පනස්දෙවන දිගහැරුම

“මැණික…”

“අප්පත්තී…”

දහඩිය පෙරී සර්වාංගයම තෙමා යද්දී කාරය මිදුල මැද නැවතූ දේව් පිස්සෙකු වාගේ දිව විත් ඉස්තෝප්පුවට වැනෙමින් ආ දියණිය වඩා ගත්තාය. ඒ සිගිති ඇස්වල කඳුළු ගොන්නකි. ඔහු තත්පර කීපයක් ඒ ඇස්වල නතර විණි. එහෙම්මම ඇයගේ මුහුණින් පටන් ගෙන මුළු ගතම පිස්සුවෙන් වාගේ සිඹගෙන ගියේ ඒ පිරිමි ඇස් අනවසරයෙන් දෑ අවුරුද්දකට පසු දරු සෙනෙහසින් තෙමෙද්දීය. සත්තකින්ම මෙතුවක් නොරිදුණ ළය, මෙතුවන් උණු නොවුණ ළය දැනට අඩ හෝරාවකට පෙර ගින්නේ ලූ වෙඬුරු මෙන් දියවිනි. හදවත පණ පිටින් ඉද්දී කඩතොලු කර කපන්නාක් මෙන් රිදේ.

“අප්පත්තී.. උයත් අඬනවනෙ අනී..”

“මැණික.. ඔයාගෙ අප්පච්චි අඩන්නෑ මගෙ රත්තරනේ..”

මුළු ගෙයිම බිත්ති දෙදරවාගෙන ඇයගේ විලාප හඬ ඇසිණ. ඔහු බැලුවේ කෙල්ලගේ මුහුණ දෙසය.

“අම්මි අඬනව අප්පත්ති.. නංගි බබා අම්මිට සිද්දෝනවා.. මැණිත හප් කීවා.. එයා අහන්නෑ අනී..”

“ඔයා නෙවේ රත්තරනෙ මම දැන් ගීන් නංගිට හප් කීවත් එයා ඔයාගෙ අම්මිට රිද්දවන එක නවත්තන්නෑ..”

කෙල්ලව ළයට තුරුළු කරගෙන ඔහු පිම්මේ දිව්වේ සාලයටය. ඇස්වලින් නොකඩවා ගලන කඳුළු සමඟ ඕ සාලය කොණක දුර්වලව වැතිරි හුන්නාය. ඔහු වෙතට දකුණත දිගුකරමින් ඈ මොනවාදෝ අසිහියෙන් මිමුණුවාය.

“අම්මේ… අනේ අම්මේ ඔයා අන්තිමට ඔයා ආවා.. අම්මා එයා එන්න හදන්නෙ.. මට බෑ.. අම්මා..”

“අම්මී..”

කොල්ලා අතින් රූටා ආ කෙල්ල එහෙම්ම්ම ගොස් බිම වැතිරී හුන් ඇයව බදාගත්තාය. ඒ දැඩි පිරිමි සිත අසීමාන්තික රිදිණ. ක්ෂණිකව ආදරයකට හැරවුණ වෛරය මොන තරම් ප්‍රබලාකාරදැයි ඔහු දැන නුහුන්නේය. හඬමින්ම විලාප තියන ඇයගේ හිස උකුළට ගත් ඔහු ඇයගේ මුහුණ දෝතට ගත්තේ දෝත් වෙලුලද්දීය.

“මැණික…”

“ද්..දේව්..”

“ඔව් රත්තරනෙ මම දේව්.. උ ඹට වද දුන්නු දේව්.. උ ඹේ අහිංසක ඇස්වලට කදුළු පුරෝපු දේව්..කොටින්ම උ ඹව පාරට ඇදල දාපු හිතක් පපුවක් නැති දේව්..”

ඔහු ඇස්වලින් කඳුළු පිරෙද්දී ඈව ළයට තුරුලු කරගත්තේය. ඇයගේ දෑත් ඔහුගේ පිටට සිරවිණි. හතිඅල්ලන හුස්ම ඔහුගේ ගෙල සිම්බේය.

“..ම්.. මං.. මං.. ඉන්නෙ හොඳ සිහියෙන්ද දේව්..”

“ඔව් මැණික.. උ ඹ හැමදාම උන්නෙ හොඳ සිහියෙන්.. මමයි අසිහියෙන් උන්නේ.. මට ගහපන්.. ඔය අත්වලින් මාව මේ දැන් ම රල දැම්මත් පව් නෑ.. අනේ මගෙ මන්දි.. පුංචි කෙල්ල..”

