35 (අවසාන කොටස)
අමුතු කසාදේ

“මගේ සුබ පැතුම් සාවි.අපි දෙන්නා දැන් අම්මයි අප්පච්චියි.මේ ඉන්නෙ අපේ චණ්ඩි පැටියා…”

ප්‍රසන්න මහත්තයා අපේ පුංචි පුතු පැටියව මගෙ තුරුලෙන් තිබ්බෙ ලෝකයක් ලැබුනා වගේ ජයග්‍රාහී හැඟීමෙන්.ඊයෙ රෑ මහත් වූ වේදනාවක් එක්ක ඔට්ටු වෙලා මං අපේ පුතු පැටියව මේ ලෝකෙට ගෙනාවෙ.රෝසම රෝස පාට පුලුං බෝලෙ අපේ ජීවිත සම්පූර්ණ කරා.

“එයා හරිම ශෝක් මහත්තයා…”

පුතුගේ කම්මුලක් මත සිපුමන් තැබූ මං චූටි අතක් අල්ලාගෙන හිටියා.මාත් දැන් අම්මා කෙනෙක්.මගේ පුතා නිසා මං ගොඩක් සතුටින්.

“දැන් පැටියට කු/ක්/කු දෙන්න සාවි.එයා ගොඩක් කුක්කු බඩගින්නෙ ඉන්නෙ…”

මං ඇඳන් හිටපු බෙඩ් ජැකට් එකේ බටන් දෙකක් ගලෝලා මගෙ පි$රක් පුතුගේ කටින් තියපු ඔහු මගෙ නලල සිපගත්තා.

මාස ගනනාවක් බඩගින්නෙ ඉඳන් ඇවිත් සූස් සූස් ගගා කිරි බොන පැටියා දිහා මං ආසාවෙන් බලාගෙන හිටියා.මගෙ පැටියා මට මිල කරන්න බැරි වටිනා වස්තුවක්. ඉතින් ගැහැණියක් විදියට මට තවත් මේ ලෝකෙ ලබන්න වස්තුවක් තියනවද.

නිකමට වගේ පුතු පැටියාගෙන් ඈත් කරපු ඇස් ඔහු වෙත යොමු කරා.ඒ ඇස් වල කඳුලු පිරිලා.ඒ කඳුලු සතුට නිසා ඉනූ කඳුලු කියලා හිතාගන්න මට අපහසු උනේ නැහැ.

“මහත්තයගෙ ඇස් වල කඳුලු?…”

“මේවා සතුටු කඳුලු මැණික…”

ඔහු ඇඟිලි තුඩු වලින් ඒ කඳුලු පිසදාගෙන පුතු පැටියාගෙ හිස අතගෑවා.අද ඔහු මේ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වෙච්චි දවස වෙන්න ඇති.

“අම්මාට කෝල් කරාද මහත්තයා?…”

“ඔව් සාවි.අම්මා ගොඩක් සන්තෝශ උනා. දැන් ඇඟිලි ගැන ගැන බලාගෙන ඉඳියි පැටියව ගෙදර එක්කන් එනකල්…”

“පැටියට දාන්න නමක් හිතුවද මහත්තයා?…”

“ඔව් සාවි.මං ඒක ඔයාට පස්සෙ කියන්නම්කො…”

“මට මේක හීනයක් වගේ මහත්තයා.මං කවදාවත් හිතුවෙ නැහැ මට මේ වගේ ලස්සන ජීවිතයක් උරුම වෙයි කියලා. මහත්තයට ගොඩක් පින්…”

සාවි අත් දෙක එකතු කරලා වඳිද්දි ප්‍රසන්නගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන ගිහින් පුංචි පැටියගෙ කකුලට වැටුනා.

“මමයි මැණික ඔයාට පින් දෙන්න ඕනි මගෙ ජීවිතේට ඇවිත් මට මෙහෙම ආදරේ කරාට. ඔයා නිසයි මගෙ ජීවිතේ ලස්සන උනේ. කවදාවත් කසාද බඳින්නෑ කියලා හිතපු මගෙ හිත ඔයා නිසයි වෙනස් උනේ.මේ පුංචි කෙ/ල්ල මගෙ ජීවිතේ එලිය කරා.මේ ආත්මෙදි විතරක් නෙවෙයි.උපදින හැම ආත්මෙකදිම ඔයා මගෙම වෙන්න ඕනි සාවි…”

ඒ ආදරණීය වදන් දරා ගන්න බැරුව සාවිගෙ දෑස් කඳුලින් තෙත් වෙලා ගියා.ඔවුන්ගෙ දෙනෙත් එකට යාවී නිහඬව කාලය ගෙව්නා.

කාලය ගෙවිලා වෙලා ගිහින් දැන් අපේ පුතු පැටියට මාස හතකුත් සම්පූර්ණ වෙලා. හවසට හොස්පිටල් ගිහින් ගෙදර ඇවිත් නාගෙන එහෙම ඉවර උනාම ප්‍රසන්න මහත්තයගෙ ලොකුම රාජකාරිය තමයි පුතාව හුරතල් කරන එක.

