❤️❤️හතළිස් නවවන දිගහැරුම ———————————
“හිමින් මහත්තයෝ… හෝව්.. හිමින් කකුල තියන්න.. කෝ මුරණ්ඩුකම මගෙ කරට අත දාගන්නකෝ..”
එක අතකින් පහත් වූ කුස අල්ලාගත් මන්දස්මි කොල්ලාගෙ අනෙක් අත බලහත්කාරයෙන් ම ඇයගේ කර වටා දමා ගත්තාය. කොල්ලා හිස් බැල්මෙන් ඒ මුහුණ දෙස බැලුවාය. ඈ සිනාසී දිව ඇද්දමුත් හේ සිනාසුණේ නැත. කාමරයේ සිට ආ දියණිය යන්තම් ඔහුගේ සුලැගිල්ලෙන් අල්ලාගත්තේ එවලේමය.
“මන්දස්මි..”
“හ්ම්…”
“ත මුසෙට අඩුම ගානෙ තරහක්වත් දැනෙන්නැද්ද..”
“ඒ මොකටද..”
“නෑ පහුගිය කාලෙ පුරාම ත මුසෙ මගෙ ගෑණි වුණේ නමටනේ.. තවමත් මං පස්සෙන් එන්න තරම් ත මුසෙ බොළඳ වුණේ කෝමද..”
“මං දන්නෑ මහත්තයෝ..”
“දන්නැති වෙන්න ත මුසෙ බබාද..”
“මොන ලෝකෙට දිව්වත් මට ඇවිත් නතර වෙන්න හිතෙන්නෙ මහත්තය ළඟ..”
“තමු සෙට පිස්සු මන්දස්මි..”
“හ්ම්ම්.. මම ඉන්නෙ ඔයාට පිස්සු වැටිල දේව්.. මම පිස්සියක්.. ඔයාටම පිස්සු වැටුණ පිස්සියක්..”
ලා රෝස පාට තොල් උල් කර කියූ මන්දි කෙදිරිල්ලක් නඟමින් පියගැටපෙළ බිත්තියට වාරු වුණේ හති අල්ලමිණි. කොල්ලා අත්වැට අල්ලාගෙන හති අරින ඈ දෙසම බලා හුන්නාය.
“මාව කාමරේට එක්ක යනව.. මේවගෙ නගින්නයි බහින්නයි තමු සෙට බෑ..”
“ඔයාටත් බෑනෙ.. මටනම් කෙදිරි ගාගෙන හරි පුලුවන්.. ඔයාට තමා බැරි..”
“මන්දස්මි තමු සෙට කුණුහරුප අහගන්න ඕනෑද..”
ඒ ගිගුරුමට ඕ ගැස්සුණාය. ළය මැදින් අත තබාගත් ඈ ඔහුගේ මුහුණ දෙස සෙල් පිලිමයක් වාගේ බලාගෙන හුන්නාය. දහදිය් දෙපේළියක් කන් දෙපසින් පෙරීවිත් ළය පහළට ගලා යනු ඔහු දුටුවේය. ඔහු ආයාසයෙන් ඈව ඔහුගේ අත්වලට මැදි කරගෙන වෙව්ලන මුහුණට එඹිණ. ඈ ඇසිල්ලකින් ඇස් තද කොට පියාගත්තේ හදවත ගැහෙන හඬ සිය දහස්වරක් වේගවත් වෙද්දීය.
“මන්දස්මි..”
“හ්ම්…”
“ඇස් අරිනවකෝ.. ත මුසෙ බයෙන් ඇස් වහගත්තෙ මොකද..” ඔහු කෙදිරුවේ හිමිහිටය.
“න් නෑ..”
හීනියට ඔහුගේ ඇගිලි ඇයගේ කම්මුල පුරා දිව්වේය. ඔහු යන්තම් ඒ කම්මුලක තොල් තවරා මෘදුව සිනාසිනි.
“අප්පත්ති.. මතත් එකක්..”
කෙල්ල ඔහුට රැව්වාය. වඩාගන්නට ඇවිටිලි කරමින් ඈ දෑත් එසවූවාය. ආයාසයෙන් නැවුණ ඔහු කෙල්ලගේ කම්මුලක හාදුවක් තැබුවේ ඇයගේ මුහුණ පුරා සිඟිති අහිංසක සිනාවක් ඇදෙද්දීය.