ඔහු ඒ ළයේ හිස සඟවා ගත්තේය. ඕ තොල් හපාගෙන එක අතකින් ඔහුගේ හිසත් අනික් අතින් කුසත් අල්ලාගෙන වේදනාවෙන් විලාප දුන්නාය.

“දේව්.. මට අහන්න ඕනා.. අනේ.. ඒත් මට රිදෙනව..”

“මං හින්දා උ ඹට රිදෙන අන්තිම අවස්ථාව මේක විතරක් වෙන්නෝන.. මැණික හුස්ම අල්ලන් කෝමහරි තව විනාඩි දහයක් ඉ දපන්..”

“දරුවා… දේව් මගෙ දරුවා…”

“ඒ මගේ දරුවා මන්දස්මි… මෙච්චර කල් මගේ ළගම තිබුණ මැණික් මම පරිස්සම් කරේ නෑ… තවත් මම මෝඩ වෙන්නෑ.. මන්දස්මි මට උ ඹයි දරුවො දෙන්නවයි ඕනේ…”

කෙල්ල විලාප තියද්දීම ඈව දෝතට ගත් දේව් උරහිසින් කදුළු පිසිමින් පාදයේ වේදනාව දත් සපා දරාගෙන කාරයේ ඉදිරිපස අසුනින් දිගා කළේය. රතුපාට වුණ වේදනාබර ඇස්වල මොහොතක් නතර වුණු ඔහු එහෙම්මම පහත් වී වෙව්ලන ඇයගේ දෙතොල් මත කෙටි හාදුවක් තබා මුහුණට වැටුණ කෙස් රොද කන්පිටුපස සැගවීය.

“අප්පත්තී…”

කුඩා කලිසම් කොටයක් පමණක් හැදගෙන ඔහු වෙත දෑත දිගු කරගෙන ආ දියණිය වඩා ගත් දේව් ගෙට දිව ගොස් බෙඩ් ශීටයත් ඔහුගේ බෑගයත් ගෙන දොර වසා කාරයට් නගිද්දීම ඈ ඔහුගේ බාහුව අල්ලාගත්තාය.

“දේව්.. “

“මැණික..”

“මට මොනාහරි වුණොත් මගෙ කෙල්ල..”

ඔහු ඈට රවමින්ම ඒ මුව වැසීය. තවත් කිසිත් නොකියන ලෙස ඇස්වලින් සන් කළ ඔහු දියණිය ඔහුගේ දෙපා අතරින් හිදුවාගෙන කාරය පාරට දැමුවේ විදුලි වේගයෙනි. ඈ දකුණතින් වැරෙන් අල්ලාගත්තේ ඔහුගේ වම් කලවයය.

“දේව්.. අනේ කියන්න මහත්තයෝ.. මට මොනාහරි වුණොත් කෙල්ලට වෙනසක් කරන්න එපා.. ඔයාට සැකනම් ටෙස්ට් එක කරන්න..”

“මට ටෙස්ට් ඕනා නෑ.. කෙල්ල මගෙ.. මගෙ විතරයි මන්දස්මි.. මගෙ විතරයි..”

“දේව්..”

කෙදිරිල්ලක් වාගේ මුමුණමින් ඈ නැගිටින්නට උත්සහ කලාය. කාරය ස්ලො කර ඔහු ඇයගේ නළලට අත තැබුවේ ඒ ඇස් ඔහු වෙතම නතර වී තියෙද්දීය.

“මට බැරි වුණා තේරුම් ගන්න.. ඇයි මැණික මේ මෝඩයට ඒ තරම් ආදරේ කරේ.. නෙහාට මාව අයිති කරගන්න දීලා බලන් වුන්නෙ..”

“නෙහා.. ආහ්… දේව්..” ඕ කුස අල්ලාගත්තාය.

“මම මෝඩයි.. හැමෝම මාව රැවැට්ටුවා.. මම මෝඩයි මැණික.. මට තේරුම් ගන්න හේතු තියෙද්දි මම පිස්සුවෙන් වගේ නෙහා මත්තෙ ජීවත් වුණා.. මගෙ අතට ජීවිතේ හැමදේම සින්නකරල දීලා දුක විතරයි උ ඹට පවරගත්තු මැණිකට ජීවිතේ එපා කළා.. මම හැමදේම දන්නවා.. මන්දස්මි මම කකුල් දෙක අල්ලල වැන්දත් මට පව් නෑ.. මට එකම එක අවස්ථාවක් දෙන්න.. මම කාගෙන්ද දෙවියන්ගෙන්ද ඉල්ලන්නෝන..”

