34 Episode

අමුතු කසාදේ

“ආව්ශ්…මගෙ බෝනික්කිගෙ ලස්සන.වෙඩින් එකට ආපු අය අද නම් මනමාලි දිහා බලනෙකක් නැහැ.මගෙ මැණිකනෙ ලස්සනටම ඉන්නෙ…”

නිල් පාට දිලිසෙන දිගු ගව්ම ඇඳලා බණ්ඩියට අත තියාගෙන තමා දෙසට එන සාවිව ප්‍රසන්න දුටුවෙ මිහිපිටට පා තැබූ සුරංගනාවියක් වගෙයි.ඒ ගව්මට ඇය ඒ තරම්ම ලස්සනයි.

“මං එච්චරටම ලස්සනයිද මහත්තයා?…”

“ඔව් සාවි.හරිම ලස්සනයි.කියන්න වචන නෑ ඒ ලස්සනට.සුරංගනාවියක් වගේ මගෙ මැණික් කැටේ…”

සාවිට හරිම ආස හිතුනා ප්‍රසන්න ඇයව වර්නනා කරන විදියට.ඇය ඔහුගෙ අතේ එල්ලිලා ගව්මත් අල්ලාගෙන පඩිපෙළ නැගලා වෙඩින් හෝල් එකට ආවා.

“මේ ගව්ම දිග වැඩී මහත්තයා.මාව පැටලිලා වැටෙයිද දන්නෑ…”

සාවි ගව්මෙ පැත්තක් උස්සලා අල්ලගෙන ඉන්න විදියට ප්‍රසන්නට හිනා.දිගට දිගේ දිගු ගව්මට ඇය දිය කිඳුරියක් වගේ කියලා ප්‍රසන්නට හිතුනා.

“ඔයා ඔය ගව්මට දිය කිඳුරියක් වගේ සාවි. ඇවිදිනකොට ගමෙ මේ පැත්තෙන් මෙහෙම අල්ලගෙන ඉස්සරහට කරගෙන ඇවිදින්න. එතකොට ඇවිදින්නෑ…”

“එක සැරයක් කියනවා මං සුරංගනාවියක් වගේලු.තවත් සැරයක් කියනවා මං දිය කිඳුරියක් වගේලු.එතකොට මගෙ මහත්තයා කවුරු වගේද?…”

සාවි සුරතල් හඬින් ඔහුගෙන් ඇහුවා. දඟකාර තාලෙට ටිකක් වෙලා ඇගේ මුහුණ දිහා බලාගෙන හිටපු ඔහු ඇගේ දෑත සිප ගත්තා.

“කවුරු හරි දකියි මෝ/ඩ/යො.ලැජ්ජ නැද්ද?…”

සාවි ටක්ගාලා අත ඇදලා අහකට ගත්තා.

“ලැජ්ජ වෙන්නෙ මොකටද තමන්ගෙ ගෑ/ණිව ඉ/ඹි/න්න?…”

“ඒ උනාට මෙතන කට්ටිය ඉන්නවනෙ…”

“එහෙනම් අපි වෙන මොකක් හරි එකක් කරමු…”

“මොකක්ද?…”

ප්‍රසන්න ටේබල් එක යටින් ගව්ම ඇතුලෙන් කකුල දාලා ටික ටික කකුල ටික ටික උඩට කරා.

“මොනවද අනේ කරන්නෙ ලැජ්ජ නැද්ද?ගන්නයි කිව්වෙ කකුල අහකට.ඔයා දැන් හරියට ව/ල් වෙලා…”

“ඩාන්ස් කරමුද?…”

“හොඳට හිටියි.ඔයාගෙ පුතා එන්න ළඟයි දැන්.මහන්සි වෙන්න හොඳ නෑ මට…”

“එහෙනම් යමුද ෆොටෝ ගන්න…”

“හා…”

ප්‍රසන්න සාවිත් එක්ක හොටෙල් එකේ මිදුලට ආවා ෆොටෝ ගන්න.නිල් පාට දිගු ගව්මෙ බිම ගෑවෙන කොටස ලස්සනට හදලා සාවිට පැත්තකට හැරෙන්න කියලා ප්‍රසන්න ෆොටෝ කිහිපයක්ම ගත්තා.

