පනස්හතරවැනි දිගහැරුම
(අවසානයට පෙරකොටස)
“මැණික..”
ඇස් පියාන හුන් කෙල්ල ගැස්සුණේ ඔහුගේ හුරු පුරුදු හඬටය. ඕ එක්වරම ඇස්පිය නොහැර කොහේදෝ ඈතක අතරමං වුණාය. හිටි හැටියේ ඔහුගේ බස් ළයට කොහොමත් බර වැඩිය. නමුත් ඒ ළය මැද මින් කිසිදා නොපැතූ විරූ රැකවරණයක් ඈ මීට මොහොතකට පෙර වින්දාය. මෙතුවක් කලක් ඒ ළය මැද නිදන් කළ ස්නේහය ඔහේ පිටාර ගලන්නට දිය යුතු බැව් ඈට හැඟිණ. ඇතැම් විට කර්කශක ගිම්හානය මරාගෙන ආ වස්සානයේත් වසන්තයේත් එක්වර ඇද වැටීමක් වාගේය. ගතම තලා දැමුවාක් වාගේ දැනෙන හැඟීම යටපත් කරගෙන ඕ ඇස් පියාගෙනම හුස්වුණ කුසට අත ගෙන ගියාය. ක්ෂණකින් ඒ ඇඟිලි ඔහුගේ අතේ පැටළිණි. නළල මැදට දැනුණ ඔහුගේ දෙතොල් පහස බර වැඩි වුණේ හදවටතය. ඇස් කොනින් කඳුළක් බේරිණ. නළලින් නොනැවතුණු ඒ සිපුම දෙකම්මුලේත්, ඇස් පිහාටුවලත්, දෙතොළේත්, දෙපියයරු අතර ළයේත් නතර විණි.
“මැණික…”
ඔහු මුහුණට ඇළුන හිස්කෙස් කන්දෙපස රඳවද්දී ළයට දැනුණ ඔහුගේ සුසුම් නොදැනුනා වාගේ ඉන්නට කෙල්ලට බැරිය. ඕ යාන්තම් ඇස් පියන් හරිද්දී දුටුවේ මෙතුවක් කාලයක් ඇස් ඉස්සහර හුන් නපුරුම නපුරු දේව් නොව වෙඩුරු පිඩක් ගින්නට ලූ කළ දියාරු වන්නාක් සේ මෘදු සෞම්‍ය වූ පිරිමියෙකුගේ ඇඬුම්බර දෑසය.
“අහ්.. හ්ම්ම්.. ද්.. දේව්…”
ඈ රහසින් කොඳුළාය. යළිදු ඒ කම්මුලක් ඔහුගේ දෙතොල් පහස ලද්දේය. දෙතොළට දැනුණ ඔහුගේ කඳුළක් ඇයගේ මුවට ලුණු රසක් එක් කළේය. ආයාසයෙන් වෙව්ලන දකුණත ඕ ඔහුගේ හිස කෙස් අතරින් ගෙන ගියාය.
“මගෙ මැණික.. මං.. මං දන්නෑ මං මොනවද කරන්න ඕනා කියලා..”
“දේව්.. අනේ ඇයි මේ..” ඕ ඇසුවේ වෙව්ලන සුළු ස්වරයෙනි.
“මැණික මම පිච්චෙනවා.. මම උ ඹට මොනවද නොකළෙ.. කිය පන් කෙල්ලෙ මං මොනවද මේ අත් දෙකෙන් උ ඹට නොකලේ.. දැනුත් උ ඹ හිනාවෙනව හරි ලස්සනට.. මම ඉස්සල්ලාම දැකපු දවස වාගේම.. එදා කවුන්ටර් එක ළඟදි හිනා වුණා වගේම.. තාමත් මේ දැනුත.. මැණික උ ඹ කව්ද ඇත්තට..”
“අනේ දේව් ඔයා මාව අඩෝනවා.. පුලුවන් නම් මාව ඉන්දවන්නකෝ.. මට ටිකක් පණ නෑ වගේ කකුල් දෙකත්..”
තත්පර කිහිපයක් ඒ ඇස් දෙස බලා හුන් ඔහු යලි වරක් මෘදුව ඇයගේ කෙට්ටු උරස සිප ගත්තේය. බාහු යටින් අත් යැවූ ඔහු ඈව ඇඳ පත්තට වාරු කර කොට්ටය තබා හිස අත ගෑවේය. ඈ ඇඩුමකට ආසන්නව හති අරී. කැනියුලාවක් ගැසූ අතෙහි ඇගිලි උඩට පහලට දිගහැරෙනු ඔහු බලාගෙනය. එහෙම්මම ඇඳ මතින් හිඳගත් කොල්ලා ඇයගේ නිකටින් අල්ලා තමා වෙත හරවා ගත්‍තේය.
