ස්වප්න සේයා 🎨🎨🎨

විසි පස්වන සේයාවට…. ( අවසාන සේයාව ) 🖌️🖌️🖌️

“මැණිකෙව මට බලන්න හම්බුන වෙලාවෙම මම ඇතුලට යද්දී …

චූටි කොලු පැටියෙක්ට කිරි දෙනවා…

මම එතනට ගියේ ගොඩාක් සතුටින් ….

ඒත් ඒ සතුට නැතුවෙලා ගිහින් මම පුදුම උනේ…

මැණිකේ මට දරුවව දීලා…

එයාව ආරක්ෂා කරන්න…

කවදාවත් ජගත්ට මේ මගේ දරුවව දෙන්න එපා….

එයා එයාගේ ආසාවන් ඉටු කර ගන්න එයාගේ තාත්තව සාක්ෂි නැතිවෙන්න මැරුවා වගේම…

මේ කොහෙවත් ඉදපු මාව බොරු කියලා බැන්දා වගේම…

මේ දරුවව අනිවාර්යයෙන් බිල්ලට දෙනවා….

ඒ නිසා මේ තුන් කුලුදුල් දරුවව ඈත් කරන්න…. ප්ලීස්….

අපේ දරුවා ඉපදිද්දිම නැති උනා කියන්න… ” කරුණාවතී එහෙම කියලා සුසුමක් හෙලද්දී…. භූමි පුදුමෙන් ….

“එහෙම දරුවා නැති උනා කියලා කියන්න කිව්වා නම්…

විකේශ් ඉන්නේ කොහොමද … ” කියලා ඇහුවේ කරුණාවතීගේ මූණ දිහා හොදට බලමින් ….

“මාත් එහෙම තමා කියන්න හැදුවේ…

දරුවව හංගන්න මම හොස්පිට්ල් එකෙන් එළියට එන්න හදද්දී…

මට ඇහුනේ ජගත් මහත්තයා ඇවිත් …එයා අදුරන ඩොක්ටර් කෙනෙක් පුතෙක් හම්බුන එකට සුබ පතනවා…

අන්තිමට මට කරගන්න දෙයක් නැති කමට ආයි දරුවව මැණිකෙට දෙන්න අරං යද්දී තමයි එතන ඇදක නිදන් ඉන්න මාලිනීව දැක්කේ…

එහෙමම එයාටත් පුතෙක් හම්බෙලා කියලා දැනගෙන…

කාටවත් නොතෙරෙන විදිහට දරුවෝ දෙන්නව මම මාරු කලේ…

මම කරපු දේ වැරදි උනත් මැණිකේ කිව්වා වගේ දරුවව බේරගන්න ….

ඒත් මම ආයි යද්දී මැණිකේ කලින්ම අවසන් ගමන් ගිහින්….

එදා මම එක දරුවෙක් බේරගන්න තව දරුවෙක් බිලිදුන්නා තමයි…

ඒත් විකේශ්ව ජගත් හාමු හදන විදිහට…මට හිතාගන්න බැරි උනා අදටත් තමන්ගේ ලෙයින් ජාතක උන දරුවෙක් හාමු මරයි කිව්වේ ඇයි කියලා….

මැණිකෙගේ දරුවා තේරෙන වයසේ ඉදන්ම ගමෙන් ඈත නිසා කාටවත් මේ වෙනස තේරුනේ නෑ …

දුවට තේරෙනකම්…

මම දුවගෙන් ඉල්ලන්නේ නෑ …

ඇත්ත හංගන්න කියලා…

ඒත් මම කැමතියි මේවා අවුස්සනවට වඩා වහලා දානවා නම්… ” එසේ කියපු කරුණාවතී වසර ගණනාවක් හංගපු සත්‍ය භූමි ඉදිරියේ හෙලි කරලා එතනින් ගියේ… කනස්සල්ලෙනි….