“මල්ලි අපේ ෆොටෝ ගන්නකො…”

බිමට දණ නවලා සාවිගෙ කුස සිපගෙන හිටපු ප්‍රසන්න ඒකත් චායාරූප ගත කරා.

“ගොඩක් ෆොටෝ ගත්තා නේද මහත්තයා?…”

“ඔව් සාවි.මේ ටික ස්ටූඩියෝ එකට දීලා සුද්ද කරලා ගන්න ඕනි.මේක රාමු කරලා බිත්තියෙ එල්ලමු.ලස්සනට තියෙයි.පැටියා ලොකු උනාම පෙන්නන්න පුලුවන්…”

මගෙ බඩ ඉ/ඹ/ගෙන ඉන්නැද්දි ෆොටෝ එක පෙන්නලා ප්‍රසන්න මහත්තයා එහෙම කිව්වා.ෆොටෝ ගන්න හොඳ කලාත්මක ඇසක් එයාට තියෙන්නෙ.මං තනියෙන් ඉන්නැද්දි ගත්තු ෆොටෝ ටික මා/ර ලස්සනට තිබුනා.ඩොක්ටර් කෙනෙක් නොවුනා නම් ස්ටූඩියෝ එකක් දාගන්න තිබුනා.

“අන්න කපල් එක ආවා.අ/රූගෙ ලස්සන…”

සදේශ් අයියව පෙන්නලා ප්‍රසන්න මහත්තයා එහෙම කිව්වා.නිළමෙ ඇඳුමට සදේශ් අයියා ගොඩක් ලස්සනයි.ගාම්භීර තේජසම්පන්න පෙනුමක් තිබ්බෙ.මාල හත දාලා සුදු ඔසරියට කෞෂි අක්කත් හරිම ලස්සනයි.අපි එයාලත් එක්ක ඉඳලත් ෆොටෝ ගත්තා.

“සදේශ් අයිලාට මොනවද මහත්තයා දෙන්නෙ තෑග්ගට?…”

“රුපියල් දාහක් දුන්නම මදෑ…”

ඒක ඇහුවම සාවිගෙ මූණ ඇද උනා.ප්‍රසන්න බකස් ගාලා හිනා ගියා.

“ලැජ්ජ නැද්ද මහත්තයා රුපියල් දාහක් දෙන්න?ඔයා ලොකු සල්ලිකාරයෙක් නේද?සදේශ් අයියා ඔයාගෙ හොඳම යාළුවා. ඔච්චර උදව් කරපු මනුස්සගෙ වෙඩින් එකේ තෑග්ගට දෙන්නෙ දාහද?අනික ඔයා ගෙදරින් ආවෙත් දෙදාහක විතර බොනවා කියලා නේද?…”

“මෝ/ඩි/යෙ මං විහිළුවක් කරේ.මේ/කිට විහිළු තේරෙන්නෙත් නෑනෙ අම්මපා.මං ඌ/ට සල්ලි දෙන්නෑ සාවි.වෙන තෑග්ගක් දෙන්නෙ…”

“ඒ මොකක්ද?…”

“අලුත්ම කාරෙකක්…”

“ෂා….නියමයිනෙ මහත්තයා.ඔයාගෙ තේරීම නම් ම රු.සදේශ් අයියයි කෞෂි අක්කයි ගොඩක් සන්තෝශ වෙයි…”

“මං මුලින්ම හිතුවෙ ගෙයක් අරන් දෙන්න අලුතින්.ඒත් ඌ* රට ඉඳන් හම්බ කරගත්තු සල්ලි වලින් නුගේගොඩින් අලුතින්ම ගෙයක් අරගෙන.ඉතින් ගෙවල් දීලා වැඩක් නැති නිසා කාරෙකක් දෙන්න හිතුනා.ජෝඩුව හ/නි/මූ/න් එකට පිටත් වෙන්නෙත් ඒ කාරෙකේමයි…”

ටිකක් වෙලා යද්දි හෝල් එක දෙදරන්න තරම් සද්දෙට සිංදු දාලා.දවල් කෑමෙන් පස්සෙ මං ඩෙසට් එක කද්දි ප්‍රසන්න මහත්තයා පුටුවක් ඇදලා මගෙ ළඟින්ම වාඩි උනා.

