නපුරු දීගේ

“මෙවර MTV සුපර්ස්ටාර් සීසන් 3 කිරුල හිමි කරගනු ලබන්නේ,,,,,ධනුක අභිසෙස් සේනානායකයි…”

මගේ අත ඉබේටම ගොස් රැඳුනේ මගෙ පපුව මතයි.මගෙ ධනුක දිනලා.ඔව් මගෙ ධනුක ඒ කිරුල ජයග්‍රහණය කරලා.එයාගෙ හීනෙ අද හැබෑ වෙලා.

මට දැනුනේ කියා නිම කරගන්න බැරි තරම් සතුටක්.මුළු උත්සව ශාලාවම දෙදරන්න තරම් ඇහෙන අත්පුඩි හඬින් මධ්‍යයේ ධනුක ස්ට්‍රේජ් එකට නැග්ගේ මුළු ලෝකෙම එයාගෙ දෝතට ගත්තා වගේ අභිමානයකින්, සතුටකින්.එයා ඒ තරම් සතුටකින් ඉන්නවා මං කවදාවත් දැකලා නැහැ.

මට ඇති වුනු සතුටට දුවගෙන ගිහින් ධනුකව බදාගන්න තරම් හිතුනා. හැමෝගෙම ආදරණීය ප්‍රතිචාර මැද්දෙ ධනුක එයාට හිමි කිරුල දෝතට ගත්තා.බිම ඉඳන් එයාගෙ පපුව දක්වා උසැති ඒ කිරුල ධනුක බොහොම භක්තියෙන් සි ප ගත්තා.

ඊළඟ වාරය එළඹුනේ ස්ට්‍රේජ් එකට නැගලා පව්ලෙ අයත් එක්ක ඒ සතුට බෙදාගන්නයි. මීඩියා වලට ඕනි උනා ධනුකගෙ පව්ලෙ අයත් ඒ සොඳුරු ආදරණීය මොහොතට සම්බන්ද කරගෙන ඒවා චායාරූපයට නගන්න.

මං ස්ට්‍රේජ් එකට නොගිහින් නතර වෙන්න හැදුවත් ධනුකගෙ අම්මා බලෙන්ම වගේ මගෙ අතින් අල්ලගෙන ස්ට්‍රේජ් එකට ගියේ. හැමෝටම අත්පොලසන් මැද්දෙ ධනුකට එයාගෙ අම්මයි අප්පච්චියි සුබ පැතුවා.

ඊළඟ වාරය එළඹුනේ මට.මයික් එක අරන් ධනුකගෙ අම්මා තමන්ගෙ පුතාගෙ ජයග්‍රහණය ගැන සතුට ප්‍රකාෂ කරද්දි ඇය මං ධනුකගෙ බිරිඳ බව ප්‍රකාෂ කරා.ඒකෙන් ධනුක මහත් කෝපයට වෙලයි හිටියෙ. අම්මට බනින්න බැරි කමට ඔහු නිශ්ෂබ්දව කේන්තියෙන් පුපුර පුපුර බලන් හිටියා.

“උබ එහෙනම් මං එපා කියපු දේ කරා පූජා. යමන්කො ගෙදර ගිහින් මං උබ ගැන බලා ගන්නම්…”

ඔහුව වැළඳගෙන සුබ පතද්දි මට පමණක් ඇහෙන්න ඔහු එසේ මිමිණුවා.දැන් හැමෝම දන්නවා ඔහු විවාහකයෙක් බව.

“ඇයි මිස්ටර් ධනුක ඔබ විවාහක බව මාධ්‍යට හැංගුවෙ?සෑම විටම ඔබ අවිවාහක බවයි පැවසුවේ?ගෑණු ළමයින්ගෙ ප්‍රතිචාර අඩු වෙයි කියලද එහෙම කරේ?…”

මීඩියා වලින් අහපු ඒ ප්‍රශ්නෙන් ධනුකට ලෙස්සලා යන්න බැරි උනා.මං දන්නවා ඒ අහන අහන හැම ප්‍රශ්නෙකින්ම ධනුකගෙ හිතේ මං ගැන තියන කේන්තිය වැඩි වෙන බව.