“මෙයාට දැන් මාව පේන්නෑනෙ පුතා ඉන්න නිසා.මට දැන් කුඩම්මගෙ සැළකිලි.දවස් ගානකින් කි/ස් එකක්වත් දුන්නෑ…”

පුතු පැටියගෙ ඇඳුම් වගයක් නව නවා සාවි එහෙම කිව්වෙ නෝක්කාඩුවෙන් වගේ.

“කව්ද බ/න් විභාගෙ කරාට පස්සෙ පාඩම් කරන්නෙ?…”

“එහෙනම් එනවකො බලන්න රෑට මැණිකෙයි වස්තු කැටේ ගාගෙන.දෙන්නෙ පු$ට පයින් එකක් ඇඳෙන් බිමට වැටෙන්න…”

“බලන්නකො සුදු පුත්තු ඔයාගෙ අම්මිට විහිළුවක්වත් තේරෙන්නෑනෙ…”

දැන් නපුරු මහත්තයා ඔය බය වෙලා ඉන්නෙ මං ළඟට එන්න දෙන්නැති වෙයි කියලා.එයා පුතාව ඇඳ මැද්දෙන් තියලා මගෙ ගාවට ආවා.මං රෙදි ටික කබඩ් එකෙන් දාලා එයාව ගනන් ගන්නැතුව හිටියා.

“තරහද?…”

එයා මාව කබඩ් එකට හේත්තු කරගෙන යන්න නොදී අත් දෙකෙන් අල්ලගෙන හිටියා.

“හ්ම්ම්…”

“යාළු වෙන්න බෑද?…”

“බෑ…”

“ඇයි?…”

“ඔයා මට ආදරේ නෑ කිව්වනෙ?…”

“විහිළුවක්නෙ කරේ මං…”

“එහෙනම් කි/ස් එකක් දෙන්න…”

“ම්ම්…”

ප්‍රසන්න ඇගේ නලල මතින් දෙ/තො/ල් තියලා තො/ල් පෙති අල්ල ගත්තා.

“මැණිකා…”

“ම්ම්…”

“දුවෙක් හදමු.මට ඔයා වගේ හුරුබුහුටි දූ කුමාරියක් ඕනි.දෙනවද?…”

“හ්ම්ම්.පුතා තව ටිකක් ලොකු වෙනකල් ඉම්මු නේද?…”

මං එහෙම ඇහුවෙ ළමයි දෙන්නෙක් එක්ක ඔට්ටු වෙලා අම්මගෙ වැඩත් කරන්න විවේකයක් නැති වෙයි කියලා හිතලයි.පුතාට ටිකක් තේරෙන වයස එනකල් හිටියොත් ලේසියි.

“බැහැ.පුතාගෙ අවුරුද්දෙ උපන්දිනේ එද්දි ඔයාට මෙච්චර සයිස් බණ්ඩියක්වත් තියෙන්න ඕනි…”

එයා අතින් හදලා බඩ පෙන්නපු විදියට මට හිනාත් ගියා.කමක් නෑ ඉතින්.මගෙ ජීවිතේට මෙහෙම සතුටක් සැනසීමක් ලබා දුන්නු ඔහු වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැහැ.

“හ්ම්ම්…”

“සුදු පුත්තු ඉක්මනට ලොකු වෙන්නකො නංගියා එක්ක සෙල්ලම් කරන්න.මගෙ චණ්ඩි පැටියා.උ/ම්මා කැටේ…”

එයා පුතාව බඩ උඩින් තියාගෙන ඇඳෙන් ඇල උනා.මාත් ළඟින් ඉඳගෙන අප්පච්චිගෙයි පුතාගෙයි කෝලම් දිහා බලාගෙන හිටියා. පුතා අප්පච්චිගෙ කපාපු පලුව.ඇස්,නහය, කට,කොණ්ඩෙ ඒ විදියමයි.මගෙ වගේ මොකුත් නැහැ.පුතු පැටියගෙ හිනාවත් ප්‍රසන්න මහත්තයගෙ හිනාව වගේමයි.

