චීනයේ ශ්‍රැංග්‍රිලා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක ආයෝජන ව්‍යාපෘතියක් ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව ආයෝජන මණ්ඩල වාර්තා සඳහන් කරනවා.

ශ්‍රැංග්‍රීලා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ශැංග් දේපොළ වෙළෙඳාම් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත ඩොලර් බිලියනකට ආසන්න ආයෝජනයේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 500ක් මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙසින් (හෝටල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ) කොළඹ නගරය ආශ්‍රිතව ඇරඹෙනවා..

ඒ සඳහා ලේක්හවුස් වටරවුම අසල අක්කර 06ක භූමියක් 99 අවුරුදු බදු පදනම මත අදාළ සමාගමට ලබාදීමට නියමිතයි.

ශැංග් දේපොළ වෙළෙඳාම් සමාගම හොංකොංහි කෙරී ඉන්වෙස්මන්ට්ස් සමාගම සමග ඒකාබද්ධව සිදු කෙරෙන මෙම ආයෝජනයේ ආරම්භය වෙනුවෙන් මේ වනවිටත් ඩොලර් මිලියන 100ක මුදලක් මෙරට ආයෝජනය කර ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරනවා.