අපි_අපේමයි (2 කොටස )

ඒ එක්කම වගේ මම දැක්කා නර්ස්ගේ අතේ නිල් පාට පැනල් එක අතරින් චුටි රෝසම රෝස පාට මල් කැකුළක්.. මට ඒ චූටි දෝණි ගැන ගොඩාක් ආදරය හිතුනා.. මා එහෙමම දෝණිව මගේ අතට ගත්තා.

එතකොටම අර දුවගෙන එන කෙනා මම ළඟට ඇවිත් නැවතුනා.. මමත් මේ කව්ද කියලා බලද්දිම ඒ කෙනා හති දාගෙන…

“නංගි… ඔයාද මට කෝල් ගත්තේ.. කෝ මගේ වයිෆ්… මේ බබා මගේද…”

“ඔව් .. අයියේ.. මේ ඔයාගේ දුව.. අක්කා නම් තවම ලේබර් රූම් එකේ…”

එහෙම කියපු මම.. ලේබර් රූම් එකේ ඉදන් එන ඩොක්ටර් ගාවට ඉක්මනට ගිහින්….

“ඩොක්ටර්… අක්කට කොහොමද දැන්..”

“ම්ම් .. මේ කව්ද .. මෙයා ඇතුලේ ඉන්න කෙනාගේ හස්බන්ඩ් ද… “

මගේ පිටිපස්සේ හිටපු අයියා පෙන්නලා අහද්දි.. එයා ඩොක්ටර් ලගට ගිහින්….

“ඔව්.. ඩොක්ටර්.. මම එයාගේ හස්බන්ඩ්…. මගේ වයිෆ්ට කොහොමද ඩොක්ටර්…”

“සමාවෙන්න මිස්ටර්.. බබාව බේරගන්න පුලුවන් උනාට වයිෆව බේරගන්න අපිට බෑ.. එයාගේ ඇග ඇතුලෙන් ඩැමේජ්.. එයාට තව පොඩි වෙලාවක් විතරයි ජිවත් වෙන්න පුලුවන්… ඒ නිසා ඔයාලා එයා ලගට ගිහින්.. එයාට සතුටින් සමුගන්න පුලුවන් විදිහට මේ ටික වෙලාව එයත් එක්ක ඉන්න…”

එහෙම ඩොක්ටර් කියන්වත් එක්කම මාව ශොක් වෙලා ගියා.. අර අයියත් එහෙමම බිමට වැටිලා පොලොව බදන් හෝ ගාලා අඬන්න ගත්තා.. ඒ සද්දේ ඇහිලා මගේ අතේ හිටපු චූටි දෝණිත් අඩන්න ගත්තා… මට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව..දරුවව නලවන්න උත්සහ ගද්දි..

ඩොක්ටර් අපිට කිව්වේ..දෙන්නම ඇතුලට ගිහින් එයා එක්ක කතා කරන්න කියලා.. එහෙම කීවට පස්සේ දුවව නලවන්න උත්සහ ගන්න ගමන් මම ඇතුලට ගියා..

මම දැක්කා මගේ පිටිපස්සේන් අර අයියත් කදුලු පිහදාන් සාමාන්‍ය වෙන්න උත්සහා ගන්න ගමන් ඇතුලට එනවා.. අපි යද්දි.. අර අක්කට සිහිය ඇවිත් අපි එක්ක හිනා වුනා.. ඒත් ඒ හිනාව ඇතුලේ තියන වේදනාව අදුරගන්න නම් අපිට අමාරු උනේ නෑ.. මමත් හිනා වෙලා දුවව එයාගේ අතට දුන්නා..

එයා දුවව අරන්.. ඔලුව ඉබලා.. එයාගේ තනපුඩුවට දරුවගේ මුව ලන් කලා.. දුවත් සංසාර පුරුද්ද්ට වගේ.. තනේ බදන් සූස් සූස් ගාලා කිරි බිව්වා.. ඒක දැකපු මට තවත් ඉවසන්න බැරුව ගිහින් ඇඩුනා..

