පනස්තුන්වන දිගහැරුම
“පුතේ…”
හිස බිමට නමාගෙන දරුවා තුරුළු කරගෙන හඬාවැටෙමින් හුන් දේව් හිස ඔසවා බැලුවේ ඉන්දුමතීගේ හඬටය. ඒ ඇස්වල කඳුළුය. කොල්ලා රූකඩයක් වාගේ ඈ දෙසම බලා හුන්නාය.
“අප්පත්ති අම්මී..”
ඔහු අතේ හුන් කෙල්ල ඉන්දුමතීගේ අතට පැන ඇයගේ ගෙල බදාගත්තාය. අනතුරුව ඈව සිඹගෙන සිඹගෙන ගියාය.
“පුතේ.. මේ කෙල්ලට ඇඳුමක්වත් නැතුවද උස්සන් ආවෙ..”
“මට සිහියක් උනේ නෑ අම්මා.. එහෙම්ම අරං ආවා..”
දෝතින්ම නළලට ගසාගනිමින් ඔහු කෙදිරීය. කෙල්ල ඔහු දෙස බලා ඉන්දුමතීට තොල් පෙරළුවාය.
“අප්පත්ති එක්ක බෑ.. එයා අඩනවනි අප්පත්තිඅම්මි.. බලන්නකෝ.. මැණිත අපා කිව්වට අහන්නෑනි.. උයාවත් කියන්නකෝ අනී..”
කෙල්ල ඉන්දුමතීගේ නිකටින් අල්ලාගෙන හුස්ම නාල්ලාම කියාගෙන ගියාය. ඉන්දුමතී ඇගිලි යැව්වේ කොල්ලාගෙ පොකුටු හිසකෙස් අතරිනි. ඔහුට එහා පසින් හිස් අසුනේ හිදගත් ඕ ඔහුගේ නිකටින් අල්ලාගෙන ඒ මුහුණට එඹුණාය.
“පුතේ.. මොකද්ද වුණේ කිය පන් මගෙ කෙල්ලට..”
“අම්මා නෙහ බොරු කළේ ඇයි අම්මා..”
“නෙහා.. මොකක්ද… මොකද්ද උ ඹට වුණේ.. ආයෙ ඒකි එක්ක පැටලුණාද..”
“නෑ අම්මා.. පැටලුම් ඇරගත්තා.. ඇයි මාව රැවැට්ටුවෙ මේ තරම්.. “
“මොකද්ද පුතේ උ ඹ මේ කියවන්නෙ පිස්සුවෙන් වගේ..”
“මම දන්නෑ අම්මා ඒ කසාදෙට අකමැති වුණ හරිම හේතුව.. ශ්වේතා ආන්ටි අපි හිතන තරම් හොඳ ගෑණියක් නෙවෙයි..”
“මම ඒක දැනන් උන්නේ අද ඊයෙක නෙවෙයි පුතා.. කාලෙකට කලින් ඉදලමයි.. අදටත් එයා ඒක පිළිගන්නෑ… එයයි හැමදේම පටන් ගත්තෙ කියල..”
කොරිඩෝවේ එහාම එහා ඈත කොණක් දෙස බලාගෙන ඉන්දුමතී කොඳුළාය. ඒ ඇස් කෙවෙනි තෙත් විය. කොල්ලා ඇයගේ උරසට වාරු විණ. චිත්ත සන්තානයම පිච්චේ.
“මම දන්නෑ අම්මා.. මම දන්නෑ ඔයාල මොනා කළාද කියල.. මට දැනගන්න ඕනාත් නෑ පරණ කතා.. මට දැන් ඕනා මගෙ කෙල්ලට මට මෙහෙම කරේ ඇයි කියල..”
“පුතා ඒක කවදාහරි දැන ගනීවි.. එදාට කාටවත් වෛර කරන්න එපා..” ඕ සුසුමක් හෙළුවාය.
“අම්මා… ශ්වේතා ආන්ටි නෙහාව මට ලං කලා බලෙන්.. අම්මා ඒකයි ඇත්ත..”
“මොකක්.. මම හිතන් උන්නෙ ඔයයි ඒකෙ පැටලුනේ කියල..”
“නෑ අම්මා.. නෙහායි මන්දස්මිගෙ වැරදි මා එක්ක කීවේ.. මම ඉස්සල්ලම ආදරේ කළේ ඒ කෙල්ලට… නෙහයි කිව්වෙ එයාට හැමතැනම මිනිස්සු ඉදපු බව… බැන්ද දාත් හැමදේම ඒ කෙල්ලට අවාසියට හිට්ටා.. ඒත් මන්දස්මි විතරයි මුල ඉදල මං මත්තෙ උන්නේ.. පිස්සුවෙන් වගේ ආදරේ කළේ.. අම්මා නෙහා නිකන් මැරුන්නෑ.. එයා විදෙව්ව.. හැමදේම ලියල එයා සු සයිඩ් කර ගත්තා..”