“බබා…”
“එයා සෝදල අරං ඒවි…”
“මැණික..”
“අම්ම අතේ සනීපෙට දොයි…”
“දේව්..”
“හ්ම්ම්…” ඔහු බැලුවේ රතු පාට වුන ඒ ඇස් දෙසය.
“ඔයාට පුලුවන් ද හයියෙන් මගෙ අත කොනිත්තන්න..”
“ඇයි..”
“මම ඉන්න හීනෙන් ඇහැරෙන්න ඕනි දේව්.. ඈත දවසක හම්බෙලා අහම්ඹෙන් ඔයාව කවුද කියල දැනගත්තා.. අන්තිමට කරකල අතෑරිය වගේ දැනෙද්දි දැනගත්ත අවුරුදු දහයක් පරිස්සමෙන් බලාගත්තු පිරිමි රූපෙ අයිතිකාරය ඔයා කියල.. මොකද්දෝ ලැබීමකට මං ඒ අයිතිකාරයගෙ ගෑණි වුණා.. එයාව බබාල දෙන්නෙක්ගෙ අප්පච්චි කෙනෙක් කළා.. එයාගෙන් හීන දැකපු ආදරේ තියා එකම එක සැනසෙන්නවත් වචනයක් අහපු නැති මං එයා ළඟට තුරුළු වෙලා ඉන්නවා.. දේව් මට හීනෙන් ඇහැරෙන්න ඕනේ..”
ඈ පිස්සුවෙන් වගේ හිසකෙස් ඇදගන්නට උත්සහ කළාය. ඇයව බලහත්කාරයෙන් ම වැළකූ ඔහු ඈව ඇද තුරුලු කරගත්තේ ළයටය. හදවත පෑරූ ලතැවිල්ලේ බර අඩු කරගන්නටදෝ ඕ ගිරිය යටින් කෑ ගසා හැඩුවාය. ඒ හඬට හෙදියන් කීප දෙනෙකුත් ක්ෂිතිජත් දිව ආයේ පිම්මටය.
“මචං.. දේව්…”
“අවුලක් නෑ බං.. අඩන්න දෙන්න ඕනා.. මේකි පිස්සියක් වෙයි.. අඩන්න දීපන්..”
ඔහුගේ ළයට මිට මොළවා ගසමින් විලාප තියන ඇයගෙර් හිස් මූදුන සිඹ කොල්ලා ඔහුට ආයාසයෙන් හිනැහෙන්නට තැත් කළේය. ඒ ඇස් අසීමාන්තික අසරණව ඇත්තාක් වාගේය. වරෙක ඔහුගේ ශර්ටය ඇඟිලිවටල තෙරපෙයි. තව වරක කඳුළුවල පහස ළයට දැනෙයි. තව වරක ඔහුගේ පපුවට නොකඩවා පහර දෙන ඇයට නොපෙනෙන්නට කොල්ලා ඇස් කෙවෙනි වල උපන් කඳුළ පිස්සේය.
“දේව්.. මට මැ රෙන්න ඕනා.. දේව්.. මට දරාගන්න බෑ.. මම පුපුරාවි..”
“මැණික.. මටත් දරාගන්න අමාරුයි.. ඒත් මාව දාල යන්න එපා.. මම මැරිල යයි පිච්චිලා.. මම රිද්දුවට උ ඹ කැමති දෙයක් කරපන් මම තරහ නෑ.. ඒත් දාල යන්න එපා…”
ඔහු දෝත් එකතු කළේ ඈටය. ඒ අත් අල්ලාගෙන ඈ කෙදිරිල්ලක් නගමින් ම කඩා වැටුණේ ඇඳ පත්තටය.
“මැණික.. ඔය තරම් දරාගන්න එපා.. ප්ලීස්.. මට විදවන්න දෙන්න.. මට ග හන්න.. ප්ලීස්..” ඇයගේ දකුණත අල්ලාගෙන ඔහු ඔහුටම පහර දීගත්තේ වේදනාවෙනි.
“දේව්.. මාව ළඟට ගන්න… අනේ..”
“මැණික…”
“හ්ම්ම්… මාව ළඟට ගන්න.. මාව තද කරල තියාගන්න..”
“මම ආයෙ අතාරින්නෑ කවදාවත්ම..”
“නෑ දැන් මාව ළඟට ගන්න.. දේව් මට ආසයි.. දේව් මට ආසයි ඔයාගෙ ළග හුස්මක් ගන්න..”