“මැණික…..මං චුට්ටක් ගත්තට කමක් නැද්ද?…”

“හ්ම්ම්.මං ඉතින් ඔයාට ඊයෙම අවසර දුන්නනෙ.ඔන්න හැමදාම බෑ.සදේශ් අයියගෙ වෙඩින් එක නිසා අවසර දුන්නෙ.ගොඩක් බෑ. චුට්ටයි හොඳේ…”

“තෑන්ක්ස් මැණික.උ/ම්මා…”

ප්‍රසන්න මහත්තයා පුටුවෙන් නැගිටලා ගියේ මට කි/ස් එකකුත් දීගෙනයි.ඩෙසට් කකා ඉන්නැද්දි මං දැක්කා එයා පුටුවක වාඩි වෙලා වීදුරුවට ටිකක් දාගෙන බො/නවා.මට දිව දික් කරලා ඈත ඉඳන් වීදුරුව පෙන්නුවා.මං රවලා අහක බලාගෙන ඩෙසට් කෑවා.

පුතු පැටියා දඟලනවා බණ්ඩියෙ ඉඳන්.දැන් එයා අපි ගාවට එන්න දිනත් ලං වීගෙනනෙ ඉන්නෙ.තවම මාසයක් විතර වගේ තියෙන්නෙ.දීපු දිනේට කලින් හම්බෙයි කියලා අම්මා නම් කියන්නෙ.

මං බඩේ ඉන්නැද්දි මගේ අම්මත් මෙහෙම සතුටු වෙන්න ඇති.මං ඩිෂූම් ගාලා පයින් ගහද්දි අම්මා හිනාවෙලා බණ්ඩිය අතගාන්න ඇති.ආසාවෙන් කෑම කන්න ඇති.බෝධි පූජා තියන්න ඇති.

ඒත් එහෙම සතුටු උනා නම් ඇයි එයා මාව දාලා ගියේ?නෑ.මට වැරදුනා.මං බඩට ආපු එකට අම්මා දුක් වෙන්න ඇති.මං දඟලද්දි අම්මා මට වෛ/ර කරන්න ඇති.බෝධි පූජා තියනවා වෙනුවට අම්මා මට සා/ප කරන්න ඇති.මං නිසා ඇගේ ජීවිතේ කා/ල/ක/ණ්/ණි උනා කියලා හිතන්න ඇති.

ඒත් ලොකු හේතුවක් නැතුව අම්මා කෙනෙක් කවදාවත් එහෙම හිතන්නෑ.එහෙම හිතුවා නම් ඒකට වග කියන්න ඕනි මගෙ තාත්තා. එයා මගෙ අම්මව රවට්ටලා පැනලා යන්න ඇති.තාත්තෙක් නැතුව මාව හදාගෙන ලෝකයාගෙන් අවලාද දොස් අහන්න බැරි නිසා අම්මා මාව කොහෙ හරි දාලා යන්න ඇති.

“සාවි….මොනවද බරටම කල්පනා කරන්නෙ?…”

ප්‍රසන්න මහත්තයා ඇවිත් මගෙ ගාවින් වාඩි උනා.මං කියපු දේ අහලා එයා ගොඩක් බීලා නෑ.චුට්ටයි බීලා තියෙන්නෙ.

“මොකුත් නෑ මහත්තයා…”

“මැණිකට අමාරුද?…”

“නෑ මහත්තයා.ඔයා ඩාන්ස් කරන්නැද්ද?…”

“නැහැ…”

එයා හිනා වෙලා නැහැ කිව්වා.

“මං මෙතන තනියෙන් නිසාද නැහැ කිව්වෙ?…”

“මගෙ මැණික නැතුව මොන ඩාන්ස්ද?පොඩි මෑන් බනියි අම්මිව තනියෙම දාලා ගිහින් ඩාන්ස් කරනවා කියලා.ඒ නිසා ඕන්නෑ.තව වටලප්පන් ටිකක් ගෙනත් දෙන්නද?…”

“අම්මෝ එපා.බඩ පිරෙන්න කෑවා…”

මුළු දවසෙම එකම ඇඳුමට හිර වෙලා ඝෝෂාකාරී හඬවල් එක්ක හිටපු නිසාදෝ මන්දා සාවිට ඇඟට අපහසුතාවයක් දැනුනා. ඇය එය ප්‍රසන්නට නොකියා සිටියත් ඔහුට සාවිගෙ වෙනස තේරුනා.

