“මේ/කා ෆෝන් එක ආන්සර් කරන්නෑනෙ සාවි.රාගල ඉඳන් එන්න මෙච්චර වෙලා යනවද?…”

“සදේශ් අයියා වෙන කොහෙ හරි ප්‍රයිවට් ගමනක් යන්න ඇති මහත්තයා.කෙ/ල්ල හම්බෙන්න ගියාද දන්නෑනෙ…”

“ඌ/ට තවම කෙ/ල්ලෙක් නෑ සාවි.හිටියා නම් ඕ/කා මට නොකියා ඉන්නෑ.කාත් කවුරුවත් නැති එ/කානෙ.මට සහෝදරයෙක් වගේ පිහිට උනේ පහු ගිය කාලෙ.දැන් තිහකුත් උන එකේ හොඳ කෙ/ල්ලෙක් හොයලා කසාද බන්දලා දෙන්න ඕනි…”

ප්‍රසන්න මහත්තයට සහෝදරයෙකුට වගේ සළකන සදේශ් අයියව දකින්න මටත් ආස හිතුනා.පහු ගිය කාලෙ මාව හොයාගන්න ප්‍රසන්න මහත්තයට සදේශ් අයියා සෑහෙන උදව් කරාලු.මං ගැනම හිතලා මහත්තයා මානසිකව වැටුනු හැම වෙලාවකම සදේශ් අයියලු එයාගෙ දුක බෙදාගෙන ශක්තියට ළඟින්ම හිටියෙ.

“ඒක නම් ගොඩක් හොඳ වැඩක් මහත්තයා. වයසට ගියාම එයාටත් වතුර උගුරක් හරි දෙන්න දරුවෙක් ඉන්න එපායැ.හොඳ ගෑණු ළමේක්ව හොයලා බන්දලා දෙමු…”

“ඔයාලැ නිවාසෙ නැද්ද හොඳ ගෑණු ළමයි?…”

ප්‍රසන්න මහත්තයා එහෙම ඇහුවෙ මාව ඔඩොක්කුවෙන් වාඩි කරවගන්න ගමන්.

“මෝ/ඩ/යො ඒකෙ ඉන්නෙ පොඩි ළමයි අවුරුදු දහ අටට අඩු අය.දෙතුන් දෙනෙක් නම් හිටියා දහ අටට වැඩි.නිවාසෙන්ම හොයාන්න ඕනියැ…”

“ඒ උනාට ඒ නිවාසෙ හරිම ලකී තැනක්.මාත් ගෑ/ණි/යෙක් ගත්තෙ එතනින්නෙ.දැන් මේ ෆන් එකේ ඉන්නෙ.ජොලි ලයිෆ්…”

මං නපුරගෙ රැව්ලෙන් ඇදලා මූණට මූණ ලං කරා.

“මේ….ඔයා එතනින් ගෙනාවෙ ගෑණු ළමේක් හොඳේ.පස්සෙනෙ ගෑ/ණි/යෙක් උනේ…”

“අම්මෝ මේ/කිගෙ කට.මගෙ කොට මගුලි. මගෙ කො/ල්ලගෙ කටත් ඔය වගේ හැකර කටක් වෙයිද දන්නෑ…”

“කියන්න බෑ ඉතින්.ඔයාගෙ පුතානෙ.ඔයා වගේම හොඳ ගුණ යහපත් මනුස්සයෙක් වෙලා මගෙ වගේ චුට්ටක් කියවන කටක් තියෙන්න ඕනි…”

“හොඳ චුට්ට කියවන්නෙ.පන්සලේ ඝන්ටාරෙ වගේ.ඔයා දැන් ගොඩක් බරයි සාවි.ඉස්සර වගේ නෙවෙයි…”

මං ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙනස් කරා.පව් එයාගෙ කකුල් දෙක රිදෙනවා ඇති මාව වාඩි කරවගෙන ඉඳලා.දෙන්නෙකුගෙ බරනෙ දැන්. මං නැගිටලා ඇඳ උඩින් වාඩි උනා.