“දෙයියනේ මම ඉන්නෙ මේ ඉස්සරහම.. අහන්න එපා මැණික.. මම දන්නව ඔයාගෙ සමාවට මං සුදුසු නෑ.. මං උඹට කලින් නෙහාට ආදරේ කරා.. බං මම රැවටුණා.. රැවැට්ටුවා.. ඔක්කොම මාව රැවැට්ටුවා.. කෞමදීට පිස්සු හැදුණා.. උන් සේරම මාව රැවැට්ටුවා.. ඒත් මම දිවුරන්නම් මම ගෑණියක් ළගට ගියානම් ඒ උ ඹ විතරයි.. ඒ ජීවිතේ ගෙව්වෙ උ ඹ එක්ක විතරයි.. ඒත් මගෙ හිත පිරිසිදු නෑ.. උ ඹේ හිත පිරිසිදුයි.. උ ඹේ හිතේ මං විතරයි හැමදාම ඉදියේ.. මං පරක්කුයි..”
“නෑ.. පොඩි කාලයක් විතරයි දේව්.. ඔයා නාවානම් මම තාම තනියම ඉදී… ඔයායි මගෙ හීනෙ වුන්නෙ කියල එදා දැනගත්තෙ නැත්තන් ඔයා අපැහැදිලි රූපයක් විතරයි දේව්.. මං දන්න තරමින් මම ඇත්තටම ආදරේ කරන්න ගත්තේ ඔයා තමයි මම හොයපු දේව් කියල දැනගත්ත දා ඉදල.. නමකට අපැහැදිලි හෙවන්නැල්ලකට බැදිල ඉදපු මං ආදරේ කරන්න ගත්තෙ ඔයා මගෙ දේව් කියල දැනගත්තම.. අවුරුදු දෙකහමාරක් විතරයි ගෙවුණේ.. පරක්කු නෑ…”
“හැමතිස්සෙම මම හරි කියල ඔප්පු කරන්න එපා මැණික..”
ඇයගේ කම්මුලට යන්තම් පිරිමැදූ ඔහු ඈව ළයට සිරගත්තේය. ඕ කන් දීගෙන හුන්නේ ඒ ළය ගැහෙන හඬය. අවුරුදු ගණනාවකට පසු සිත් පුරා ඈ ඔහුව විඳිමින් හුන්නාය. ඔහුගේ ගෙල පාමුල සිඹ ඕ ආයාසයෙන් ඔහුගේ මුහුණ තමා වෙත හරවා සිනාසුණාය. අනතුරුව හප් කියන්නට තොල් පෙරලුවාය.
“මැණික.. උ ඹ තාම බබෙක් වගේ.. කෙල්ලත් ඒ වගේමයි..”
“එයා ඔයා වගේ..”
“රූපෙ මගේ වුණාට කෙල්ලට තියන්නෙ උ ඹෙ ඔය හුරතලේ විතරයි.. මම කෙල්ලට පොරොන්දු වුණා ආයෙ එයාගෙ අම්මිට ටිකක්වත් රිද්දන්නෑ කියල..”
“අනේ..”
ඕ යලිවරක් ඔහුගේ ගෙල පාවුල සිඹ සිනාසුණාය. ඔහු ඒ ඇස් දෙස බලාහුන්නේ පිස්සුවෙනි. වෛරය ආදරයට හැරවෙද්දී කොයිතරම් දරාගත නුහුණු හැඟුමක්ද යන්න ඔහු එවලේ ඇතුළාන්තයෙන් ඉගෙනගනිමින් හුන්නේය.
“ඩොක්ටර් දේව්…”
කෙල්ලගේ ගෙලත් පිටත් පුරා ඇඟිලිවලින් රටා අදිමින් ඇයගේ හිස අතගා කොහේදෝ අතීතයක අතරමං වුණ කොල්ලා ගැස්සිණ.
“නර්ස්…”
“ඩොක්ටර් බබා..”
හෙදිය දෝතට ගෙන හුන් රෙදි ගුලිය දෙස බැලූ දේව් ඇයගේ හිසට අත තැබූවේය. ඒ ළය මැද කුඩා හා පැටියෙකු වාගේ ඇස් වසාගෙන ඈ නින්දේ හුන්නාය. ඔහු කම්මුල් පිරිමැද්දේය. ඈ බාගෙට ඇස් පියන් හැර ඔහු දෙස බැලීය.
“බබා ගෙනත්..”