“අපි ගෙදර යමු මැණික.තව පැයකින් විතර මු/න් දෙන්නත් හොටෙල් එකෙන් පිට වෙනවනෙ…”

තව ටිකක් වෙලා ඉම්මු කිව්වත් ප්‍රසන්න සාවිත් එක්ක ගෙදර ආවා.ආපු ගමන්ම ඇඳුම් ගලවලා දාලා නාගත්තු සාවි ඇඳට වැටිලා හොඳටම් නිදා ගත්තා.

“පුතාලා ආවද?කෝ දුව නිදිද?…”

තේ එක ගිහින් දෙද්දි අම්මා ප්‍රසන්නගෙන් එහෙම ඇහුවා.

“ඔව් අම්මෙ.ඇඟට ටිකක් අමාරුයි කියලා එයා නිදා ගත්තා…”

“අනේ ගොඩක් අමාරුද දූට?දරුවා ලැබෙන්න දින ළඟ නිසා වෙන්න ඇති…”

“ලොකු අමාරුවක් නෑ අම්මෙ චුට්ටක් මහන්සියිලු.මං බැලුවා.නිදාගත්තම ඇරිලා යයි.කෝකටත් මං කිව්වා වැඩිය පඩිපෙළ බහින්න එපා කියලා. ඕනි දෙයක් තංගම්මට කියලා ගෙන්න ගන්න කිව්වා…”

“පුතාව හම්බෙන්න ඉන්නැද්දි පුතාගෙ අප්පච්චිත් ඔහොම තමයි මාව රැක බලා ගත්තෙ.ඒ ගතිගුණමයි අද පුතාටත් ලැබිලා තියෙන්නෙ…”

දවසින් දවස ගෙවිලා ගිහින් සාවිට දරුවා ලැබෙන්න දිනත් ලං ලං උනා.උදේට හොස්පිටල් යන ප්‍රසන්න සාවිව බලා ගන්න තංගම්මාට උපදෙස් දීලයි යන්නෙ.නිතරම පඩිපෙළ බැහැලා පහලට යන්න එපා කියලා සාවිටත් ඔහු කියනවා.

“මහත්තයා මට බයයි…”

ප්‍රසන්නගෙ අත බදාගෙන සාවි එහෙම කිව්වා.

“ඒ ඇයි මැණික?…”

“බබා හම්බෙන්න ගිහින් මං මැ/රු/නො/ත්?…”

ප්‍රසන්නට ඒකට නම් කේන්තිත් ආවා.

“ගුටි කන්න ආසයි වගේද?…”

“නෑ…”

ඇය කියන්නෙ දුකෙන්.

“එහෙනම් ඔහොම කතා නොකියා ඉන්න. මගෙ මැණිකට මොකුත් වෙන්නෑ.මගෙ පුතු පැටියා මේ ලෝකෙට එන්නෙ මගෙ අත් දෙකෙන්.මං ඔය දෙන්නගෙන් කාටවත්ම කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ…”

ප්‍රසන්න ඇගේ නලල සි/ප ගෙන ඇයවත් තුරුල් කරගෙන නින්දට වැටුනා.ප්‍රසන්නට නින්ද ගියත් සාවිට නින්ද ගියෙ නැහැ.ටික වෙලාකකින් ඇයට දාඩිය දාගෙන බඩත් කොරවීගෙන ආවා.

“අනේ මහත්තයා….අනේ…නැගිටින්නකො…”

“ඇ…ඇයි සාවි?…ඔයාට අමාරුයිද?…”

ප්‍රසන්න කලබලෙන් නැගිටලා කාමරේ ලයිට් එක දැම්මා.සාවි බඩත් අල්ලගෙන කෙඳිරි ගානවා.මූණ පුරාම දාඩියත් දාලා.

🌹වැඩිමල් නුඹේ හදවතේ ලැගුම් ගත් ලාබාල බිරිඳයි මෙමා🌹

මතු සම්බන්දයි.(අවසාන කොටසින් හමුවෙමු)