“සදේශ් කතා කරා සාවි…”

“මොකද කිව්වෙ?කාලෙකින් ඒ දෙන්නවත් දැක්කෙ නැහැ.අන්තිමට ආවෙත් පුතාට සතියක් වෙද්දිනෙ…”

“කෞෂි ප්‍රෙග්නන්ට්ලු.දුවෙක්ලු හම්බෙන්න ඉන්නෙ.සදේශ් කියනවා තව අවුරුදු විස්සක් විසිපහක් විතර ගියාම අපේ යාළුකම නෑදෑකමකට හරවමුලු…”

“අම්මෝ සදේශ් අයියා හිතලා තියන දුර. හැබැයි ඒකත් නරකම නැහැ.යාළුවො නෑදෑයොත් වෙනවා…”

“හැබැයි ඉතින් මෙයාලා ලොකු වෙනකොට කවුරු හොයාගනීද කියලා අපි කොහොමද හිතන්නෙ?මං කැමති නැහැ කවදාවත් මගේ දරුවන්ට ගහලා බැනලා අරයා බඳින්න මෙයා බඳින්න කියලා කියලා නීති දාන්න. දරුවන්ගෙ සතුටයි මට වටින්නෙ…”

“ඔයාගෙ කතාව හරි මහත්තයා.දරුවා නිසි වයස එද්දි එයා කැමති කෙනාව තෝර ගනියි. හරියට එයාගෙ අප්පච්චි වගේ…”

මං එයාගෙ පපුවෙන් ඔලුව තියාගත්තා.පුතා කෑ ගහලා මගෙ කොණ්ඩෙන් ඇදලා මාව තල්ලු කරනවා.එයා අප්පච්චිව තනියෙන් අයිති කරගෙන.

“නපුරු කො/ල්ලා.ඔයාට කලිනුයි අප්පච්චිව මට අයිති උනේ හරී…”

මං පුතු පැටියගෙ ඇඟිල්ලක් රිදෙන්නැති වෙන්න හැපුවා.මේන් මේ කො/ල්ලා ඇඟිල්ලට හරව හරව අප්පච්චිට පෙන්නනවා.ඔය කට උල් කර කර කියන්න හදන්නෙ රිදුනා කියලා.

“මගෙ පුතාව හැපුවද අම්මි.නෝටි වැඩනෙ අම්මි කරන්නෙ.අපි ගුටියක් දෙමු අම්මිට…”

“පුතා ඔයාට තමයි වැඩිපුරම ආදරේ.දුවවත් මට ආදරේ කරොත් හොඳයි…”

ප්‍රසන්නට දුක හිතුනා සාවි එහෙම කියද්දි. ඔහු ඇගේ හිස අතගෑවා.තමා තරම් ඇයට ආදරේ කරන වෙන කෙනෙක් නොමැති තරම්.

“පුතා තවම පුංචියිනෙ සාවි.තව තේරෙන වයස එද්දි මෙයා මටත් වඩා ඔයාට ලං වෙනවා.බලන්නකො බොරුද කියලා.පුතාලා වැඩිපුරම ආදරේ අම්මලාටලු.දුවලා ආදරේ අප්පච්චිලාටලු…”

ආදරේ කියන්නෙ මහ සුන්දර හැඟීමක්. හරිම කෙනා ලැබුනම ලැබෙන ආදරේ නිසා ජීවිත ලස්සන වෙනවා.සුන්දර වෙනවා.මගෙ ජීවිතේ ලස්සන උනේ ප්‍රසන්න මහත්තයව හම්බ උනාට පස්සෙ.එයා හරිම ලස්සනට ආදරේ කරලා මාව පුදුම කරා.මගෙ ජීවිතේ එලිය කරා.

අපේ රාවන් සමින්ද පුතාට අවුරුද්දයි මාස අටක් වෙද්දි මට දුවෙකුත් ලැබුනා.එයා එලීනා සමින්දි.ප්‍රසන්න මහත්තයා නම් කියන්නෙ තව දරුවො තුනක්වත් හදමු කියලා.එයාගෙ කැමැත්තට ඉඩ දීලා දූට අවුරුදු දෙකක් වෙද්දි මං ආයෙමත් ප්‍රෙග්නන්ට් උනා.

තුන් වෙනියා බඩේ ඉන්න කාලෙදි ප්‍රසන්න මහත්තයගෙ අම්මා නැති උනා.එදා මහත්තයා ගොඩක් ඇඬුවා.මහත්තයා අඬනවා දැකලා මටත් හයියෙන් ඇඬුවා. අප්පච්චි නැතුව අවුරුදු ගානක් තිස්සෙ මහත්තයව රැකබලා ගත්තු මහා යෝධ වෘක්ෂය තමයි අම්මා.

අම්මගෙ මි/නි/ය යට කරේ අප්පච්චිගෙ මිනිය යට කරපු තැන ඒ ළඟින්මයි.දැන් ඒ ලෝකෙ ඉඳන් අම්මයි අප්පච්චියි දෙන්නම අපි දිහා ආදරෙන්,සතුටෙන් බලන් ඉන්නවා ඇති.ලෝකෙ කොහොම වෙනස් උනත් දෙමව්පියන්ගෙ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෑ.

අවසානයි.

ඉතින් අවසරයි.🙏
කොටස් තිස්පහක් පුරාවටම අමුතු කසාදේ මාත් එක්ක ආදරෙන් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතුයි.ගොඩාක් ආදරෙයි.

ආයෙමත් හම්බවෙමු අලුත් කතාවකින්