හතළිස් හයවැනි දිගහැරුම
“මැණික.. ඔයා මෙහෙ….”
ඉන්දුමතීගේ හඬට මන්දස්මි ගැස්සුණාය. බත් කට මුව රුවාගෙන ඉද්දීම කොල්ලාගෙ ඇස් පුදුමයෙන් මහත් විණි. ඔහු උත්සහ කලේ හිඳගන්නටය.
“ඉන්න ඕම දගලන්න එපා දේව්..”
ඉන්දුමතීට අහිංසකව හිනැහුණ ඈ කොල්ලාව ඇඳ පත්තට වාරු කළාය. ඔහුගේ ළයට නෙරූ කුස තද විනි. ඔහු මොහොතක් බලාහුන්නේ වේගයෙන් හුස්ම වැටෙන ඒ ළය දෙසය.
“ඉන්න මැණික ඔයාට බෑ..”
කෙල්ලව බලහත්කාරයෙන් ම ඇඳ මතින් හිඳවූ ඉන්දුමතී ඈට කඳුළු සැගවූ දෑසින් කොල්ලා දෙස බලා සුසුමක් හෙළුවාය.
“අම්මා..”
“මැණික.. මම හිතුවෙ නෑ රත්තරනෙ ආපහු එයි කියල..”
“මට ඒම නෑවිත් ඉන්න බැරි බව අම්ම දන්නවනේ..”
ලාවට හිනැහී ඇනූ බත්කට ඈ ඔහුට කවා ප්‍රියංගනී දෙස බැලුවාය.
“අක්කේ.. අසනීපෙන් ඉදපු අම්මව බලාගත්තට ඔයාට ජාති ජාතිත් පින්.. මම ගියේ දරාගන්න බැරිම තැන මිසක් අම්මට ආදරේ නැතුව නෙවෙයි.. මට මතක් වුණා.. අම්මට ඉදියෙ මං විතරයි කියල.. ඒත් කොච්චර හයිය වුණත් මේ හිත වැටුණා..”
“අනේ මට තේරෙනවා කෙල්ල.. ප්ලීස් දැන්වත් හිතෙ බර අයින් කරන්න.. බබාගෙන් නිදහස් වෙනකන්වත්..”
දේව් දෙස කළකිරුණ බැල්මක් හෙලූ ප්‍රියා ඇයගේ හිස අතගෑවාය. මෙපමණ වෙලා ඇඳ මත හිදගෙන හුන් කෙල්ල එහෙම්මම දණගා විත් මන්දිගේ ගෙල බදාගෙන හිස සඟවාගත්තාය. ඕ ඉදුන් නොගෑවුණ අතින් කෙල්ලගේ හිස පිරිමැද ඉන්දුමතී දෙස බලා හිනැහුණාය.
“ඇයි මැණික.. ම්ම්…”
“අප්පත්තිට සිදෙනවද අම්මි..” ඈ ඔහු දෙස බැලුවාය. ඔහු ඇස් බිමට බරකරගනු ඈ බලාගෙනය.
“හ්ම්ම්.. ඔව්.. අපි බේත් බීලා එය හොඳ කරගමු හාද.. කෝ මැණික ඉදන් ඉන්න.. අම්මිට මහන්සියිනෙ.. අප්පත්තිට හබුං කවල මැණිකව ගන්නං අම්මි..”
පොකුටු හිසකෙස් රොදක් කන පිටුපස රඳවමින් මන්දි හිනැහුණාය. ඕ දෙපා විහිදුවා හිදගෙන ඔහුගේ වෙලූ දකුණත පිරිමැද්දාය.
“මැණික ඔයා අද යනවද ආයෙම අවිස්සාවේල්ලේ..”
“මම ඉදියා කියල කිසිම වටිනාකමක් නෑ අම්මා.. මම නිකන්ම නිකන් කාසියක් වගේ..”
“මොනවද රත්තරනෙ මේ කියන්නෙ මේ අම්මා ඔයාට ඉන්නවනෙ..”
“මට අම්මව අම්මට මං උන්නට අපි දෙන්න විතරක් තනියම නෑනෙ අම්මා.. කෙල්ලො දෙන්නයි මායි තනිවෙලා නෑ.. මට උන්ව බලාගන්න හිත හයියයි..”
“කෙල්ලො දෙන්නා..” ඉන්දුමතී ඇස් ලොකු කළාය.