“ඒක ඇත්ත මම නිරෝධාට වරදක් කළා වුණත් ඒ අහිංසකී මන්දිව මලක් වගේ පරිස්සම් කළා.. ඒ අහිංසක පොඩි එකිත් කවදාහරි එයාට හරියට රූපයක්වත් මතක නැති දේව් එනකන් බලන් උන්නා.. එදත් අදත් ඒ ආදරේ වෙනසක් වුණේ නෑ පුතා.. දවසින් දවස ඒ ආදරේ වැඩි වුණ බව මම දැනන් වුන්නා.. මගෙ එකම කොල්ලව බාර දුන්නෙ හරිම අතට කියල මම දැනන් වුන්නා.. ඒත්…”
“ඒත් අම්මගෙ කා ලකන්නි පුතා ඒ කෙල්ලව විනාස කරා.. අම්මා කෞමදී මාව අතෑරියා..”
“කෞමදී…”
“හ්ම්.. මම ශ්වේතා ආන්ටිලගෙ ගෙදර කෙල්ලව එක්ක ගියා.. එදා නෙහා මැරෙන්න කලින් ලියපු ඩයරිය ඒ කෙල්ල ගෙදර ගෙනත්… ඒකි සාදාරණයි.. මාව එළෙව්වා.. අම්මා ඒකෙ තිබුණා.. මගෙ අහිංසකී මැරීගෙන මං වෙනුවෙන් ඉදපු හැටි.. ශ්වේතා කියන ගෑ ණිගෙ කීමට නෙහා බලෙන් මට ආදරේ කරපු හැටි.. අම්මා කියන්න ඇයි ඒ ගෑණිට අපිව කෑලි කෑලිවලට ඉහිරවන්න හිතුණේ.. ඇයි ඒ ගෑණි මට අම්මට තාත්තට වෛර කළේ.. ඇයි අම්මා මන්දස්මි මගෙන් අයින් කරන්න බල කළේ.. මම නොදන්නව වුණාට එයා මන්දස්මිව දැනගෙන හිටියා.. අහම්බෙන් මගෙ ජීවිතේට ආපු ඒ ජීවිත ටික ඔක්කොම ඔයාල අතරෙ මාරු වුණා… අම්මා ප්ලීස් මට ඒක දැනගන්න ඕනා..”
ඔහු ඇයගේ ළයට හිස තියාගත්තේ වේදනාවෙන් මිරිකෙමිනි. ඉන්දුමතීගේ ළය පුපුරු ගසමින් දැවෙද්දී පොඩි එකී ඇයගේ කඳුළු පිස දේව්ගේ හිස සිම්ඹාය.
“අප්පත්ති අම්මී…. අම්මි ඕනී…”
“අම්මි එයි රත්තරනෙ..”
“අනී මට අම්මි ඕනි.. උක්කුං ඕනි…”
කෙල්ල හඬන්නට කට උල් කරද්දී ඉන්දුමතීගේ උකුලේ හුන් කෙල්ලව දේව් වඩා ගත්තේ කමිස උරහිසින් මුහුණ පිසදාගෙනය. ඒ ඇස් කියන්නේ ඇතුළාන්තය දැවෙන පිරිමියෙකුගේ හැඟීමකි. ඉන්දුමතී අසීමාන්තිකව හැඩුවේ යටි හිතෙනි. ඒ දවස් උදා නූනානම් අද මන්දිවත් දේව්වත් නෙහාවත් ජීවතුන් අතර නැති බැව් ඈ දැන හුන්නාය. දෛවය කරන සමහර වැරදි නිසා වැඩිමනක්ම වන්දි ගෙව්වේම නිර්දෝශී මිනිස් ජීවිතය.
“නිරෝ… මට ඇත්ත කියන්න වේවි.. ශ්වේතා අමුවෙන්ම විනාස කරල දාපු අපේ කතාව එයාට කියන්න ඕනි.. ඒත් මම දන්නව ඔයා අපි දිහා බලන් ඇති.. කෙල්ලගේ හුස්ම ගැන බලාගන්න නිරෝ.. ඒ කෙල්ලව මට පරිස්සම් කරල දෙන්න.. එයාට ඔයා ළඟට එන්න තව හුඟක් කල් තියෙනව…”
කොල්ලා දියණිය වඩාගෙන කොරිඩෝවෙන් පිටත් මල් පාත්තිය වෙත ඈ ගෙන යද්දී ඉන්දුමතී යකඩ පුටු ඇන්ද මිටට මොළවා අල්ලාගත්තාය.
“අප්පත්ති අම්මි ඕනි..”
