවෝස් වෙලා ටානියාව මැරි කරත් දරුවට ඉශ්ඨ වෙන්න ඕනි යුතුකම් ටික මං ඉශ්ඨ කරනවා.

“මොකුත් නෑ.දැන් යමුද?…”

“යමු…”

පන්සලේ ඉඳන් ගෙදරට යද්දි අතරමගදි ධනුකට ටානියාගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් ලැබුනා.නමුත් තම මවත් ළඟ සිටින නිසා ධනුක ඒ ඇමතුම් වලට සම්බන්ද උනේ නැහැ.

“ඔය කෝල් එක ආන්සර් කරන්න පුතේ.දැන් කී සැරයක්ද…”

මව කියූ දේ ගානකටවත් ගනන් නොගත්ත ධනුක කෝල් එක කට් කරා.පූජාට නම් හිතුනා ඒ කතා කරන්නෙ ටානියා වෙන්න ඇති කියලා.

“ඕක ආන්සර් කර,ප,න් පුතේ.නැත්නම් ඕෆ් කරලා දාපන්.අපි ඉන්න නිසානෙ උබට ඔය කෝල් එකට උත්තර දෙන්න බැරි?…”

“එහෙම එකක් නෑ අම්මෙ.මේ වැඩකට නැති කෝල් එකක්…”

“වැඩකට නැති හින්දා වෙන්න ඇති දැන් දහපාරකටත් වැඩිය ඒකෙන් කෝල් ආවෙ…”

ඇයි දන්නෑ ධනුක කෝල් එක කට් කරන්නෙ?ශුවර් එකටම අර වදකාර ගෑණු දෙන්නා ළඟ ඇති.ඔය මහ ගෑ/ණි එදා මං ධනුකව මැරි කරනවට කැමති උනේ නෑනෙ.එහෙම කැමති උනා නම් මං රයන්ව මැරි කරන්නෑනෙ.

ඕකි මට කොච්චර ලැජ්ජ කරාද මං මහා නැ/හැදිච්ච කෙ/ල්ලෙක් කියලා.තව ටික දවසක් ඔහොම ඉන්නතෑ අරකිව හුරතල් කර කර. ළඟදීම මං ධනූව මැරි කරලා ඔය ගෑණිව ගෙදරින් පන්නනවා.

“මොකද උනේ ටානියා?ධනුක එන්නැද්ද?…”

“නෑ ශෙරිල්.ධනුක එන්න හදනකොට එයාගෙ අම්මත් ඇවිත්ලු එයාටත් පන්සල් යන්න ඕනි කියලා.මං හිතන්නෙ ධනුකගෙ අම්මට ධනුක යන්න හදපු ගමන ගැන සැක හිතිලා…”

“එහෙනම් උ/බ දැන් මොකද කරන්නෙ?මතකනෙ ඩොක්ටර් කියපු දේ?තව මාස පහු උනොත් වැඩේ අතෑරලා දාන්නයි වෙන්නෙ. එහෙම උනොත් දවසක ධනුකගෙ දේපල වලට තවත් උරුමක්කාරයෙක්…”

කේන්තියෙන් වගේ නැගිටලා හෑන්ඩ් බෑග් එක කරේ දාගත්තු ටානියා ගිහින් කාරෙකෙන් වාඩි උනා.ඇගේ හිත බොහෝ සෙයින් කලබල වෙලා.කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැහැ.

“මට තේරෙන්නෑ ශෙරිල් මොකක්ද කරන්නෙ කියලා.මට පුලුවන් මිනිස්සු දම්මලා අරකිව උස්සලා ම/%/ලා දාන්න උනත්.එහෙම කරොතේ ඒකෙන් වෙන්නෙ ධනූගෙ නමට කැලලක් ඇති වෙන එක.ධනූ දැනටමත් රටේ ජනප්‍රිය ගායකයෙක්.මිනිස්සු එයාට ගොඩක් ආදරෙයි.ඒක නැති වෙන්න දෙන්න බැහැ…”

“මං දෙන්නද ඕකට හොඳ අයිඩියා එකක්. මෑන්ගෙ දේපල ටික පූජාගෙ දරුවට යයි කියලනෙ උ,බ බයෙන් ඉන්නෙ?…”

“ඔව්…”

ටානියාත් හොඳ උවමනාවෙන් ශෙරිලගෙ යෝජනාවට කන් දුන්නා.ශෙරිල් කියන්නෙ ටානියාට ලංකාවෙ ඉන්න හොඳම මිතුරිය.

“ධනුකගෙන් දරුවෙක් උ/බේ බඩට ගත්තොත් මේ සේරම ප්‍රශ්න විසඳිලා. එතකොට ධනුකට පූජා ගැනවත් ඒ දරුවා ගැනවත් බලන්න වෙලාවක් නෑනෙ.දේපල සේරමගෙම උරුමක්කාරයා උබෙයි ධනුකගෙයි දරුවා.උ/බ/ට තියෙන්නෙ දේපල ටික පූජාගෙ දරුවට යන්න නොදී බලාගන්න…”

ඒ අදහසත් නරකම නෑ කියලා ටානියාට හිතුනා.ධනුකගේ දරුවෙක් තමාගේ කුසෙන් බිහි උනොත් ධනුකගෙ දේපල ටික කොහොමත් තමාගෙ කියලා ටානියා හිතුවා.

“ඒ අයිඩියා නම් එක නම් මරු ශෙරිල්.මට ඕක මුලදි කල්පනා උනේම නෑනෙ.ධනුකව කොහොමත් මට නම්ම ගන්න පුලුවන්…”

“රයන්ට දරුවො හිටියෙ නැත්තෙ උ/බේ වෙලාවට…”

“ඒක තමයි.හිටියා නම් එහෙම මට වෙන්නෙ ඒ ළමයි හුරතල් කර කර ඉන්නයි…”

“මට ඇත්ත කියන්න ධනුක.ඔයා අද මාව එක්කන් යන්න හැදුවෙ පන්සල් නෙවෙයි නේද?…”

පූජා එහෙම අහද්දි ධනුකගෙ ඇස් උඩ ගියා. ඇයට තමා සූදානම් කල ගමන ගැන සැකයක් ඇති වෙයි කියලා ඔහු හිතුවෙ නැහැ.

“එතකොට අපි ගියේ පන්සල් නෙවෙයිද?නිකන් බොරුවට විකාර කියවන්නැතුව ඉන්නවා පූජා…”

“ඔයාට ඕනි මේ දරුවව නැ/ති කරන්න ධනුක.ඊයෙ රෑ ඔයා අර ටානියා කියන ගෑ,ණිත් එක්ක ෆෝන් එකෙන් කතා කරපුවා සේරම මං අහගෙනයි හිටියෙ.තමන්ගෙ ලෙ/යි/න් ඉපදෙන්න ඉන්න දරුවගෙ ජීවිතේ නැ/ති කරන්න තරම් හිතක් ඔයාට කොහොමද ආවෙ ධනුක?දෙයියනේ ඔයා මනුස්සයෙක්ද නැත්නම් ති/රි/ස/නෙක්ද?මට නම් බෑ තවත් ඔයත් එක්ක මේ ගෙදර ජීවත් වෙලා මගෙ දරුවගෙ ජීවිතේ අනතුරේ දාන්න.මං අදම අම්මලාගෙ ගෙදර යනවා…”

මතු සම්බන්දයි.

කියවලා ලයික්,කමෙන්ට් දාලා පේජ් එකටත් ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න වස්තුලා.😍😍
ආදරෙයි හැමෝටම