“ඇයි නැගිට්ටෙ?…”

“ඔයා පව්නෙ මහත්තයා.මං දැන් ඉස්සර වගේ නෙවෙයි.ගොඩක් බරයි තමයි. දෙන්නෙකුගෙ බරනෙ ඉතින්…”

එයා මං ගාවට ඇවිත් උරහිස උඩින් නිකට තියාගෙන මගෙ කුස අතගෑවා.

“කොච්චර බර උනත් මට පුලුවන් ඒ බර දරා ගන්න…”

“ඕන් ෆෝන් එක රින්ස් වෙනවා මැ/ට්ටො…”

“සොරි ඇහුන්නෑ ඉතින්…”

එයා මගෙ කම්මුලට තට්ටුවක් දාලා ෆෝන් එක කනේ තියාගත්තා.

“මොනවා….සදේශ්ට ගොඩක් අමාරුද ඩොක්ටර්?හරි මං දැන්මම එනවා…”

ෆෝන් එක තියලා එයා කලබලෙන් වගේ ඇඳෙන් නැගිට්ටා.සදේශ් අයියට මොකක් හරි කරදරයක් වගේ.

“මොකද උනේ මහත්තයා සදේශ් අයියට කරදරයක්වත්ද?…”

“අර බැ$$ සදේශ්ට වෙ$ තියලා සාවි.ඌ/ට ගොඩක් අමාරුයිලු…”

“අර බැ$$?ඒ කව්ද මහත්තයා…”

“තාන්වි.ඒ/කි හිරෙන් පැනලා ඇවිත් තියෙන්නෙ අපිව හොයාගෙන.රාගල ඉඳන් මෙහෙ එද්දි සදේශ් ඒ/කිව දැකලා.එතනදි තමයි ඒ/කි සදේශ්ට වෙ$ තියලා තියෙන්නෙ…”

“අනේ දෙයියනේ….මේ ගෑ/ණි/ට හොඳක් නම් වෙන්න එපා.මාත් එනවා මහත්තයා හොස්පිටල් යන්න…”

“ඔයාට මහන්සි වෙන්න හොඳ නෑ මැණික…”

“මට මහන්සියක් නෑ මහත්තයා. සහෝදරයෙක් වගේ මහත්තයා ළඟින් ඉඳලා මාව හොයාගන්න උදව් කරපු මනුස්සයව මට දකින්න ඕනි.අපි ඉක්මනට යමු…”

අපි දෙන්නා ලෑස්ති වෙලා කාරෙකේ ඉකම්නින්ම හොස්පිටල් එකට ආවා. හොස්පිටල් එක ඉස්සරහ මිදුලෙ කලබලෙන් වගේ මිනිස්සු එහාට මෙහාට යනවා.තැනින් තැන පොලීසියෙනුත් ඉන්නවා.

කාරෙක නතර කරලා අපි ඉක්මනින් හොස්පිටල් එක ඇතුලට ගියා.නර්ස් කෙනෙකුගෙන් විස්තර අහද්දි ඇය සදේශ් අයියා අයිසීයූ එකේ සිටින බව පැවසුවා.

ප්‍රසන්න මහත්තයට ඩොක්ටර් කෙනෙක් නිසා එයාට අයිසීයූ එක ඇතුලට යන්න පුලුවන් උනා.ඔහු එලියට එනතෙක්මං පිටතට වෙලා බලාගෙන හිටියා.

පොලීස් නිළදාරීන් දෙතුන් දෙනෙක්ම අයිසීයූ එක ළඟ හිටියා.ඩොක්ටර්ලා වගේම නර්ස්ලාත් කලබලෙන් එහාට මෙහාට දුවනවා.මාද්‍යවේදිනුත් රෝහලේ පිරිලා.මුළු හොස්පිටල් එකම අද එකම කලබලයක්.