“හ්ම්.. මේ බණ්ඩිය අස්සෙ හුස්ම ගන්නෙත් තවත් දුවෙක් අම්මා..”
නිහඬව කොහෙදෝ ලෝකෙක අතමං වී හුන් දේව්ට අවසාන බත් කට කවා කෙල්ල හිනැහී ඔහුගේ කට පිස ඇදෙන් නැගිට්ටාය.
“අම්මා අයියට වතුර ටික දෙන්න.. මම අත හෝදන් එන්නම්..”
ඔහුගේ කම්මුල පිරිමැද කෙල්ලගේ නළල සිඹ මන්දස්මි සෙමි සෙමින් පියවර තබා යනු කොල්ලා බලා හුන්නේය.
“පුතා.. උ ඹෙන් වැදලද ඉල්ලන්නෝනා මම ඒ කෙල්ලව මරන් කන්න එපා කියලා.. උ ඹෙ නෙහාවත් කෞමදීලවත් ආවෙ නෑනෙ නිකමට හොදද අහන්න මේ සති දෙකට. උ ඹ හීන දැකපන් නේන උන් දිහා බල බල.. උ ඹව හදපු වෙලා උපන් ගෙයිම මරල දැම්මනම් මට දුක නෑ.. ශිට්.. අම්ම කෙනෙක් වෙලා උ ඹ මගෙ දරුව කියන්න මට ලැජ්ජයි..”
“ලොකු අම්මා.. කට වහගන්න.. මෙ හොස්පිට්ල් එක..”
“පවුලෙ නම්බුව ගැන හිතන්න ගිහින් තමා දුව මෙහෙම වුණේ.. මේ කට නටන්න දීලා බලන් ඉදපුව්ගෙ ප්‍රතිපලේ විදවන්නෙ අර අහිංසකී.. මමත් වැරදී සතාගෙ හැටි දැන දැන අර අහිංසකී මේවට පටළපු එක ගැන.. මටත් වඩා ඒ කෙල්ලගෙ හිත හයියයි.. උ ඹ මොනවද කරේ…”
“ලොකු අම්මා.. ප්ලීස්…”
ප්‍රියංගනී ඉන්දුමතීගේ උරසින් අල්ලාගත්තේ වටපිට බලමිනි. ඔහු බිම බලාගත්වනම වෙව්ලන දෑත් එකිනෙකට පැටලවීය.
“මහ ලොකු දොස්තරලු.. මාර ප්‍රසිද්දලු.. උ ඹට බැරි වුණා පවුල පරිස්සම් කරගන්න පුතා.. කසාද බැදල උ ඹ මොනවද කරේ.. අර කෙල්ල අසරණ කරපු එක විතරයි.. ඒකි පව්.. දරුවො උස්සන් තාම උ ඹ වෙනුවෙන් නහිනවා.. ඒ කෙල්ල ලැබෙන්න තිබ්බෙ උ ඹ වගේ මිනිහෙකුට නෙවේ..”
ඉන්දුමතී දත් කූරු සපමින් වාට්ටුවේ කොට බිත්තියට මිට මොළවා ගැසුවේ වේදනාවටය. ඈත කොරිඩෝව දිගේ පරිස්සමෙන් පියවර තබමින් කුසට මොන මොනවදෝ කියමින් තනිවම හිනැහෙමින් එන ඈ දෙස බැලූ ඕ ඇඳ කොණක හිදගෙන එහා මෙහා ඇස් කරකවන කෙල්ල දෙසත් බැලුවාය.
“උ ඹට පින නෑ පුතා.. උ ඹ විදෝලත් ඉවර නෑ.. මේ පව් ගෙවාගන්න සංසාරෙත් මදි උ ඹට.. මටත් එහෙමයි.. මමත් කරේ කරපු පව් මදිවට තවත් පව් ගොඩ ගහපු එක..”
ලොකුම ලොකු කඳුළ බිම වැටෙද්දී ගවුම් කරින් හොරට පිහිදූ ඉන්දුමතී පොඩි එකීගේ හිස අත ගා ඈ වඩාගත්තාය.
“අප්පත්තිඅම්මි උයාට මාව මතක් වුණේ නැද්ද අනී..” කෙල්ල තොල් උල් කළාය.
