ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වියතුන් 100 ක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා

මේ සඳහා බුද්ධිමත් උගත් හා දේශියත්වය අගයන තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කරා.

ජනාධිපතිතුමාගේ ගේ අනුමැතිය මත ක්‍රියාත්මක වෙන මෙම වැඩ පිළිවෙළ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම තරග කිරීම සඳහා තරුණ වියතුන් පිරිසක් දැනටමත් සූදානම් කෙරෙන බවද අලුත් පාර්ලිමේතුවක හා දේශපාලන ක්‍රමයේ වෙනසක් ජනාධිපතිවරයා දැඩිව අපේක්ෂාව කරන බවද, ඒ ඉදිර්පත් කරන අය අතර දැනටමත් කරලියේ නම කියවෙන විද්වත්හු කිහිපදෙනෙක්ද සිටින බවයි ඇමතිවරයා පැවසුවේ.

මේ අතර ‘අනිද්දා’ පුවත්පත පසුගියදා වාර්තා කර තිබුනේ, ජනාධිපති ට හිතවත් ‘වියත්මඟ’ සංවිධානයේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිඳු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහ මැතිවරණයේදී ස්වාධීන පේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයින් අතර විරෝධයක් මතුව ඇති බවයි.

වෘත්තිකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, හා හිටපු හමුදා නිලධාරීන් පිරිසක් මෙලෙස මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා, මහචාර්‍ය චන්න ජයසුමන, මිලින්ද රාජපක්ෂ, අ හා ආචාර්ය චරිත හේරත් ඒ පිරිස අතර සිටින් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ

Advertisment