“මම හැමදේටම සමාව දෙන්නම් මන්දස්මි..”
“සමාවක්..”
“ඔව්.. හැමදේම අමතක කරල කෙල්ලො දෙන්නයි ඔයයි මායි ඉමු.. මට ගොඩක් දේවල් තේරුණා.. අපි අතින් වැරදි වෙනවා හුගක්.. ඒවා හදාගන්න අවස්ථාවක් එන්නෙ කලාතුරකින්.. කෙල්ලට වුණත් මගෙ වෙනසක් වෙන්නෑ මන්දස්මි..”
“දේව්..” ඈ උගුරින් කෙදිරුවාය. ඕ මිට මොළවාගත්තේ එහෙම්මමය.
“කෙල්ල ඔයාගෙ.. අනික සමාවක් දෙන්න මම වැරදි කරේ නෑ දේව්.. මමයි ඔයාට සමාව දෙන්නෝනා..”
සන්තාපයෙන් කෙල්ලව වඩාගත් ඈ කෙදිරිගාමින්ම තරප්පු පෙළ බැස මුළුතැන්ගෙට දුවනු තරප්පු පෙළ මැද තනිවුණ ඔහු බලාහුන්නේය. ඔහුගේ හිත පෑරිණ. ඈ වැරදි නැතිබවක් හිත නොකියා කියන්නාක් වාගේය.
සමහර දේවල් එලෙසින්ම සිදු නොවන බැව් ඔහුත් දනී. මේ එවන් අවස්ථාවක්දැයි ඔහු ප්‍රශ්න කළේය. ඔහු හිසට ගසාගත්තේ පිස්සෙක් වාගේය. මංගලදා රැය මතකය පුරා ඇදී මැකී ගියේය. ඒ අතරින් කෙල්ල කිරිදත් පෙන්වා සිනාසෙනු ඇදිණ.
“මන්දස්මි.. ත මුසෙ වැරදි නැතිනම්.. ඇත්තටම ත මුසෙ වැරදි නැතිනම් දේව් වෙනස් වේවි.. මෙච්චර කාලයක් උ ඹට ඉඩ නුදුන්න දේ මට ඇවිදින්න පුලුවන් වුණු ගමන් කරනවා.. කෙල්ල මගෙ දරුවෙක් නම් සමහර විට මම හිතන දේ එදා රෑ වුණානම් දේව් වෙනස් වෙයි..”
ඔහු කෙදිරිල්ලක් වාගේ තමාටම ස්ථීරසාරව මුමුණා ගනිමින් වෙව්ලන දකුණුපාදය හිමි හිමින් උස්සාගෙන තරප්පු පෙළ බැස අවසන් පඩියේ හිඳගත්තේය. සාලයේ කොණක මංගල ජායාරූපයේ අහිංසකව සිනාසෙන ඈ දෙස ඔහු බලාහුන්නේය. ඒ සිනාව අව්‍යාජය. තවමත් නොවෙනස්ව ඒ සිනාවම ඇයගේ මුහුණ මත ඇදෙන බැව් ඔහු දැන හුන්නේය. තරප්පු පෙළ අත්වැට අල්ලාගෙන ඔහු ආයාසයක් ගත්තේ නැගිටින්නටය.
“දේව්..අනේ දෙයියනේ මට තරහ ගියා.. දමල ගියේ ඒකයි.. කෝ…”
“මට පුලුවන් අයින් වෙනවා..”
“ඔයාට බෑ.. මෙහෙ එන්න..”
කදුළු පිරී ඉදිමී ගිය ඒ ඇස් දෙස ඔහු බලාහුන්නේ වරදකාරී හැගීමකිනි. ඒ ඇස් පිසින්නට ඔහුට අවැසිමුත් පාදයේ වේදනාව නිසා ඔහුට අල්ලාගන්නට හැකි වූයේ ඇයගේ බාහුවය.
“ඔය අත් දෙකින් එක වතාවක් හරි කනට ගහන්න බැරිද මන්දස්මි..”
“දේව්..”
“හ්ම්ම්..”
“ඇයි මම එහෙම කරන්නෙ..”
“සමහර වෙලාවට මගෙ අතින් හිත රිදෙනව..”