“මතක් වුණා මගෙ රත්තරනෙ.. අම්මි ඔයාව අප්පත්තිඅම්මිට නොකියම අරං ගිහින්.. අන්තිමට මම අම්මියි කෙල්ලයි හොයාගෙන ආවා..” ඈ ඒ රෝසපාට කම්මුල සිම්ඹාය.
“නංගි බබා එපාද උයාට..”
“කෝ නංගි බබා.. කව්ද මැණිකට කීවෙ..”
“ඉන්නව නංගි බබෙක් අම්මි ගාව.. එයා ඉක්මනත එයිලු.. අපිත ඔයාව මතක් වුණා අනී.. අම්මි සෑට අඩනවා හැමදාම..” කෙල්ල ඇස් කරකවමින් කියා දේව්ට හිනැහිණි.
“අනේ රත්තරනෙ..”
“අප්පත්ති එනකන් බලන් උන්න අම්මියි මායි..”
කෙල්ල ඉන්දුමතීගේ ගෙල බදාගෙන හිනැහුණාය. කිසිවක් නොදත් මන්දස්මි හිනැහීගෙන විත් කෙල්ලගේ හිස අතගෑවාය. ප්‍රියංගනීගේ කඳුළු පිරුණ ඇස් දෙස වික්ෂිප්ත බලා හුන් ඈ දේව් දෙසත් ඉන්දුමතී දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය.
“අම්මේ… මොකද වුණේ..” ඈ ඉන්දුමතීගේ උර අල්ලාගත්තාය.
“මොනවත් නෑ මැණික..”
“ඇයි අඬන්නෙ… අක්කේ ඇයි මේ අම්ම අඬන්නේ..”
“මොනවත් නෑ නංගි.. අම්මා පාළුවෙන් වුණ්නෙ ඔයාල දෙන්නවම නැතුව… අම්මා මාසයක් විතර ලෙඩ ඇඳේ වුන්නේ දුකටම.. හොයල බැරි තැනම අනුමානෙට අපි ඔයාව හොයන් එහෙ ආවෙ… ඒත් නොයිදියනම් මම දන්නෑ අම්මට මොනා වෙයිද කියල..” ප්‍රියංගනී හිමිහිට මිමිණුවාය.
“අම්මට හරි මාව මතක් වුණානම් ඇති අම්මේ.. මේ හිත අම්ම හිතනවට වඩා හයියයි..”
ඉන්දුමතීගේ මුහුණට එබී සුරතල් සිනාවක් පෑ මන්දස්මි කුසට දකුණත තබා ගත්තාය. පැටිය කීප වරක්ම දැගලුවාය. ඔහු හිස් ප්ලාස්ටික් කෝප්පය අත තබාගෙන ඈ දෙස බලා හිදිනු කෙල්ල දුටුවේ පසුවය.
“දේව්… ඔයාට තව වතුර දෙන්නද…”
“හ්ම්ම්…”
“ඉල්ලන්න තිබුණනේ… ඕම බලන් ඉදියට කවුරුත් දෙන්නෑ දේව්.. බයවෙන්න එපා.. මම ඉස්සර මන්දස්මිම තමයි.. ඔයා වෙනුවෙන් ජීවත් වුණ ඔයා වටිනාකමක් නුදුන්න මන්දස්මිම තමයි..”
රහසින් ඔහුගේ කනට කොදුරා කෝප්පයට උණු වතුර නිවා පිටවූ කෙල්ල ආයාසයෙන් හිනැහුණාය. ඔහුගේ සුවඳ ඇයගේ ළය පිරවීය. ආයාසයෙන් ඔහුගේ කම්මුල් සිඹීමට උපන් ආශාව ඕ යටපත් කළාය. ඔහුගෙන් නාසාම පොකුටු හිසකෙස් අතරින් ඇඟිලි යැවූ ඕ ඔහුගේ හිස මෘදුව පිරිමැද්දාය.
“කවද්ද ඔයාගෙ ටිකට් කපන්නෙ දේව්..”