“නෑ.මං හිතන්නෑ මං මැරි කරා කියලා එයාලා දැන ගත්තත් මට තියන ප්‍රතිචාර අඩු වෙයි කියලා.ඒත් මගෙ ආදරණීය බිරිඳගෙ ඉල්ලීමටයි මේ විවාහය මාධ්‍යයෙන් හැංගුවෙ.ඇය ඔබලාට පිළිතුරු දෙයි…”

එයාට දෙන්න හරිහමන් උත්තරයක් නැති නිසා ඒ ප්‍රශ්නෙ මගෙ පිට දලා ධනුක ශේප් එකේ ස්ට්‍රේජ් එකෙන් බැහැලා ස්ටූඩියෝ එක පැත්තට ගියා.හැමෝම ඉස්සරහ මාව පුදුම විදියට අසරණ උනේ.

“ඔබතුමිය ඇයි මේ මැරේජ් එක මීඩියා වලින් හංගන්න කියලා මිස්ටර් ධනුකට කිව්වෙ?…”

නැන්දම්මටත් කරගන්න දෙයක් නෑ එයාලා ඉස්සරහ.ධනුකත් මාව අසරණ කරලා පැනලා ගියා.

“මං හිතන්නෑ අපි අපේ ෆැමිලි ලයිෆ් එකේ හැම දෙයක්ම මීඩියා වලට කියන්න ඕනි කියලා.ධනුකයි මමයි මැරි කරලා දැන් අවුරුද්දක් වෙනවා.එයා තව ටික කාලෙකින් තාත්තා කෙනෙක් වෙන්නයි ඉන්නෙ.අපි ගොඩක් සතුටින් ජීවත් වෙනවා…”

බොහොම අමාරුවෙන් ඒ ටික කියලා මං ධනුකගෙ අම්මත් එක්ක එලියට ගියා. කොහොමත් තව ටික කාලයක් යනකල් ධනුකට මීඩියා වලින් හැංගිලා ඉන්න වෙයි මේ ප්‍රශ්නෙ කියලා.එයාලට පුංචි කොනක් අහු උනොත් එතන ඉඳන් හැම දෙයක්ම හාරලා අවුස්සනවා.

රෑ දහයත් පහු උනා අපි ගෙදර එද්දි.අපිට කලින් ධනුක එයාගෙ අලුත්ම කාරෙකේ ගෙදර ඇවිල්ලයි හිටියෙ.අද ගොඩක් සතුටු දවසක් නිසා මං හිතුවෙ ධනුක හොඳටම බීලා බීලා ඇති කියලා.ඒත් මං කාමරේට යද්දි ධනුක හිටියෙ හොඳ සිහියෙන්.

“උබ මාව කෑවා පූජා.ඇයි යකෝ මං කරන්න එපා කියපු දේම උබ කරේ?මං උබට සිංහලෙන් කිව්වා අම්මලත් එක්ක ස්ට්‍රේජ් එකට නගින්න එපා කියලා.නැගලා ඒ මදිවට හැමෝටම ඇහෙන්න කිව්වා මං උබේ මිනිහා කියලා.මේ කරපු දේට මං උබව ඉතුරු කරන්නෑ…”

කෝපයෙන් වියරු වැටිලා හිටපු ධනුක මට ගහන්න ලෑස්ති වෙද්දි මං කෑ ගහගෙන කුසත් අල්ලගෙන කාමරෙන් එලියට දිව්වා. මගෙ සද්දෙට ධනුකගෙ අම්මයි අප්පච්චි‍යි දෙන්නත් කාමරෙන් එලියට දුවගෙන ආවා.

“ඔහොම හිටපන් පූජා.අද නම් උබට මගෙන් බේරෙන්න හම්බෙන්නෑ…”

මං කෑ ගහගෙන දුවෙගන ගිහින් අම්මගෙ පිටිපස්සෙ හැංගුනා.ඒ දෙන්නා ආපු නිසා ධනුක එහෙම්මම නැවතුනේ.නැත්නම් අද මොනවයින් මොනවා සිද්ද වෙයිද දන්නෑ.

“මොකක්ද පුතේ උබට වෙලා තියෙන්නෙ?හිතන්න එපා අපි උබේ හැටි දැනගත්තෙ නැහැ කියලා.මෙච්චර කාලයක් මං මේ දරුවට ව,ද ගෑ ණි කියලා බනිද්දි ඇත්ත දැනගෙනත් උබ සද්දෙ නැතුව හිටියා. දරුවෙකුත් බඩේ තියාගෙන මේ කෙ/ල්ල මොන තරම් දුකක් වේදනාවක්ද උහුලගෙන හිටියෙ?ඇයි පුතේ මේ ලැබෙන්න ඉන්න උබේම දරුවට උ බ වෛ/ර කරන්නෙ?මේ දරු පැටියගෙ ජීවිතේට වඩා උ,බට ඔය ප්‍රසිද්දිය ලොකු උනාද?…”

වක්කඩ කැඩුවාක් මෙන් අම්මා නොනවත්වාම එක දිගට ධනුකට බැන වදිද්දි ඔහු කන්න වගේ මගෙ දිහා බලාගෙන හිටියා.අද ඔහුගෙ දෙමව්පියනුත් මගෙ පැත්තට කතා කරන්න නොහිටියා නම් මං මීටත් වඩා අසරණ වෙන්න තිබුනා.