අන්තිමට මේ හැම දෙයක්ම සම්පුර්ණයෙන්ම… එයාගේ හීන වල තේරුම මොකක්ද… නිධානය…. නිරුද විකේශ් දෙන්නගේ ඇත්ත… ජගත්… කරුණාවතී …. මේ හැමදේම දන්න භූමි හිතේ බය තිබුනත් කට කොනකින් හිනාවෙලා බලන් හිටියේ… මෙච්චර දවස් සිංහ හම පොරවන් හිටපු නරියම එයාගේ ඇත්ත ස්වභාවය පෙන්නද්දී…

“දුව…. මුන් දුවට මොකද කලේ…

මම උබල…..ට…. ” බොරුවට අඩමින් භූමි ළගට දුවන් ඇවිත් ජගත් කලබලයෙන් කියලා චුට්ටේ ගේ ඇදුමෙන් ඇදලා ඌට ගහන්න වගේ රගපාලා… එකපාරටම හහ්….හහ්…හා…. ගාලා හිනාවෙන දිහා භූමි බලන් හිටියේ අප්පිරියාවෙන්…. ඒ එක්කම තව කෙනෙක් දොර ළගින් මතුවෙලා… ඇදගෙන වගේ ආපු කෙනෙක් භූමි දිහාවට තල්ලු කරද්දී…

“විකේශ්…. දෙවියනේ …

ඔයාට මුකුත් උනේ නෑ නේද…” කෙල්ල කලබලෙන් ඒ බිමට වැටුන කෙනා දිහාට ගිහින් අහද්දී .. විකේශ් තවම මේ උන දේ හිතාගන්න බැරි විදිහේ කම්පනයෙන්ම ජගත්ගේ පය පා මුලට ගිහින්…

“අප්පච්චි… අප්පච්චි …

ඇයි මෙහෙම මට කරන්නේ…

මොකද ඔයාට උනේ…

මොකක්ද මම කලේ… ” කියලා අඩ අඩාම අහද්දී … කෙල්ලට විකේශ් ගැන දැනුනේ කියන්න බැරි තරම් අනුකම්පාවක්….

කරුණාවතී කරපු දෙයින් අසාධාරණයට පත්වෙලා තියෙන්නේ නිරුදටත් වඩා විකේශ් …. තමන්ගේ ජාතක දෙමව්පියන් ඉද්දී… මව නැති විදිහටත්… රගපාන පාපී පියෙකු ළගත් හැදිලා අද අසාධාරණයට පත් වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ විකේශ්ම විතරයි….

“හ්ම්… උබව මම මෙහෙම වද දෙන්න නම් හිතුවේ නෑ පුතේ…

මගේ වැඩේ ශේප් එකේ කරගන්න හැදුවේ…

උබ තමා මේකී නෑ කියලා පොලිසි ගානේ රිංගන්න හදලා මගේ වැඩේ අවුල් කරන්න හැදුවේ …

ඒකයි උබ කරපු වැරැද්ද…

උබ හැදුවේ… මම අවුරුදු ගණනාවක් අනේක විදිහේ කැපවීම් කරලා ලබා ගන්න හදපු දේ මට නැති කරන්න…

දැන් අනිද්දා වෙනකම් ඔහොමම ඉන්නවා….” කකුලේ එල්ලිලා හිටපු කොල්ලව හිතක් පපුවක් නැති අයෙකු මෙන් කකුලෙන්ම තල්ලු කරලා ජගත් යන දිහා භූමි බලන් හිටියේ තරහින් වගේම… කොයි වෙලේද නිරුද මේ දේවල් කරන්න හිතන් ඉන්නේ කියලා හිතාගන්න බැරුව….

වසර පහකට පසු…..

“මැණික… ඔයා ඇයි ඔය තරම් හිතුවක්කාර ….

කොච්චර එපා කිව්වත් පාත්තයෙක් වගේ එහෙටයි මෙහෙටයි යනවා…. ” මාස අටක් පමණ කුස එක අතකිනුත් අනිත් අතින් කොන්දත් අල්ලන් විකේශ් එන පෙරමගට ආපු භූමිගේ නහය මිරිකලා ඇහුවේ මදක් නපුරු මූණක් අරගෙනයි…

“ඔය මූණ ඔයාට හරියන්නේ නෑ අනේ….

මේ අහන්නකෝ….

තව ටිහිකින් නිරුද අයියලා එනවා කීවා… ” භූමි විකේශ්ගේ අතින් එල්ලිලා යන ගමන් කියද්දී …. විකේශ්ට සුසුමක් හෙලුනේ ඉබේටමයි….