“අම්මි එයි මැණික.. මැණිකට නංගි බබා අරන් එයි.. ඕම ඇඩුවොත් අම්මි බබා ගේන එකක් නෑ..”
“උයා නංගි බබා දැක්කද අප්පත්ති..”
“ඔව්.. එයා බෝනික්කෙක් වගේ..”
“බෝනිත්තෙක්.. එයා මට තියාගන්න දෙනෝද අප්පත්ති..”
ඔහු හිස වැනීය. විශාල රවුම් මල් පෝච්චියේ වූ බෝගන්විලා මල් ගොන්නෙන් මලක් ගෙන ඇයගේ කන පිටුපස රැඳවූ ඔහු ඇයගේ නාසය සිප ගත්තේය.
“මැණික වැඩියෙන් ම ආදරේ කාටද.. අම්මිටද අප්පච්චිටද…”
“අම්මිට.. ඒත් අම්මි හප් කීවා..”
“ඇයි අම්මි මගෙ මැණිකට හප් කීවෙ…”
“වැඩියෙන් ආදලේ කරන්නෝනි අප්පත්තිට කිව්වා.. අම්මිත් ආදලේ උයාට..”
“මැණික තරහද අප්පත්ති එක්ක.. අප්පත්ති මැණිකව ළගට ගත්තේවත් නෑනි.. වඩාගත්තෙත් නෑනි.. උ ම්මා එකක්වත් දුන්නෑනි..”
කෙල්ල නෑ කියන්නට හිස සැලුවාය. ඔහුගේ නිකට යන්තම් සැපූ ඕ ඔහුගේ කම්මුල සිඹ ඒ පිරිමි ළයට හිස තියාගත්තාය. ඔහුගේ ඇස් කෙවෙනිවලින් තෙත කඳුළක් හැලිණ. ඈ ඔහු වෙනුවෙන් තැනූ ලෝකය කොයි තරම් අහිංසකදැයි ඔහුට සිතිණි. ඒ සිනිදු සිනාව ආයෙම දකින්නට හිත ආශාවෙන් පිරිණ. ඔහුට මංගල රැය සිහිවිය. එතැන් සිට අද වෙනතෙක් ගෙවුණ දින සිහිවිණ. ඒ ගැහැණු ළය තුළ සිරවුණ බලාපොරොත්තු කොතෙක් නම් තියෙන්නට ඇතිද.. ඒ ශරීරය, සිතිවිලි, හැඟීම් පවා ඔහුට ඔනෑම මොහොතක කොන්දේසි රහිතව පෙරලා යමක් බලාපොරොත්තු නොවී සින්නකරගන්නට දුන්නාය. ඔහු කෙල්ලගේ හිස අතගෑයේය. ඒ ඇස් ඇඟිලි උරමින්ම පියවේ.
“ඔයාගෙ අම්මිට අප්පච්චි කොච්චර රිද්දුවත් එයා දරාගත්ත හැටියට නෙහා ආන්ටිවත්, කෞමදී ආන්ටිවත් දරාගත්තෙ නෑ.. අම්මි තරම් ඉවසන්න අප්පත්තිඅම්මිටවත් බෑ.. අම්මි තරම් හිනාවෙලා හිත යටින් අඩන්න කාටවත් බෑ… ඔයාගෙ අම්මි වෛර කරන්න දන්නෑ මැණික.. එයා පුදුමාකාර ගෑ ණියෙක් කියල දැනෙද්දි අප්පච්චි පරක්කුයි.. එයා මට දුන්න වටිනම තෑග්ග ඔයා.. ඊට පස්සෙ ඔයාගෙ නංගි.. ඒත් අප්පච්චිට ඔයා ලොකු වෙන හැටි බලන්නවත් පිනක් තිබුන්නෑ.. ඔයා අප්පච්චි වැරදී මැණික.. හැමතිස්සෙම වැරදී.. මම කොහොමද රත්තරනෙ ඔයාගෙ අම්මිගෙන් සමාව ගන්නේ..”
නොකඩවාම ඒ හිස සිඹිමින් ඔහු කෙල්ලගෙන් යන්තමට ඇසීය. නින්දේ හුන් ඈ යන්තම් සිනාසුනාය. ඔහුගේ හිත කවදාවත් නැති තරමට මන්දස්මි ඉල්ලයි. ඒ ළයේ උණුහුම ඉල්ලයි. ඔහුට ඕනා ඒ ළයට හිස තියාගෙන හඬන්නටය. වේදනාවන් පුච්චා දමා ඒ ළය මතම නිවෙන්නටය. ඒ ළය මත පණ වුණත් යනවානම් ඔහුට දැන් කම් නැති තරමටම ඔහු ඈ කෙරෙහි තප්පරයක් පාසාම අසීමාන්තිකව ස්නේහයෙන් බැදෙමින් හුන්නේය. කෝටියක් අතපත ගෑ, මැසූ, කපා කෙටූ සිරුරු අතරින් තමා දුටු ආදරණීයම ගැහැණියගේ හදවත මන්දස්මි තුළින් ඔහු දකිමින් හුන්නේය.