කසාදෙට කලින් මට ඔහුගෙ මේ ගතිගුණ අඳුරගන්න බැරි උනේ ඇයි කියලා මං සිය දහස් පාරක් දෙවියන්ගෙන් අහන්න ඇති.පි/ස්/සුවෙන් වගේ එයාගෙ කටහඬටයි රූපෙටයි ආදරේ කරපු මට ඊට වඩා එහා දෙයක් නොදැනුනු නොපෙනුනු තරම්.

“අම්මලා මොනවා කිව්වත් මට ඔය ළමයව එපා.මගේ ගමන කඩාකප්පල් කරන්න ආපු හතු/රෙක් ඕ/කා.දැක්කනෙ අද මේ ගෑ ණි ඉස්සරහ මං කොච්චර ලැජ්ජ උනාද කියලා?මගෙ කටහඬට පි/ස්/සුවෙන් වගේ ආදරේ කරපු මිනිස්සු අද මාව දකින්නෙ බොරු කාරයෙක් වංචා කාරයෙක් විදියට.

දැක්කනෙ මීඩියා වලින් මාව කොච්චර පාතට ඇදලා දැම්මද කියලා.මං වංචා කරලා මිනිස්සුන්ගෙ හදවත් දිනා ගත්තා කියලා එයාලා කියන්නෙ.මං මුල ඉඳන්ම උබට කිව්වා පූජා උබ මගේ කවුරුවත් නෙවෙයි වගේ හිටපන් කියලා.ඒත් උබ මං කියන දේ ඇහුවෙ නෑනෙ.මාව විනාශ කරන්න ආපු හැ/ති/රියක් උබ…”

ධනුකගෙ හිතක් පපුවක් නැති ඒ වචන ඉස්සරහ මට ඇස් කන් පේන්නැති ඇහෙන්නැති කෙනෙක් විදියටයි ඉන්න උනේ. කසාද බැඳපු දා ඉඳන් මං මොන කරුමයක්ද දෙයියනේ මේ ගෙවන්නෙ?

“කට වහනවා පුතා.තව එක වචනයක් හරි උබ මේ ළමයට කියලා තිබ්බොත් මං බලා ගන්නම්.මාත් මෙච්චර දවසක් මේ දරුවා ගැන හිතන් හිටියෙ වැරදියට.අපි උබව ඕනිවටත් වැඩිය විශ්වාස කරපු එකයි වරද. අද උ,බ මිනිස්සු ඉස්සරහ ලැජ්ජ උනේ මේ දරුවා හින්දා නෙවෙයි.ඒවට වැරදි උබමයි පුතේ.

උ බ මුල ඉඳන්ම බොරු නොකියා ඇත්ත කිව්වා නම් අද උ බ ට කවුරුවත් ඉස්සරහ ලැජ්ජ වෙන්න ඕන්නෑ.උ බ ලැජ්ජ උනේ උ බේ වරදින්මයි පුතේ.ඒකට මේ දරුවා ප/ලි නෑ. මිනිහෙක් තමන්ගෙ පව්ල ගැන ලෝකයා ඉස්සරහ කියන්න ලැජ්ජ වෙන්නෙ මොකටද?

මොකද මේ රටේ කසාද බැඳලා දරු මල්ලොත් හදාගෙන යස අගේට පව්ල් කන ගායකයො නැද්ද?ඔය ඕන තරම් ඉන්නෙ. ඒකෙන් උ බේ ප්‍රසිද්දිය නැති වෙනවා කියන එක උ බ හිතින් හදාගත්තු දෙයක් විතරයි පුතේ…”

අම්මා කියපු දේවල් මොකුත්ම ධනුක ඇහුවෙ නැහැ.ඔහු සිය බිරිඳ පූජා ගැන සිටියේ උතුරා යන තරමෙ කේන්තියකින්.ඇය නිසා තමාට මාධ්‍යය ඉදිරියේ සිදු වූ ලැජ්ජාව අපහසුතාවය ඔහුගේ සිතින් ඈත් කරන්නට බැරි උනා.

