ප්‍රදේශ කිහිපයකට හෙට (17) පෙරවරු අටේ සිට පස්වරු 7.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර – උතුර, කළුතර – දකුණ, කටුකුරුන්ද, නාගොඩ හා පයාගල මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ කිහිපයක්. පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.
ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් ඉහත ප්‍රදේශවලට ජල සැපයුම මෙලෙස අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.