“අම්මා හැමතිස්සෙම හරි.. එයා දැනන් වුන්නා මන්දස්මි ගැන.. ඒත් මොකද්ද මම නොදන්න ඒ හේතුව.. මට එක දැනගන්න ඕනා.. අම්මා ඔයාට කියන්න වේවි හැමදේම.. දන්නවද මගෙ මැණික ජීවිතේ ලස්සනම කාලෙ පුරාම උ ඹ අස්සෙ ජීවත් වෙන්න මේ මෝඩ දේව්ට පින නැති වුණා.. පැටව් දෙන්නෙක් අපි දෙන්න අතරට එනකන් තේරුම් ගන්න බැරි වුණා.. අපි නොදන්න ඉස්සරම ඉස්සර කතාව උ ඹටයි මටයි හරස් වුනා කියල විතරයි මට තේරුණේ..”
හිමි හිමින් තමාටම මුමුණා ගනිමින් දේව් නිදාහුන් කෙල්ලව ගෙන ගියේ කොරිඩෝව කොණක හිදගෙන තවම ළයමත දෑත් බැදගෙන දෙවියන් යදින ඈ වෙතය.
“අම්මා.. මගෙ කෙල්ලට මුකුත් වෙයිද..”
“එයාට අපිව දාල යන්න බෑ පුතා.. එයාට මෙච්චර දුර ඇවිල්ලා අපිව දාල යන්න බෑ..”
“මට බයයි..”
“එයාට යන්න බෑ..”
“කෙල්ල නිදි..” ඈ අතට දියණිය දෙමින් ඔහු ඈ අසල බිම දණ ගැසීය.
“අම්මා.. ප්ලීස් මගෙ කෙල්ලයි මායි අතරෙ හිස්තැන පුරවන්න ඔයා දන්න කතාව මොකද්ද.. මට ඒක දැගන්න ඕනා..”
“පුතා..”
ඒ ගැහැණු ඇස් විසල් වෙද්දී තියටරයේ වීදුරු දොර හැරිණ. කොල්ලා දුන්නක් වාගේ නැගිට්ටේය. ඉන්දුමතී කඳුළ පිස කෙල්ල දෝතින් ගෙන නැගිට්ටාය.
“දේව්..”
“මචං ක්ෂිතිජ..”
“උ ඹට ඇතුළෙ උන්නේ.. මම දැනන් උන්නෑ.. මම පිස්සෙක් වගේ..”
“මට කිව්වා නර්ස්..”
“මචං මගෙ කෙල්ල..”
“උ ඹ ලස්සන කෙලි පැටියෙක්ගෙ තාත්තෙක්..” දේව් ඔහුගේ අත් මිරිකා අල්ලාගත්තේය. ඉන්දුමතී සුසුමක් හෙලා ළය නිදහස් කළාය.
“තාත්තෙක් නෙවේ ආයෙම අප්පච්චි කෙනෙක්.. මචං මගෙ කෙල්ල..”
“එයාට ටිකක් අමාරුයි.. තව විනාඩි දහයක් එහා මෙහා වුණානම් බලාපොරොත්තු තියාගන්න බැරි තත්වයක් ඇති වෙන්න තිබුණා.. උ ඹ දන්නවනේ..”
“මට කෙල්ලව බලන්නෝනි.. කත කරන්න පුලුවන් ද එයාට..”
“හ්ම්.. ඔව්.. ඒ කෙල්ල පිස්සුවෙන් වගේ උ ඹව අහනවා.. ඕම මල පෙරේතය වගේද දැන් උ ඹ යන්න හදන්නේ මූණ හෝදන් ඇතුළට වරෙන්..”
ඔහුගේ උරසට තට්ටු කරමින් ක්ෂිතිජ මෘදුව හිනැහිණ. දේව් ඉන්දුමතී දෙස බැලුවාය.
“අම්මා.. මම කාල කණ්නි නෑ..”
“මම කිව්වෙ කෙල්ලට දාල යන්න බෑ කියල..”
ඈ මුමුණද්දී ඊළග මොහොතේ කොල්ලා දිවවිත් එඹුනේ නිදා හුන් දියණියගේ සවනටය.
“අම්මි ඔයාට නංගි බබා ගෙනත්.. මැණික ඔයාගෙ අප්පච්චි තමයි ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සය…”
සිනිදුවට ඒ නළල මැද සිපුමක් තැබූ ඔහු ඇස් කෙවනි වලින් බරම බර කදුලක් වැරෙද්දී සිනාසෙන්නට වෙර ගත්තේය.
——– ඊළඟ කොටසින්