ස්වප්න සේයා 🎨🎨🎨

විසි හතරවන සේයාවට…. 🖌️🖌️🖌️

“ඇ….ත්ත කී…වේ දරුවෝ…. ” කරුණාවතී මදක් කැඩි කැඩි වචන හසුරවද්දී…. භූමි එක එල්ලෙම කරුණාවතී දිහා බලලා….

“ම්ම්… මම අද ගියා පල්ලෙහා ගජබාහු කියන කෙනාගේ ගෙදර…

ඒ ගෙදර මාලිනී නැන්දව දැක්කම මට හිතුනා මට එයාව දැකලා පුරුදුයි කියලා….

ඒත් මම පුදුම උනේ…

සාලේ ඉදන් හිටපු විකේශ් ඒ වගේනේ කියලා හිතෙද්දී …

ආහ්… ඒක කමක් නෑ කියමුකො…

එක වගේ හුරු තියන අය ඉන්නවානේ…

ඒත් ඊට වඩා ලොකුම පුදුමේ තමා මාලිනීගේ පුතා නිරුද….

විකේශ්ගේ අම්මා කියන කෙනා…

එහෙමත් නැත්නම් මගේ නැන්දා වගේ උනේ කෝමද කියලා…

ඒ වගේම එදා විකේශ් එයා තුන් කුලුදුල් කියද්දී …

මම ඒක ඔයාගෙන් ඇත්තද අහද්දී ඔයා මට කිව්වේ….. ” කෙල්ල ලොකු හුස්මක් අරගෙන අත් දෙකත් බැදගෙන එදා කීව ගේ සිහිකරලා…

“ජගත් හාමුගෙයි නයෝමි නෝනගේයි දරුවා තුන් කුලුදුල් තමා…

එයාලා දැනගෙන හිටියා එයාලට ලැබෙන්නේ තුන් කුලුදුල් දරුවෙක් කියලා…

එහෙමනේ කීවේ… මම හරිනේ…

එතනදී කල්පනා උනේ නැතුවට..

ඔයා එතනදී කීවේ නෑ …

ඒ විකේශ් කියලා….

එතකොට කව්ද ජගත් මාමගෙයි නයෝමි නැන්දගෙයි පුතා.. ” භූමි එක එල්ලෙම අහද්දී …. බය වෙච්ච කරුණාවතී ….

“දු….ව ..ම්…මොනව…ද ..කිය…න්නේ…

මම මු…කුත් දන්නේ නෑ …. ” කියද්දී … භූමි සුසුමක් හෙළලා…

“අනේ නැන්දේ මට ඇත්ත කියන්න….

එහෙම උනේ කොහොමද ….

ඔයා දැන් මට හැංගුවොත් විකේශ් ගේ ජිවිතේත් අනතුරේ වැටෙයි … ප්ලීස්… ” වැදලා වගේ කියද්දී …. කරුණාවතී තමන්ට කියාගත්තේ…

“ඇත්ත හෙළිවෙන කාලේ ඇවිත් කියලා…”

“දුව…. මම වෙච්ච දේ කියන්නම්…

හැබැයි එතකොට ගොඩාක් දේවල් වෙනස් වෙයි…

මීට අවුරුදු ගණනාවකට කලින් රෑක …

මැණිකෙට බබා ලැබෙන්න අමාරුවෙලා හොස්පිට්ල් ගෙනිච්චේ මමයි … ඒ කාලේ යසවතී කියලා හිටපු ගෑණු කෙනෙක්…

එදා ජගත් හාමු වැඩකට කොළඹ ගෙනිහිල්ලා තිබුනා…

මැණිකෙට රෑ අමාරුවෙලා ලස්සන කොලු පැටියෙක් ලැබුනා..

ඒත්…. ” කරුණාවතී සුසුමක් හෙළද්දී…. උනන්දුවෙන් කතාව අහන් ඉදපු භූමි ….

“ඒත්…. ඒත් මොකද උනේ… ” කියලා අහද්දී… නැවත කරුණාවතී ඇගේ කතාව පටන් ගත්තා…..

“ෂ්… ඔය මිනිහගේ කට මුලින්ම බදිනවා…

ඊට පස්සේ අත් කකුල් … ” වලව්වේ මුරට හිටපු මිනිහා කෑ ගහන්න හදද්දි චුට්ටේ හිමීට ඔහු සමග ආ ගෝලයන්ට කියද්දී …. ඔවුන් වැඩේ නිමා කරලා බැලුවේ චුට්ටේ දිහා…

තමන් දිහා බලපු දෙන්නට අත් වලින් ඉදිරිය පෙන්නලා ඉගි කරද්දි… අනිත් අයත් පොඩි සද්දයක්වත් නොදැනෙන්න ඇවිද්දේ අඩ සද එලියෙනි…. පුර්ණ සද පායන දවසට ළගයි නිසා…

රෑ උනත් මුලු පරිසරයම ඒ එළියෙන් ආලෝකමත් කර තිබුනා… වලව්වේ දොර ළගට ගියපු චුට්ටේ දොරට අත තියද්දී පුදුමයක් උනත් දොර ඇරෙද්දී…. එක්කෙනෙක්ව දොර ළග තියලා චුට්ටේ තව කෙනෙක් එක්ක ගියේ කෙල්ලගේ කාමරය තිබ්බ දිහාට….