ඇඳට ඈව වාරු කර හෙදිය අතින් රෙදි පොදිය ගෙන ඔහු එහි එතූ මස් වැදැල්ල දෙස බලා හුන්නේය. යාන්තම් ඒ නළල මැද සිනිදු සිපුමක් තැබු ඔහු ඈ දෙස් බැලීය. නිහඬවම ඇයගේ දෝතට දරුවා පෑ ඔහු ඇයගේ උරසට නිකට තියා ගත්තේ එහෙම්මමය.
“පරිස්සමෙන්.. ඕම් නෙවේ.. කෝ…”
“මම මැණිකත් හැදුවෙ මේම තමා..” ඔහුට සුසුමක් හෙළින. ඕ බලා හුන්නාය.
“මට හුඟක් දේවල් මිස් වෙලා මැණික..”
” ඒම හිතන්න එපා.. සමහර දේවල් මිස් වෙද්දී ඊට වඩා හොඳ දේවල් හම්බෙනව මහත්තයෝ..”
ඇයගේ නිරුවත් ළයේ එල්ලුනු කෙල්ල දෙස් ඔහුබලා හුන්නේය. මිට මෙළවූ හීනි ඇඟිලි පිරිමැදීය. ඒ හැඟුම අලුත් බැව් පමණක් ඔහු දැන හුන්නේය.
“කෙල්ල ළඟින් ඉන්න මට බැරි වුණා.. මේ කෙල්ලටත් බේත් පෙත්තක් දෙන්න ඩොක්ටර් කෙනෙක් වෙලත් මට බැරි වුණා.. ඇයි මම ඒම කා ලකන්නි වුණේ..”
“ඩොක්ටර් දේව්.. මේ අහන්නකෝ..”
“හ්ම්ම්…”
“ඔයාට ඕනා ළඟින්ම ඉන්නද.. අතෑරුණ ජීවිතේ පටන් ගන්නද…”
“හ්ම්…”
“ඒනත් ඊළඟ පාර තව කෙනෙක් ගේනනං.. එතෝට මට බේත් දෙන්න.. නපුරු ඩොක්ටර්..”
ඕ සිනාසුනාය. ඔහු බලා හුන්නේය. කඩා වැටුණ හැට්ට කරින් පෙනුන උරස සිනිදුවට පිරිමැද ඔහු ඇයගේ නිකටට කෙටි හාදුවක් තැවරීය.
“ආයෙ එපා.. මේ ඇති.. ආයෙ ඕනාම නෑ මැණික.. වෙලාවට දෙන්නම කෙල්ලො වුණේ..”
“ඒ ඇයි…”
“කොල්ලො වුණානම් උන් මගේ වෙයි.. ඒම නැතුව මැණික වගේ කෙල්ලො දෙන්නෙක් ලැබුණු එක ඇති..”
නොකඩවා ළය උරන කෙල්ල දෙස බලාහුන් ඔහු මිමිණීය.
“අම්මී…”
“දුවේ..”
කෙල්ලගේත් ඉන්දුමතීගේත් හඬට ගැස්සුණු දේව් මන්දි දෙස බැලීය. ඈ අතේ හුන් කෙල්ල දේව් අතට පැන්නාය.
“මැණිකගෙ නංගි බබා..”
“අම්මි වඩා..”
“අම්මිට මැණිකව වඩන්න බෑනෙ රත්තරං.. මැණික අප්පච්චි එක්ක ඉමු.. අම්මි ඕන්නැ හාද..”
“හා.. අම්මි අපා.. අප්පත්ති එක්ක ඉමු..”
මන්දස්මි කෙල්ලට් තොල් හපද්දී දේව් ඇයගේ හිස පිරිමැදීය. ඉන්දුමතී ඇයව තුරුළු කරගත්තේ කුසටය.
“මම බයේ වුන්නේ මැණික..”
“මට මුකුත් වුන්නෑ අම්මේ..”
“නිරෝධා ඉන්න තැන කොහේ වුණත් උ ඹට බලනව මැණික ඒ මට හොඳටම ඇති..” ඕ කොල්ලා දෙස බලා ඇයගෙ හිස පිරිමැද දරුවා දෙසම බලා හුන්නාය.
“දේව්… ඔයා මෙතන..” දරුවා වඩා හුන් ඔහු ගැස්සිණ. මන්දස්මි කෙල්ලව ළයට තද කරගෙන ඔහු දෙස බැලුවාය. ඉන්දුමතී බැලුවෙ කොල්ලා දෙසය.
“කෞමදී…”
“ශ්වෙතා.. උ… උ ඹ මෙතන..” කෞමදීගේ පිටුපසින් ඇදුණ ඇයගේ රූ දුටු ඉන්දුමතීට විලාප තියවුණේ ඉඹේටය.
———– අවසාන කොටසින්