වසා දමා ඇති ඔට්ටු සුඩාන්හි ලංකා පිගන් සංස්ථාව නැවත විවෘත කිරීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මේ වනවිට වසා දමා ඇති කර්මාන්ත ශාලා කිහිපයක්ම නැවත ප්‍රතිසංස්කරණ කොට රටේ නිශ්පාදනය කළ හැකි සෑම දෙයක්ම මෙරටදීම නිශ්පාදනය කොට විදේශයන්ට ගලා යන රටේ මුදල් අවම කිරීමට රජය කටයුතු කරන බවද, එම කර්මාන්තශාලා නැවත නවීකරණයට කොට රටේ ජනතාවට තවත් රැකියා බිහිකිරීම තවත් එක් අරමුණක් බවද එම මහතා වැඩි දුරටත් පැවසුවා

ඔහු මේ බව පැවසුවේ ලංකා පිගන් සංස්ථාවේ නව සභාපති ලෙස ජූඩ් ප්‍රනාන්දු මහතා පත් කරන අවස්ථාවේදී. ප්‍රනාන්දු මීට පෙර සෙරමික් දැවැන්තයෙකු වන Noriteck සමාගමේ වසර 30 කට වැඩි කාලයක් ඉහළ විධායක නිලධාරියෙකු ලෙස සේවය කර ඇත. ඔහු B.Sc., M.B.A. සහ M. Phil. ශ්‍රී ලංකාවේ පෙරදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය. ලබාගෙන ඇත.