දරුවෙක්ට අම්මා කෙනෙක් නැති වෙනවා කියන්නේ.. ඊටත් වඩා.. ගෑණූ දරුවෙක්ට… අනික කිරි බොන වයසේ දරුවෙක්ට අම්මා කෙනෙක් අහිමි වෙනවා කියන්නේ.. කොයිතරම් දුක හිතෙන දෙයක්ද..

ඉතින් අදින් පස්සේ.. මෙයාටත් අම්මගේ කිරි ලැබෙන්නේ නෑ කියලා හිතද්දිත් මගේ පපුව හෝ ගාලා යනවා… අපි අතරේ ලේ බැදීමක් නැති බව ඇත්ත.. ඒත් මගේ හිතට දැනෙන බැදීම නම් මට අමතක කරන්න නම් බෑ..

මෙහෙම හිත හිත මම ඉකි ගසද්දි.. අර අක්කා මගේ දකුනු අත අරන් මිරිකලා…

“නංගි… අඬන්න එපා… ඔයාට ගොඩාක් පින්.. ඔයා නිසා තමා මාත් එක්ක මැරෙන්න හිටපු දරුවා ජිවත් වෙන්නේ.. ඒ වගෙම මට තව උදව්වක් කරනවද… “එහෙම කියපු ගමන්.. මම කඳුලු පිහදා ගන්න ගමන් පුදුමෙන් .. මොකක්ද මගෙන් ඉල්ලන උදව්ව කියලා හිතන ගමන් අර අක්කා දිහා බැලුවා…

“මේ දරුවා මම බිහි කලාට.. අද එයා ජීවත් වෙන්නේ ඔයා නිසානේ.. ඒ වගෙම මට හිතෙනවා මගේ දරුවව ඔයාට ආදරෙන් බලා ගන්න පුලුවන් කියලා..මම නැති උනාම එයාව බලාගන්නවා කියලා.. මට පොරොන්දු වෙනවද…”

එහෙම කිව්ව ගමන් මට තවත් පුදුම හිතුනා.. එයාගේ හස්බන්ඩ් ලග ඉද්දි.. ඇයි එයා දරුවගේ වගකීම මට පවරන්න හදන්නේ… එහෙම හිතන ගමන් මම අර අයියා දිහා බලලා.. ආයි අර අක්කා දිහා බැලුවා.. ඒක තෙරිලාද මන්දා…

“මම නැති උනාම මගේ හස්බන්ඩ් පිස්සු නටයි.. අනික මගේ දරුවා බේර ගත්තේ.. ඔයා නිසා ඔයාටත් දරුවා ගැන අයිතිවාසිකමක් තියෙනවා… ඒ නිසා මගේ දරුවා බලාගන්නවා නේද… “

එහෙම කියපු එයා එයාගේ හස්බන්ඩ් දිහාට හැරිලා….

“මට සමාවෙන්න මහත්තයෝ… ඉක්මනට දාලා යනවට.. මම ගැන හිතලා ගොඩාක් දුක් වෙන්න එපා.. ඒ වෙනුවට මගේ දෝණිව බලාගන්න.. කාත් කවුරුත් හිටපු නැති මට ඔයා නිසා මගේ අන්තිම කාලේද සතුටින් ඉන්න පුලුවන් උනා.. ඒකට පින් මහත්තයෝ..”

එහෙම අහපු එයා.. ආයි මම දිහා බැලුවා.. ඒ නිසාම මම…

“මම බලාගන්නම් අක්කේ… මම පොරොන්දු වෙනවා.. දෝණිව මගේ දරුවෙක් වගේම බලාගන්නවා කියලා.. “

එහෙම මම කියද්දිම .. අර අක්කා මම දිහා බලලා ආදරයෙන් හිනා උනා… පුදුමයක් උනත්….තව දුරටත් ජිවතේ වෙන්නේ නෑ කියලා.. දැනගෙන හිටියත්.. ඒ මුවෙ පොඩි දුකක්වත් සටහන් වෙලා තිබ්බේ නෑ..ඒ වුනාට පොඩි සැනසීමක් නම් මම ඒ මුවේ දැක්කා….

සමු ගැන්මක් නොවේ.