ගොඩක් වෙලා හිටගෙන ඉන්න අමාරු නිසා මං පුටුවකින් වාඩි උනා.දෙවියනේ සදේශ් අයියට මොකුත් නම් වෙන්න එපා.එහෙම උනොත් ප්‍රසන්න මහත්තයට ඒක දරා ගන්න බැරි වෙයි.ඒ දෙන්නා ජීවත් වෙලා තියෙන්නෙ සහෝදරයො වගේ.ඒ සහෝදරකම නැති කරන්න එපා දෙවියනේ.

පැය ගානක් මං අයිසීයූ එක ළඟට වෙලා හිටියා.ප්‍රසන්න මහත්තයා තවම එලියට ආවෙ නැහැ.සදේශ් අයියට ගොඩක් අමාරු ඇති.

“එක්ස්කියුස් මී….ඔයාද සාවින්ද්‍යා?ඩොක්ටර් ප්‍රසන්නගෙ වයිෆ්?…”

හෙදියක් මං ළඟට ඇවිත් එහෙම ඇහුවා.

“ඔව් නර්ස්.මගෙ මහත්තයා තවම ඇතුලෙ.ඒ ලෙඩාට ගොඩක් අමාරුද?…”

“මට ඩොක්ටර් කිව්වෙ මැඩම්ව චුට්ටක් බලන්න කියලා.මැඩම් තනියමනෙ මෙතන හිටියෙ.මොකුත් අපපසුවක් නෑ නේද මැඩම්ට?…”

“අනේ නෑ නර්ස්.මං හොඳින්.අර වෙ$ වැදිච්ච ලෙඩාගෙ තත්වෙ කොහොමද දැන්?…”

නර්ස්ට ඒකට උත්තරයක් දෙන්න ලැබුනෙ නැහැ ප්‍රසන්න මහත්තයා අයිසීයූ එකේ ඉඳන් එලියට ආපු නිසා.මං නැගිටලා ඉක්මනින් මහත්තයා ළඟට ගියා.

“සදේශ් අයියට කොහොමද මහත්තයා?…”

“දෙයියන්ගෙ පිහිටෙන් ජීවිතේට හානියක් නෑ සාවි.උ/$/ඩෙ වැදිලා තියෙන්නෙ උරහිසට. තවම සිහිය ආවෙ නම් නැහැ.බය වෙන්න දෙයක් නැහැ…”

“අනේ හොඳයි මහත්තයා.දෙයියන්ගෙ පිහිටෙන් සදේශ් අයියට ඉක්මනටම සනීප වෙන්න ඕනි.මහත්තයා දැන් ගෙදර යනවද?…”

“ඔව් සාවි.සිහිය ආවම අමාරුවක් නොවුනොත් සදේශ්ව වාට්ටුවට දානවා.ඒ නිසා අපි ගෙදර යමු.හෙට උදෙන්ම එමුකො සදේශ්ව බලන්න…”

රෑ නවයට විතර ප්‍රසන්න මහත්තයා මාත් එක්ක හොස්පිටල් එකේ ඉඳන් බංගලාවට ආවා.මගදි වැස්සකුත් වැස්ස නිසා පුදුම සීතලක් දැනුනෙ.

බංගලාවට ආපු ගමන්ම එයා සීතල කියලා බැලුවෙ නෑ නාගත්තා.මට නාන්න එපා කියපු නිසා මූණ අත පය හෝදගෙන ඇවිත් ගව්මට උඩින් ජැකට් එක දාගෙන හිටියා.

“සීතලයි බබා…”

එයා සරමක් විතරක් ඇඳගෙන ඇවිත් වෙව්ල වෙව්ල ඇඳෙන් වාඩි උනා.

“මෝ/ඩ/යො සීතලයි කිය කියා ඉන්නැතුව ගිහින් ඇඳුමක් ඇඳගන්නවා මෙතන සරමෙන් විතරක් ඉන්නැතුව…”

ඊට පස්සෙ නපුරු මහත්තයා මගෙ නහයට තට්ටුවක් දාලා ගිහින් අත් දිග ටීෂර්ට් එකක් ඇඳගෙන ආවා.තොල කට වෙව්ලන්න සීතලයි.මං එයාගෙ ඇඟට තුරුල් වෙලා සීට් එක බෙල්ල ගාවටම එනකල් පොරව ගත්තා.