“ආයෙ රිදෙන එකක් නෑ..”
“ඇයි..”
“මම තීරණයක් අරං ඉන්නෙ..” ඈ සිනාසෙන්නට තැත් කළාය.
“මොකද්ද..”
“ඔයා සනීප වෙනකන් මම ඉන්නම්.. ඊට පස්සෙ මම නීත්‍යානුකූල විදියට ඔයාගෙන් අයින් වෙනවා.. ආදරේ කරනව කියල ගෑණියක් විදියට මේ තරම් අවලාද අහන්න බෑ දේව්..
අවුරුදු ගානක් මොනවත් නොදැන බලන් ඉදල හරිම අහම්බෙන් හම්බෙලා.. හිතපු නැති විදියට ඔයාගේ ගෑණි වෙලා බලහත්කාරයෙන් සේරම උදුරගන්න ඇරල ඊට පස්සෙ ලෝකෙ නැති අවලාද අහගෙන දරුවෙකුත් හදල මට මොනාද දේව් හම්බුණේ..
දැන් ආයෙම ඔයාගෙන් දරුවෙක් මම උස්සන් ඉන්නවා.. මොකටද.. නැති කරල දාන්න පුලුවන්කම තියෙද්දි මම රැකගත්තේ.. මම ජීවත් වෙන්නෙ ඔයා හින්දා..”
ඈ හුස්ම ඇල්ලුවාය. ඔහු නිහඬය. හිත හීනියට රිදෙයි. ඔහු බලාහුන්නේ මංගල ජායාරූපය දෙසය.
“ගෑණු දෙන්නෙක් ඔයාව අයිති කරගන්න දගලද්දි මටත් ඉරිසියාව දැනෙනව දේව්.. උන් පන්නල ඔයා මගේ කියල කියන්න ආසයි.. ඔයාමයි කීවෙ ඔයාගෙ පපුව ඇතුළට මට එන්න කවදාවත් බෑ කියල..
ඔව් දේව් එතනට මට කවදාවත් එන්න බෑ.. අද මේ දැන් ඒක තේරුණා.. තවත් ඔයාගෙන් හිඟාකන්නයි හිත රවට්ටගන්නයි මට බෑ.. මගෙ හිතයි මේ අතපයයි හරි හයියයි දේව්.. සමහර විට හැමදේකම අවසානෙට අපි ඇවිල්ල ඇති..”
ඈ සිනිදු මදහසක් තොල් අතර නගාගත්තාය. ඔහු මොනවාදෝ කියන්නට උත්සහ කළද ඈ ඔහුගේ මුව වැසුවාය.
“මගෙ ජීවිතේ විනාස වෙලා ඉවරයි දේව්.. ටිකක් හරි පරිස්සම් වුණේ දරුවො දෙන්න හින්දා.. ඒ නිසා උන් දෙන්න මගෙන් ඈත් කරන්න උත්සහ කරන්න එපා.. ඒම වුනොත් වෙන්නෙ මගෙ ම ළ කඳේ වගකීම ඔයාගෙ ඔලුවට පැටවෙන එක..
තවත් මාව විනාස කරන්න එපා.. මට කොහේහරි තැනක ජීවිතේ හදාගන්න ඉඩ දෙන්න.. අන්තිම යුතුකම විදියට මම ඔයා හොඳ වෙනකන් බලාගන්නම්.. කෝ එන්න..”
බර හුස්මක් මුදාහළ ඕ ඔහුව තම කෙට්ටු වතට වාරු කරගෙන කෑම කාමරයට එක්කාගෙන විත් පුටුවක හිදවූවාය. කෙල්ල ඔහු දුටු සැනින් දිව ආවාය.
“මැණික.. කෝ යන්න ඔයා සෙල්ලම් කරන්න..”
“අප්පත්ති තෙල්ලම්..”
“එයාට සෙල්ලම් කරන්න බෑ.. ඔයා ගීන් සෙල්ලම් කරන්න.. කෝ අම්මි එද්දි බබාල ඔක්කොම දොයි කරල තියන්න ඕනි.. ඔක්කොම දොයි නම් මම ඔයාට කෝතුවක් දෙනවා..”
කෙල්ලව සිඹ බිම තැබූ මන්දස්මි ඈ සාලයට දුවන අයුරු බලාහිද දේව් දෙස බැලුවාය.