“දේව්.. අනේ අඬන්න එපා.. මට දරාගන්න බෑ..”

ඕ උත්සහ කලේ ඔහුගේ කඳුළු පිසින්නටය. දියණිය ඇයගේ ගවුම කොණ මිට මොළවාගත්තාය. දේව් ඇයගේ කුසට අත තද කරමින් ඒ විඩාබර මුහුණ දෙස බැලුවාය.

“මම ජීවිත කාලෙ පුරාම මේවා දැක්ක මැණික.. නෙහාව තව හුගල් පේෂන්ට්ලා.. මට කවදාවත් මේ වගේ මොහොතක් එයි කියල හිතුවෙ නැ.. මට බයයි.. මට බයයි උ ඹව මට නැති වෙයි කියල.. බැරිවෙලා හරි ඔයාගෙ දේව් මේ අහිංසක කෙල්ල එක්ක තනි කරොත් මම ජීවත් වෙන්නැ.. එක තත්පරයක්වත්..”

ඔහු කාරය පේරාදෙණි ටවුම මැද්දෙන් වේගවත් කරද්දී කෙල්ලගේ කම්මුල සිඹ මිමිණීය. ඈ ඔහුගේ ගෙළ බදාගත්තාය.

“අප්පත්තී….”

“ඇයි මගෙ මැණික…”

“අම්මිට අඬන්න එපා කියන්න අප්පත්ති..”

“අම්මි අඩන්නෑ මැණික.. ආයෙ කවදාවත් අම්මිවත් මගෙ මැණිකවත් අඩන එකක් නෑ..”

ඔහු එක අතකින් මන්දිගේ දකුණත අල්ලාගත්තේය. ඕ ඇඩුම් අතරින් සිනාසෙන්නට උත්සහ කරනු ඔහු දුටුවෙ අහම්ඹෙනි.

“තාමත් එදා දැක්ක විදියටම හිනා වෙන්න එපා බං.. මට මං ගැනම දුකයි..”

“මට ඉන්න බෑ දේව්.. මට මේක මේ පාර කරන්න බෑ..”

“මැණික උ ඹ මට ආදරෙයි ද..”

ඕ හිස සැලුවාය. ඔහු පේරාදෙණි හොස්පිට්ල් එකට කාරය හැරවූයේ එවලේමය.

“දේව්.. හැමදේටම වඩා මම ආදරේ ඔයාට.. ඔයා ඇර මගෙ ලෝකෙ කිසිම කොල්ලෙක් උන්නෙ නෑ…”

“මම දන්නවා.. ඒ තරම් ආදරේ කරන්න උ ඹට තරම් කිසිම ගෑණියෙක්ට බෑ මන්දස්මි..”

කාරය නවතා කෙල්ල බිම තැබූ ඔහු එහා පසින් ඈ දෝතට ගද්දී ඈ ඔහුගේ මුහුණ අල්ලාගත්තාය. ඒ ඇස්වල ඔහු එදා දුටු අසීමාන්තික ප්‍රේමය දිටීය.

“මම හැමදේම දුන්නෙත් ඔයාට විතරයි..”

“මම ඒක දන්නවා..”

“එදා රෑ.. දේව්..”

“ඒක අමතක කරන්න.. ඒම දේවල් වෙනවා.. උ ඹව විශ්වාසයි.. කවදාවත් කෝමත්ම කැඩෙන එකක් නෑ..”
ඔහු මිමිණූයේ ස්තීර දැඩි පිරිමි හඬකිනි.

“ඩොක්ටර් දේව්..”

“ඉක්මන් කරන්න නර්ස්..”

ටොලිය මත ඈ තැබූ ඔහු කෙල්ලව වඩා ගත්තේ එහෙම්මමය. ඈ ඔහුගේ සුලැගිල්ලෙන් යන්තම් අල්ලාගත්තාය.

“ඩොක්ටර් ඔයා මෙතන.. ඔයාගෙ කවුරුත් ද ඩොක්ටර් ..”

“ප්ලීස් හරි අප් නර්ස්..මේ මගෙ වයිෆ්.. එයාට ගොඩ වෙලා නෑ.. තව ටිකකින් එයාට බබා ලැබේවි.. ඉක්මන් කරන්න..”

ඔහු කලබලයෙන් එක හුස්මට කියාගෙන ගියේ කැළඹුණ ස්වරයකිනි.