නිරුදගේ නම කියන හැමවෙලාවෙම කොල්ලට මතක් වෙන්නේ… එදා තමන්ගේ පියා ධන ලෝභයට තමන්ව බිලි දෙන්න හදපු හැටි… ඔව්… ජගත් හැමදේම හිමිකරගන්න බලන් හිටපු ඒ පූර්ණ චන්ද්‍රයා පායන දිනයෙම…

ඔහුටත් ඔහුට උදව් වූ ගුරුන්නාන්සේටත් ජිවිතේ අහිමි උනේ නිරුදගේ වැටලීමේ මැද්දෙදි පැනයන්න සිතා ගිනි අවියක් උස්සලා වෙන නිලධාරියෙක්ට තියන්න යද්දිමයි….

ඒ වගේම නිධානය ඇති පෙදෙස රජයට අයත් වෙද්දී…. නිධානය ගන්න උදව් කරපු වික්ටර් ඇතුලු පිරිසම ජිවිතාන්තය දක්වා හිරේ ගියේ… මැරුනු ගැහැණු ළමුන් තිදෙනාටත් සාධාරණයක් ගෙන දෙමින්….

නිරුදත් එයාට පැවරුන මිශන් එකේ රිපෝට් එක සාර්ථකව ඉවර කරද්දී….. ඇත්ත කියන්න හිතුනත් කරුණාවතී මෙන්ම භූමිත් නිරුදගේ විකේශ්ගේ ඇත්ත හිත පතුලෙම සැගවූයේ…

සමහර සත්‍ය හෙලි කළා කියලා කිසිම යහපතක් නොවෙන නිසාය… නිරුදට දැන් ලැබිලා තියන ජිවිතය නැති කරන්න හිත නොදුන් නිසාමත් …. විකේශ් විදවලා තියන දුක් වලට තව දුකක් එකතු කරන්න හිත නොදුන් නිසාත්…

විකේශ්ව අම්මා කෙනෙක් වගේ ආදරෙන් බලාගත්ත කරුණාවතී ගැන තරහක් ඇති නොකරන්න සිතාත්… කෙල්ල නිහඩ උනේ නැවතත් අතීතයේ සත්‍ය සගවන්න තිබූ දොරගුලි වසමිනි…. ඒ වගේම නිධානය රජයට අයිති වෙද්දී… කෙල්ලගේ බෙල්ල ළග තිබුනු උපන්ලපය නැතිව ගියේ … නැවත ඒ සම්බන්ධ හීනද නොපෙනීමය….

මේ සියල්ල අවසානයේ නිරුද ඔහුගේ හිතේ තියන කැමැත්ත කියපු වෙලාවේ… කෙල්ලගේ හිතෙත් නිරුද ගැන විශේෂ හැගීමක් තිබුනත්… කෙල්ල ඔහුව ප්‍රතික්ෂේප කර විකේශ්ව තෝරගත්තේ…

ඇයව මේ වෙලාවේ අවශ්‍ය නිරුදට නොවේ විකේශ්ට නිසාය… කෙල්ලගේ තීරණය කුමක් උවත් කෙල්ලගේ මිතුරෙක් විදිහට ඉන්න අවස්ථාව මග නොහැර ගත්ත නිරුද … භූමීයි විකේශ් විවාහ වී වසර දෙකකට පසු මලීව විවාහ කරගත්තේ අලුත් ජිවිතයක් අරබන්නට මෙනි….

“මොනාද මැණික… ඔය කල්පනා කරන්නේ… ” යන ගමනත් නවත්තලා එක තැනක හිටගෙන අතීත මතකයන් අතරට පිය මැන්න භූමිව පියවී ලෝකයට ගන්න විකේශ් ඈගේ උරහිසෙන් අත දාලා අහද්දි …. කෙල්ල මද සිනහවක් පාලා…

“අතීතයේ හැමදේම ස්වප්න සේයාවක් වෙලා සිහිවෙනවා… ” කියලා කිව්වේ… විකේශ්ට තවත් තුරුලු වෙමිනී….

සමාප්තයි ️️🖌️🖌️🖌️

💎 සකුරා දුල්ෂි ️💎

කතාව නම් හිතුවට වඩා ඉක්මනට ඉවර කළා … ඒත් මම බලාපොරොත්තු උන අවසානේ තමයි අන්තිමට ආවේ…. මම පසුවදනක් නම් ලියන්නේ නෑ ….

මම මේ වෙනකම් ලියපු හැම කතාවක් එක්කම හිටපු .. අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ගොඩාක් ආදරෙයි….❤️❤️❤️

ඉතිම් අමතක නොකර අදහස් දක්වන්න හොදේ