“අපේ පැටියට සීතලද දන්නෑ…”

එයා පොරෝනයට යටින් අතදලා ජැකට් එකට යටින් මගෙ කුස පිරිමදිනවා.

“පැටියට සීතල නෑ.පැටියගෙ අම්මිට නම් ගොඩාක් සීතලයි…”

“මං සීතල නැති කරන්නද?…”

එයා මගෙ තො/ල් වලට බර උනේ මනමාල හිනාවක් දාගෙන.කටින් මගෙ කන් පෙත්තක් අල්ලගෙන පොරෝනය පහලට ඇදලා පපුව මැද්දෙන් දෙ/තො/ල් තිබ්බා.මෙහෙම ගියොත් දොස්තර මහත්තයා කන්ට්‍රෝල් නැති වෙලා මට හොස්පිටල් යන්න වෙයි.

“මොකද ඇඹරෙන්නෙ?වෙනදා වගේ බෑ ඔන්න.දැන් අපේ පොඩි මෑන් ඉන්නවනෙ.එයා හම්බුනාට පස්සෙ අපිට වැඩ තියෙයි ගොඩක් හොඳේ…”

“එහෙනම් මාව තුරුල් කරගෙන ඉන්න.අද ගොඩක් සීතලයි…”

කපටි හිනාවක් දාන් ඔහු මාව තුරුල් කරගෙන සීට් එක පෙරෙව්වා.

“සදේශ්ට සනීප උනාම අපි ගමේ යමු සාවි.මේ තත්වෙන් ඌ/ව මෙහෙ දාලා අපිට යන්න බෑනෙ…”

“අනේ ඔව් මහත්තයා.සදේශ් අයියට හොඳටම සනීප උනාම අපි ගමේ යමු.ඔයා එයාව බලාගන්න.ඔයානෙ එයාගෙ ඩොක්ටර්.හොස්පිටල් එකෙන් ටිකට් කැපුවම සදේශ් අයියව මේ බංගලාවට එක්කන් එන්න…”

“ඔව් බබා.එහෙම කරන්න ඕනි.උ/ගෙ වැඩ සේරම පාඩු කරගෙන ඔයාව හොයන්න මාත් එක්ක රෑ දවල් නිදිවරාගෙන ගබන් බිමන් ගියේ…”

එක එක දේවල් කියව කියව ඉඳලා සාවිව තුරුල් කරගෙන හිටපු ප්‍රසන්නට නින්ද ගියේ රෑ එකොලහත් පහු වෙලා.පහුවෙනිදා උදෙන්ම නැගිටපු ඔහු සාවිත් එක්ක හොස්පිටල් එකට ගියා.සාවිට බංගලාවෙ ඉන්න කිව්වත් ඇය හිටියෙ නැහැ.නහයෙන් අඬලා කොහොම හරි ඇයත් ඔහුත් එක්කම හොස්පිටල් එකට ගියා.

“ඩොක්ටර් අර පේෂන්ට ඊයෙ රෑම සිහිය ආවා…”

උදේම අහපු ඒ සුබ ආරංචියත් සමඟින් ප්‍රසන්න සාවිත් එක්ක ප්‍රබෝධමත් සිතින් සදේශ් හිටපු හොස්පිටල් රූම් එකට ඇතුල් උනා.

“උ/බ/ට ගොඩක් අමාරුද සදේශ්?…”

ප්‍රසන්න සදේශ් ළඟින් වාඩි උනා.සදේශ් හිනා වෙලා ප්‍රසන්න දෙසයි සාවි දෙසයි බැලුවා.

“එච්චර අමාරුවක් නෑ ප්‍රසන්න.නංගිට දැන් හැම දෙයක්ම මතකයි නේද?මාව නම් අඳුරන්නැතුව ඇති…”

සාවිත් හිනා වෙලා සදේශ් ළඟට ආවා.