“ඔයා මට සමාව දෙනවද දේව්..” ඈ හීනයක් වාගේ එක අතරින් කුස අල්ලාගෙන කෙදුරුවාය.

“නෑ මැණික.. ඔයා වැරදි කළේ නෑ.. මට සමාව දෙන්න.. මට ඒක දෙනවද දේව්..”

ඈ මද සිනාවකින් යන්තම් හිස වැනුනාය. වීදුරු දොර තුළින් ඈ ඇතුළට ඇදී යද්දී ඔහු ද්වාරය අසල සිට කෙල්ලව තවත් තදින් ළයට තෙරපාගෙන බලාහුන්නේ වේදනාවෙනි.

“නෙහා.. මම විශ්වාස කළා.. ඇයි උ ඹ ඒ කෙල්ලට වෙනස්කම් කළේ උ ඹේ අම්මා කියපු පළියට.. බැරිවෙලා හරි මගෙ කෙල්ලටයි දරුවටයි මොනාහරි වුණොත් මගෙන් උ ඹේ ආත්මෙටවත් සැනසීමක් බෑ… ශ්වේතා උ ඹ වයසට නෙවේ උඩ පැන්නේ මගෙ කෙල්ලව නැති කරොත් එක තත්පරයක් මම ජීවත් වෙන්න දෙන්නෑ..”

ඔහු කෝපයෙන් බිත්තියට මිටමොළවා ගැසීය. කෙල්ල තවත් ඔහුට තුරුළු වුණාය. ඔහුගේ දුරකථනය නාද වුණේ එවලේය.

“අම්මා…”

“පුතා.. පුතා.. ඔයා අඬනවද…”

“අම්මා.. මම විදෝනවා.. දෙයියනේ අම්මා..”

ඔහු උගුරෙන් කෙදිරීය. කෙල්ල බලන්නට පේරාදෙණි ආ ඉන්දුමතී ඔහුගේ ඒ හඬට ගැස්සිණ. පොඩි එකීගේ මිමිණුමක් යන්තමට ඇහෙද්දී ඕ දුරකථනය මිටට මොළවා අල්ලා ගත්තාය.

“පුතා මගෙ කෙල්ල..”

“හොස්පිට්ල් ගෙනාවා.. අම්මා මගෙ කෙල්ලට බබා හම්බෙන්න..”

“පුතා.. මැණික.. පොඩි කෙල්ල..”

“ඒ කෙල්ල මා අතේ.. අම්මා මට බයයි.. මම විදවන්න අරං.. අම්මා මට මන්දස්මි ඕනේ..”

“අනේ පුතේ මම දැන් එන්නම්..”

වේදනාබර කදුළක් ඇස්වලින් ගිලිහී බිමට වැටෙද්දී ඉන්දුමතී එහෙම්මම දිව ගියේ කාරයටය. දුරකථනය අතින් රූටා ගොස් බිම වැටී කැබලිවලට බිදී යද්දී කෙල්ලව ළයට සිර කරගෙන ඔහු යකඩ පුටුවේ හිඳ ගත්තේ සියල්ල නැති වූවෙක් වාගේය.

“අප්පත්ති අම්මී…”

“අම්මි එයි රත්තරං..”

“ඇයි උයා අඬන්නෙ අනී එහෙනම්..”

“මැණිකගෙ අම්මිට අප්පච්චි කරදර කරා රත්තරනෙ.. ඒත් එයා අප්පච්චිටයි ආදරේ කරේ..”

“මං උයාට කීවෙ එයා මතත් වදා ආදරේ උයාට..”

“මට බැරිවුණා ඔයාගෙ අම්මි පරිස්සමෙන් බලාගන්න.. ඔයාගෙ අප්පච්චි මෝඩයෙක්.. ඔයාගෙ අම්මි වගේ කෙල්ලක් ජීවිතේට ලබන්න මෑ මැණික.. ඔයාගෙ අම්මි තමා අප්පච්චිට හම්බුණ හොඳම ගෑ ණි.. එයා වගේ කෙනෙක් ලබන්න බෑ කවදාවත් ම..”

කිසිවක් නොතේරුන කෙල්ල තොල් උල්කර හිස වනද්දී දේව් රහසේ වැටුණ කදුළ බිමට වැටෙන්නට ඉඩහැර තද කොට ඇස් පියාගත්තේය.

——— ඊළඟ කොටසින්
(ඉවරයි අදට ඔච්චරයි