ශික්….ටානියාට රිද්දන්න කියලා හිතාගෙන මං මේ ගෑ,ණිව බැඳගෙන කරගෙන තියෙන්නෙ ලොකු විනාසයක්.මං මැරි කරපු කෙනෙක් කියලා දැනගත්තු නිසා මිනිස්සු මගෙ දිහා බලන්නෙත් වංචා කාරයෙක් වගේ.

එවලෙහිම වගේ ධනුකගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.අවුරුදු එකහමාරකට වතර පස්සෙ ඒ කෝල් එක ආවෙ ටානියාගෙන්.දුරකථන තිරයේ ටානියාගේ නම සඳහන්ව තිබෙනවා දුටු ධනුකට පුදුම හිතුනා.මෙතරම් කාලයක් ගිහිල්ලත් ඇයට තමාව අමතක නොවී තිබීම ඔහුගේ පුදුමයට හේතු උනා.කිසිවෙකුවත් ගනන් නොගෙන ඔහු බැල්කනියට දුරකථන ඇමතුමට සම්බන්ද උනා.

“හෙලෝ…”

ධනුක කතා කරේ ප්‍රබෝධමත් සිතින්. ටානියාගේ දැන් තත්වය කොහොමද කියලා දැන ගන්න ඔහුට මහත් ඕනෑකමක් තිබුනා.

“ධනූ මං ටානියා.ටීවි එකෙන් මං අර ප්‍රෝගෑම් එක බැලුවා.මයි කන්ග්‍රැජුලේෂන් ධනූ.මං ඔයාව දිනවන්න ගොඩක් message දැම්මා…”

“තෑන්ක්ස් ටානියා.මං හිතුවෙ ඔයාට මාව අමතක වෙලා ඇති කියලා…”

“මට ඔයාව එහෙම ලේසියෙන් අමතක වෙන්නෑ ධනූ.පහුගිය කාලෙ මං ගොඩක් දේවල් තේරුම් ගත්තා.ඔයාව අමතක කරලා රයන් එක්ක ගිහින් මං ලොකු වැරැද්දක් කර ගත්තෙ.ඒකට මං දැන් දුක් වෙනවා…”

“ඉතින් දැන් කෝ රයන්?…”

“රයන් මගෙන් ඩිවෝස් උනා ධනූ.එයා දැන් ඇමරිකා වල ඉන්නෙ.මං ලංකාවෙ ඉන්නෙ තනියම.ඔයා මැරි කරා කියලා ආරංචියක් ආවා.ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න යනවලු නේද?…”

“හ්ම්ම්…”

ධනුක එහෙම කිව්වෙ ඕනෑවට එපාවට වගෙයි.සිය ගැබිනි බිරිඳ ගැන ඔහුට කිසිම ගානක් නැත.

“ඇයි ධනූ අප්සට් එකේ වගේ කතා කරන්නෙ?මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඔයා ඉන්නෙ?වයිෆ් ඔයා ගැන බලන්නැද්ද බබා නිසා?…”

චාටුවෙන් චාටුවෙන් ටානියා මේ හදන්නෙ නැවතත් ධනුකගෙ සිතෙහි ලැගුම් ගැනීමටයි.රයන් වැනි පුද්ගලයෙකු නිසා තමාගේ ජීවිතය අවුරුදු එකහමාරක් විනාස වීම ගැන ටානියා සිටියේ දැඩි හිත් වේදනාවකිනි.

“පූජා ගැන මගෙ හිතේ ආදරයක් නෑ ටානියා. මං එයාව මැරි කරේ අම්මලාගෙ කීමට. බැඳලා අවුරුද්දක් යද්දි බඩක් හදාගෙන දැන් ඉන්නවා පැත්තකට වෙලා.මට මේ ලයිෆ් එක දැන් එපා වෙලා තියෙන්නෙ ටානියා…”

ටානියාට අවශ්‍ය තැනට ධනුක පැමිණ ඇත. ධනුක වැනි ජනප්‍රිය පුද්ගලයෙකු හා විවාහ වී තමාට ලැබෙන ලොකු වාසනාවක් බව ඇය සිතුවා.