“කෙල්ලට ළං වෙන්න එපා දේව්.. මොනම විදියකින්වත් මගෙ දරුවට ළං වෙන්න එපා.. අනික ඔයා කීවෙ මට සමාව දෙන්නම් කියල.. මට සමාවක් එපා.. මගෙ දරුවට ළං වෙන්නත් එපා..”
“මන්දස්මි ත මුසෙ මට රිද්දනවද.. ප ළිගන්නවද..”
“මම රිද්දන්න ගත්තනම් ඔයා මෙතන හුස්ම ගන්නෑ දේව්.. අද වෙනකන් මම ඔයාව රිද්දල නෑ.. පරිස්සම් කළා විතරයි.. තාමත් මේ දැනුත් කරන්නෙ ඒක..”
ඈ කුස පිරිමැද යන්තම් සිනාසුණාය. යන්තම් නිවූ තේක ඔහු අතට දුන් ඈ කැරට් කපන්නට ගත්තේ නිහඩවමය.
“ඔයාට දරුව ලැබෙන්න ළඟයි.. තව සති තුන හතරින් එයා ලැබේවි..”
“දේව් දරුවො ගැන කතා කරන්න එපා.. දරුවො ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ.. කෙල්ල එළියට එන වෙලාවක එයි. ඒක අද වුණත් හෙට වුණත් මට ප්‍රශ්නයක් නෑ..”
“තමු සෙ මුරණ්ඩුයි…”
“හ්ම්.. ඔව්.. මගෙ මුරණ්ඩූ ගෑණු හිත අදද දැනගත්තෙ දේව්.. ඔව් මම මුරණ්ඩුයි.. දරුවො ගැන හිතල නෙවේ මම මුරණ්ඩුකම් කරේ.. ඔයා ළග දැවටි දැවටි ඉන්න.. පොඩ්ඩක් සැර කරන්න..
ඔයාට බනින්න ආයෙ යාලුවෙන්න අන්න ඒවගේ මුරණ්ඩුකම් තිබුණේ.. ඒවා එළියට එන්නැතුව මන්දස්මිගෙ හිත අස්සෙම දැන් ගල්වෙලා.. ඒවා ආසාවල්.. කෝටියක් ආසාවල් එක්ක මන්දස්මි හැඟීම් නැති ගෑණියෙක් වෙලා දේව්..”
“මන්දස්මි කට වහනවා..”
ඔහු තේ මග් එක මේසය මත තැබුවේ ඉහිලුම් නොදෙන කෝපයක් වේදනාවත් මිශ්‍ර හැගීමකිනි. ඈ පිස්සුවෙන් වාගේ සිනාසුනාය.
“කෙල්ලො දෙන්න බඩට ආවට පස්සෙ ඔයා මට බෙහෙත් පෙත්තක් දුන්නද දේව්.. ඔයා නුදුන්න කියල මන්දස්මි දරුවො දෙන්න ම රාගත්තෙ නෑනෙ.. උන් දෙන්නව ඇස් දෙක වගේ බලාගත්ත.. ඉස්සරහටත් ඒමයි..
දරුවා එළියට එන්න කලින් ඔයාට හොඳ වෙයි.. එදාට මම යන්න යනවා. මගෙ ජීවිතේට එන්න එපා දේව්.. ඔයාට මේ හිතේ තිබ්බ ආදරේ ඒ විදියටම තියේවි පරිස්සම් කරල හෙප්පුවක දැම්මා වගේ.. දේව් ඔයාට ආදරේ කරේ මන්දස්මි කියන ගෑණි විතරයි.. ඒත් දරුවටත් මටවත් ළං වෙන්න ආයෙම උත්සහ කරන්න එපා..”
බර සුසුමක් හෙළමින් මන්දස්මි කියද්දී දේව්ගේ මුළු චිත්ත සන්තානයම අහේතුකව රිදී හිරි වැටී ගියේ තත්පර කීපයක් ඇතුළතය. ඔහු ඈට පිළිතුරක් නොදීම ඇයගේ වෙව්ලන දෙතොලත් සැලෙන ඇගිලි තුඩු දෙසත් මොකද්දෝ නොකී වේදනාවකින් බලා හුන්නේය.
__ ඊළඟ කොටසින්