“ඔව් අයියෙ.මට දැන් හැම දෙයක්ම මතකයි. මාව හොයන්න අයියා ප්‍රසන්න මහත්තයට ගොඩක් උදව් කරා කියලා කිව්වා.ගොඩක් මහන්සි උනාලු මං නිසා.අයියට ගොඩක් පිං සහෝදරයෙක් වගේ ළඟින් ඉඳන් එහෙම උපකාර කරාට.ඇත්තමයි.එහෙම උදව් කරන සහෝදරයෙක් උනත් අද කාලෙ ලේසියෙන් හොයා ගන්න බැහැ…”

සාවි එහෙම කියද්දි සදේශ්ගෙ ඇස් කඳුලින් තෙත් උනා.සදේශ්ට වගේම සාවිටත් කාත් කවුරුවත් නැහැ.ඉතින් දෙන්නම දන්නවා පව්ලෙ අය අහිමි වීමේ වේදනාව.

“පෙර පිනකට මචං ජීවිතේ බේරුනේ.තාන්වි වෙ$ තියද්දි මං අහකට පැන්නා.එහෙම නොකරා උ/$/ඩෙ කෙලින්ම වදින්නෙ බඩේ…”

“හොඳ අයව දෙවියො උනත් ආරක්ෂා කරනවා අයියෙ…”

“උ/බ/ට තාන්විව හම්බුනේ කොහෙදිද මචං?මං ගොඩක් කෝල්ස් ගත්තා.උ/බ ආන්සර් කරේ නෑනෙ.පස්සෙ තමයි මට හොස්පිටල් එකෙන් කෝල් කරලා විස්තරේ කිව්වෙ…”

“නංගිට සනීප උනා කියලා උ/බ කෝල් කරලා කියද්දි මං හිටියෙ හැටන් වල.පොඩි බඩගින්නක් ආපු නිසා මං කාරෙක නතර කරලා කඩේකින් වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බොද්දි තාන්වි හිරෙන් පැන්නා කියන බ්‍රේකින් නිව්ස් එක ටීවි එකේ යනවා. මං ටක්ගාලා උ/බ/ට කෝල් කරලා විස්තරේ කියන්න බලද්දි උ/බේ ෆෝන් එක වැඩ නෑ. කමක් නෑ මං බංගලාවටනෙ යන්නෙ කියලා නිකන් හිටියා.

හැටන් වල ඔරලෝසු කනුව ගාවින් කාරෙක හරවන් එද්දි මං දැක්කා තාන්වි වගේ එ/කි/යක් කාරෙකක්න් යනවා.මං ටිකක් දුර ෆලෝ කරලා බැලුවා.බැලින්නම් තාන්ව් තමයි ඒ.ඒ/කි කෙලින්ම ගියේ නුවරඑළිය පැත්තට.මං දිගටම ඒ/කිව ෆලෝ කරද්දි ඒකිට ඒක තේරුනා.අතුරු පාරක් අයිනෙ ඒ/කි හරහට දාලා කාරෙක නතර කරා…”

“ඊට පස්සෙ මොකද උනේ?තාන්වි උ/බව අඳුර ගත්තද?…”

“ඒ/කි මාව කොහෙ අඳුර ගන්නද බ/න්.මාව ඒ/කි දැකලාවත් නෑනෙ.තාන්වි හිතුවෙ මං සීඅයිඩී එකෙන් කියලා.බැහැලා මං ගිහින් ඒ/කිට හොඳවයින් කියලා බැන්නා.සාවිව ම/ර/න්/න/ලු ඒ/කි හිරෙන් පැන්නෙ.කොහොම හරි උ/බ/ව අයිති කරගන්නවා කියලා තාන්වි දිවුරලාම කිව්වා.

