ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රියාත්මක වූ පික්පොකට් කණ්ඩායමක් එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා . සාප්පු සංකීර්ණ වලට පැමිණෙන මහජනතාවගේ මුදල් පසුම්බි මෙම පිරිස සොරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයින් අට දෙනාගෙන් පස් දෙනෙකුම ලාංකිකයන් බවයි එරට පොලිසිය සහ මාධ්‍ය තහවුරු කරේ. මාස දෙකක කාලය පුරාවට මහජනතාවගෙන් ලද පැමිණිලි අනුව මෙල්බර්න් පොලිස් ඒකකය විසින් මෙම ගැට කපන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබු අතර ඒ අනුව 08 දෙනෙක් ගෙන් යුත් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදාහැර ඇති අතර ඔවුන්ට යලි අප්‍රේල් මස 14 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග නිකුත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.