කෙල්ලගේ කාමරෙත් ඒ වගේම ලොක් කරන්නේ නැතුව තියෙද්දී… චුට්ටේ කාමරයට ඇතුල් උනේ අද හොද දවසක් කියලා හිතෙද්දී…

ඇදේ සුවපහසුවට නිදන් ඉන්න කෙල්ලව හරහට වඩා ගන්න හදද්දී මදක් දැගලුව නිසා සිහිනැතිකරලා වලව්වෙන් එළියට අරන් වෑන් එකට දා ගත්තේ හැමදේම හරියන්න එනවා කියලා තේරෙද්දී…. එහෙමම චුට්ටේ කෝල් කලේ වික්ටර්ට…

“බොස්… කෙල්ල වෑන් එකට දා ගත්තා….”

“හා… අපි ඔහෙට අරන් එන්නම්… “

“හොදයි… මම එයාලටත් පණිවිඩේ දෙන්නම්… “

එහෙම කියපු චුට්ටේ කෝල් එක කට් කරලා වෑන් එක කොළඹට ගෙනියන්න කියලා ඇහැපියා ගත්තේ කෙල්ලට සිහි එන්න තව වෙලා තියනවා කියලා තේරුන නිසා..

“මට බෑ බන්…

මම කෙල්ලව අරන් යනවා…. “

කෙල්ලව පැහැරගත්තා කියලා ආරංචිය ආපු වෙලාවේ ඉදන් කාර්යාලයේ එහෙටයි මෙහෙටයි පිස්සෙක් වගේ ඇවිදපු නිරුද එළියට යන්න හදද්දී … ඔහුව නවත්තපු නිසල්…

“දැන් මේ උබගේ පැලෑනනේ…

ඒකී මහා රෑ කෝල් කලාම උබනේ ඔහොම කරන්න උපදෙස් දුන්නේ…

දැන් මොකද මේ පිස්සෙක් වගේ හැසිරෙන්නේ…

අපි අපිට තියන වැඩේ හරියට කරමු…

එතකොට වැරදිකාරයන්ව කොටු කරලා… කෙල්ලවත් බේරගන්න පුලුවන් … ” නිරුදගේ මේ ළගදි ඉදලා අමුතු හැසිරීම් ගැන තරහෙන් නිසල් කියද්දී … සන්සුන් උන නිරුද…

“කෙල්ලට මුකුත් වෙන එකක් නෑ නේද බන්…

මගේ හිත වදදෙනවා මම වැරැද්දක් කලේ කියලා…

මම ඒකිට මහා ගොඩාක් කැමතියි බන්…” එතන තිබ්බ පුටුවකින් ඉදගෙන කියද්දී … නිසල් මද සිනහවක් පාලා…

“එහෙම වෙන්නේ නෑ …

කෙල්ලව ඒගොල්ලන්ට ඕනේ…

ඒ නිසා කිසිම කරදරයක් කරන්නේ නෑ …

අනික අපි කෙල්ල ළගින් කට්ටිය තියලනේ තියෙන්නේ…

මොකක් හරි වෙනවා වගේ තේරුනොත් එවලෙම වටලමු…

එතකන් කිසි කෙනෙක්ට සැක නොහිතෙන්න අපි අපේ වැඩේ කරමු… “

“මට යන්න දීපන්…

ඇයි මාව හිරකරලා…

කව්ද මේ මාව හිර කලේ… ” සතියක් පහුවෙලා පුලුවන් හැමවෙලාවෙම භූමි තමන්ව හිර කරලා තිබූ තරමක් සැප පහසු කාමරේ ඉදන් දොරට හයියෙන් ගගහා කෑ ගහද්දී….

එකපාරටම දොරේ ලොක් එක ටක් ගාලා සද්දයක් එක්ක ඇරෙද්දී කෙල්ල අඩියක් පස්සට ගියේ මදක් තිගැස්මෙන්… එදා වතුර බොන්න කුස්සියට යන්න කලුවරේම පහළට බහින වෙලාවේ කෙල්ල දැක්කේ කව්ද කට්ටියක් එනවා…

එවලෙම කාමරේට දුවන් ගිහින් නිරුදට කෝල් කරලා සිද්දිය කියද්දී … නිරුද කීවේ ඔවුන් සේරම අල්ලගන්න එයාලට පැහැරගන්න ඉඩ දෙන්න… ඔයා බයවෙන්න එපා…

අපි හැමවෙලාවෙම ඉන්නවා ඔයා එක්ක කියල… මේ හැමදේම විසදන්න ඒ බසට අවනත වෙලා ආවත් කෙල්ල දැන් ඉන්නේ ටිකක් බයෙන්…

“කව්ද ඔයලා …

ඇයි මාව මෙහෙට අරන් ආවේ…

කාගේ කීමකටද… ” භූමි එතනට ආපු වික්ටර් ඇතුලු පිරිසෙන් තරහෙන් අහද්දී… එකපාරටම එතනට ආපු කෙනෙක් නිසා කෙල්ලට මතක් උනේ කරුණාවතී කියපු කතාව…

ඊළග කොටසින්