මං පොලීසියට කෝල් කරන්න හදනකොට තාන්වි මට වෙ$ තිබ්බා.වෙලාවට මං අහකට පැනපු නිසා මෙහෙම හරි බේරුනා.වටේ හිටපු තාන්විව අල්ලගෙන.පොලීසියෙන් එතෙන්ට එද්දිම වගේ තාන්වි පැනලා යන්න හදලා.ඊට පස්සෙ ඒ/කි/ට පොලීසියෙන් වෙ$ තියලා…”

“ඔයින් ගියා මදෑ බ/න්.දැන් තාන්වි කොහෙද ඉන්නෙ?…”

“මෝචරියෙ ඇති…”

“තාන්වි මැ/රි/ල/ද?…”

ප්‍රසන්න ඇස් ලොකු කරගෙන එහෙම අහද්දි සාවි රවලා බැලුවා.

“ඇයි ඔයාට දුකද එයා මැ/රි/ච්/ච එකට?…”

“දුක නැතුවැ.පව් අහිංසක කෙ/ල්ල.මං එයාව කසාද බඳින්න කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියෙ…”

ප්‍රසන්න ඇස් කරකවමින් මනමාල හිනාවක් දාන් එහෙම කියනකොට සදේශ්ටත් හිනා. සාවි ප්‍රසන්නගෙ ඉන හයියෙන් කෙනිත්තුවා.

“ඌයි ය,කෝ.විහිළුවක් කරේ.මේ ගෑ/ණුන්ට නම් විහිළුවක්වත් තේරෙන්නෑ…”

එතකොටම වගේ අවුරුදු විසිතුනක විසිහතරක විතර පෙනුම තියන ලස්සන සුදු නර්ස් කෙනෙක් හොස්පිටල් රූම් එකට ආවා.

“කෞෂි මොකද මෙහෙ?ඔයාගෙ ඩියුටි තියෙන්නෙ උඩහනෙ…”

මොකුත් දන්නැති ප්‍රසන්න එහෙම කියද්දි හෙදිය ලැජ්ජාවෙන් වගේ බිම බලා ගත්තා. ඇය ආවෙ වෙනම ඩියුටියකටනෙ.

“සොරි ඩොක්ටර්….මං ආවෙ…..මේ…පේෂන්ව බලන්න…”

ගොත ගගහා ඇය එහෙම කියනකොට ප්‍රසන්න සදේශ් දෙසයි ඇය දෙසයි මාරුවෙන් මාරුවට බැලුවා.ටිකක් වෙලා යද්දි ප්‍රසන්නට තේරුනා වැඩේ.

“හරි හරි.කෞෂි එහෙනම් පේෂන්ට්ගෙ ඕන දෙයක් බලාගන්නකො.අපි එලියට යමු නේද සාවි?…”

ප්‍රසන්න සදේශ්ට විරිත්තමින් පුටුවෙන් නැගිටලා සාවිත් එක්ක එලියට ගියා.

“එහෙනම් ඒකටත් ජයසිරි මංගලම් කිව්වලු…”

“ඒ දෙන්නා හොඳට ගැළපෙනවා නේද මහත්තයා?ඉක්මනටම වෙඩින් එකත් ගත්තොත් හොඳයි.මං වෙඩින් වලට ගිහිල්ලම නෑනෙ.හරි ආසයි යන්න…”

සාවි එහෙම කියද්දි ප්‍රසන්නට දුක හිතුනා. තමා ඇයව කැන්දගෙන ආවෙ වෙඩින් මොකුත් ගන්නැතුව විවාහය රෙජිස්ටර් කරලා විතරයිනෙ.ඕනම ගෑණු ළමේක් ආසයි තමන්ගෙ වෙඩින් එක ලස්සන ගන්න. සාවිගෙ හිතෙන් ඒ ආසාව තියෙන්නෙ ඇති.

“මැණිකට දුකද අපිට වෙඩින් එකක් ගන්න බැරි වෙච්චි එකට?…”

“අනේ නෑ මහත්තයා.වෙඩින් නොගත්තට මොකෝ.මට හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබිලා ඉන්නකොට…”

🌹වැඩිමල් නුඹේ හදවතේ ලැගුම් ගත් ලාබාල බිරිඳයි මෙමා🌹

මතු සම්බන්දයි.