“දන්නෑ මම…”
ඔහු මිමිණීය. ඒ හිත පතුල අසීමාන්තිකව රිදේ. එදා මි යැදුණානම් හොඳයැයි ඔහුට සිතුණේම වරක් දෙවරක් නොවේ. හිසින් පටන් ගත් ඒ පිරිමැදුම දෑතටත් රෝම පිරුණ පපුවටත් දැනෙද්දී ඔහු බර හුස්මක් ගත්තේය. ඔහු හේතු රහිතව ළය නිදහස් වෙන්නටදෝ හුස්මක් පිට කළේය. මොනවාදෝ ඒ හිත ඉල්ලයි. ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවාය. ඒ ඇස්වල ප්‍රශ්නයකි. ඉස්සර වාගේම ඈ ඔහු දෙසම බලා හිනැහුණාය. තුනී ගවුම් රෙද්ද කාගෙන පැටියා දගලනු ඔහුට දැණින. ඒ නිහඬවම ඇයගේ ළයටත් කුසටත් වාරු විණ.
“දේව්… ඇයි මොකද වුණේ..”
“මුකුත් නෑ…”
“ටිකට් කැපුවාම ගෙදර යන්න.. ලස්සනට ජීවත් වෙන්න.. මේ මන්දස්මිට ඕනි ඔයා ඉන්නෙ කොහෙද අන්න එතන සතුටින් ඉන්නව බලන්න විතරයි.. ඩොක්ටර් දේව්.. මන්දස්මිට ඕනි ටිකක් නපුරු සැර එයාගෙ දොස්තර මහත්තයා සතුටින් හිනාවෙලා ඉන්නව බලන්න විතරමයි..”
“හ්ම්ම්ම්ම්….”
“දැන් හරිනේ.. සතුටින් ඉන්න මම හෙටත් එන්නං ඔයා බලල යන්න.. ටිකට් කපන දිනයක් අහල බලල ටිකට් කපනකන් මම ඇවිත් ඔයාව බලල යන්නං..”
“හ්ම්ම්…”
“ඔයාගෙ හිතට මං කොච්චර උත්සහ කරත් එන්න බෑ කියල කිව්වේ.. මට කැමති නෑ කිව්වෙ.. බබාටත්.. මම තරහ නෑ කෞමදී ළගට ගියාට.. දුකකුත් නෑ..”
“කෞමදී…”
“මම එයා ගැන දන්නවා.. මම හිතුවෙ ඒ නෙහා කියල.. අම්ම මට සිද්ධ වෙච්ච දේ කිව්වා. ඔයාගෙ සතුට තියෙන්නෙ එයා ළඟනම් මම එයාට කතා කරන්නම්.. දේව් මම ඔයාව බලන්න හොස්පිට්ල් එන එකට අකමැතිනම් මම නෑවිත් ඉන්නම්..”
ඕ හිස පිරිමදිමින් මිමිණුවාය. අසාමාන්‍ය ලෙසින් ගැහෙන ළයත් කුසත් ඔහුගේ කම්මුලට දැණින. වෙවලන අතින් ඔහු මෘදුව කුස පිරිමැදීය.
“මැණික…”
දරුවාත් වඩාගෙන වාට්ටුවෙන් ඉවතට ගොස් හුන් ඉන්දුමතීත් ප්‍රියංගනීත් ඇඳ සමීපයට එද්දී කෙල්ල පමණක් නොව දේව්ත් ගැස්සිණ. ඔහු ඈ කෙරෙන් ඉවත්ව ලෙඩුන් බලන්නට ආ දෙනොදහක් දෙස බලා හිදීය.
“අම්මා…”
“ඔයා යනවද…”
“හ්ම්ම්.. රැදෙන්න අවසර නැති තැන්වල බලෙන් ඉන්න බෑ අම්මා.. මම අම්මව බලල යන්න එන්නම්.. අනික එයා සතුටින් ඉන්නෙ මං ළඟ නෙවෙයිනේ.. ඉතිං මම මේ ගමන අයින් වෙන්නම්.. බලෙන් එයාව මට ලං කරන එකෙන් අපි හැමෝම විදවනව.. කෞමදීට කතා කරන්න.. දැන් එයාට හොඳයිනේ..”
“නෑ.. එයාට මාසයක් දෙකක් ඇවිදින්න බැරි වේව්.. එකතැන තියන් පරිස්සම් කරගන්න වේවි..”
“අනේ මගෙ දේව්..”
දෝතින්ම මුව වසාගත් ඕ හැරී බැලුවේ හිස් බැල්මකින් කොට බිත්තියෙන් පෙනෙන නිල් පාට අහස දෙස බලා හුන් දේව් දෙසය.
——— ඊළඟ කොටසින්