“අපි දෙන්නා මීට් වෙලාම කතා කරමු නේද ධනූ? මෙහෙම ෆෝන් එකෙන් කතා කරලා විතරක් නම් මට මදි වගේ.ඉස්සර අපි කොච්චර සතුටින් හිටියද.මගේ තියන මෝ,ඩ කමට මං ඔයා වගේ රත්තරං මනුස්සයෙක්ව අතෑරලා ගිහින් අර රයන්ව මැරි කරේ…”

“ඕකේ ටානියා.අපි හෙට මීට් වෙමු…”

“ඔයා අපේ ගෙදර එන්න ධනූ.මං විතරයි ඉන්නෙ…”

“ඕකේ ටානියා.මං හෙට උදෙන්ම එන්නම් ඔයාව මීට් වෙන්න…”

ධනුක ෆෝන් එක කට් කරේ උතුරා යන තරම් සතුටකින්.ටානියා මෙලෙස නැවතත් වෙනස් වේවි යැයි තමා සිහිනෙකින්වත් සිතුවේ නැත.වසර එකහමාරකට පමණ පෙර ඇය තමාව අතහැර රයන් හා විවාහ වී මාස දෙකක් ගත වීමටත් පෙර තමා පූජා සමඟින් විවාහ වූයේ ටානියාට රිදවීමට මිසක් පූජා ගැන ආදරයක් ඇති වීමෙන් නොවේ.

එකල තමාට වඩා රයන්ට මිල මුදල් දේපල තිබුනි.රයන් ටානියා වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරේ කිසිම පැකිලීමකින් තොරවයි.ඒ නිසාම ටානියා තමාව අතහැර රයන් සමඟ විවාහ විය.

නමුත් විවාහයෙන් පසුවයි රයන්ගේ සැබෑ ස්වරූපය එලියට ආවෙ.ඔහු දැඩි ලෙසට ම//ත් පැන් වලට සහ කු$ වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකි.තමාගේ ගේ දොර දේපල පවා ඔහු න/රක ගැහැනුන් නිසා ඔහු නැති කරගත්තා.ඔහු අත මිල මුදල් හිඟ වෙද්දි ටානියා ඔහුගෙන් ඩිවෝස් වී නැවතත් ලංකාවට ආවා.

ටානියා ලංකාවට ඇවිත් දින කිහිපයක් ගත වෙද්දියි ධනුක ගැන ආරංචි උනේ.ඒ වන විටත් ඔහු ලංකාවේ ජනප්‍රිය ගායන තරුවක්. ධනුකට ඇති අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණය ටානියාගේ හිතේ පුදුමයක් ඇති කරා.තමා රයන් නිසා ධනුකව අත් හැරීම ගැන ටානියාගේ හිතේ දැඩි පසුතැවීමක් ඇති කරා.

“කව්ද කතා කරේ කියලා දැන ගන්න ඕනිද?…”

ෆෝන් එක කට් කරනවාත් සමඟම කාමරේට ආපු පූජාගෙන් ධනුක එහෙම ඇහුවෙ සමච්චලේට වගේ හිනා වෙමින්.

“යාළුවෙක්ද?…”

පූජා ඇහුවෙ හෙමින්.ධනුක ඇය ළඟට ඇවිත් කට කොනකින් හිනා වෙලා ඇගේ නිකටෙන් එසෙව්වා.

“නෑ.ඊටත් වඩා මට වටින කෙනෙක්…”

ඒ කව්ද කියලා අහන්න පූජාට ඕනි උනත් ඇය ඒක අහන්න කලින් ධනුක ඉස්සර උනා.

“එයා තමයි ටානියා.ත,මු,න් වගේ නෙවෙයි ටානියා මාර හොට්.ගිනි කිරිල්ලියක් වගේ.මං හෙට යනවා ටානියාව මීට් වෙන්න…”

එයා ටානියාව හම්බෙන්න යනවා කියද්දි මගෙ පපුව පිච්චිලා ගියා.ආයෙමත් ටානියා ධනුක ආශ්‍රය කරනවා කියන්නෙ මට ධනුකව නැති වෙනවා කියන එකද?

“ඔයාට මං ගැනවත් දරුවා ගැනවත් පුංචිම පුංචි අනුකම්පාවක්වත් නැද්ද ධනුක?…”

මං ඇහුවෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන.මට නැතත් මගෙ බඩේ ඉන්න එයාගෙ දරුවාටවත් එයා අනුකම්පා කරයි කියලා මං හිතුවා.ඒත් එහෙමවත් නෑ.

“උ බටයි උ බේ හි/ඟ/න පැටියටයි අනුකම්පා කරන්න මට පි ස් සු නෑ පූජා.තො/පි/ලා දෙන්නා මගෙ ජීවිතේ කන්න ආපු හ තු රො දෙන්නෙක්…”

මතු සම්බන්දයි.

කතාව කියවලා ලයික් එකක් දාලා අදහසක් දාන්න යාළුවො හැමෝම.ගොඩාක් ස්තූතුයි හැමෝටම