රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඉකුත් 13 වෙනිදා නිකුත් කළ මෙම චක්‍රලේඛය අනුව රජයේ සංස්ථා හා මණ්ඩල සභාපතිවරුන්ට එක් වාහනයක් පමණක් භාවිත කිරිමට අවසර හිමිව ඇති අතර ඒ සදහා මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 150ක් දක්වා සීමා කර තිබෙනවා.
එමෙන්ම රජයේ සංස්ථා සහ මණ්ඩල සඳහා පත්විම් ලබා සිටින අධ්‍යක්ෂකවරුන් සඳහා ගෙවනු ලබන මාසික දිමනාව රුපියල් 25,000ක් දක්වා වු උපරිමයකට සීමා කර ඇති අතර ඔවුන්ට එම දීමනාව ලබා දිමේදී මාසිකව පවත්වනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල රැස්විම් සංඛ්‍යාව නොසලකා හරින ලෙසයි ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් හට නිල වාහනයක් ලබා නොදෙන ලෙසද මෙහිදි ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.
අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්විම් සඳහා සහභාගි වීමට පමණක් ඔවුන්ට අදාල රජයේ සංස්ථා හෝ මණ්ඩලයට අයත් වාහනයක් භාවිත කළ හැකි පරිදි සීමා පනවා තිබෙනවා.